අයවැය යෝජනා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කළොත් ලබන වසරේ රට යළිත් බංකොලොත් වෙනවා.. - උදය ගම්මන්පිල
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව අයවැය යෝජනා ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට ගියහොත්, 2022 වසරේ අප්‍රේල් මස ඇතිවූ ආකාරයේ දරුණු ආර්ථික බංකොලොත්භාවයකට රට යළිත් ඇදවැටීමේ දැඩි අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි මෙරට ඩොලර් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 07ක් ලෙස සටහන්ව තිබුණ ද, ඉන් ඩොලර් බිලියන 1.5ක් චීනයෙන් ලබාගත් භාවිත කළ නොහැකි හුවමාරු ණය (Swap) මුදලක් බව ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව සැබෑ සංචිතය බිලියන 5.5ක් වන අතර, ඉදිරි වර්ෂයේ සංවර්ධන හා ආනයන වියදම් සඳහා ඩොලර් බිලියන 4.8ක් වැය වූ විට සංචිතය බිලියන 0.7 දක්වා සීඝ්රයෙන් පහත වැටෙන බව ඔහු ගණන් හිලව් සහිතව පෙන්වා දුන්නේය.
ලබන වසරේ ගෙවීමට ඇති ඩොලර් බිලියන 1.7ක ණය වාරිකය හමුවේ 2027 වසරේ අගභාගය වන විට රට යළිත් බංකොලොත්භාවයට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව හිටපු අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.
උපයන විට අයකරන බදු නිදහස් සීමාව රුපියල් 150,000 සිට 162,500 දක්වා ඉහළ නැංවීම මඟින් වෘත්තිකයෙකුට මාසිකව ඉතිරි වන්නේ රුපියල් 750ක මුදලක් පමණක් බව පෙන්වා දුන් ඒ මහතා, මෙය වෘත්තිකයන් දැඩි මුළාවකට ලක්කිරීමක් බව සඳහන් කළේය.
එමෙන්ම අයවැය කතාව අතරතුර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මේසවලට තට්ටු කරමින් අත්පොළසන් දුන්නේ සතුටට නොව, පක්ෂ නායකත්වයේ විධාන කඩකළහොත් මන්ත්‍රී ධුරය පවා අහිමිවේය යන බිය නිසා බවට ද ඔහු චෝදනා කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..
ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..
ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..
ආර්ථික වර්ධන වේගය 7%කට ගෙනෙනවා කිව්වා... ආණ්ඩුව භාරගන්නකොට 5.3%යි.. දැන් තුන්වෙනි අයවැය කියවනකොට 4.2%කට අඩු වෙලා.. අවුරුදු තුනක් ආණ්ඩු කරනකොට උද්ධමනය 8.3ට වැඩි වෙලා.. - නාමල් රාජපක්ෂ
2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..
ලාෆ් ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. රුපියල් 1,775කින් මිල ඉහළ දමයි..
ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..
අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ
ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි
භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි
උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..
අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..