News Category
From Date
To Date
Maximum Number of Result

අධිරාජ්‍යවාදයට සහ අමෙරිකාවට විරුද්ධව ප්‍රසිද්ධියේ වේදිකාවල කෑගහපු අය, අද හොර රහසේ අමෙරිකානුවන්ට ඔත්තු සපයන තත්ත්වයට පත්වෙලා.. - රවුෆ් හකීම්

Nov 15, 2026 at 05:41 AM
|

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අමෙරිකා එක්සත් ජනපදයේ ඔත්තු බැලීමේ අවශ්‍යතාවන් වෙනුවෙන් යොදාගනිමින් සිටින බවටත්, කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ‘හදිසි මිලදී ගැනීමක්’ ලෙස හුවා දක්වමින් ඊශ්‍රායලයෙන් රුපියල් බිලියන හතරක (මිලියන 4,000ක) නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිලදී ගැනීමට ආණ්ඩුව රහසිගතව සැරසෙන බවටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.

පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.

කිසිදු විනිවිදභාවයකින් තොරව, සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා ටෙන්ඩර් කැඳවීම් මුළුමනින්ම අත්හිටුවමින්, රුපියල් මිලියන 4,000ක (බිලියන 4ක) පරිපූරක ඇස්තමේන්තුවක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආකාරය හකීම් මහතා මෙහිදී දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

"අධිරාජ්‍යවාදයට සහ අමෙරිකාවට විරුද්ධව ප්‍රසිද්ධියේ වේදිකාවල කෑගහපු අය, අද හොර රහසේම අමෙරිකානුවන්ට ඔත්තු සපයන තත්ත්වයට පත්වෙලා. ඊයේ පෙරේදා කිසිම ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් නියමුවන් රහිත ගුවන් යානා මිලදී ගන්න රුපියල් බිලියන හතරක පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනාවා. මේක හදිසි මිලදී ගැනීමක් හැටියට අනුමත කරලා දෙන්න කියලා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට එක රැයකින් බලපෑම් කළා. මේ ගනුදෙනුව පිටුපස ඊශ්‍රායලයෙන් ලැබුණු කොමිස් සහ සන්තෝසම් කොපමණදැයි අප දන්නේ නැහැ," යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මෙම ඩ්‍රෝන යානා මිලදී ගැනීමේ සැබෑ අරමුණ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම නොව, ඉරානය සහ ඒ ආශ්‍රිත කලාපීය නාවික ගමනාගමනය නිරීක්ෂණය කරමින් අමෙරිකාවට අවශ්‍ය බුද්ධි තොරතුරු සැපයීම බව ද රවුෆ් හකීම් මහතා සෘජුවම චෝදනා කළේය.

"මේවා පාවිච්චි කරන්නේ ඉරානයට විරුද්ධව ඔත්තු බලන්නයි; ඒ මුහුදු කලාපයේ නෞකා ගමන් බිමන් හැසිරෙන්නේ කොහොමද කියලා බලා අමෙරිකාවට තොරතුරු සපයන්නයි. අපේ නිර්භීත නාවික හමුදාවයි ගුවන් හමුදාවයි අද පාවිච්චි කරන්නේ අනුන්ගේ යුද්ධවලට ඔත්තු බලන කුලීකරුවන්ගේ තත්ත්වයට ඇද දමමින්. මේ වගේ තුට්ටු දෙකේ ගනුදෙනු සහ භූ-දේශපාලනික කූට උපක්‍රමවලට ගිහින් රටේ ආරක්ෂාවත් විදේශ ප්‍රතිපත්තියත් හොම්බෙන් ඇනගන්න ලෑස්ති වෙන්න එපා," යැයි ඔහු අනතුරු ඇඟවීය.

රතු මුහුදේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ ජාත්‍යන්තර මුහුදු මාර්ග ආරක්ෂා කිරීමේ අමෙරිකානු මෙහෙයුමට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය මීට පෙර සිය නාවික හමුදා නෞකාවක් එම කලාපයට පිටත් කර යැවීමට තීරණය කළ අතර, ඊට විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල විය. එම සිදුවීම සිහිපත් කළ හකීම් මහතා, කලාපීය ගැටුම් හමුවේ අමෙරිකාවට ඇති බිය නිසා අපේ හමුදා භටයන් අනතුරේ හෙළමින් ආණ්ඩුව දණින් වැටී කටයුතු කළ බව සඳහන් කළේය.

එමෙන්ම වෙනිසියුලා අර්බුදය හමුවේ ආණ්ඩුව සහ ජාතික ජන බලවේගය  අනුගමනය කළ දෙබිඩි ස්ථාවරය ද ඔහු උපහාසයට ලක් කළේය. වෙනිසියුලා ජනාධිපතිවරයා සම්බන්ධ සිදුවීමේදී නිල විදේශ අමාත්‍යාංශයට නිවේදනයක් නිකුත් කිරීමට කොන්ද පණ නොතිබූ බවත්, ඒ වෙනුවට පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයෙන් නිවේදන නිකුත් කරමින් ජනතාව මුළා කළ බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ආණ්ඩුවේ මෙවැනි ප්‍රතිපත්ති විරහිත විදේශ පිළිවෙත් හමුවේ ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව දැඩි අපහසුතාවට ලක්ව ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.


සම්බන්ධිත පුවත් | Related News

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව අයවැය යෝජනා ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට ගියහොත්, 2022 වසරේ අප්‍රේල් මස ඇතිවූ ආකාරයේ දරුණු ආර්ථික බංකොලොත්භාවයකට රට යළිත් ඇදවැටීමේ දැඩි අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
ජනතාව පවසන පරිදි නැවෙන් බාන ගානට ඉන්ධන ලබාදීම කළහොත් ඉන්ධන මිල ගණන් පවතින මිලටත් වඩා වැඩි මිලකට ලබාදීමට සිදුවන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.
මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) නිර්මාණය කිරීම සරල කාර්යයක් නොවන බවත්, ඒ සඳහා විශාල මූල්‍ය ආයෝජනයක් සහ විශේෂිත තාක්ෂණික දැනුමක් අවශ්‍ය බවත් INORA - Institute of Ocean Resources Analysis ආයතනයේ විධායක අධ්‍යක්ෂ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක පවසයි.
ලෝකයේ පවතින න්‍යෂ්ටික අවි සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කිරීම අරමුණු කරගනිමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හතක තානාපති ධූර හිස්ව පවතින බව වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් සිය අයවැය යෝජනා මඟින් ද්විත්ව පුරවැසියන්ට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට අපේක්ෂා කරන සහන සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නොමැති බවත්, එය හුදෙක් දේශපාලන ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙළක් වී ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
2027 අයවැය මගින් සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීමේ යෝජනාව හේතුවෙන් එම කර්මාන්තයේ සංවර්ධනයට හා ප්‍රවර්ධනයට ඉතා අහිතකර තත්ත්වයක් උද්ගත වීමේ අවදානමක් ඇති බවට සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවෝ අනතුරු අඟවති.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ තිබේ.
වත්මන් රජය ඉදිරිපත් කර ඇති අයවැය හරහා ජනතාවට අලුත් බොරු තොගයක් පවසා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

ප්‍රධාන පුවත්

මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..

මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) නිර්මාණය කිරීම සරල කාර්යයක් නොවන බවත්, ඒ සඳහා විශාල මූල්‍ය ආයෝජනයක් සහ විශේෂිත තාක්ෂණික දැනුමක් අවශ්‍ය බවත් INORA - Institute of Ocean Resources Analysis ආයතනයේ විධායක අධ්‍යක්ෂ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක පවසයි.

ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..

ලෝකයේ පවතින න්‍යෂ්ටික අවි සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කිරීම අරමුණු කරගනිමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..

ජනාධිපතිවරයා විසින් සිය අයවැය යෝජනා මඟින් ද්විත්ව පුරවැසියන්ට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට අපේක්ෂා කරන සහන සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නොමැති බවත්, එය හුදෙක් දේශපාලන ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙළක් වී ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

ආර්ථික වර්ධන වේගය 7%කට ගෙනෙනවා කිව්වා... ආණ්ඩුව භාරගන්නකොට 5.3%යි.. දැන් තුන්වෙනි අයවැය කියවනකොට 4.2%කට අඩු වෙලා.. අවුරුදු තුනක් ආණ්ඩු කරනකොට උද්ධමනය 8.3ට වැඩි වෙලා.. - නාමල් රාජපක්ෂ

වත්මන් රජය ඉදිරිපත් කර ඇති අයවැය හරහා ජනතාවට අලුත් බොරු තොගයක් පවසා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..

2025 වසරේ අයවැය යෝජනාවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වී නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම ඇගයීමකින් අනාවරණය වී තිබේ.

ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..

ලංකා ලීඩර් වෙත ජාතික සංවිධාන නියෝජනය කරමින් ප්‍රකාශයක් සිදුකළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවය.

අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ

අනුරාධපුර ඓතිහාසික බෞද්ධ පූජා භූමිය සම්බන්ධයෙන් ආණ්ඩුව නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිටුපස ජනතාවට හෙළි නොකළ තවත් ව්‍යාපෘති සැලැස්මක් පවතින බවට සැකයක් මතුවන බවත්, එම ව්‍යාපෘතියේ සම්පූර්ණ වාර්තාව වහාම රටට හෙළි කරන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි

රුසියානු පොසිල ඉන්ධන මත යැපීම අවසන් කරන බවට බ්‍රසල්ස් පාලකයන් නැවත නැවතත් ප්‍රකාශ කළද, රුසියාවේ ප්‍රමුඛතම ආක්ටික් ගෑස් ව්‍යාපෘතියක් වන යමාල් (Yamal) හි ප්‍රධානතම පාරිභෝගිකයා තවමත් යුරෝපා සංගමය බවට පත්ව තිබේ.

භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල මෑතකදී ඇති වූ උණුසුම් තත්ත්වය සහ භික්ෂූන් වහන්සේලා මුහුණ දී ඇති අභියෝග සම්බන්ධයෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් දැඩි අදහස් පළ කරමින් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂු සමාජය දැඩි අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇති බවයි.

උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..

අයවැයේ ඇත්තේ පසුවට බලාපොරොත්තු වන දේවල් මිස මේ මොහොතේ විසඳුම් නොවන බවත් උණු උණු කැවුම් වෙනුවට දී ඇත්තේ පුස්කාපු කැවුම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ

අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත ගැටලුවකට සාධාරණ විසඳුමක් ඉල්ලා සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ භික්ෂූන් වහන්සේලාට එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.

ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේග රජයේ කිසිදු දේශපාලනඥයකු හෝ නිලධාරියකු යම් වරදක් සිදු කළහොත් ඔවුන් කිසිම අවස්ථාවක ආරක්ෂා කිරීමට පක්ෂයක් ලෙස හෝ රජයක් ලෙස කටයුතු නොකරන බවත්, එවැනි අවස්ථාවලදී තරාතිරම නොබලා දැඩි නීතිමය හා පක්ෂ මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.