විල්පත්තු කැලෑ පූසා ගැන වැදගත් සටහනක්..
මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම විල්පත්තුවේ ඉන්න "කැලෑ පූසා" (Jungle Cat) ගැන ලොකු කතාවක් යනවා නේද? සාමාන්‍යයෙන් හරිම ලැජ්ජාශීලී සහ මිනිස් ඇසට හසුනොවී රහසිගතව ජීවත් වෙන්න කැමති සතෙක් වුණත්, මේ දවස්වල විල්පත්තුවේ ඉන්න මේ කැලෑ පූසා නම් සෆාරි යන වාහන ලඟටම ඇවිත් හරිම අපූරු විදිහට "Pose" කරන්න පවා පුරුදු වෙලා ඉන්නවා. වනජීවී ලෝලීන් හැමෝම මේ දුර්ලභ දසුන කැමරා කාචයේ සටහන් කරගන්න දැන් විල්පත්තුවට පොරකන්නේ ඒ නිසයි.
විද්‍යාත්මකව Felis chaus ලෙස හඳුන්වන මේ සත්වයා පෙනුමෙන් අපේ ගෙවල්වල ඉන්න සාමාන්‍ය පූසන්ට වඩා තරමක් විශාලයි. දිගු පාද සහ මුළු ඇඟම එකම රන්වන් දුඹුරු පැහැයක් ගන්නා මොහුගේ සුවිශේෂීම ලක්ෂණය තමයි උල් වූ කන් දෙක කෙළවර තියෙන කළු පැහැති රෝම කූර. මේ සුවිශේෂී පෙනුම නිසාම මොවුන්ව "කුඩා ලින්ක්ස්" (Lynx) කෙනෙක් විදිහටත් බොහෝ දෙනා හඳුන්වනවා.
ස්වභාවික පරිසරයේදී සාමාන්‍යයෙන් අවුරුදු 10ත් 12ත් අතර කාලයක් ජීවත් වන මේ පූසන්, වසරකට වරක් හෝ දෙවරක් පැටවුන් බෝ කිරීමට කටයුතු කරනවා. වරකදී පැටවුන් දෙදෙනෙකුත් පස්දෙනෙකුත් අතර ප්‍රමාණයක් බිහි කරන මව, මාස දෙකක් පමණ යනතුරු ඔවුන්ට කිරි ලබා දී පසුව ඉතා දක්ෂ ලෙස දඩයම් කිරීමට හුරු කරනවා. පැයට කිලෝමීටර් 32ක පමණ වේගයෙන් දිවීමට වගේම ඉතා දක්ෂ ලෙස පිහිනීමටත් මොවුන්ට සහජ හැකියාවක් තියෙනවා.
සතෙක් මෙහෙම වාහන ලඟට එන එක අපිට ලොකු අත්දැකීමක් වුණත්, ඒකෙන් සතාගේ ස්වභාවික දඩයම් රටාවට බාධා වෙන්න පුළුවන් බව අපි නිතරම මතක තබාගත යුතුයි. ඒ නිසා ඔබත් මේ දවස්වල විල්පත්තුවට ගියොත්, පාර මැදටම ඇවිත් ඔයාලව පිළිගන්න ඉන්න මේ "Viral" තරුවව දකින්න ලැබේවි. එවැනි වෙලාවකදී සතාට කෑම දෙන්න හෝ කරදර කරන්න යන්නේ නැතුව, හරිම ආදරයෙන් දුර ඉඳන් මේ අපූරු අමුත්තාව නරඹලා ඒ සුන්දර මතකය විතරක් අරන් එන්න වගබලා ගන්න.
(මුහුණු පොතෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..