ජගත් ලියනාරච්චි මහතා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසමෙන් ඉවත්වීම..
ජගත්ගේ සමීපතයෙකු ලෙස ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳව දින කිහිපයක සිට දැන සිටියද ඒ ගැන නිහඬව සිටියේ ජනාධිපතිවරයා විසින් එය බාර ගන්නා තෙක් එහෙත් දැන් මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ තොරතුරු පල වී ඇති නිසා ඒ සම්බන්ධව කෙටියෙන් යමක් සදහන් කල යුතුය.
ඔහුගේ ඉල්ලා අස්වීම කොමිසමට එල්ලවන විශාල අභියෝගයක් බව නොකිවමනාය. තොරතුරු අයිතිය නීතියක් බවට පත් කිරීම සදහා අපත් සමග දැඩි වෙහෙසක් ගත් ඔහු තොරතුරු පනත පිළිබඳව මේ වනවිට මෙරට සිටින ප්‍රවීණයා බවට අවිවාදිතය. ඔහු දෙවැනි වෙනවා නම් එලෙස දෙවැනි වන්නේ තොරතුරු කොම්සමේම සිටින නීතිඥ ක්‍රිශාලි ජයවර්ධනට පමණි.
ජගත් පුහුණුකරුවෙක් ලෙසත් තොරතුරු අයිතිය ජනගත කරන්නට දැඩි පරිශ්‍රමයක් දැරූවෙක්. කොමිසමට එන්නට පෙර ඔහු තොරතුරු අයදුම්පත් ඉදිරිපත් කල මාධ්‍යවේදීන්ගේ ගුරාය.
දැන් මාධ්‍යවේදීන්ට ආපසු තම ගුරුවරයා හිමි වනු ඇත. එහෙත් කොමිසමට සිදුවන්නේ කුමක්ද?
ජගත් තොරතුරු කොමිසමට ගියේ මහත් උනන්දුවෙනි. එහි කටයුතු කලේ කැපවීමෙනි. එහෙත් මෑත කාලීනව ඔහු තුල ඒ උනන්දුව වෙනුවට තිබුනේ කලකිරීමක් බව සමීපතයන් දැන සිටියහ. ඒ කලකිරීම කුමක්දැයි මට කිව නොහැක. එහෙත් එය ඔහු ලබූ සොච්චම් මුදලට වඩා වැඩි බව නම් කිව හැක.
සටහන - ශාන් විජේතුංග
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්