" ස්වාමීනී,අන්තිමට අපිට ඉතුරු වුණේ පපුවේ එල්ලගන්න යකඩ කෑලි දෙකක් විතරයි " – විත්ති කූඩුවෙන් ඇසුණු මව්බිම සසල කළ හඬ
රටේ රාළ දිගටම අපේ රටේ විමර්ශන ක්‍රියාවලිය ඇතුළේ සිද්ධවෙන බරපතල වංචා ගැන කතා කරනවා.නීතියේ ආධිපත්‍යය කියන වචනවලට මුවාවෙලා,පෞද්ගලික න්‍යාය පත්‍ර,ඉදේශපාලන න්‍යාය පත්‍ර වෙනුවන් මිනිස්සුන් ජීවිත කාලකණ්ණි කරන හැටි ඉවසන්න බැරි තැන තමයි මේ සටනට අත ගැහුවේ.රටේ රාළ කියන මේ තිත්ත ඇත්ත කතාව ඊයේ (12) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ ශාලාව ඇතුළේ දෝංකාර දුන්නා.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ චූදිතයන් වන ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ෂම්මි අර්ජුන කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශයේ රණවිරුවන් 09 දෙනා,ඊයේ විත්ති කූඩුවට නැගලා තමන්ගේ විත්තිවාචික ඉදිරිපත් කළා.ඒ කතාවලට මුළු අධිකරණ ශාලාවම මොහොතකට ගල් ගැහුණා.ඒ කතාව රට දැනගන්න ඕනි.ඒක රටට කියන්න බය නං අපි මිනිස්සු නෙවෙයි.
තිස් අවුරුදු කුරිරු ත්‍රස්තවාදයෙන් මේ මාතෘභූමිය බේරාගන්න තමන්ගේ තාරුණ්‍යය,ජීවිතය සහ ලේ,කඳුළු,දහඩිය සහ ජීවිත කැප කළ රණවිරුවන් පිරිසක් අද ඒ වෙනුවෙන් ගෙවන වන්දිය මොන තරම් කුරිරු එකක්ද?
මෙම නඩුවේ විමර්ශන මෙහෙයවන ශානි අබේසේකර ප්‍රමුඛ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන විවෘත අධිකරණයේ බරපතල හෙළිදරව් කිරීම් කීපයක්ම වුනා.නිකං හිතන්නකෝ කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න ජීවිත පරදුවට තියලා සටන් කරපු මේ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට අරගෙන රඳවා තියාගත්තේ "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත".
ත්‍රස්තවාදය තුරන් කරපු මිනිසුන්ට ත්‍රස්තවාදය තුරන් කිරීමේ වරඳට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතකින් රැඳවුම් නියෝග ගහලා,ඊට පස්සේ සාමාන්‍ය නීතිය යටතේ විතරක් නඩු පවරන්න කටයුතු කිරීමෙන්ම විමර්ශන නිලධාරීන්ගේ පක්ෂග්‍රාහීත්වය සහ ද්වේෂ සහගත බව පේන්නේ නැද්ද?
ඊළඟට විමර්ශන නිලධාරීන් යොදලා තියන පහත් උපක්‍රම ගැනත් කියවුනා.ඒවා ඇත්ත නම් ශානිලා කියන්නේ තක්කඩියෝ. අත්අඩංගුවේ ඉන්දැද්දී සමහර විත්තිකරුවන්ට මත්පැන් පානය කිරීමට සලස්වා,එයාලගේ ගෙවල්වලට කෝල් කරවලා එයාලගේ බිරින්දෑවරුන් හරහා පවා බලපෑම් කරලා තියන බව කියවුනා. ශානිලා කලින් හදාගත්ත පාපොච්චාරණය එහෙම හරි ගන්න උත්සාහ කළ බවට අධිකරණය හමුවේ අනාවරණය වුණා.
රටේ රාළ අහන්නේ මේවටද ස්වාධීන විමර්ශන කියලා කියන්නේ?චූදිතයන්ව කොටු කරගන්න මත්පැන් පොවලා,පවුලේ අයවත් පාවිච්චි කරන පහත් තැනට අපේ රටේ විමර්ශන ආයතන පත්වෙලා නම්,මේ රටේ නීතිය ගැන කවර කතාද?
අපි මීට කලිනුත් දැක්කා අනෙකුත් බුද්ධි අංශ නිලධාරීන්ට උනදේ. කොටි ත්‍රස්තවාදීන්ගේ බුද්ධි ජාලය සුනු විසුනු කරපු ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන,මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වගේම මිලේනියම් සිටි පාවාදීම හරහා ජීවිත අහිමි වුණු අපේ බුද්ධි අංශ විරුවන්ව දඩයම් කරපු හැටි.ඒ හැම තැනකදීම සිද්ධවුණේ රට වෙනුවෙන් සටන් කරපු විරුවන් පාවා දීම.බොරු සාක්ෂි හදලා එයාලව සිරගත කරන්න උත්සාහ කිරීම.
එක්නැලිගොඩ නඩුවේ විත්තිකරුවන් 09 දෙනාම විත්ති කූඩුවේ ඉඳන් කියව්වේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කරලා තියන චෝදනාවලට තමන් සම්පූර්ණයෙන්ම නිවැරදිකරුවන් බවයි.ඒ අතරින් එක රණවිරුවෙකු තමන්ගේ නොකැළැල් සේවා ඉතිහාසය ගැන සිහිපත් කරමින් කළ ප්‍රකාශය ඕනෑම සංවේදී මිනිසෙකුගේ ඇස්වලට කඳුළු ගේනවා
"අන්තිමට අපිට ඉතුරු වුණේ රණවිරු පදක්කම,රණශූර පදක්කම කියලා ගහපු යකඩ කෑලි දෙකක් විතරයි ස්වාමීනී.පවුල් ජීවිතයේදී අපි පරාදයි...සිවිල් ජීවිතයේදී අපි පරාදයි...වෘත්තීය ජීවිතයෙත් අපි පරාජිතයෝ.නොකැළැල් සේවයකට හිමිකම් කියූ මට මගේ සියලු වරප්‍රසාද තනතුරු සියල්ල මේ නඩුව නිසා අහිමි වුණා.අඩුම තරමින් අවවාදාත්මක ලිපියක්වත් මගේ පෞද්ගලික ලිපිගොනුවේ නෑ ස්වාමීනී."
රටක් වෙනුවෙන් තමන්ගේ පපුව ඉස්සරහට දීපු මිනිහෙක්ට අන්තිමට ඉතුරු වෙන්නේ "යකඩ කෑලි දෙකක්" විතරක් නම්,මේ රට බේරගන්න ඊළඟ පරම්පරාව එයිද?
මේ වගේ කාලකණ්ණි මිනිස්සු ඉන්න රටක් බේරාගන්න සටන් කරපු ඒ මිනිස්සුන්ගේ වේදනාව ඔතනින් නවතින්නේ නැහැ. එයාලගේ බිරින්දෑවරුන් සහ දරුවන් සමාජය ඉදිරියේ අනේකවිධ ගැටලුවලට,අපහාසවලට ලක්වෙමින් අප්‍රමාණ දුක් වේදනා විඳිනවා.ඊටත් වඩා හදවත කීරි ගැසෙන කතාව තමයි ඒ රණවිරුවා එයාගේ අම්මා ගැන කියපු කතාව.
"ස්වාමීනී,මගේ අම්මා යුද්ධ කාලයෙත් මම නිවාඩුට ආවම කළේ පන්සල්ලට එක්කන් ගිහින් බෝධිපූජා කරපු එක.යුද්ධ කාලෙන් පස්සෙත් වෙලා තියෙන්නේ මේ නඩුව හින්දා හැමදාම බෝධිපූජා කරන්න මාව එක්කන් යන එක.ඒ වගේ දරුණු පීඩනයකින් තමයි යුද හමුදාවට මාව භාරදීපු මගේ අම්මට ඇගේ අන්තිම මහලු කාලය ගෙවන්න වෙලා තියෙන්නේ.මේකද ස්වාමීනී යුක්තිය?"
යුද්ධය තිබුණු කාලේ තමන්ගේ පුතා වෙඩි උණ්ඩයකින් බේරිලා එන්න කියලා බෝධිපූජා තියපු අම්මා කෙනෙක්ට,යුද්ධය ඉවර වෙලා අවුරුදු ගාණකට පස්සෙත් තමන්ගේ පුතාව නීතියේ උගුල්වලින් බේරගන්න බෝධිපූජා තියන්න සිද්ධවෙලා.
රටේ රාළට කාටවත් පෞද්ගලිකව සුදු හුණු ගාන්න උවමනාවක් නැහැ.වරදක් කරලා තියෙනවා නම් ඕනෑම කෙනෙකුට දඬුවම් ලැබිය යුතුයි.හැබැයි ඒ දඬුවම් දෙන්න කලින් අඩුම තරමේ අපක්ෂපාතී,ස්වාධීන විමර්ශනයක් සිද්ධ වෙන්න ඕනි නේද?
ගොතපු සාක්ෂි සහ පලිගැනීමේ චේතනාවෙන් කරන විමර්ශන මත මේ රට බේරගත්තු මිනිස්සුන්ට දඬුවම් කරන එක ස්වභාවික යුක්තියේ මූලධර්මවලට කොයි තරම් දුරට ගැලපෙනවද කියන ප්‍රශ්නය ඕනෑම කෙනෙක්ගේ හෘද සාක්ෂිය ඇතුළේ කෑගහනවා.
මේ රටේ පාලකයන්ටත්,නිලධාරීන්ටත්,සමස්ත සමාජයට මේ රණවිරුවන් අහන අවසන් ප්‍රශ්නයට උත්තරයක් තියනවාද?
" මේකද ස්වාමීනී යුක්තිය "
(මේ රණවිරුවන්ට මේ මොහොතේ අපට කරන්න පුළුවන් ඒකම දේ මේ පණිවිඩය රටේ ජනතාවට දීමයි.ඒ නිසා මේ ලිපිය තවත් අය අතර බෙදාහරින්න,)
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා!
මීට,
රටේ රාළ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..
ලාෆ් ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. රුපියල් 1,775කින් මිල ඉහළ දමයි..
ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..
අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ
ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි
භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි
උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..
අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..