ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා නොවැම්බර් 15 වැනිදා රුසියානු සමූහාණ්ඩුවේ මොස්කව් නුවරදී පැවැති නව යටත්විජිතවාදයේ නූතන භාවිතයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ (For the Freedom of Nations) මහා සභා රැස්වීමට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී විය.
වත්මන් රුසියානු පාලක පක්ෂය වන එක්සත් රුසියානු පක්ෂයේ (United Russia Party) සත්කාරකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම ඉහළ පෙළේ ජාත්‍යන්තර සමුළුව සඳහා එම පක්ෂයේ මහලේකම් ව්ලැඩිමීර් යකුෂෙව් (Vladimir Yakushev) මහතා ඇතුළු ජාත්‍යන්තර දේශපාලන නායකයෝ සහ රාජ්‍යතාන්ත්‍රිකයෝ රැසක් එක්ව සිටියහ.
ජාත්‍යන්තර දේශපාලන වේදිකාවක ශ්‍රී ලංකාවේ හඬ අවදි කරමින්, මෙම මහා සභා රැස්වීමේදී විමල් වීරවංශ මහතා විසින්, "ඒකපාර්ශ්වික සම්බාධක, තීරුබදු සහ සීමාවන්ට ප්‍රතිතුලනයක් ලෙස ගෝලීය දකුණේ (Global South) රටවල් අතර තිරස් සබඳතා වර්ධනය කිරීම සහ මූල්‍ය හා ආර්ථික ක්ෂේත්‍රයේ නව යටත්විජිතවාදය" යන තේමාව යටතේ සුවිශේෂී ආරාධිත දේශනයක් පවත්වන ලදී.
එම දේශනය මගින් සමකාලීන ලෝක ආර්ථිකය තුළ ඒකපාර්ශ්වික සම්බාධක, වෙළෙඳ සීමා සහ ආර්ථික බලපෑම් හරහා රටවල ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවට එල්ල වන අභියෝග මෙන්ම ඒ තුළින් ඉතාම සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන නව යටත්විජිතවාදය සහ ගෝලීය දකුණේ රටවල් අතර සමානාත්මතාව මත පදනම් වූ ආර්ථික සහයෝගීතාවක අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කෙරිණි.
විශේෂයෙන්ම, ජාතික ස්වෛරීභාවය සුරක්ෂිත කරගනිමින්, බාහිර ආර්ථික බලපෑම්වලට යටත් නොවී තම සංවර්ධන මාවත තීරණය කිරීමට සෑම රටකටම ඇති පරම අයිතිය සහතික කිරීමේ වැදගත්කම ද මෙහිදී දැඩිව අවධාරණය කෙරිණි.
ලෝක බලතුලනයේ සිදුවෙමින් පවතින වෙනස්කම් හමුවේ ජාතික නිදහස, ස්වෛරීභාවය, ආර්ථික ස්වාධීනත්වය සහ සමානාත්මතාව මත පදනම් වූ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ සංවාදය වඩ වඩාත් වැදගත් වෙමින් පවතින පසුබිමක, මෙම ජාත්‍යන්තර මහා සභා රැස්වීමට රටවල් රැසක ප්‍රමුඛ දේශපාලන නායකයෝ සහ රාජ්‍යතාන්ත්‍රිකයෝ ගණනාවක් සහභාගී වී සිටියහ.
ඒ අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී මා හුයි (Ma Hui) මහතා, නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය සහ නේපාල කොමියුනිස්ට් පක්ෂයේ සභාපති පුෂ්ප කමල් දහල් (Pushpa Kamal Dahal) මහතා සහ බෙලාරුස් ජනරජයේ ජාතික සභාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජික සහ "බෙලයා රුස්" පක්ෂයේ උත්තරීතර දේශපාලන මණ්ඩලයේ සාමාජික ඇලෙක්සැන්ඩර් පැව්ලොවිච් ෂ්පකොව්ස්කි (Alexander Pavlovich Shpakovsky) මහතා ද වෙති.
තවද, වෙනිසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් ටානියා වැලන්ටිනා ඩයස් (Tania Valentina Diaz) මහත්මිය, පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) පලස්තීන ජාතික කවුන්සිලයේ සහ ෆාටා විප්ලවීය කවුන්සිලයේ සාමාජික හුසේන් හමායෙල් (Hussein Hamayel) මහතා සහ ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනයේ (ICAPP) සම සභාපති මුෂාහිඩ් හුසේන් සයිඩ් (Mushahid Hussein Sayed) මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ජාත්‍යන්තර දේශපාලන වේදිකාව මත ගෝලීය දකුණේ රටවල අනාගතය හා ලෝක ආර්ථිකයේ නව ප්‍රවණතා පිළිබඳ සිය ප්‍රතිපත්තිමය අදහස් ඉදිරිපත් කිරීමට විමල් වීරවංශ මහතාට ලැබුණු මෙම අවස්ථාව ජාත්‍යන්තර සබඳතා තුළ සුවිශේෂී නව මානයක් සනිටුහන් කිරීමක් ලෙස හැඳින්විය හැකිය.





සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..
දූෂණ චෝදනා එල්ලවී ඇති ආණ්ඩුවේ මැති ඇමති ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට...
මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..
ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..
ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..