ජපානයේ ඉස්කෝලවල කැන්ටිමක් නැත්තේ ඇයි? ලෝකයේ හොඳම දිවා ආහාර ක්‍රමවේදය - "Kyushoku" (කියුෂොකු) ගැන ඔබ නොදත් කතාව
ජපානයේ පාසල් දරුවන් ලෝකයේ නිරෝගීම දරුවන් වුණේ ඉබේ නෙවෙයි. 1954 සිට ක්‍රියාත්මක වන "පාසල් දිවා ආහාර පනත" (School Lunch Act) නිසා. මේ ක්‍රමවේදය නිකම්ම බත් කටක් කවනවාට වඩා එහා ගිය ලොකු විද්‍යාවක්.
මේ සිස්ටම් එක නීතියක් වුණේ 1954 වුණාට, මේකේ මුල 1889 දක්වා යනවා. Yamagata ප්‍රදේශයේ පන්සලක වැඩ සිටිය "Sato Reizan" නම් හිමිනමක් දුප්පත් දරුවන්ට නොමිලේ බත්, මාළු සහ අච්චාරු දීලා තමයි මේ පින්කම මුලින්ම පටන් ගත්තේ. ඒ වගේම දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ළමයින්ගේ මන්දපෝෂණය නැති කරන්න රජය මේක නැවත පටන් ගත්තා.
මෙන්න ජපානය මේක කරන නිශ්චිත ක්‍රමවේද. :
1️⃣ මෙනු එක හදන්නේ කවුද?
මේ කෑම වේල තීරණය කරන්නේ පාසලේ විදුහල්පති නෙවෙයි. ඒ සඳහා රජයෙන් පත් කළ විශේෂ සුදුසුකම් ලත් පෝෂණවේදීන් (Nutrition Teachers) ඉන්නවා.
ඔවුන් දරුවාගේ වයස අනුව අවශ්‍ය කැලරි ප්‍රමාණය, ලුණු ප්‍රමාණය, ප්‍රෝටීන් සහ විටමින් ග්‍රෑම් ගණනට මැනලා තමයි මාසික මෙනු එක හදන්නේ.
ඒ නිසා එක දවසකවත් පෝෂණය අඩු වැඩි වෙන්නේ නෑ.
ඔබ දන්නවාද? 1970 ගණන් වලදී ලාභදායී ප්‍රෝටීන් ප්‍රභවයක් නිසා ජපානයේ පාසල් දරුවන්ට "තල්මස් මස්" (Whale Meat) පවා දීලා තියෙනවා. අද ඒක නැ.
2️⃣ කෑම හැදෙන්නේ කොහොමද?
බොහෝ පාසල්වලට තමන්ගේම මුළුතැන්ගෙයක් තියෙනවා. නැත්නම් ළඟම තියෙන මධ්‍යම මුළුතැන්ගෙයකින් උයලා ගේනවා.
විශේෂම දේ: මේ කෑම උයන්නේ දරුවන් කන්න පැය කිහිපයකට කලින් විතරයි. උදේ පාන්දර උයලා පෙට්ටිවල දාපු "පරණ කෑම" ජපානයේ පාසල්වලට තහනම්.
මේ කෑම හදන්න ගන්න දේවල් වලින් 56%ක්ම ගන්නේ ඒ අවට ප්‍රදේශයෙන්මයි. සමහර පාසල් වල දරුවෝ තමන්ගේම පාසල් වත්තේ වවන එළවළු, තමන්ම කඩලා, හෝදලා, උයන්න දෙනවා. කෑමවල අගය දරුවන්ට දැනෙන්නේ එහෙමයි.
3️⃣ කෑම බෙදන්නේ කවුද?
මෙන්න වැදගත්ම තැන. කෑම බෙදන්න වෙනම සේවකයෝ නෑ. ඒක කරන්නේ දරුවොමයි!
හැම සතියකම පන්තියේ කණ්ඩායමක් "Lunch Duty" එකට තෝරාගන්නවා.
ඔවුන් සුදු කබා, තොප්පි සහ මාස්ක් දාගෙන, තමන්ගේ යාළුවන්ට කෑම බෙදනවා.
මේකෙන් ඔවුන් වගකීම, පිරිසිදුකම සහ සේවය කිරීමේ ගරුත්වය ඉගෙන ගන්නවා.
ඔවුන්ගේ "Mottainai" සංකල්පය තාම තියෙනවා. ඒ කියන්නේ "නාස්තිය මහා පාපයක්." ජපානයේ පාසල් වල කෑම අහක දාන ප්‍රතිශතය 6.9%ක් වගේ ඉතාම අඩු අගයක්!.
4️⃣ කන්නේ කොහෙද?
ජපානයේ පාසල්වල කෑම කන ශාලා (Cafeterias) නෑ. දරුවන් කන්නේ තමන් ඉගෙන ගන්න පන්ති කාමරයේමයි.
ගුරුවරයාත් දරුවන් එක්කම වාඩි වෙලා, ඒ කෑම එකම කනවා.
කෑම කන්න කලින් සියලු දෙනාම "Itadakimasu" (මේ කෑමට ස්තූතියි) කියලා එකටම කන්න පටන් ගන්නවා. මේක පුදුම විනයක්.
අතීතය අමතක නොකරන්න, අවුරුද්දකට සැරයක් ඔවුන් "Onigiri Kyushoku" කියලා දවසක් සමරනවා. එදාට ලැබෙන්නේ ඉතාම සරල බත් ගුලියක් විතරයි. අමාරු කාලේ මිනිස්සු කාපු හැටි දරුවන්ට මතක් කරලා දෙන පාඩමක් ඒක.
කෑම කාලා ඉවර වෙලා හැමෝම එකට "Gochisousama" (ස්තූතියි, හරිම රසයි!) කියලා කියන්නත් අමතක කරන්නේ නෑ
5️⃣ වියදම දරන්නේ කවුද?
මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන දෙයක් නෙවෙයි.
දෙමාපියන්: කෑම සඳහා යන අමුද්‍රව්‍ය (හාල්, එළවළු, මාළු) වල වියදම විතරක් ගෙවනවා (මාසෙකට යෙන් 4000ක් - 5000ක් වගේ මුදලක්).
රජය: උයන වියදම, ගෑස්, විදුලිය සහ සේවක වැටුප් සම්පූර්ණයෙන්ම දරනවා.
මේ ක්‍රමය නිසා දුප්පත් පොහොසත් භේදයකින් තොරව හැමෝටම එකම කොලිටි එකේ කෑමක් ලැබෙනවා.
ජපානයේ මේ කෑම වේල කොච්චර ජනප්‍රියද කියනවා නම්, Saitama වල මේ වෙනුවෙන්ම හදපු "School Lunch History Museum" එකක් පවා තියෙනවා. ඒ වගේම තමන්ගේ ළමා කාලේ රස ආයෙත් විඳින්න ඕන වැඩිහිටියන් වෙනුවෙන්, මේ කෑම විතරක් විකුණන රෙස්ටොරන්ට් පවා ජපානයේ තියෙනවා!.
අපිට ගන්න තියෙන පාඩම
ජපානය දරුවන්ට උගන්වන්නේ "Shokuiku" (Food Education) හෙවත් ආහාර මගින් අධ්‍යාපනය ලබා දීමයි. කෑම පිඟාන පවා පාසල් විෂය නිර්දේශයේ කොටසක් කරගත්තු එකම රට ජපානය වෙන්න ඇති.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා
මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි
ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි