News Category
From Date
To Date
Maximum Number of Result

දරුවන්ගේ සතුට අධ්‍යාපන තොත්තකරණය සහ කෝවිල් හිඟන්නාගේ ප්‍රාග්ධනය

Jan 7, 2026 at 11:51 AM
|

👉 මේක එක්තරා දෙමළ චිත්‍රපටයක තිබුණු අපූරු සිදුවීමක්. 

👉 එක් තරුණයෙක් රස්සාවක් හොයාගෙන යනවා. යන කොට කෝවිලක් ගාව හිඟා කන හිඟන්නෙක් ඔහුට මුණ ගැහෙනවා. 

👉 මම කැමති නම් තමුසෙට රස්සාවක් දෙන්නම්. හැබැයි වේල් තුනටම කෑම විතරයි. පඩියක් ලැබෙන්නේ නැහැ. හිඟන්නා තරුණයාට එහෙම කියනවා. හිඟන්නා කියන විදිහට තරුණයාගේ රස්සාව මෙන්න මේකයි.  

👉 හැමදාම උදේට, දවල්ට සහ රෑට නොමිලේ කෑම දෙන කෝවිල්වල නම් ටික හිඟන්නා තරුණයාට කියනවා. තරුණයාට තියෙන්නේ ගිහින් කෑම දෙකක් අරන් ඇවිත් එකක් කාලා අනික හිඟන්නාට දෙන්න විතරයි. 

👉 ඉතින් ඔය රස්සාව ඔයා යටතේ කරන්නේ මොකටද? ඕක මට තනියමත් කරන්න පුළුවන්නේ. තරුණයා අහනවා. එතකොට හිඟන්නා ඉතාම ආඩම්බරයෙන් අපූරු උත්තරයක් දෙනවා. 

👉 ඔයාට මේක කවදාවත් තනියම කරන්න බෑ. ඔයා මේ පළාතට අමුත්තෙක්. මෙහේ කෝවිල්වල කෑම දෙන වෙලාවල් ඔයා දන්නේ නැහැ. ඒ තොරතුරු තියෙන්නේ මම ගාව. ඉන්ෆොමේෂන් තමයි මගේ ප්‍රාග්ධනය. මම ඒක ආයෝජනය කරලා කෝවිල් ගාණේ රස්තියාදු වෙන කාලයත් ඉතුරු කරගන්නවා. ඉතුරු කරගෙන ඒ වෙලාවත් මෙතෙන්ට වෙලා පාඩුවේ කාලා බුදිය ගන්නවා. 

👉 මේක ෆිල්ම් එකක තිබුණු සරල විහිළු කතාවක් වුණාට මේක ඇතුළේ අපූරු දේවල් ටිකක් තියනවා. 

👉 දැන් මේ හිඟන්නාට ඕන කෑම එකක් ගන්න ඇවිදගෙන යන එක පවා නොකර නිකම් ඉන්න. ඒ වෙලාවත් කාලා නිදාගන්න. ඔහු ඒක තමයි මහා ජයග්‍රහණයක් විදිහට සලකන්නේ. ඒක තමයි ඔහුගේ එකම සතුට. ජීවිතයේ එකම අරමුණ. 

👉 එහෙම මිනිස්සුත් ඉතාම සුළු පිරිසක් ලෝකේ ඇති. හැබැයි පොදුවේ ගත්තාම සාමාන්‍යයෙන් මිනිස්සු කියලා කියන්නේ ඒ විදිහට දෙන දේ කාලා වෙන දේ බලාගෙන පාඩුවේ ඉන්න ජාතියක් නෙමෙයි. 

👉 හොඳට කාලා බීලා කරදරයක් නැතුව ඉන්න පුළුවන් වුණත්, මිනිස්සු කියන්නේ කූඩුවක දාලා හදන සතෙක් වගේ කාලා බීලා ඔහේ ඉන්න කැමති ජාතියක් නෙමෙයි.

👉 මිනිසුන්ගේ අරමුණු, ආශාවන්, රුචිකත්වයන් අතිශය විවිධයි. විෂමයි. සංකීර්ණයි. ඒවා හිතාගන්න බැරි තරම් පුළුල් පරාසයක පැතිරිලා තියනවා.

👉 මූලික මිනිස් අවශ්‍යතා විදිහට අපි දකින කෑම, බීම,  බේත්, ඇඳුම් පැළඳුම් වගේ මූලික දේවල්වලින් හිතාගන්න බැරි තරම් එහාට යන භෞතික, මානසික අවශ්‍යතා කන්දරාවක් නූතන සමාජයේ ජීවත් වන සංස්කෘතික මිනිස්සු තුළ තිබෙනවා. 

👉 සාමාන්‍ය මිනිස් ස්වභාවය තුළ මිනිස්සු කැමතියි නිතරම අලුත් අලුත් දේවල් හොයන්න. අලුත් අලුත් ජයග්‍රහණ ලබාගන්න. අලුත් ප්‍රශ්න අභියෝග එක්ක ගැටෙන්න. 

👉 මිනිස්සු තමන්ට ලැබෙන හුඟක් දේවලින් සතුටු වෙන්නේ නෑ. එක දෙයක් ලැබුණාට පස්සේ ඊට වඩා දෙයක් හොයනවා. ඒක ලැබුණාට පස්සේ ඊට වඩා දෙයක් යනවා. ඒකේ හොඳ නරක දෙකම තිබුණත් මේ ගමනේ කෙළවරක් නෑ. 

👉 ඒ නිසා අභියෝග, කරදර, දුෂ්කරතා කියන්නේ මිනිස්සුන්ට එක් පැත්තකින් ආශීර්වාදයක්. කරදර, බාධා, අභියෝග නැති ජීවිතය නීරසයි. කම්මැලියි. මෙලෝ රහක් නෑ. 

👉 ඒ නිසා මිනිස්සු තමන්ට ගැටෙන්න ප්‍රශ්නයක් නැත්නම් අලුතින් නැති ප්‍රශ්නයක් හරි හොයාගන්නවා. හොයාගෙන ඒකත් එක්ක පොර බදනවා. 

👉 පොර බදලා හැම විටම දිනන්නේ නෑ. පරදිනවා. සමහර විට මහා කැපකිරීම් කරනවා. ජීවිත පවා නැති කරගන්නවා. හැබැයි ඒ අනවරත සටනේ ප්‍රතිඵලයක් විදිහට මානවයා සමාජයක් විදිහට ඉස්සරහට යනවා. 

👉 ඒක විදිහට තමයි අද මානව ශිෂ්ටාචාරයේ මිනිස්සු ලබාගත්ත හුඟක් ජයග්‍රහණ ලබාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. 

👉 මිනිස්සු කියන්නේ අර ෆිල්ම් එකේ ඉන්න හිඟන්නා වගේ කාලා පාඩුවේ නිදාගන්න එකෙන් විතරක් සතුටු වෙන ජාතියක් වුණා නම් අද ලෝකය මීට වඩා හුඟක් වෙනස් වෙන්න ඉඩ තිබුණා. 

👉 අද හුඟක් අය දරුවන්ගේ සතුට ගැන කතා කරනවා. වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන තේමාවක් වෙලා තියෙන්නේ දරුවන්ගේ සතුට. 

👉 මිනිසුන්ගේ වගේම දරුවන්ගේ සතුටත් විවිධාකාරයි. ඒ අතරේ අභියෝග එක්ක හැප්පිලා ජයග්‍රහණ ලබන එකත් දරුවන්ගේ සතුටේ වැදගත් කොටසක් බව අප අමතක කළ යුතු නෑ. 

👉 මම කියන්නේ ළමයි පැය විසි හතරේම අභියෝග එක්ක තරඟ දුවන්න, හටන් කරන්න ඕන කියන එක නෙමෙයි. 

👉 සරල, පුංචි, තර්කානුකූල නොවන දේවලින් ලබන සතුටත් දරුවන්ට සහ මිනිස්සුන්ට ඉතාම වැදගත්. මම කාලෙක ඉඳලා කියන විදිහට මිනිස්සු වුණාම නාස්ති කරන්නත් කාලයක් තියෙන්න ඕන. 

👉 හැබැයි ඒ කම්මැලි කමේ සරල සතුට දරුවන්ගේ සතුටේ එකම නිර්ණායකය කරගෙන අපි වැඩ කරන්න ගියොත් ඒක බරපතළ ගැටලුවක්. 

👉 දරුවෝ කියන්නේ සරල, නොවැදගත්, අතාර්කික පුංචි පුංචි දේවල්වල සතුට ගැන සංවේදී මනසක් ඇති අය විය යුතුයි වගේම අභියෝග, දුෂ්කරතා, පීඩාවන්, ආතතීන් දරා ගැනීමේ සතුටද හඳුනන පිරිසක් විය යුතුයි. 

👉 මේ දෙවැනි කාරණය තමයි රටකට, ජාතියකට, පොදුවේ මානව ප්‍රජාවක ජයග්‍රහණවලට විතරක් නෙමෙයි පුද්ගලික ජීවිතේ ජයග්‍රහණවලටත් වඩා වැඩි බලපෑමක් කරන්නේ. මොකද ලෝකය කියන්නේම පීඩාවන්, වේදනාවන් ගොඩක එකතුවක් මිස මල් යහනාවක් නෙමෙයි. 

👉 හැබැයි අද බොහෝ අය කතා කරන්නේ දරුවන් පාඩුවේ, විවේකයෙන්, කම්මැලි කමේ ඉඳගෙන, කිසිම පීඩාවක් නැතුව ජීවිතේ විඳින එකේ අසිරිය, දරුවන්ගේ අයිතිය, නිදහස වගේ අන්තවාදී ලිබරල් සටන් පාඨ ගැන පමණයි.

👉 අද අපේ රටේ අධ්‍යාපනය ගැන කරන සංවාද ඇතුළේ මේ කම්මැලිකමේ සරල සතුට දරුවන්ගේ සතුටේ එකම සීමාව විදිහට ආයතන ගත කරමින් අධ්‍යාපනය තොත්තකරණය කරන්න සමහරු සැරසෙනවා. 

👉 මේ තත්ත්වය තුළ තමයි  පොත් බෑගයේ බර වැනි ඉතා සරල කාරණා පවා රටක අධ්‍යාපනයට අදාළ ජාතික සටන් පාඨ බවට පත්වෙන්නේ. 

👉 අධ්‍යාපනයෙන් කළ යුත්තේ අර කෝවිල් හිඟන්නා වගේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ජීවිතේ විඳින මිනිස්සු හදන එකද? එහෙම නැත්නම් හිඟන්නෝ විදිහට ඉපදුණත් ඒ ඉරණම වෙනස් කරලා ජයග්‍රහණ කරා යන මිනිස්සු හදන එකද? කියන එක අපි මෙතෙන්දි ගැඹුරින් සලකා බැලිය යුතුයි. 

👉 ඉගෙන ගන්න එක නෙමෙයි දරුවෙකුට කෑම ටික, බේත් ටික දෙන එකවත් පීඩාවකින් තොරව කරන්න බෑ. ළමයෙකුට පෝෂ්‍යදායක දෙයක් කවන්න පවා අම්මලාට සෑහෙන මහන්සි වෙන්න වෙනවා. 

👉 එතෙන්දි දරුවන්ගේ සතුට ගැන හිතලා දරුවෝ කැමැත්තෙන් කන දේවල් විතරක් දරුවන්ට කන්න දුන්නොත් කොහොම තියෙයිද? ළමයෙක් බේත් බොන්න බෑ තිත්තයි කියලා අඬන කොට දරුවාගේ සතුට කියලා බේත් නොදී හිටියොත් මොනවා වෙයිද? අධ්‍යාපන ප්‍රතිපත්ති හදද්දී දරුවාගේ සතුට ගැන විතරක් හිතන එකත් ඒ වගේම භයානක දෙයක්. 

👉 ලෝකය කියන්නේම සතුටුදායක දේවල්වලට වඩා දුක්ඛදායක, පීඩාකාරී දේවල් වැඩි තැනක්. සතුට කියන්නේ ඒ පීඩාවන්, වේදනාවන් ඇතුළේ ඒවත් එක්ක එකට තියන දෙයක් මිසක් වෙන් කරලා අරගෙන රස විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. 

👉 මේ ඇත්ත අමතක කරලා කාටවත් දරුවන්ගේ සතුට ගැන වෙනම කතා කරන්න බෑ. ඒ නිසා එහෙම හිතාගෙන අධ්‍යාපනය තොත්තකරණය කරන්න ගියොත් ඒක කෙළවර වෙන්නේ ලොකු විනාශයකින්.

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.