News Category
From Date
To Date
Maximum Number of Result

ලෝකයේ හොඳම ඔත්තුකරුවා කොටුකරගත් සුපිරිම බුද්ධි මෙහෙයුම - ලෝකයේ දරුණුම Cheka බුද්ධි අංශය විසින් දියත් කල Operation Trust

Feb 3, 2026 at 05:27 AM
|

ලෝක ඉතිහාසයේ විවිධ ඔත්තු සේවා ගැන අපි අහලා තියෙනවා CIA, MI6, මොසාඩ් වගේම සෝවියට් දේශයේ KGB ගැනත් අපි දන්නවා. හැබැයි මේ හැමෝම හොල්මන් කරපු, ලෝකයේ දරුණුතම සහ කපටිම බුද්ධි මෙහෙයුමක් ගැන ඔබ අහලා තියෙනවද? ඒ තමයි සෝවියට් රුසියාවේ මුල් යුගයේ ක්‍රියාත්මක වුණු Cheka බුද්දි අංශය විසින් දියත් කල Operation Trust මෙහෙයුම, (Cheka 1917–1922 - විප්ලවයෙන් පස්සේ මුලින්ම හැදුණු බුද්දි අංශය)

මේක මාස්ටර් ප්ලෑන් එකක්, තමන්ගේ දරුණුතම සතුරන්ව තමන් ළඟටම ගෙන්වාගෙන පස්සේ ඒ අයව විනාශ කරපු සුපිරිම ගේමක්... අමුතු අපි අද ඔයාලට කියන්න යන්නේ මේ මෙහෙයුම ගැන,

හිතන්න ඔබ ඉන්නේ රුසියාවේ පාලනය පෙරළන්න හීන දකින දරුණු විප්ලවවාදියෙක් විදියට. එකපාරම රුසියාව ඇතුළෙන් ඔබට රහස් පණිවිඩයක් එනවා "අපි ලෑස්තියි බෝල්ෂෙවික්වරුන්ව, පන්නන්න රහස් සංවිධානයක් ඇතුළේ හැදිලා තියෙනවා. අපිට උදව් කරන්න රුසියාවට එන්න" කියලා.

ඔබත් ඔබේ පිරිසත් එක්ක බොහොම රහසිගතව, ජීවිත අවදානම අරගෙන දේශසීමා පැනලා රුසියාවට ඇතුළු වෙනවා, එහේ ඉන්න රහස් නියෝජිතයෝ ඔබව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා, හැබැයි... ඔබ සෝවියට් දේශයේ පස් පාගපු මොහොතේ ඉඳන් ඔබ ඉන්නේ ඔබේ සතුරා අටවපු මාරක දැලක කියලා ඔබ දන්නේ නැහැ.

ඔබව පිළිගන්න ආපු විප්ලවවාදියෝ විදියට පෙනී ඉන්න අය ඇත්තටම සෝවියට් රහස් පොලිසියේ දක්ෂතම ඝාතකයෝ...💀

සිදුවීම වෙන්නේ මෙහෙමයි...

🎭 1920 ගණන්වල මුල් භාගය සෝවියට් දේශයේ පාලකයා වුණු ලෙනින්ට ලොකුම හිසරදය වුණේ රටින් පිටුවහල් වෙලා හිටපු ධවල රුසියානුවන් මේ අය යුරෝපයේ රටවල් එක්ක එකතු වෙලා සෝවියට් දේශය ඇතුළේ බෝම්බ පිපිරවීම්, මිනීමැරුම් සැලසුම් කළා

සෝවියට් රහස් පොලිසියේ ප්‍රධානියා වුණු ෆීලික්ස් ඩෙසර්ජින්ස්කි ට ඕන වුණේ මේ හැමෝවම එක තැනකට ගෙනල්ලා ඉවරයක් කරලා දාන්න. එයා ගැහුවා සුපිරිම මාස්ටර් ප්ලෑනක්.

ඔවුන් රුසියාව ඇතුළේ ව්‍යාජ සංවිධානයක් හැදුවා එකේ නම MUCR ඔවුන් බටහිර රටවලට පණිවිඩ යැව්වා "අපි සෝවියට් පාලනයට විරුද්ධයි, අපිව විශ්වාස කරන්න, අපිට උදව් කරන්න" කියලා. මේක කොච්චර සාර්ථක රංගනයක්ද කියනවා නම්, බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ බුද්ධි අංශ පවා හිතුවේ මේක ඇත්තම කැරැල්ලක් කියලා...

🎯 මේ කතාවේ සුපිරිම කොටස පටන් ගන්නේ ලෝකයේ ඒ කාලේ හිටපු භයානකම ඔත්තුකරුවෙක් මේ දැලට අහුවුණාමයි. ඒ තමයි සිඩ්නි රේලි (Sidney Reilly) ඔහුව හැඳින්වූවේ Ace of Spies කියලා. (ජේම්ස් බොන්ඩ් චරිතය ලියන්න Ian Fleming ට පදනම වුණෙත් මොහුයි).

රේලි හිතුවේ තමන්ට වඩා වැඩ්ඩෙක් ලෝකේ නැහැ කියලා 1925 සැප්තැම්බර් මාසයේ රේලි රුසියාවට ආවා මේ විප්ලවවාදීන් හමුවෙන්න ඔහු හිතුවේ ඔහු ලෙනින්ගේ පාලනය පෙරළන මහා වීරයෙක් වෙයි කියලා.

හැබැයි ඔහු රුසියානු දේශසීමාව පනිනකොටම චෙකා නිලධාරීන් ඔහුව සෙවනැල්ල වගේ ලුහුබැන්දා ඔවුන් රේලිව එක්කගෙන ගියේ රහස් ආරක්ෂිත නිවසකට රේලි හිතුවේ ඔහු ඉන්නේ තමන්ගේ මිතුරෝ එක්ක කියලා හැබැයි එක මොහොතකදී හැම දෙයක්ම වෙනස් වුණා. හිනාවෙලා හිටපු මිනිස්සු එකපාරම තුවක්කු එළියට ගත්තා.

"Welcome to Moscow, Mr. Reilly You are under arrest"

ලෝකයේ සුපිරිම ඔත්තුකරුවා, සෝවියට්වරුන්ගේ Acting වලට රැවටිලා තමන්ගේම මරණය හොයාගෙන ඇවිත් තිබුණා. ඔහුව ප්‍රශ්න කරලා අන්තිමේදී මොස්කව් වනාන්තරයකදී වෙඩි තබා අවසන් ගමන් යැවුවා.

💰මේ මෙහෙයුමේ තිබුණු දරුණුම සහ හාස්‍යජනකම පැත්ත තමයි බ්‍රිතාන්‍යය සහ අනෙකුත් රටවල් මේ MUCR සංවිධානය ශක්තිමත් කරන්න විශාල වශයෙන් සල්ලි සහ රහස් තොරතුරු එව්වා.

සෝවියට් බුද්ධි අංශ කළේ ඒ සල්ලි අරගෙන තමන්ගේම රහස් පොලිසිය ශක්තිමත් කරන එක ඒ කියන්නේ සතුරන්ගේ සල්ලිවලින්ම සතුරන්ව විනාශ කරන්න සෝවියට් දේශය සමත් වුණා. ඔවුන් වසර 6ක් තිස්සේ මේ නාට්‍යය රඟපෑවා. සමහර වෙලාවට ඔවුන් බොරු පිපිරීම් පවා කළා මොකද ඔවුන්ට ඕන කළා ලෝකෙට පෙන්වන්න සෝවියට් පාලනය දුර්වලයි කියලා.

සමහර නිලධාරීන් රටින් පැනලා යනවා වගේ රඟපෑවා එහෙම කලේ බටහිර රටවල විශ්වාසය දිනාගන්න.

🏚️ 1927 වෙනකොට සෝවියට් දේශයට තර්ජනයක් වෙන්න හිටපු ප්‍රධාන සතුරන් හැමෝම වගේ මරා දාලා හෝ හිරේ දාලා ඉවරයි මෙතනින් එහාට මේ නාට්‍යය රඟපාන්න අවශ්‍ය වුණේ නැහැ.

සෝවියට් දේශය ලෝකෙටම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා Operation Trust කියන්නේ ඔවුන්ගේම නිර්මාණයක් කියලා. බටහිර ඔත්තු සේවා ගල් ගැහුණා වසර ගණනාවක් තිස්සේ තමන් රවටනු ලැබූ බවත්, තමන්ගේම සල්ලිවලින් සතුරා පෝෂණය කළ බවත් දැනගත් බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ලෝකය ඉදිරියේ අන්ත අසරණ වුණා.

🔥 Operation Trust කියන්නේ ඉතිහාස කතාවක් විතරක් නෙවෙයි ඒක අදටත් ලෝකයේ බුද්ධි අංශ පාවිච්චි කරන Counter-Intelligence (ප්‍රති-බුද්ධි) කලාවේ බයිබලය වගේ.

ඔබ යම් දෙයක් විශ්වාස කරනවා නම්, ඒක ඔබ දකින නිසාම විශ්වාස කරන්න එපා මොකද, ඔබේ සතුරා ඔබට පෙන්වන්නේ ඔබ දකින්නට කැමති දේ විතරක් වෙන්න පුළුවන් සෝවියට් දේශය ලෝකෙටම ඉගැන්වූ පාඩම ඒකයි.

ඔයාලට මේ වගේ ලෝකය හොල්ලපු රහසිගත මෙහෙයුම් ගැන තවත් කතා දැනගන්න ඕනෙද? 

(මුහුණුපොතෙන්)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.