මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විවෘත කළ දඹුල්ලේ එළවළු හා පලතුරු ගබඩා කිරීමේ උෂ්ණත්ව හා ආර්ද්‍රතා පාලිත ගබඩා සංකීර්ණයේ සවිකර තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා තඹ බට සොරාගෙන ගොස් ඇති බවට දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
මෙරට ඉදිකළ ප්‍රථම උෂ්ණත්ව හා ආර්ද්‍රතා පාලිත එළවළු හා පලතුරු ගබඩා සංකීර්ණය ලෙස සැලකෙන මෙම ව්‍යාපෘතිය ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිකර තිබේ.
ගබඩා සංකීර්ණයේ අභ්‍යන්තරයේ සවිකර ඇති උෂ්ණත්ව හා ආර්ද්‍රතා පාලන යන්ත්‍රෝපකරණවලට සම්බන්ධ තඹ බට කිසියම් පිරිසක් විසින් කපා ඉවත් කරගෙන ගොස් ඇති බවටයි පැමිණිල්ල ඉදිරිපත් වී ඇත්තේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආහාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දින කිහිපයකට පෙර මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අද (16) අදහස් දැක්වූ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර සඳහන් කළේ, මේ වන විට කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
එමෙන්ම අතුරුදන් වූ තඹ බටවල වටිනාකම සහ සිදුව ඇති සමස්ත අලාභය මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති බව ද පොලිසිය පවසයි.
මේ අතර, ආහාර කොමසාරිස් ලාල් හේවාපතිරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගබඩා සංකීර්ණයට පැමිණ අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ආහාර කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ, එහි සොරකමක් සිදුවී තිබේද නැතහොත් වෙනත් සිදුවීමක් වී තිබේද යන්න පිළිබඳව මෙතෙක් නිගමනය කළ නොහැකි බවයි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලරත්න රාජා ද ගබඩා සංකීර්ණයට පැමිණ නිරීක්ෂණයක නිරත වී තිබේ.
මෙම ගබඩා සංකීර්ණය පැය 24 පුරා ආරක්ෂක නිලධාරීන් යොදවා ආරක්ෂා කර තිබූ ස්ථානයක් බවත් සඳහන්.
එවැනි දැඩි ආරක්ෂාවක් පවතින ස්ථානයක යන්ත්‍රෝපකරණවලට සම්බන්ධ තඹ බට කපා ඉවත් කරගෙන යාම සිදුවූ ආකාරය පිළිබඳව ද විමර්ශනවලදී විශේෂ අවධානය යොමු වී ඇත.
මේ අතර, ගබඩා සංකීර්ණයේ නොගෙවූ විදුලි බිල්පත් හේතුවෙන් මීට පෙර විදුලි සැපයුම විසන්ධි කර තිබූ අතර, අදාළ හිඟ මුදල් මේ වන විට ගෙවා ඇති බව ආහාර කොමසාරිස්වරයා තහවුරු කර තිබේ.
හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වාගේ ඉල්ලීමක් මත ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් වසර ගණනාවක් ප්‍රමාද වී තිබිණි.
මූලාශ්‍රය - හිරු නිවුස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..
දූෂණ චෝදනා එල්ලවී ඇති ආණ්ඩුවේ මැති ඇමති ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට...
මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..
ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..
ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..