කියුබාවේ අර්බුද ගැන ආචාර්ය චන්න ජයසුමනගෙන් අනාවරණයක්..
කියුබාවේ හවානා නුවර පැවැති බෝ නොවන රෝග පිළිබඳ සම්මන්ත්‍රණයකට සහභාගී වීමෙන් පසු එරට වත්මන් තත්ත්වය පිළිබඳව විශේෂ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ, කියුබාව මේ වන විට දැඩි මානුෂීය අර්බුදයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බවයි.
සම්මන්ත්‍රණයට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වූ ඒ මහතා, රට අර්බුදයක පවතින මොහොතක ආරාධනය පිළිගෙන පැමිණීම කියුබානු රජයේ සහ එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන්ගේ විශේෂ ඇගයීමට ලක්වූ බව පවසා ඇත. එසේම, කොවිඩ් වසංගත සමයේ සහ විවිධ බාධක මධ්‍යයේ ලංකාවේ සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන ගිය ආකාරය පිළිබඳව ද ඔහු එහිදී කරුණු අනාවරණය කර තිබේ.
ඒ මහතා සිය මුහුණු පොතේ මේ පිළිබඳව පළ කර තිබූ සටහන පහළින්..
කියුබාවේ තතු..
කියුබාවේ හවානා නුවර පැවැති බෝ නොවන රෝග පිළිබද සම්මන්ත්‍රණයට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමි.
රට අර්බුදයක පවතින අවස්ථාවේ ආරාධනය ඉවත නොදමා, මා පැමිණීම කියුබානුවන්ගේ විශේෂ ඇගයීමට හේතුවක් විය. එරට සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය පිළිබඳ ඉහළ බලධාරීන් මෙන්ම, 2012 වසරේ සිට වකුගඩු රෝග පිළිබද අප සමග එක්ව පර්යේෂණ කටයුතුවල නියැළුණු මහාචාර්ය රාහුල් හෙරේරා ද ඒ ගැන විශේෂයෙන් සදහන් කරන ලදි. කවර අපහසුතා පැවතියද මට කිසිදු අඩුපාඩුවක් නොමැතිව සැලකීමට ඔවුහු වග බලා ගත්හ.
වකුගඩු රෝග පර්යේෂණ තොරතුරු මෙන්ම උද්ඝෝෂකයන්ගේ බාධා, වැඩවර්ජන, කඩාකප්පල්කාරී ක්‍රියා මධ්‍යයේ කොවිඩ් වසංගතය අතරතුර ලංකාවේ සෞඛ්‍ය සේවය බිඳ නොවැටී ඉදිරියට ගෙන ගිය ආකාරය පිළිබඳව ද මම ඔවුන් දැනුවත් කළෙමි.
දිගු කලක් කියුබාව ඉතා ඉහළ සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන ගිය ද වත්මන් බල ශක්ති අර්බුදය හමුවේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටියි. කියුබාවේ විදුලි බල නිෂ්පාදනය මූලික වශයෙන් සිදු කෙරෙනුයේ ඛනිජ තෙල් දහනය මගිනි. ඔවුන්ගේ ප්‍රධාන ඛනිජ තෙල් සැපයුම්කරුවා වූයේ වෙනිසියුලාවයි.
මේ වසරේ ජනවාරි 03 දින වෙනිසියුලානු ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයට පැහැරගෙන යෑමත් සමඟ ඛනිජ තෙල් සැපයුම බිඳවැටිණි. ඒ සමගම ඇමරිකානු මැදිහත්වීමෙන් කියුබාවට එරෙහි සම්බාධක තවදුරටත් තද කිරීම මගින් අනෙකුත් රටවල සිට ඛනිජ තෙල් සැපයම ද බොහෝ දුරට නතර වී ඇත.
මේ හේතුවෙන් අද වන විට කියුබාවේ විදුලිබල සැපයුම සීමා වී ඇත. ග්‍රාමීය ප්‍රදේශවලට විදුලි බලය නොලැබෙන අතර, නාගරික ප්‍රදේශවලට දිනකට පැය කිහිපයක් පමණක් විදුලි බලය ලැබේ.
ගුවන්තොටුපොළට සහ රෝහල්වලට පවා විදුලි බලය ලැබෙනුයේ කඩින් කඩය. හවානා ගුවන් තොටුපොළේ ගමන්මලු පටිය විදුලි බලය ඇන හිටීමෙන් මා එහි සිටින අතරවාරයේ තෙවරක් නතර විය.
විදුලි බලය ඇන හිටීම නිසා ප්‍රධාන රෝහල්වල ශ්වසන ආධාරකවල (ventilator) සහයෙන් සිටින රෝගීහු කිහිප දෙනෙක් දිනපතා මිය යති. ඉන්ධන සැපයුම සීමා වී ඇති නිසා හවානා ඇතුළු ප්‍රධාන නගරවල කුණු කසල ඉවත් කිරීම ඇන හිට ඇත. සනීපාරක්ෂක තත්ත්වයන් දුර්වල වීමත් සමඟ ආහාර පාන මගින් බෝවන හෙපටයිටිස් ඒ රෝගය ව්‍යාප්ත වෙමින් පවතියි.
මට නවාතැන් සැපයුණු කියුබානු ජාතික හෝටලය (Hotel Nacional de Cuba) හැරුණු විට රටේ ප්‍රධාන හෝටල් සියල්ලම පාහේ වසා දමා ඇත. සංචාරක කර්මාන්තය මුළුමනින්ම පාහේ බිඳ වැටී ඇත. වෛද්‍යවරු සැලකිය යුතු පිරිසක් රට හැර ගොස්ය. කියුබානු මුදල් ඒකකය වන පෙසෝ වටිනාකමක් නැති තත්වයට ඇද වැටී ඇත. නිල විදේශ විනිම අනුපාතය අනුව ඇමරිකානු ඩොලරයට පෙසෝ 25 ක් වුවද මා සිටි හෝටලයේ එම අගය 920කි. සැබවින්ම මේ වන විට කියුබාව මානුෂික අර්බුධයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටියි.
කියුබානුවෝ ඉතා සුන්දර මිනිසුන් පිරිසකි. කවරක් වෙතත් මිනිස්සු තවමත් සියල්ල විද දරාගෙන සන්සුන්ව සිටිති. විදුලි බලය නැතද ඔවුහු රාත්‍රියේ සිය නිවෙස්වලින් එළියට පැමිණ අසල්වැසියන් සමග එක්ව ගීත ගයමින් නර්තනයේ යෙදෙති. විදුලිබලය, ඉන්ධන, ගෑස් නැති වූ විගස ලංකාවේ මෙන් පාරට බසින්නට අරගලකරුවන් හෝ ගැටුම් ඇති කරන්නට හෙල්මට් බලකායක් හෝ නැති නිසා රට තවමත් නිහඬව නිසොල්මනේ පවතියි.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..
දූෂණ චෝදනා එල්ලවී ඇති ආණ්ඩුවේ මැති ඇමති ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට...
මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..
ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..
ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..