අනුරාධපුරයට මොකටද 'City Branding'...?
" අපි අනුරාධපුරය ඇතුළු නගර 04 ක් " සිටි බ්‍රෑන්ඩින් " කරනවා. උදාහරණයකට ප්‍රංශයෙ පැරිස් නුවර වගේ"
ඇමති වසන්ත සමරසිංහ සමග කරන සාකච්ඡාවකදි ඔහු මෙවැනි අදහසක් ප්‍රකාශ කරනවා..
අනුරාධපුරයට මොකටද 'City Branding'...?
වසර දහස් ගණනක ලිඛිත ඉතිහාසයක් සහ යුනෙස්කෝ ලෝක උරුම (UNESCO World Heritage) තත්ත්වයක් හිමි අනුරාධපුරය වැනි ශුද්ධ වූ නගරයකට අලුතින් වෙළෙඳ සන්නාමයක් නිර්මාණය කිරීමට යාම සංකල්පීය වශයෙන්ම වැරදියි ..
අනුරාධපුරය යනු ස්වභාවිකවම ගෝලීය පිළිගැනීමක් සහ ඓතිහාසික අනන්‍යතාවක් සහිත ථේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානයක්..
නූතන අලෙවිකරණ සහ නාගරික සැලසුම්කරණ විද්‍යාව තුළ 'සිටි බ්‍රෑන්ඩින්' හෙවත් නගර සන්නාමකරණය යන්න භාවිත වන්නේ ආයෝජකයින්, සංචාරකයින් සහ නව පදිංචිකරුවන් ආකර්ෂණය කර ගැනීමට.
කොළඹ, නුවරඑලිය වගෙ නගරවලට මේ කන්සෙප්ට් එක ගැලපෙනවා..
ඇත්තටම මේ ආණ්ඩුවට මොළේ කළඳක්වත් නැද්ද...?
අනුරාධපුරය කියන්නේ අලුතින් මාකට් කරන්න ඕනේ වෙළෙඳ භාණ්ඩයක් නෙවෙයි.
ලෝකයේ ථේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය වුණු, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින පූජනීය නගරයකට අලුතින් මොන බ්‍රෑන්ඩින්ද...?
ඊළඟ විහිළුව තමයි අනුරාධපුරය ප්‍රංශයේ පැරිස් වගේ කරනවා කියන එක.
ලෝකයේ හැම රටකටම තමන්ටම ආවේණික වුණු සංස්කෘතික සහ සදාචාරාත්මක අනන්‍යතාවයක් තියෙනවා.
ප්‍රංශයේ පැරිස් නගරය ගොඩනැගී ඇත්තේ යුරෝපීය පුනරුදය, කාර්මික විප්ලවය සහ බටහිර නාගරික සංස්කෘතිය පදනම් කරගෙන..
අනුරාධපුරය ගොඩනැගිලා තියෙන්නෙ වැවයි දාගැබයි, ගමයි පන්සලයි යන ශිෂ්ඨාචාරමය පදනම මත..
පැරිස් වැනි බටහිර අගනගරයක ආකෘතියක් අනුරාධපුරයට ආදේශ කිරීමට උත්සාහ කිරීම යනු දේශීය ශිෂ්ටාචාරයේ මූලයන් සහමුලින්ම නොසලකා හැරීමක්..
1942 අනුරාධපුර සංරක්ෂණ ආඥාපනත සහ 1949 ඔලිවර් වීරසිංහ මහතාගේ සැලැස්ම මගින් පූජා නගරය සහ නව නගරය වෙන් කරනු ලැබුවේම මෙම පෞරාණික පූජනීයත්වය ආරක්ෂා කිරීමටයි.
එහෙව් අනුරාධපුරය පැරිස් කරන්න හදන්නේ අපේ ඉතිහාසය ගැන කිසිම හැඟීමක් නැති නිසා නෙවෙයිද..?
මේ සැලැස්ම පටන් ගන්න තිබුණේ 'City Branding' කියන වෙළෙඳ වචනයෙන් නෙවෙයි..
" අතීත ශ්‍රී විභූතිය නැවත ගෙන එන අනුරාධපුරය' හෝ 'පෞරාණික ශිෂ්ටාචාරය සංරක්ෂණය කිරීම " වැනි දේශීය හර පද්ධතීන්ට සමීප සංකල්පයක් වූයේ නම්, මහජනතාවගේ සහ මහා සංඝරත්නයේ පාර්ශ්වයෙන් එල්ල වන මෙම දැඩි සංස්කෘතික විරෝධය අවම කර ගන්න තිබුණා..
ඇත්තම කතාව නම් මේ ආණ්ඩුවට රටක් ගොඩනගන්න පුළුවන් නිර්මාණශීලී මිනිස්සු නෑ.
නව්‍යකරණයෙන් (Innovation) හිතන්න පුළුවන් දැක්මක් තියෙන මිනිස්සු මේ ආණ්ඩුවේ නෑ.
මුළු ජීවිත කාලයම විරෝධතා, විවේචන, කඩාකප්පල්කාරී වැඩ, ත්‍රස්තවාදය මත පදනම් වූ දේශපාලන සංස්කෘතියක හැඩගැසුණු පිරිසකට, රාජ්‍ය පාලනයේදී අවශ්‍ය වන නිර්මාණාත්මක නව්‍යකරණය (Creative Innovation) සහ සංස්කෘතික සංවේදීතාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම පුදුමයක් නෙවේ.
ඔවුන්ගේ මුළු දේශපාලන ජීවිතයම හැඩගැහිලා තිබුණේ අලුත් දේවල් නිර්මාණය කරන්න නෙවෙයි, තියෙන දේවල් කඩාකප්පල් කරන්න සහ විනාශ කරන්න.
විපක්ෂයේ ඉඳන් පාරවල් ගානේ කෑගහපු අයට, රටක් පාලනය කරනකොට අවශ්‍ය වෙන සංස්කෘතික සංවේදීතාවය සහ නිර්මාණශීලීත්වය ගෑවිලාවත් නෑ.
ඒ අතින් අනුරගේ ආණ්ඩුව අද පට්ටම ෆේල්...
'Clean Sri Lanka' වගේ වැදගත් කන්සෙප්ට් පවා අසාර්ථක වුණේ මේ නිසයි.
රටක සංස්කෘතිය, උරුමය සහ අධ්‍යාත්මික වටිනාකම් මුදලට විකුණන්න බැහැ. ඒ මූලික සත්‍යයවත් තේරුම් ගන්න බැරි පාලකයන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.
එවැනි නගරයකට 'බ්‍රෑන්ඩින්' වැනි වාණිජමය වචන මාලාවක් ආදේශ කිරීම තුළින් එහි අධ්‍යාත්මික සහ ඓතිහාසික වටිනාකම හෑල්ලුවට ලක්වන බවවත් මේ හුංඩු මොළ වලට තේරෙන්නෙ නැද්ද..?
ඕනෑම නගරයක් සංවර්ධනය කිරීමේදී එම භූමියට ආවේණික සංස්කෘතික, සදාචාරාත්මක සහ පාරිසරික සන්දර්භය (Contextual Architecture and Planning) සැලකිල්ලට ගත යුතුයි.
රටක සංවර්ධනය යනු හුදු භෞතික හෝ මූල්‍යමය ඉලක්කමක් පමණක් නොව, එය ජනතාවගේ සංස්කෘතික අභිමානය සමඟ බැඳුණු ක්‍රියාවලියක් විය යුතුයි..
අනුරාධපුරය වැනි ඓතිහාසික නගරයක් සංවර්ධනය කිරීමේදී පවතින ප්‍රධානතම අභියෝගය වන්නේ නූතන නාගරික අවශ්‍යතා සහ පෞරාණික සංස්කෘතික අනන්‍යතාව අතර තුලනය පවත්වා ගැනීමයි.
මෙවැනි සැලසුම් සඳහා විදේශීය වචන මාලා හෝ බටහිර ආකෘති ආදේශ කිරීම වෙනුවට, දේශීය ඉතිහාසයට සහ සංස්කෘතියට ගැළපෙන දාර්ශනික ප්‍රවේශයක් අනුගමනය නොකිරීම, අනුරගෙ ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධානතම ප්‍රතිපත්තිමය දුර්වලතාවක්..
අනුර සහ ආණ්ඩුවට රාජ්‍ය පාලනයේදී අවශ්‍ය වෙන සංස්කෘතික සංවේදීතාවය සහ සංස්කෘතික උරුම කළමනාකරණය (Heritage Management) ගැන අබමල් රේණුවක දැනුමක් නෑ.
සෑම දෙයක්ම ආර්ථිකවාදී දෘෂ්ටිකෝණයෙන් බලන්න එපා..
මේ ආණ්ඩුව හැමදෙයක් දිහාම බලන්නේ රුපියල් ශත වලින් සහ හුදු මූල්‍යමය ලාභයෙන් විතරයි.
රටක සංවර්ධනය කියන්නේ හුදු භෞතික ඉලක්කමක් නෙවෙයි.
සංස්කෘතිය, උරුමය සහ අධ්‍යාත්මික වටිනාකම් මුදලට විකුණන්න බැහැ. ඒ මූලික සත්‍යයවත් තේරුම් ගන්න බැරි අසංවේදි සහකම්පනයක් නැති පාලකයන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ..
රටක සංස්කෘතික උරුමය කියන්නෙ මාතෘත්වය වගෙ උත්තම වන්දනවාක්. ස්ත්‍රී නිමිත්ත තිබ්බා කියලා රෙද්ද උස්සලා ඒක එහෙම මාර්කට් කරන්න බෑ.
මේ ආණ්ඩුවෙ නායකයො නොදන්න රෙද්දවල් කියන්න නොගිහින් කට වහගෙන හිටියා නම් සෑහෙන ප්‍රශ්ණ අඩුයි..
එනවා මෙතන අනුරාධපුරය පැරීසියක් කරන්න..
නිලන්ත සත්සර ගමගේ ✍️
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..
දූෂණ චෝදනා එල්ලවී ඇති ආණ්ඩුවේ මැති ඇමති ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට...
මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..
ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..
ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..