News Category
From Date
To Date
Maximum Number of Result

ලෝකයේ හොඳම ඔත්තුකරුවා කොටුකරගත් සුපිරිම බුද්ධි මෙහෙයුම - ලෝකයේ දරුණුම Cheka බුද්ධි අංශය විසින් දියත් කල Operation Trust

Feb 3, 2026 at 05:27 AM
|

ලෝක ඉතිහාසයේ විවිධ ඔත්තු සේවා ගැන අපි අහලා තියෙනවා CIA, MI6, මොසාඩ් වගේම සෝවියට් දේශයේ KGB ගැනත් අපි දන්නවා. හැබැයි මේ හැමෝම හොල්මන් කරපු, ලෝකයේ දරුණුතම සහ කපටිම බුද්ධි මෙහෙයුමක් ගැන ඔබ අහලා තියෙනවද? ඒ තමයි සෝවියට් රුසියාවේ මුල් යුගයේ ක්‍රියාත්මක වුණු Cheka බුද්දි අංශය විසින් දියත් කල Operation Trust මෙහෙයුම, (Cheka 1917–1922 - විප්ලවයෙන් පස්සේ මුලින්ම හැදුණු බුද්දි අංශය)

මේක මාස්ටර් ප්ලෑන් එකක්, තමන්ගේ දරුණුතම සතුරන්ව තමන් ළඟටම ගෙන්වාගෙන පස්සේ ඒ අයව විනාශ කරපු සුපිරිම ගේමක්... අමුතු අපි අද ඔයාලට කියන්න යන්නේ මේ මෙහෙයුම ගැන,

හිතන්න ඔබ ඉන්නේ රුසියාවේ පාලනය පෙරළන්න හීන දකින දරුණු විප්ලවවාදියෙක් විදියට. එකපාරම රුසියාව ඇතුළෙන් ඔබට රහස් පණිවිඩයක් එනවා "අපි ලෑස්තියි බෝල්ෂෙවික්වරුන්ව, පන්නන්න රහස් සංවිධානයක් ඇතුළේ හැදිලා තියෙනවා. අපිට උදව් කරන්න රුසියාවට එන්න" කියලා.

ඔබත් ඔබේ පිරිසත් එක්ක බොහොම රහසිගතව, ජීවිත අවදානම අරගෙන දේශසීමා පැනලා රුසියාවට ඇතුළු වෙනවා, එහේ ඉන්න රහස් නියෝජිතයෝ ඔබව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා, හැබැයි... ඔබ සෝවියට් දේශයේ පස් පාගපු මොහොතේ ඉඳන් ඔබ ඉන්නේ ඔබේ සතුරා අටවපු මාරක දැලක කියලා ඔබ දන්නේ නැහැ.

ඔබව පිළිගන්න ආපු විප්ලවවාදියෝ විදියට පෙනී ඉන්න අය ඇත්තටම සෝවියට් රහස් පොලිසියේ දක්ෂතම ඝාතකයෝ...💀

සිදුවීම වෙන්නේ මෙහෙමයි...

🎭 1920 ගණන්වල මුල් භාගය සෝවියට් දේශයේ පාලකයා වුණු ලෙනින්ට ලොකුම හිසරදය වුණේ රටින් පිටුවහල් වෙලා හිටපු ධවල රුසියානුවන් මේ අය යුරෝපයේ රටවල් එක්ක එකතු වෙලා සෝවියට් දේශය ඇතුළේ බෝම්බ පිපිරවීම්, මිනීමැරුම් සැලසුම් කළා

සෝවියට් රහස් පොලිසියේ ප්‍රධානියා වුණු ෆීලික්ස් ඩෙසර්ජින්ස්කි ට ඕන වුණේ මේ හැමෝවම එක තැනකට ගෙනල්ලා ඉවරයක් කරලා දාන්න. එයා ගැහුවා සුපිරිම මාස්ටර් ප්ලෑනක්.

ඔවුන් රුසියාව ඇතුළේ ව්‍යාජ සංවිධානයක් හැදුවා එකේ නම MUCR ඔවුන් බටහිර රටවලට පණිවිඩ යැව්වා "අපි සෝවියට් පාලනයට විරුද්ධයි, අපිව විශ්වාස කරන්න, අපිට උදව් කරන්න" කියලා. මේක කොච්චර සාර්ථක රංගනයක්ද කියනවා නම්, බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ බුද්ධි අංශ පවා හිතුවේ මේක ඇත්තම කැරැල්ලක් කියලා...

🎯 මේ කතාවේ සුපිරිම කොටස පටන් ගන්නේ ලෝකයේ ඒ කාලේ හිටපු භයානකම ඔත්තුකරුවෙක් මේ දැලට අහුවුණාමයි. ඒ තමයි සිඩ්නි රේලි (Sidney Reilly) ඔහුව හැඳින්වූවේ Ace of Spies කියලා. (ජේම්ස් බොන්ඩ් චරිතය ලියන්න Ian Fleming ට පදනම වුණෙත් මොහුයි).

රේලි හිතුවේ තමන්ට වඩා වැඩ්ඩෙක් ලෝකේ නැහැ කියලා 1925 සැප්තැම්බර් මාසයේ රේලි රුසියාවට ආවා මේ විප්ලවවාදීන් හමුවෙන්න ඔහු හිතුවේ ඔහු ලෙනින්ගේ පාලනය පෙරළන මහා වීරයෙක් වෙයි කියලා.

හැබැයි ඔහු රුසියානු දේශසීමාව පනිනකොටම චෙකා නිලධාරීන් ඔහුව සෙවනැල්ල වගේ ලුහුබැන්දා ඔවුන් රේලිව එක්කගෙන ගියේ රහස් ආරක්ෂිත නිවසකට රේලි හිතුවේ ඔහු ඉන්නේ තමන්ගේ මිතුරෝ එක්ක කියලා හැබැයි එක මොහොතකදී හැම දෙයක්ම වෙනස් වුණා. හිනාවෙලා හිටපු මිනිස්සු එකපාරම තුවක්කු එළියට ගත්තා.

"Welcome to Moscow, Mr. Reilly You are under arrest"

ලෝකයේ සුපිරිම ඔත්තුකරුවා, සෝවියට්වරුන්ගේ Acting වලට රැවටිලා තමන්ගේම මරණය හොයාගෙන ඇවිත් තිබුණා. ඔහුව ප්‍රශ්න කරලා අන්තිමේදී මොස්කව් වනාන්තරයකදී වෙඩි තබා අවසන් ගමන් යැවුවා.

💰මේ මෙහෙයුමේ තිබුණු දරුණුම සහ හාස්‍යජනකම පැත්ත තමයි බ්‍රිතාන්‍යය සහ අනෙකුත් රටවල් මේ MUCR සංවිධානය ශක්තිමත් කරන්න විශාල වශයෙන් සල්ලි සහ රහස් තොරතුරු එව්වා.

සෝවියට් බුද්ධි අංශ කළේ ඒ සල්ලි අරගෙන තමන්ගේම රහස් පොලිසිය ශක්තිමත් කරන එක ඒ කියන්නේ සතුරන්ගේ සල්ලිවලින්ම සතුරන්ව විනාශ කරන්න සෝවියට් දේශය සමත් වුණා. ඔවුන් වසර 6ක් තිස්සේ මේ නාට්‍යය රඟපෑවා. සමහර වෙලාවට ඔවුන් බොරු පිපිරීම් පවා කළා මොකද ඔවුන්ට ඕන කළා ලෝකෙට පෙන්වන්න සෝවියට් පාලනය දුර්වලයි කියලා.

සමහර නිලධාරීන් රටින් පැනලා යනවා වගේ රඟපෑවා එහෙම කලේ බටහිර රටවල විශ්වාසය දිනාගන්න.

🏚️ 1927 වෙනකොට සෝවියට් දේශයට තර්ජනයක් වෙන්න හිටපු ප්‍රධාන සතුරන් හැමෝම වගේ මරා දාලා හෝ හිරේ දාලා ඉවරයි මෙතනින් එහාට මේ නාට්‍යය රඟපාන්න අවශ්‍ය වුණේ නැහැ.

සෝවියට් දේශය ලෝකෙටම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා Operation Trust කියන්නේ ඔවුන්ගේම නිර්මාණයක් කියලා. බටහිර ඔත්තු සේවා ගල් ගැහුණා වසර ගණනාවක් තිස්සේ තමන් රවටනු ලැබූ බවත්, තමන්ගේම සල්ලිවලින් සතුරා පෝෂණය කළ බවත් දැනගත් බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ලෝකය ඉදිරියේ අන්ත අසරණ වුණා.

🔥 Operation Trust කියන්නේ ඉතිහාස කතාවක් විතරක් නෙවෙයි ඒක අදටත් ලෝකයේ බුද්ධි අංශ පාවිච්චි කරන Counter-Intelligence (ප්‍රති-බුද්ධි) කලාවේ බයිබලය වගේ.

ඔබ යම් දෙයක් විශ්වාස කරනවා නම්, ඒක ඔබ දකින නිසාම විශ්වාස කරන්න එපා මොකද, ඔබේ සතුරා ඔබට පෙන්වන්නේ ඔබ දකින්නට කැමති දේ විතරක් වෙන්න පුළුවන් සෝවියට් දේශය ලෝකෙටම ඉගැන්වූ පාඩම ඒකයි.

ඔයාලට මේ වගේ ලෝකය හොල්ලපු රහසිගත මෙහෙයුම් ගැන තවත් කතා දැනගන්න ඕනෙද? 

(මුහුණුපොතෙන්)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.