අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
අනුරාධපුර පූජාභූමි සංවර්ධන උපදේශක සභාවේ සම සභාපති ලෙස ක්‍රියාකරන වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤානතිලක හිමිපාණන් විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අන්තර්ජාලයේ යම් ආන්දෝලනයක් ඇතිවීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්,
"ආණ්ඩුව මුලින්ම උත්සාහ කළේ අටමස්ථානයේ නායකත්වය දරන මහා සංඝරත්නය අඳුරේ තබා නිලධාරීන් දෙතුන් දෙනෙකු විසින් සකස්කළ ව්‍යාපෘති යෝජනාවට ඉන්දියාවේ පමණක් අනුමැතිය ලබාගෙන ගැසට් නිවේදනය මගින් ඒකපාර්ශ්වීයව එය ක්‍රියාත්මක කිරීමටයි. නමුත් සාධනීය මහජන විරෝධය සහ අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේ මැදිහත්වීම මත ආණ්ඩුවට තම බලහත්කාරී ප්‍රවේශය වෙනස් කිරීමට සිදුවුණා.
දැන් අපේ නායක හාමුදුරුවන්ට සම සභාපති ලෙස නායකත්ව භූමිකාව ලැබිල තියෙනවා. ඒ නිසා මහජනයා උන්වහන්සේට බාධා නොකර ශක්තියක් වියයුතු බවයි අපි කල්පනා කරන්නේ. උන්වහන්සේ සඳහන් කළා ගැසට් පත්‍රයේ සඳහන් වැට ගැසීමේ ක්‍රියාවලියට ඉඩ නොදෙන බව. ඒ වගේම මහජනයාට ආරාධනා කළා අදහස් සහ යෝජනා ලබාදෙන ලෙස.
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය නැවැත්විය යුතු බවට සටන් පාඨයක් ගොඩනැගීම වැරදියි. කළ යුත්තේ විවිධ යටි අරමුණු සහිත නිලධාරීන්ගේ ප්‍රවේශයට ඉඩ නොදී වැරදි නිවැරදි කරමින් සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන ලෙස බලපෑම් කිරීමයි. ගෞරවනීය අටමස්ථානිධිපති ස්වාමීන්වහන්සේගේ ඉල්ලීම පරිදි මහජනයා දැන් උපදේශක සභාවට යෝජනා ඉදිරිපත් කළ යුතුයි. ඒ පිළිබඳව අවබෝධය පිණිස ජාතික සංවිධාන විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා මෙසේ දැක්විය හැකියි.
1) යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම ප්‍රකාශය අනුව ඊට ගරු කරමින් අනුරාධපුර පූජා නගරය බෞද්ධ පූජා නගරයක් ලෙස නම්කළ යුතුයි.
2) "වෙනිස්" ජාත්‍යන්තර සම්මුතියට ගරු කරමින් ඓතිහාසික සන්ධර්භය වෙනස් වන හෝ වන්දනා කරුවන්ට සහ සම්ප්‍රදායානුකූලව වැඳුම් පිදුම් ක්‍රම සහ චාර්ත්‍ර වාරිත්‍ර වලට බාධාවන කිසිවක් සිදු නොකිරීම.
3) පූජා නගරයේ ඓතිහාසික වටිනාකම සහ එම නගරය හුදු ස්මාරක සහිත භූමියක් ලෙස නොව වැඳුම්පිදුම් කරන ජීවමාන බෞද්ධ පූජා නගරයක් බව සහ 1946 පුරාවිද්‍යා පනත භාවිත කිරීමට පෙර එම පූජනීය ස්ථාන රැකබලාගත් ආකාරය පිළිබඳව පූර්විකාවක් ගැසට් නිවේදනයට ඇතුළු කිරීම.
4) "වෙනත්" හෝ "අනෙකුත්" ආදි බහු අර්ථ දෙන වචන යොදාගැනීමෙන් තොරව බෞද්ධ සිද්ධස්ථානය පමණක් වැඩි දියුණු කිරීම. මහා සංඝරත්නයට අධ්‍යාපන පහසුකම්, මහජනයාගේ අධ්‍යාත්මික සංවර්ධනයට සහ වැඳුම් පිදුම්වලට අදාල පහසුකම් සංවර්ධනය සඳහා ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කිරීම.
5) සංවර්ධන ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා සහ ඉන්දියානු අරමුදල්, මධ්‍යම රජයේ අරමුදල්, පළාත් පාලන ආයතනවල අරමුදල්, පුද්ගලික ධානපතියන් විසින් ලබාදෙන අරමුදල් ආදී වශයෙන් සමස්ථ අරමුදල කලමනාකරණය කිරීම සඳහා මහා සංඝරත්නයේ සහභාගීත්වය සහිත විනිවිද භාවයක් සහිත යාන්ත්‍රණයක් හඳුන්වා දීම.
6) ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට පෙර ඊට අදාල ව්‍යාපෘති යෝජනාව ප්‍රසිද්ධ කිරීම සහ විද්වතුන්ගේ සහ මහා සංඝර්තය ප්රමුඛ මහජනයාගේ අදහස් සහ යෝජනා සඳහා ඉඩ ලබාදීම.
7) දැනට පත්කර ඇති උපදේශක සභාවේ බල අධිකාරිය ප්‍රකාශයට පත් කිරීම සහ අදාල ක්‍රියාවලියේ විනිවිද භාවය සහතික කිරීම.
ඒ් ආදී වශයෙන් නායක හාමුදුරුවන් පිළිගත් ආකාරයට සිදුවූ වරද නිවැරදි කිරීම සඳහා උන්වහන්සේට සහාය ලබාදීම අපගේ යුතුකමක්. කිසිඳු බෞද්ධයකුට ලෝකයේම ථෙරවාදී සම්බුද්ධ ශාසනයේ මූලස්ථානය ලෙස සැලකෙන අනුරාධපුර බෞද්ධ පූජා නගරය සංවර්ධනය කිරීමට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..
දූෂණ චෝදනා එල්ලවී ඇති ආණ්ඩුවේ මැති ඇමති ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට...
මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..
ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..
ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..