බලංගොඩ කස්සප හිමි සහ රාජාංගනයේ චීවරධාරියා පිටුපස ක්‍රියාත්මක වූ පැලවත්ත මෙහෙයුම..
ඊයේ (12) අනුරාධපුර රුවන්වැලි මහ සෑ භූමියේ බලංගොඩ කස්සප හාමුදුරුවෝ සහ තවත් ගිහි පැවිදි පිරිසක් කරගෙන ගිය සමකාමි උපවාසය නිල බලය සහ මැර බලය යොදවලා අවසන් කරන්න පොලිසිය සහ ජවිපෙ මැරයන් සමත්වුනා.රටේ රාළ මුල ඉඳන්ම ඔය උපවාසයට විරුද්ධ උන කෙනෙක්.ඒත් මේ ම්ලේච්ඡ ප්‍රහාරය කිසිසේත් අනුමත කරන්න බෑ.
කස්සප හිමියන් කරන සටනේ ඉල්ලන ඉල්ලීම් සාධාරණ උනත් සටන වෙනුවෙන් තෝරපු උපක්‍රමය වැරදියි.ඒකෙන් පොලීසියට සහ ජවිපෙ මැරයන්ට ප්‍රහාරයට බොහොම පහසු එකක් වුනා. බෞද්ධයාගේ ඓතිහාසික උරුමය රැකගැනීම වෙනුවෙන් සටනක් තියනවා.අද සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගන්නත් සටනක් දෙන්න වෙලා.ඥානසාර හාමුදුරුවන්ට සධාරණය ඉෂ්ඨ කරන්නත් සටනක් ඕනි.අටමස්ථාන සංවර්ධනය කිරීමේ මුවාවෙන් කරන ඉන්දියානු මැදිහත්වීම පරාජය කරන්නත් සටනක් ඕනි.
බෞද්ධයෙක් වීම නිසා කරන්න අපට සටනක් තියනවා.
ඊට අමතරව ලංකාවේ පුරවැසියෙක් වීම නිසා මේ වෙනකොට අපි මුහුණ දෙන බරපතල ප්‍රශ්න ගණනාවක් තියනවා.ඒක සිංහලද, දෙමලද, මුස්ලිම්ද,බර්ගර්ද,මැලේද කියලා නෑ කාටත් අදාලයි. බෞද්ධ,හින්දු,ක්‍රිස්තියානි,කතෝලික කාටත් පොදුයි.කවුරුත් අඩු වැඩි වශයෙන් මේ ආර්ථික,සමාජ,දේශපාලනික ප්‍රශ්නවලින් බැට කනවා.මේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලලා ජනතාව විවිධ පදනමින් අරගල කරමින් ඉන්නවා.හැබැයි මේ දක්වා දිනා ගත්ත සටනක් නෑ.
හදාගත්ත උත්තරයක් නෑ.ඒ හැම සටනක්ම පරාජයෙන් කෙළවරවෙලා තියනවා.ආණ්ඩුව විවිධ උපක්‍රම පාවිචිචි කරලා ඒවා මැඩ පවත්වන්න සමත්වෙලා.සමහරවිට ආණ්ඩුව හිතනවා ඇති ඒක ජයග්‍රහණයක් කියලා.හැබැයි මේ හැම සටනකින් ගොඩ නැගුණු ආණ්ඩු විරෝධය දැන් වෛරයක් බවට පත්වෙලා ජනමනස තුල කැකෑරෙමින් තියනවා.මේ ආණ්ඩුව පෙරළුන දවසට පෙර වැරදි වෙනුවෙන් ලොකු වන්දියක් ගෙවන්න වෙනවා.
ඒ වන්දියේ ප්‍රමාණය තක්සේරු කරන්න බෑ.ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ට හිමිවෙලා තිබුණ ජනාධිපති සමාව අවලංගු කරලා උන් වහන්සේ නැවත සිරදඬුවමට ලක්වීමත්, බන්ධනාගාර ඇතුලේදී උන් වහන්සේගේ සිවුර බලහත්කාරයෙන් ගලවලා ගිහි ඇඳුම් අන්දවලා අත්වලට මාංචු දලා ජනතාවට ප්‍රදර්ශනය වෙන විදිහට අධිකරණයට අරගෙන ඒමටත් විරුද්ධව සිංහල බෞද්ධ සමාජය නැගී සිටියා.
බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඒ වෙනුවෙන් තොරපු පලවෙනි සටන උනේ නුවර සිට කොළඹ දක්වා ආපු විරෝධතා පා ගමන. හික්ෂු,භික්ෂුනී,උපාසක,උපාසිකා සිව්වනක් පිරිස පුරා දින හයක් තිස්සේ ඒ පාගමනේ ආවා.ජනාධිපති මන්දිරය ළඟට එද්දී ඒක දැවැන්ත පොදුජන සටනක් බව පත්වෙලා තිබුණා.හැබැයි මේ සටනේ වාසිය අනිත් පැත්ත හැරෙන්නේ එතනින් පස්සේ තොරපු වැරදි උපක්‍රම නිසායි.
එදා ස්වාමින් වහන්සේලාගේ කාර්යභාරය උනේ ඥානසාර හිමි වහාම නිදහස් කරන්න කියන සංදේශ භාරදීලා ඒකට නිශ්චිත කාලයක් දීලා එන එකයි.ඇත්තටම ඊළඟ සටනට ඕනි කරන සටන් පාඨ පවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ම දුන්නා.එයාලා කිව්වේ මාසෙක කාලයක් දෙන්න කියලයි.ඒක තමයි නියම පොයින්ට් එක.එයාලා ජනාධිපතිගෙන් අහලා තමයි ඒක කිව්වේ. ඒක නිසා ඊළඟ සටන් පාඨය වෙන්න ඕනි " අනුර,ජනාධිපති ලේකම් හරහා දුන් පොරොන්දුව ඉටුකරනු " කියලයි.
එතකොට ආණ්ඩුවත් හිරවෙනවා.මාසෙක කාලය ඇති හොඳට සංවිධාන වෙන්න.ඒ මාසය ඇතුළත ස්වාමින් වහන්සේලා කීපදෙනෙක් රට පුරා ශාසනාරක්ෂක බල මණ්ඩලය කඳවමින් සටනට අවශ්‍ය මතවාදී බලය,පිරිස් බලය ගොඩනගන්න තිබුණා. ඇත්තටම ඒ සටනට උපායමාර්ගික සැලැස්මක් ඕනි.ඒ මොකවත් නැතිව හාමුදුරුවරු ජනාධිපති ලේකම් කාර්යමණ්ඩලයෙන් මස් රාත්තලම ඉල්ලුවා.පාගමනට ලැබුණ ජනතා සහය නිසා සටනේ හිටපු භික්ෂුන් වහන්සේලාගේ සම්මා සතිය අහිමිවෙලා ගියා.
ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරගෙන මිසක් මෙතනින් යන්නේ නෑ කියලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කදවුරු බැදගත්තා.රටේ රාළ එවලෙම කිව්වා ඒ සටන් උපක්‍රම වැරදියි කියලා.ගෝල්ෆේස් ආකෘතිය මේ සටනට හරියන්නේ නෑ කියලා.ගෝල්ෆේස් සටනේ අද්දැකීම අපි කාටත් තියනවා.අනිවාර්යෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය ලගට විරෝධතාවයකට එන්න පුළුවන් වෙයි.ඒත් එතන කඳවුරු බදින්න දෙන්නේ නෑ.ගෝල්ෆේස් අරගලයෙන් පාලකයෝ පාඩම් ඉගෙන ගෙන තියනවා.
ඒක නිසා උසාවි නියෝග අරන් භික්ෂුන් වහන්සේලා අයින් කළා. එතනින් අයින්වුන භික්ෂුන් වසන්සේලා ඊළඟට ගියේ විහාර මහ දේවී උද්‍යානයට.ඊළඟට එතන උපවාසය පටන් ගත්තා.හැබැයි එතෙන්ට යනකොට සටනට තිබුණ පිරිස් බලය ගොඩක් දුර්වලවෙලා.එතනත් කෝලම් මඩුවක් වුනා.පන්දම් අරගෙන විහාරමහ දේවී එක වටේ යක්ෂ රාජ වජිර පානි වස් කවිය කියමින් ගියා.මහසෝන් සමයම් නැටුවා.මැටි පිලිමවලට කටු ගැහුවා.යක්ෂ රාජ වජිර පානි වස් කවිය විහාර මහ දේවී උපවාසයට ලියපු එකක් නෙවෙයි.
ඒක මේ රටේ සමාජ මනෝභාවයට කතා කරපු විශිෂ්ඨ නිර්මාණයක්.ඒක බුදු දහමේ තියන මෛත්‍රිය එක්ක එකට ආදේශ කරන්න බෑ.අන්තිමට විහාර මහ දේවී සටන සමය නසන එකාගේ හිස සත් කඩකට පලාපන් කියනකොට සාදු කාර දෙන තැනට පත්වුනා.සටනේ පදනම වෙන්න ඕනි මෛත්‍රිය ගිලිහිලා තිබුණා.ඒ වගේම රටේ භික්ෂුන් වහන්සේලා ඒ සටනට එකතු වුනේ නෑ.ඒක භික්ෂුවගේ වැරද්ද නෙවෙයි.ආණ්ඩු විරෝධය සමාජයේ වගේම පන්සලෙත් තියනවා.
ඒ සටනට නිසි නායකත්වයක් සහ උපායමාර්ගයක් නොතිබීම විසින් සටන දුර්වල කළා.ඒ සටනට නායකත්වය දුන්න භික්ෂුන් වහන්සේලා අතර ඒකමතියක් තිබුණේ නෑ.ඒක එක්කෙනා එක එක දේවල් කරනවා.සමහරු විහාර මහ දේවී උද්‍යානයයේ තියන හැම ගහක් මුලට හාමුදුරු කෙනෙක් වැඩමවලා බන්දුල මල්ලිකාව දුන්නා වගේ දානයක් දෙන්නත් කතා කළා.ඒ කියන්නේ සටන අරමුණෙන් පිට පැන්නා.ඊට පස්සේ විහාර මහ දේවිය උද්‍යානයත් උපවාසකරුවන්ට අහිමි වුනා.
ඊළඟ සටන් භූමිය උනේ රුවන් වැලි සෑය අවට භූමිය.මිහින්තලේ කටුසෑය අසලින් නැවත සටනක් පටන් ගැනීමේ සාකච්ඡාවක් ඒ වෙනකොටත් සිදුවෙමින් තිබූණා.ඒකට දින යොදාගෙන තිබුණේ නොවැම්බර් 11.හැබැයි බලංගොඩ කස්සප හාමුදුරුවෝ කළේ තවත් ඉතා සුළු පිරිසක් එක්ක ගිහින් රුවන්වැලි භූමියේ උපවාසයක් ආරම්භ කරන එකයි.කොහොම හරි ඊයේ වෙනකොට ඒක මාරාන්තික උපවාසයක් බවටත් පත් කරලා තිබුණා. ඇත්තටම මාරාන්තික උපවාසයකට ගිය හේතුව පැහැදිලි නෑ.
11 වෙනිදා කටුසෑය ලග තවත් භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් සටනක් පටන් ගත්ත දවසෙම බලංගොඩ කස්සප හාමුදුරුවෝ මාරාන්තික උපවාසය පටන් ගත්තා.සමහරවිට එකොලොස් වෙනිදා එකට වැඩිය මෙතනට අවදානය ගන්න වෙන්න පුළුවන්.ඇත්තටම බලංගොඩ කස්සප හාමුදුරුවන්ගේ තක්සේරුව වැරදියි.උන් වහන්සේ හිතුවේ ඒ සටනට බෞද්ධයෝ එකතු වෙයි කියලා.එතන සංවිධානාත්මක පිරිස් බලයක් තිබුණේ නෑ.
ඔය වගේ අවධානම් තැනක සටනක් තෝරනවා නම් අඩුම ගානේ වගකීම් පවරපු 250 ක් වත් ඉන්න ඕනි.ඔය වගේ සටන් ඉස්සර තිබුණ ආණ්ඩු කාලේ වගේ නං අවුලක් නෑ.දැන් තියෙන්නේ ත්‍රස්තයන්ට බලය ගිය ආණ්ඩුවක්.එයාලා ඕවට උපක්‍රම දන්නවා. ඊයේ රාජාංගනයේ හාමුදුරුවෝ කියන චීවරධාරියා සහ තවත් මැර පිරිසක් ඒ වෙනුවෙන් එයාලා පාව්චිචි කළා.ඒ මැරයන් කවුද කියලා හෙලිවෙයි.පොලිසිය මැරයන්ට උපරිම සහය දුන්නා.
කස්සප හාමුදුරුවෝ මාරාන්තික උපවාසය කරන භූමියට අර චීවරධාරියා සහ පිරිසක් එවපු එක අන්තිම පහත් වැඩක්.
බලංගොඩ කස්සප හිමි හරි හෝ වැරදි උන් වහන්සේට අදහස් දැක්වීමේ සහ විරෝධය දැක්වීමේ අයතියක් තියනවා.ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියනවා.ඇත්තටම එතන තිබුණේ සාමකාමී උපවාසයක්.කිසි කෙනෙකුට ඒකෙන් කරදරයක් උනේ නෑ.එහෙම අතිශයින් සාමකාමී විරෝධයක් ඉස්සරහා ආණ්ඩුව හැසිරෙන්නේ මෙහෙම නම් හෙට දවසේ ගෙවල්වලටත් පැනලා මුන් මිනිස්සු මරනවා.
ඇත්තටම ආණ්ඩුව රාජාංගනයේ චීවරධාරියා ගෙනත ගැටුමක් හැදුවා.අන්තිමට රාජාංගනය චීවරධාරියගේ ඔළුවට පොලු පාරක් වදිනවා.ඒක මේ සැලැස්මේම කොටසක් වෙන්න පුළුවන්. රාජාංගනයේ චීවරධාරියට එලියෙන් ගැහුවත්,ඇතුලෙන් ගැහුවත් ඒ පෙළඹුම සැලසුම් සහගත එකක්.බැලූ බැල්මට මේක ජවිපෙ සැලැස්මක් බව තේරුම් ගන්න පුළුවන්.මොකද සටන අනිත් පැත්ත හරවන පොයින්ට් එක හරිම පැහැදිලියි.ඒ වගේම ජවිපෙ මඩ බලකායේ හැසිරීමෙන් ඒ තේරුම් ගන්න පුළුවන්.ජවිපෙ මැරයෝ වීරයෝ කරපු විශාල කැම්පේන් එකක් යනවා.
ඒක අතිශයින් සුක්ෂමයි.ජවිපෙ කාඩර් කෙනෙකුට හැර මේ plan එක තේරුම් ගන්න වෙන කෙනෙකුට බෑ.මෙච්චර කල් හාමුදුරුවන්ට ගැහුවා,හාමුදුරුවන්ගේ ඇගේ ලේ හෙලව්වා කියන චෝදනාව එල්ල වුනේ පොලීසියට.
රාජාංගනයේ චීවරධාරියාගේ ඔළුවට පොල්ලෙන් ගහනවත් එක්ක චෝදනාව අනිත් පැත්ත හැරිලා ඒ චෝදනාව පෙරලා උපවාසකරුවන්ට එල්ල වෙන්න පටන් ගත්තා.එතෙන්ට සටන පරිවර්තනය කරනවා කියන්නේ සූක්ෂම බුද්ධි මෙහෙයුමක්.රටේ රාළ කියන්නේ මේ මෙහෙයුමේ ජෙප්පන් අතර well train කරපු X ලා 7 - 12 අතර පිරිසක් ඉන්න ඕනි.
එයාලා හදපු වාසිදායක තත්වය පාව්චිචි කරගෙන තමයි ජෙප්පෝ ඇතුලට පැනලා සියල්ල විනාශ කළේ.ඇතුලේ අයට දණ ගස්සලා පහර දුන්නා.කාන්තාවන්ට පවා ගැහුවා.අමු තිත්ත කුණුහරුප කීයමින් අපහාස කළා.ඒක තිරිසන් වැඩක්.පොලීසිය සැලසුම් සහගතව මැරයන්ට ඇතුලට එන්න ඉඩ දුන්නා.අන්තිමට කස්සප හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවෝ හතර දෙනා පොලීසියට උස්සගෙන ගියා.ඒ සටනත් එසේ නිමාවට පත්වුනා.රටේ රාළ කියන්නේ මේ උපවාසයට සහය දුන්න ඔය අවට ඉන්න අයව ඉලක්ක වීමේ ඉඩක් තියනවා.
මෙතනදී ඔය දෙපැත්තම ගැන රටට ඇත්තටම කියන්න ඕනි.ඇත්තටම මේ සටනට මේ හික්ෂු නායකත්වයන් ගැලපෙන්නේ නෑ.භික්ෂු,භික්ෂුණි,උපාසක,උපාසිකා කියන සිව්වනක් පිරිස එකතු කරන්න ශක්තිමත් භික්ෂු නායකත්වයක් ඕනි.ඇත්තටම මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවෝ වගේ යථිවරයන් වහන්සේ කෙනෙක් ඕනි.එහෙම භික්ෂු නායකත්වයක් මේ සටනට ඇවිත් ඉන්න අය අතර නෑ.
දැන් කස්සප හාමුදුරුවෝ ඇතුළු පිරිසක් අත්අඩංගුවේ. රාජාංගනයේ චීවරධාරියා ඉස්පිරිතාලේ.සටන එහෙමමයි.මෙතන උපක්‍රම හරි පැහැදිලියි.ජෙප්පෝ ඉස්සෙල්ලාම කරන්නේ තමන්ට වැඩේ කරන්න පුළුවන් කියලා හිතෙන කෙනාව අමාරුවේ දාන එකයි.ඊට පස්සේ එයාට පිහිට වෙනවා.එතකොට එයාට යන්න වෙන තැනක් නෑ.පල්ලෙගමට සහ රාජාංගනයට කළෙත් ඒකම තමයි.
හරි එහෙනම් ගිහින් එන්නම්
ජයවේවා.
මිට
රටේ රාළ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..
ලාෆ් ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. රුපියල් 1,775කින් මිල ඉහළ දමයි..
ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..
අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ
ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි
භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි
උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..
අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..