රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
Nov 17, 2026 at 07:25 PM
|

රාජ්‍ය බිඳ වැට්ටවීමට නම් සමාජය බිඳවැට්ටවිය යුතු බවත්, මේ රාජ්‍ය බිඳ වැට්ටවීම සඳහා බලවේග රාශියක් අතීතයේ සිටම විවිධ අයුරින් ක්‍රියාත්මක වුවත් එසේ බිඳ දැමීමට නොහැකි වූ බවත්, එහෙත් මේ වන විට මෙම බලවේග ඉතා සූක්ෂම ලෙස ක්‍රියාන්විතයන් දියත්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙරට ශිෂ්ඨාචාරය සහ සභ්‍යත්වය පදනම් වී ඇත්තේ බෞද්ධ උරුමය හා සම්බුද්ධ ශාසනය මත බවත්, අන්‍ය ආගමිකයන්ට පවා අද මෙරට සහජීවනයෙන් ජීවත් වීමට හැකි වී ඇත්තේ එම දියුණු ශිෂ්ඨාචාරය නිසා බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි
රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ විකාශය වූ 'නින්නාද' වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, බාහිර ආක්‍රමණිකයන් කොතරම් පැමිණියද, අවුරුදු දහස් ගණනක් පුරා මේ රට, බිම සහ සංස්කෘතිය ආරක්ෂා වී ඇත්තේ සම්බුද්ධ ශාසනයේ සහ මහා සංඝරත්නයේ අභ්‍යන්තර ශක්තිය නිසා බව පෙන්වා දුන්නේය.
රටේ සභ්‍යත්වය සහ රාජ්‍යය බිඳවැට්ටවීම සඳහා බාහිර බලවේග සහ විවිධ සංවිධාන විසින් ක්‍රියාත්මක කරන උපායමාර්ගික ක්‍රමවේද හතරක් පිළිබඳව ඔහු මෙහිදී විශේෂ හෙළිදරව්වක් කළේය:
දෘෂ්ටිමය වශයෙන් බිඳවැටවීම:
සමාජය ඓතිහාසිකව විශ්වාස කරන මහාවංශය සහ වීරයන්ගේ ඉතිහාසය වැනි විශ්වාසයන් වැරදි යැයි පවසමින්, සමාජය දෘෂ්ටිමය වශයෙන් අස්ථාවර කිරීම.
සංස්කෘතික වශයෙන් බිඳවැටවීම:
මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සහ වැඩිහිටියන්ට ගරු නොකරන සමාජ මතවාද නිර්මාණය කිරීම.
සමාජ සංස්ථා බිඳවැටවීම:
සංඝ සමාජය, පවුල සහ ඓතිහාසික අධ්‍යාපන පද්ධතිය (පිරිවෙන් අධ්‍යාපනය) බිඳ දැමීම.
ප්රචණ්ඩකරණය:
සමාජ මාධ්‍ය හරහා තරුණ පරපුර ප්‍රචණ්ඩකාරී සහ අතීත උරුමයන් ගැන නොතකන පිරිසක් බවට පත් කිරීම.
මෙම අභ්‍යන්තර හා බාහිර උත්සාහයන් පිළිබඳව ජනතාව දැඩි විමසිලිමත්ව හා සංයමයෙන් කටයුතු කළ යුතු බව ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී අවධාරණය කළේය.
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිව ඇති මෙරට තුළ, බෞද්ධ වත්පිළිවෙත් හා සම්ප්‍රදායන්ට අනුව පූජා භූමියක් තුළ සත්‍යක්‍රියාවක් හෝ අධිෂ්ඨාන පූජාවක් සිදු කිරීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි බව ද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, අපේ සංස්කෘතියේ ප්‍රධානතම අංශයක් වන්නේ බුද්ධාගම බවත්, එම බැඳීම බිඳවැටීමට ඉඩ දිය නොහැකි බවත් පෙන්වා දුන්නේය.
වර්තමානයේ පන්සලකට නොගිය, දානයක් පවා නොදුන් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය හරහා මහා සංඝරත්නයට ගරහන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට චෝදනා කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..