NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන NVIDIA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ ජෙන්සන් හුවාන් (Jensen Huang) සිය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස ඇත්තේ ඔහුට එල්ල වී ඇති චීන කාන්තාවක් හා සම්බන්ධ ඔත්තු බැලීමේ චෝදනාවක් නොව, කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්රයේ ඒකාධිකාරය පවත්වා ගැනීමට උත්සාහ කරන පාර්ශ්වයන්ගේ දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
Lanka Voice නාළිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කළේය.
සිංගප්පූරුවේ ව්‍යාපාරික කටයුතු කරන චීන ජාතික කාන්තාවක සමඟ පැවැති සබඳතාවක් පදනම් කර ගනිමින් ජෙන්සන් හුවාන් හට ඔත්තු බැලීමේ චෝදනා එල්ල වුවද, එවැනි චෝදනාවක් ඔප්පු කිරීමට තරම් කිසිදු දත්තයක් හෝ සාක්ෂියක් නොමැති බව ඇමෙරිකානු නීති අංශ සහ බුද්ධි අංශ නිලධාරීන් පවා මේ වන විට ප්‍රකාශ කර ඇතැයි චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ඔහු ඉවත් කිරීම සඳහා මෙම පුවත නිර්මාණය කර ඇති බවත්, ඔහුව යළි සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලා NVIDIA සමාගමේ සේවකයන් 1,600කට අධික පිරිසක් පැය කිහිපයක් ඇතුළත පෙත්සමකට අත්සන් තබා ඇති බවත් ඔහු සඳහන් කළේය.
OpenAI, Anthropic සහ Palantir වැනි තාක්ෂණික සමාගම් කෘත්‍රිම බුද්ධිය සීමිත පිරිසකගේ ඒකාධිකාරයක් (Monopoly) ලෙස පවත්වා ගැනීමට උත්සාහ කරන අතර, ජෙන්සන් හුවාන් පෙනී සිටියේ AI තාක්ෂණය පොදු ජනතාවට විවෘත පද්ධතියක් (Open System) ලෙස ලබා දීම වෙනුවෙන් බව ආචාර්ය චන්ද්‍රවංශ මහතා පැහැදිලි කළේය.
එමෙන්ම, ධනවතුන් වැඩිපුර බදු ගෙවිය යුතු බවට ඔහු දැරූ මතය සහ චීනය සමඟ වෙළෙඳ සබඳතා පවත්වා ගැනීමට දැක්වූ කැමැත්ත ඇමෙරිකානු "ඩීප් ස්ටේට්" (Deep State) කණ්ඩායම්වල සහ මාර්කෝ රූබියෝ වැනි දේශපාලනඥයන්ගේ නොසතුටට හේතු වී ඇති බව ද ඔහු පැවසීය.
එළඹෙන 18 සහ 19 යන දිනවල චීනයේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුව අතරතුර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ඓතිහාසික හමුවක් සිදුවීමට නියමිතව තිබේ.
පසුගිය වතාවේ ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරයට ද ජෙන්සන් හුවාන් එක් වූ බැවින්, මෙවර පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවලට බාධා එල්ල කිරීම සහ අඩපණ කිරීම මෙම සිදුවීමේ තවත් අරමුණක් බව චන්ද්‍රවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සිදුවීමට සමගාමීව මයික්‍රොසොෆ්ට් (Microsoft) සේවා බිඳවැටීම් සහ යුරෝපයේ ශීතාගාර පද්ධතිවලට එල්ල වූ සයිබර් ප්‍රහාර හරහා ආහාර තොග විනාශ වීම වැනි සිදුවීම් දෙස ද අවධානය යොමු කළ යුතු බව ඔහු පැවසීය.
අතළොස්සක් වූ සුපිරි ධනපතියන් අතට තාක්ෂණික බලය සහ සම්පත් ඒකරාශී වීම හරහා "තාක්ෂණික ෆැසිස්ට්වාදයක්" (Techno-fascism) නිර්මාණය වෙමින් පවතින බවත්, AI තාක්ෂණය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර නීති පද්ධතියක් වහාම සකස් කළ යුතු බවත් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා අවධාරණය කළේය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..
දූෂණ චෝදනා එල්ලවී ඇති ආණ්ඩුවේ මැති ඇමති ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට...
මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..
ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..
ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..