සංචාරක බද්ද ඉවත් කිරීමෙන් සංචාරක කර්මාන්තය අවදානමේ.. - පාර්ශ්වකරුවන් අනතුරු අඟවයි..
2027 අයවැය මගින් සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීමේ යෝජනාව හේතුවෙන් එම කර්මාන්තයේ සංවර්ධනයට හා ප්‍රවර්ධනයට ඉතා අහිතකර තත්ත්වයක් උද්ගත වීමේ අවදානමක් ඇති බවට සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවෝ අනතුරු අඟවති.
සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීමෙන් අහිමි වන බදු ආදායම උපයා ගැනීමේ විකල්ප ක්‍රමවේදයක් ගැන තවමත් පැහැදිලි බවක් නැති බව ද සංචාරක ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩව අරමුදල් සැපයීම සහතික කිරීමට සුදුසු මූල්‍යන ක්‍රමයක් සකස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව කීවත් එතෙක් ඒ සඳහා මුදල් සැපයීමට සිදුවනු ඇත්තේ භාණ්ඩාගාරයෙන් බවට ද ඔවුහු කියා සිටිති.
එහෙත් භාණ්ඩාගාරයෙන් සංචාරක සංවර්ධනයට හා ප්‍රවර්ධනයට මුදල් ගැනීමේ දී ප්‍රායෝගිකව එය කෙතරම් පහසුවෙන් හා වේගවත්ව සිදුවේද යන්න ගැන ගැටලුවක් ඇති බවත් ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය තුළ ඒ සඳහා කවර ප්රමුඛත්වයක් හිමිවේ ද යන්න ගැන ප්‍රශ්නයක් ඇති බවත් ඔවුන්ගේ මතය වී ඇත.
ඒ නිසා මේ අයවැය යෝජනාව ගැන අසතුට පළ කරන සංචාරක කර්මාන්තයේ බොහෝ පාර්ශ්වයන් පවසන්නේ මේ නිසා විශාල විභවයක් ඇති මේ කර්මාන්තයේ ප්රගමනය වෙනුවෙන් ඉදිරි සතියේ දී සංචාරක කර්මාන්තයේ සංගම් එකතු වී මෙහි බලපෑම ගැන සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවයි. මේ ගැන විධිමත් ලෙස සාකච්ඡා කර තම සංගම්වල මතය එක මතයක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බව ද සංචාරක සංගම් කිහිපයකම නියෝජිතයෝ පවසති.
මේ හරහා රජයේ සංචාරක ආයතන තවත් රජයේ ආයතනයක් හෝ දෙපාර්තමේන්තුවක් බවට පත්ව භාණ්ඩාගාරයේ මුදලින් යැපෙන තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවට සහ එසේම දැනට මහජනයාට බදු බරක් නැතිව සංචාරක ආයතනවල පිරිවැටුම මත අය කරනු ලබන සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීමෙන්, මහජනයා මත අලුතින් යම් අතිරේක බරක් පැටවීමට ඉඩ ඇති බව ද ඔවුහු ප්‍රකාශ කරති.
මූලාශ්‍රය - දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..
ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..
ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..
ආර්ථික වර්ධන වේගය 7%කට ගෙනෙනවා කිව්වා... ආණ්ඩුව භාරගන්නකොට 5.3%යි.. දැන් තුන්වෙනි අයවැය කියවනකොට 4.2%කට අඩු වෙලා.. අවුරුදු තුනක් ආණ්ඩු කරනකොට උද්ධමනය 8.3ට වැඩි වෙලා.. - නාමල් රාජපක්ෂ
2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..
ලාෆ් ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. රුපියල් 1,775කින් මිල ඉහළ දමයි..
ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..
අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ
ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි
භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි
උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..
අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..