නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එකහෙලා විරුද්ධ විය යුත්තේ ඇයි?.. මේ ප්‍රතිසංස්කරණ වුවමනා කාටද?
ගමේ පාසලකින් අධ්‍යාපනය ලබා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය පළමු පෙල සාමාර්ථයක් සහිතව සමත්ව, ලන්ඩනයේ ඉම්පිරියල් කොලේජ් වලින් ආචාර්ය උපාධිය ලබා, එංගලන්තයේ විශ්වවිද්‍යාල පහක, ඇමරිකාවේ විශ්වවිද්‍යාල තුනක, ජපානයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක, චීනයේ RCEES ආයතනයේ, ජර්මනියේ බහුඅවයව විද්‍යාව සඳහා වන මැක්ස් ප්ලාන්ක් ආයතනයේ, නෝර්වේහි බටහිර නෝර්වේ ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාලයේත් සේවය කරපු කෙනෙක් වශයෙන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දශක හතරකටත් වඩා ආචාය්‍ය, මහාචාය්‍ය, ජේෂ්ඨ මහාචාය්‍ය වශයෙන් කටයුතු කරපු හා තවදුරටත් සේවය කරන කෙනෙක් විදිහටත් මට ගම ගැනත්, නගරය ගැනත්, රට ගැනත්, ලෝකය ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා.
ඒ ඒ රටවල අධ්‍යාපන ප්‍රතිපත්ති, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි ගැනත් ප්‍රායෝගික දැනුමක් තියෙනවා.
ලෝකයේ කිසිම රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හොර රහසේ, කඩිමුඩියේ, මාස කිහිපයකින් හදලා පාසල් පද්ධතියට දාලා නැහැ.
ඒ වගේම ඒ ප්‍රතිසංස්කරණවල මෙවැනි මූලික වැරදි දක්නටත් නැහැ.
එහෙම නම්,
මේ ප්‍රතිසංස්කරණ වුවමනා කාටද?
ඇයි මේ වගේ වැරදි දේවල් ඒවට ඇතුළත් කරන්නෙ?
අදත් ගමේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට
කොම්පියුටර් තියෙනවද?
ටැබ් තියෙනවද?
ස්මාර්ට් ෆෝන් තියෙනවද?
QR Code scan කරන්න ඔවුන්ට හැකියාව තියෙනවද?
රජයෙන් මේ පහසුකම් ලබා දීල තියෙනවද?
අද රටේ 52%ක් ජීවත් වෙන්නේ
පිනට දෙන සොච්චමෙන්.
එහෙම අයට තම දරුවන්ට
කොම්පියුටර්, ටැබ්, ස්මාර්ට් ෆෝන් අරගෙන දෙන්න පුළුවන්ද?
මේ ක්‍රමයෙන් දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය
කඩාකප්පල් වෙන්නෙ නැද්ද?
මට නම් මේක පේන්නෙ, දුප්පත්–පෝසත් බේදය තවත් ගැඹුරු කරලා, දුප්පත් දරුවන් උඩට එන එක නවත්වන්න
හදපු උප්පරවැට්ටියක් වගේ.
අන්න ඒ නිසා අප මේ ප්‍රතිසංස්කරණ වලට එකහෙලා විරුද්ධ විය යුතුයි.
(මහාචාර්ය ගාමිණී රාජපක්ෂ ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..