News Category
From Date
To Date
Maximum Number of Result

ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..

Nov 17, 2026 at 02:25 PM
|

භූ දේශපාලනික ආතතීන් උත්සන්න වෙමින්, ආරක්ෂණවාදය ඉහළ යමින් සහ ගෝලීය ආර්ථික සහයෝගීතාව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින පසුබිමක, ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන 33 වැනි APEC ආර්ථික නායක සමුළුව කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් වනු ඇත.

APEC සමුළුව අවසන් වරට සත්කාරකත්වය දැරීමෙන් වසර 12කට පසු චීනය යළිත් එහි මෙහෙයුම් වගකීම භාරගෙන තිබේ. ආසියා–ශාන්තිකර ප්‍රජාවක් ගොඩනැඟීම පිළිබඳ දිගුකාලීන දැක්ම සංයුක්ත ක්‍රියාමාර්ග බවට පත් කිරීමේ පැහැදිලි අරමුණක් ද ඒ සමඟ පවතී.

භූ දේශපාලනික ආතතීන් උත්සන්න වීම, ආරක්ෂණවාදය (Protectionism) ඉහළ යාම සහ ගෝලීය ආර්ථික සහයෝගීතාවට එල්ල වන බාධා හමුවේ මෙම අරමුණ වඩාත් හදිසි අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. මෙවැනි පසුබිමක, නොවැම්බර් 18 සහ 19 යන දිනවල දකුණු චීනයේ ෂෙන්ෂෙන් (Shenzhen) නගරයේ පැවැත්වීමට නියමිත 33 වැනි APEC ආර්ථික නායක සමුළුවට සාමාජික ආර්ථිකයන් 21 නියෝජනය කරමින් නායකයෝ එක්වෙති. පොදු අභියෝගවලට මුහුණ දීම, කලාපීය සහයෝගීතාව ගැඹුරු කිරීම සහ සාමූහික සමෘද්ධිය කරා යන මාවතක් සකස් කිරීම එහි අරමුණයි. ගෝලීය ආර්ථිකයට අත්‍යවශ්‍ය වී ඇති ස්ථාවරත්වය සහ විශ්වාසය යළි ඇති කිරීමට ද මෙම සමුළුව අවස්ථාවක් සපයයි.

දශක ගණනාවක් පුරා ආසියා–ශාන්තිකර කලාපය ලෝකයේ වඩාත්ම ගතික ආර්ථික වර්ධන කලාපයක් ලෙස ක්‍රියා කර තිබේ. පුළුල් වන වෙළෙඳාම, ආයෝජන, කාර්මික සහයෝගීතාව සහ දේශසීමා ඉක්මවා විහිදෙන සම්බන්ධතා එම වර්ධනයට ශක්තිය සපයා ඇත. අද වන විට APEC සාමාජික ආර්ථිකයන් 21 තුළ ලෝක ජනගහනයෙන් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 60කට වැඩි ප්‍රමාණයකට සහ ලෝක වෙළෙඳාමෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට එම ආර්ථිකයන් හිමිකම් කියයි. මෙයින් ගෝලීය ආර්ථිකය තුළ මෙම කලාපය සතු කේන්ද්‍රීය භූමිකාව පැහැදිලි වේ.

ආර්ථික සබඳතා වඩාත් ගැඹුරු වන තරමට සහයෝගීතාව සහ අනාගතය පිළිබඳ පොදු දැක්මක අවශ්‍යතාව ද ඉහළ යයි. APEC සංවිධානය අඛණ්ඩව ආසියා–ශාන්තිකර ප්‍රජාවක් ගොඩනැඟීමේ දැක්ම ප්‍රවර්ධනය කරමින් සිටී. කලාපයේ අනාගතය රඳා පවතින්නේ විවෘතභාවය, ඒකාබද්ධතාව සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත බව එම සංවිධානය පිළිගෙන තිබේ.

එහෙත් මෙම සමෘද්ධියේ පදනම් අද වන විට දැඩි පීඩනයකට ලක්ව තිබේ. ඒකපාර්ශ්විකවාදය, වෙළෙඳ බාධක සහ කාර්මික හා සැපයුම් දාමයන් ඛණ්ඩනය කිරීමට ගන්නා උත්සාහයන් ආර්ථික ඒකාබද්ධතාවේ ප්‍රවණතාව ආපසු හැරවීමේ තර්ජනයක් මතු කරයි. එකිනෙකට සම්බන්ධ වූ ගෝලීය ආර්ථිකයක් තුළ ආර්ථික සබඳතා විසන්ධි කිරීම සහ ගැටුම්කාරී ප්‍රවේශයන් අනුගමනය කිරීමෙන් සිදුවන්නේ පිරිවැය ඉහළ යාම, විශ්වාසය බිඳවැටීම සහ ආර්ථික අවස්ථා සීමා වීම පමණි.

මෙවැනි තත්ත්වයක් තුළ ආසියා–ශාන්තිකර ප්‍රජාවක් ගොඩනැඟීමේ දැක්ම වෙන කවරදාටත් වඩා අදාළ වේ. එහෙත් කොතරම් ආකර්ෂණීය වුවද, පොදු දැක්මක් හුදෙක් ප්‍රකාශවලින් පමණක් පවත්වාගෙන යා නොහැකිය. දශක ගණනාවක් පුරා ආසියා–ශාන්තිකර ප්‍රජාවක් ගොඩනැඟීමේ අරමුණ නැවත නැවතත් ප්‍රකාශ කර ඇතත්, එය ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීම තවමත් අතිශය අභියෝගාත්මක කාර්යයකි.

මෙම පසුබිම තුළ 2026 වසරේ චීනයේ APEC සභාපතිත්වය සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතා තුන වන විවෘතභාවය, නවෝත්පාදනය සහ සහයෝගීතාව ආසියා–ශාන්තිකර කලාපය මුහුණ දෙන අභියෝගවලට සෘජුවම පිළිතුරු සපයයි. මේවා හුදෙක් සටන් පාඨ නොව, කලාපයේ වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය අවශ්‍යතා තුනකි.

විවෘතභාවය – ආසියා–ශාන්තිකර සමෘද්ධියේ ජීවය

විවෘතභාවය ආසියා–ශාන්තිකර සමෘද්ධියේ ජීවයයි. දශක තුනකට වැඩි කාලයකට පෙර, ආර්ථික ගෝලීයකරණයේ නව රැල්ලක් මධ්‍යයේ APEC සංවිධානය බිහි විය. එහි ආරම්භයේ සිටම වෙළෙඳාම සහ ආයෝජන ලිහිල් කිරීම හා පහසු කිරීම වෙනුවෙන් එම සංවිධානය පෙනී සිටියේය. එමගින් ආසියා–ශාන්තිකර කලාපය ලෝකයේ ප්‍රධාන ආර්ථික වර්ධන එන්ජිමක් බවට පරිවර්තනය කිරීමට දායක වී තිබේ.

වෙළෙඳපොළ විවෘත කිරීම, බාධක ඉවත් කිරීම, නීතිරීති හා ප්‍රමිතීන් එකිනෙකට ගැළපීම සහ සහයෝගීතාව සඳහා වේදිකා ගොඩනැඟීම හරහා චීනය APEC සාමාජික ආර්ථිකයන් 13ක විශාලතම වෙළෙඳ හවුල්කරුවා බවට පත්ව තිබේ. APEC සාමාජිකයන් අටක් චීනයේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරුවන් දසදෙනා අතරට ඇතුළත් වේ. එමෙන්ම කලාපයේ ආර්ථික වර්ධනයෙන් සියයට 60කට වැඩි දායකත්වයක් චීනය විසින් සපයනු ලබයි.

නවෝත්පාදනය – ආසියා–ශාන්තිකර සමෘද්ධියේ ගාමක බලවේගය

නවෝත්පාදනය ආසියා–ශාන්තිකර සමෘද්ධියේ ගාමක බලවේගයයි. චීනයේ APEC සත්කාරක වර්ෂය පුරා පැවැති විවිධ වැඩසටහන්වලදී කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් ආර්ථිකය වඩාත් පුළුල් ලෙස සාකච්ඡාවට ලක්වූ මාතෘකා අතර විය.

කෙසේ වෙතත්, තාක්ෂණික නවෝත්පාදනයේ ප්‍රතිලාභ තෝරාගත් පිරිසකගේ වාසිය වෙනුවෙන් පමණක් සීමා කිරීම හෝ ඒවාට වැට බැඳ ඒකාධිකාරී පාලනයක් ඇති කිරීම වෙනුවට සියලු දෙනා අතර බෙදාගත යුතුය. නවෝත්පාදනයේ ප්‍රතිලාභ කලාපය පුරා ප්‍රායෝගික ප්‍රතිඵල බවට පත් කිරීම සහතික කිරීම සඳහා චීනය අඛණ්ඩව සංයුක්ත පියවර ගෙන තිබේ.

සහයෝගීතාව – ආසියා–ශාන්තිකර සමෘද්ධියේ පදනම

සහයෝගීතාව ආසියා–ශාන්තිකර සමෘද්ධියේ මූලික පදනමයි. APEC සාමාජික ආර්ථිකයන් සතු සම්පත්, ස්වභාවික වාසි සහ සංවර්ධන මට්ටම් එකිනෙකට වෙනස් වේ. එහෙත් එම වෙනස්කම් අන්‍යෝන්‍ය වශයෙන් පූරක වන ශක්තීන් සහ හවුල් අවස්ථා බවට පරිවර්තනය කිරීමෙන් තිරසාර වර්ධනයක් සඳහා අවශ්‍ය ධාරිතාව ගොඩනැඟීමට සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට APEC සංවිධානයට සහාය විය හැකිය. එමෙන්ම කිසිදු ආර්ථිකයක් පසුපසට නොතැබීම ද සහතික කළ හැකිය.

ෂෙන්ෂෙන් සමුළුවේ සැබෑ සාර්ථකත්වය තීරණය වන්නේ ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දැක්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමට එයට හැකි වන්නේද යන්න මතය. බැඳීම් රහිත නීතිරීති සහ ප්‍රමිතීන් සකස් කිරීමේ සිට ආසියා–ශාන්තිකර නිදහස් වෙළෙඳ කලාපය (Free Trade Area of the Asia-Pacific – FTAAP) ඉදිරියට ගෙන යාම, සැපයුම් දාම සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ ඩිජිටල් පරතරය අවම කිරීම දක්වා වූ ක්‍රියාමාර්ග ඊට ඇතුළත් වේ.

දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සියලු APEC සාමාජිකයන්ගේ අඛණ්ඩ උත්සාහය අවශ්‍ය වේ. පසුගිය වසර පුරා චීනය මෙම පොදු දැක්ම සියලු ආර්ථිකයන්ට විවෘත වූ වැඩසටහන් හා මුලපිරීම් බවට පත් කර තිබේ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම් සහ අමාත්‍ය මට්ටමේ රැස්වීම් ඇතුළු රැස්වීම් හා ක්‍රියාකාරකම් 300කට වැඩි සංඛ්‍යාවක් රට පුරා පවත්වා ඇත. ඩිජිටල් ආර්ථිකය, හරිත පරිවර්තනය, සැපයුම් දාමවල ඔරොත්තු දීමේ හැකියාව සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සංවර්ධනය කිරීම වැනි විවිධ ක්ෂේත්‍ර එම වැඩසටහන්වලට ඇතුළත් විය.

මෙවැනි දැවැන්ත සමුළුවක් පැවැත්වීම සඳහා ෂෙන්ෂෙන් නගරය ඉතා උචිත ස්ථානයකි. කලක් කුඩා ධීවර ගම්මානයක්ව පැවැති එය අද තාක්ෂණය සහ උසස් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳ ගෝලීය බලකේන්ද්‍රයක් බවට පත්ව තිබේ. ගුවැන්ඩොං–හොංකොං–මැකාවෝ මහා බොක්ක කලාපයේ (Guangdong-Hong Kong-Macao Greater Bay Area) ඉදිරිපෙළ නගරයක් ලෙස ද එය ක්‍රියා කරයි.

පසුගිය දශක තුනකට ආසන්න කාලය තුළ අනෙකුත් APEC ආර්ථිකයන් සමඟ ෂෙන්ෂෙන් නගරයේ වෙළෙඳාම දස ගුණයකටත් වඩා වර්ධනය වී තිබේ. 1996 වසරේ යුවාන් බිලියන 267.5ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 40ක් පමණ) වූ එම වෙළෙඳ වටිනාකම 2025 වසර වන විට යුවාන් ට්‍රිලියන 3.13ක් දක්වා ඉහළ ගොස් ඇත. එහි දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 4කට ආසන්න වෙමින් පවතින අතර, එම සීමාව පසුකරන තුන්වැනි චීන නගරය බවට පත්වීමට ෂෙන්ෂෙන් සූදානමින් සිටී.

ප්‍රතිසංස්කරණ හා විවෘතකරණයේ (Reform and Opening-up) මුල් අවධියේ ජාත්‍යන්තර ශ්‍රම විභජනයට එක්වීමේ සිට අද වන විට ගෝලීය කාර්මික හා සැපයුම් දාමයන් සමඟ ගැඹුරින් ඒකාබද්ධ වීම දක්වා ෂෙන්ෂෙන් නගරය පැමිණ ඇති ගමන්මඟ, හුවමාරු, අන්‍යෝන්‍ය ඉගෙනීම සහ දෙපාර්ශ්වයටම ජයග්‍රහණ අත්කර දෙන සහයෝගීතාව තුළින් ආසියා–ශාන්තිකර කලාපය අත්කරගත් වර්ධනයට ද සාක්ෂියකි. විවෘතභාවය, නවෝත්පාදනය සහ සහයෝගීතාව මගින් දැවැන්ත විභවයන් මුදාහැරිය හැකි ආකාරය පිළිබඳව එම පරිවර්තනය ප්‍රබල සාක්ෂියක් සපයයි.

භූ දේශපාලනික එදිරිවාදිකම් තීව්‍ර වෙමින් සහ ගෝලීය බෙදීම් පුළුල් වෙමින් පවතින පසුබිමක, සංවිධානයට එක්වී වසර 35කට පසු චීනය තෙවැනි වරටත් APEC ආර්ථික නායක සමුළුවේ සත්කාරකත්වය දැරීම වැදගත් පණිවුඩයක් ලෝකයට ලබා දෙයි. එනම්, මහා බලවතුන් අතර තරගකාරීත්වය අනිවාර්යයෙන්ම එක් පාර්ශ්වයක ජයග්‍රහණය සහ අනෙක් පාර්ශ්වයේ පරාජය මත පදනම් වූ ශුන්‍ය-එකතුවේ ක්‍රීඩාවක් (Zero-sum game) විය යුතු නැති බවත්, එක් රටක සංවර්ධනය තවත් රටක වියදමින් සිදුවිය යුතු නැති බවත්ය.

පසුගිය දශක තුන පුරා APEC සංවිධානය ජාත්‍යන්තර සබඳතාවල ‘නියාමකයකු’ (Regulator) ලෙසත්, කලාපීය ආර්ථික පද්ධතියේ ‘ස්ථායීකාරකයකු’ (Stabilizer) ලෙසත්, ආර්ථික පාලනය පිළිබඳ නව ප්‍රවේශයන් සඳහා ‘නව අදහස් බිහි කරන මධ්‍යස්ථානයක්’ (Incubator) ලෙසත් ක්‍රියා කර තිබේ. දුෂ්කර ගැටලු සම්බන්ධයෙන් සංවාදය සහ උපදේශනය මගින් මතභේද සමනය කර එකඟතාවන් ගොඩනැඟීමට APEC සංවිධානය සතු හැකියාව එහි විශිෂ්ටතම ශක්තීන්ගෙන් එකකි.

ආසියා–ශාන්තිකර කලාපයේ අත්දැකීම් පෙන්වා දෙන්නේ ඒකාබද්ධතාව සහ සහයෝගීතාව තුළින් තනි තනි ආර්ථිකයන්ට ස්වාධීනව අත්කරගත හැකි ප්‍රමාණයට වඩා බොහෝ පුළුල් අවස්ථා නිර්මාණය කළ හැකි බවයි. ලෝකයට එම අත්දැකීම වෙන කවරදාටත් වඩා අවශ්‍ය වී ඇති මොහොතක එය අත්හැර දැමිය යුතු නැත.

රළ පහර වඩාත් රළු වන තරමට ආර්ථිකයන් එකට එක්ව ඔරු පැදීමේ අවශ්‍යතාව ද වැඩි වේ. එක් සමුළුවකින් සියලු මතභේද විසඳිය නොහැකි වුවද, නව එකඟතා ගොඩනැඟීමට සහ අනාගත සහයෝගීතාව සඳහා දිශානතියක් සකස් කිරීමට එයට හැකියාව තිබේ.

චීනය සිය 15 වැනි පස් අවුරුදු සැලැස්මේ (2026–2030) කාලසීමාවට පිවිසෙමින් සිටින මේ අවස්ථාවේ, උසස් ප්‍රමිතියකින් යුත් විවෘතකරණය (High-standard Opening-up) පිළිබඳ එහි කැපවීම කලාපයට දුරදිග යන බලපෑම් ඇති කරනු ඇත. APEC නායකයන් ෂෙන්ෂෙන් නුවරට එක්වන විට ලෝකය අපේක්ෂා කරන්නේ හවුල් දැක්මක් පමණක් නොවේ. සියලු දෙනා එක්ව ක්‍රියාත්මක කරන, සියලු දෙනාට ප්‍රතිලාභ සැලසෙන සහ අවසානයේ කාලය හමුවේ ද සාර්ථකත්වය තහවුරු කරගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසකි.

SHENZHEN, Nov. 17 (Xinhua)

සම්බන්ධිත පුවත් | Related News

රාජ්‍ය බිඳ වැට්ටවීමට නම් සමාජය බිඳවැට්ටවිය යුතු බවත්, මේ රාජ්‍ය බිඳ වැට්ටවීම සඳහා බලවේග රාශියක් අතීතයේ සිටම විවිධ අයුරින් ක්‍රියාත්මක වුවත් එසේ බිඳ දැමීමට නොහැකි වූ බවත්, එහෙත් මේ වන විට මෙම බලවේග ඉතා සූක්ෂම ලෙස ක්‍රියාන්විතයන් දියත්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ දන්සැල් කලාපයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අධිකරණය නියෝග කර තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා රුපියල් තිස්එක්ලක්ෂ එකොළොස් දහසක මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාලව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් එම සංස්ථාවේ අදාලව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු වන ඩි.ඩි. ආනන්ද පාලිත ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන අද ( 17 ) නියෝග කළේය.
පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ නගර සභා බලප්‍රදේශය ජලයෙන් යටවීම සම්බන්ධයෙන් නගර සභා පාලනාධිකාරියේ ද යම් අඩුපාඩුවක් පැවති බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පිළිගත්තාය. කොළඹ මහ නගර සභාවේ මහ සභා රැස්වීම අමතමින් ඇය මේ බව සඳහන් කළාය.
භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි සිය 'X' (පෙර ට්විටර්) ගිණුම ඔස්සේ පළ කර ඇති සටහනක දක්වා ඇත්තේ ඇමරිකාව, චීනය සහ රුසියාව යන ලෝක බලවතුන්ගේ ප්‍රධාන නායකයින් හමුවී ඇති නමුත්, ඊට එක්වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවට ආරාධනා නොකිරීමට ඔවුන් තීරණය කර ඇති බවයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා නොවැම්බර් 15 වැනිදා රුසියානු සමූහාණ්ඩුවේ මොස්කව් නුවරදී පැවැති නව යටත්විජිතවාදයේ නූතන භාවිතයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ (For the Freedom of Nations) මහා සභා රැස්වීමට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී විය.
අනුරාධපුර පූජාභූමි සංවර්ධන උපදේශක සභාවේ සම සභාපති ලෙස ක්‍රියාකරන වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤානතිලක හිමිපාණන් විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අන්තර්ජාලයේ යම් ආන්දෝලනයක් ඇතිවීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන ව්‍යාපාරික කාන්තාවක වන ඇලිස් හුවාං (Alice Huang) සමඟ පැවැති සබඳතාවක් හෙළිදරව් වීමත් සමඟ ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන Nvidia හි නිර්මාතෘ ජෙන්සන් හුවාං (Jensen Huang) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම (පළමු වසරට) වාර්ෂිකව හතළිස් දහසකින් පමණ අඩු වී ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවී ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.

ප්‍රධාන පුවත්

රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

රාජ්‍ය බිඳ වැට්ටවීමට නම් සමාජය බිඳවැට්ටවිය යුතු බවත්, මේ රාජ්‍ය බිඳ වැට්ටවීම සඳහා බලවේග රාශියක් අතීතයේ සිටම විවිධ අයුරින් ක්‍රියාත්මක වුවත් එසේ බිඳ දැමීමට නොහැකි වූ බවත්, එහෙත් මේ වන විට මෙම බලවේග ඉතා සූක්ෂම ලෙස ක්‍රියාන්විතයන් දියත්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..

භූ දේශපාලනික ආතතීන් උත්සන්න වෙමින්, ආරක්ෂණවාදය ඉහළ යමින් සහ ගෝලීය ආර්ථික සහයෝගීතාව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින පසුබිමක, ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන 33 වැනි APEC ආර්ථික නායක සමුළුව කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් වනු ඇත.

ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා නොවැම්බර් 15 වැනිදා රුසියානු සමූහාණ්ඩුවේ මොස්කව් නුවරදී පැවැති නව යටත්විජිතවාදයේ නූතන භාවිතයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ (For the Freedom of Nations) මහා සභා රැස්වීමට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී විය.

අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන උපදේශක සභාවේ සම සභාපති ලෙස ක්‍රියාකරන වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤානතිලක හිමිපාණන් විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අන්තර්ජාලයේ යම් ආන්දෝලනයක් ඇතිවීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..

චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන ව්‍යාපාරික කාන්තාවක වන ඇලිස් හුවාං (Alice Huang) සමඟ පැවැති සබඳතාවක් හෙළිදරව් වීමත් සමඟ ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන Nvidia හි නිර්මාතෘ ජෙන්සන් හුවාං (Jensen Huang) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම (පළමු වසරට) වාර්ෂිකව හතළිස් දහසකින් පමණ අඩු වී ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවී ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.

අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, 2027 වර්ෂයේ අයවැය ඉදිරිපත් කිරීම සජීවීව නැරඹීම සඳහා අදාළ දෙපාර්තමේන්තු සහ ආයතනවල සියලුම මණ්ඩල නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස දැන්වූ ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා යමින් සැකකරුවන් වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ නීතිවිරෝධී මූලික පරීක්ෂණයක් පැවැත්වීම අභියෝගයට ලක්කරමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික සම්බාධක සහ නාවික අවහිර කිරීම් හරහා ඉරාන ජනතාව සාගින්නට ඇද දැමීමට තර්ජනය කරමින් සිටින බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි චෝදනා කරයි.

NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන NVIDIA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ ජෙන්සන් හුවාන් (Jensen Huang) සිය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස ඇත්තේ ඔහුට එල්ල වී ඇති චීන කාන්තාවක් හා සම්බන්ධ ඔත්තු බැලීමේ චෝදනාවක් නොව, කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ ඒකාධිකාරය පවත්වා ගැනීමට උත්සාහ කරන පාර්ශ්වයන්ගේ දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විවෘත කළ දඹුල්ලේ එළවළු හා පලතුරු ගබඩා කිරීමේ උෂ්ණත්ව හා ආර්ද්‍රතා පාලිත ගබඩා සංකීර්ණයේ සවිකර තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා තඹ බට සොරාගෙන ගොස් ඇති බවට දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

දූෂණ චෝදනා එල්ලවී ඇති ආණ්ඩුවේ මැති ඇමති ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට...

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනෙකු දූෂණ චෝදනාවලට ලක්ව ඇති බව පවසමින් ඊට අදාළ නාමලේඛනයක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.

මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..

මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) නිර්මාණය කිරීම සරල කාර්යයක් නොවන බවත්, ඒ සඳහා විශාල මූල්‍ය ආයෝජනයක් සහ විශේෂිත තාක්ෂණික දැනුමක් අවශ්‍ය බවත් INORA - Institute of Ocean Resources Analysis ආයතනයේ විධායක අධ්‍යක්ෂ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක පවසයි.

ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..

ලෝකයේ පවතින න්‍යෂ්ටික අවි සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කිරීම අරමුණු කරගනිමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..

ජනාධිපතිවරයා විසින් සිය අයවැය යෝජනා මඟින් ද්විත්ව පුරවැසියන්ට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට අපේක්ෂා කරන සහන සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නොමැති බවත්, එය හුදෙක් දේශපාලන ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙළක් වී ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.