වැරැද්ද බල්තසාර්ගේ ද?..
පහුගිය දවස්වල හැම දෙනාම වගේ “කොළඹ වැව” ගැන කතා කළා. හදිස්සියේ වැටිච්ච තරමක් ලොකු වැස්සක් එක්ක වතුර බැස්සේ නැති හින්දා තමයි කොළඹ “වැවක්” හැදුණේ.
කලින් අවුරුදු ගණනාවක ම, මීට වඩා ලොකු වැහි වැහලා තියෙන බවකුත් වාර්තාවුණා. ඒත් කොළඹ මහ ඉස්පිරිතාලෙට වතුර දැම්මා කියලා අපි කවදාවත් අහලා තිබුණේ නෑ. ගුණසිංහපුරේ වතුරෙන් යටවෙච්ච බවකුත් අපි අහලා තිබුණේ නෑ. ඒත් මේ වතාවේ ඒ හානි සිද්දවුණා.
මෙහෙම වුණේ ඇයි? ජනාධිපති කාර්යාගේ ම මුල්වෙලා “ක්ලීන් ශ්‍රී ලංක” කියලා වැඩසටහනක් බොහොම සද්දෙට ක්‍රියාත්මක කරමින් තියෙද්දි මෙහෙම වුණේ ඇයි?
ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විදිහට කටයුතු කරන කාලයේ (2010 – 2015 කාලයේ) දී, ඔහු කොළඹ කුණු ප්‍රශ්නය මුළුමනින් ම විසඳපු බවට මතයක් තියෙනවා. 2005 ඉඳලා ඔහු දරපු ආරක්‍ෂක ලේකම් තනතුරට නාගරික සංවර්ධන විෂයයත් එකතුවුණාට පස්සේ ඔහු නගරය පිරිසිදු කරන වැඩේට හමුදාව යොදවපු බවටත් චෝදනාවක් එල්ලවුණා. කොහොම හරි, ඔහු ඒ තනතුර දරපු කාලයේ දී, කොළඹ කුණු ගොඩගැහුණේ නෑ.
හැබැයි මේ කුණු අතුරුදහන් කිරීමේ කාර්යයේ දී නො කළ යුතු වැඩක් කරපු බව තමයි මගේ අදහස. ඒ නො කළ යුතු වැඩේ තමයි කොළඹ නගරයේ කුණු බක්කි ඉවත්කිරීම.
දැන් කොළඹ විතරක් නෙවෙයි මේ සිරිලංකාවේ කිසිම නගරයක පාරවල් අයිනේ කුණු බක්කි නෑ. මේ විදිහට, ලෝකයේ නගරවල පාරවල් අයිනේ කුණු බක්කි අයින් කරපු එක ම රටත් මේ සිරිලංකාව වෙන්න ඕන.
එක දවසක් කොළඹ ඉඳලා රිකිල්ලගස්කඩ ගෙදරකට යද්දි, කොළඹ දී ගත්ත කෑමක් කාලා ඉතුරුවෙච්ච අපද්‍රව්‍ය දාන්න තැනක් නැතුව මම ඒක රිකිල්ලගස්කඩ හිතවතාගේ ගෙදරට ම ඇරැගෙන ගියා. ඒ කුණු ටික බැහැර කරන්න තැනක් පාර අයිනේ හොයාගන්න බැරිවෙච්ච හින්දා තමයි මම එහෙම කළේ.
මිනිස්සුන්ට තමන්ගේ කුණු බැහැර කරන්න තැන් ඕන. ගෙවල්වල එකතුවෙන ලොකු කුණු ගොඩවල් ඒ ආශ්‍රිතව හදපු තැන්වලට භාරදෙන්න පුළුවන්. නගරවලට එන මිනිස්සු ඇරැගෙන එන කෑම පාර්සලේ කෑවාම ඉතුරුවෙන කොළේ දාන්න කුණු බක්කි තියෙන්න ඕන. තමන් කන ටොපියක කොළේ දාන්න තැනක් තියෙන්න ඕන. බස් ටිකට් එකක් දාන්න තැනක් තියෙන්න ඕන.
කුණු බක්කි තිබුණා කියලා නගර කැතවෙන්නේ නෑ. කුණු බක්කිවල කුණු අයින් කළේ නැතිනම් නගර කැතවෙනවා. ඒක ඇත්ත. දවසකට හත් අට වතාවක් - අඩුම තරමින් පැය දෙකකට වතාවත්, නගරවල තියෙන කුණු බක්කිවලට එකතුවෙන කුණු අයින් කරන්න ඕන. ඒ වගේ ම, කුණු බක්කිත් පිරිසිදු කරලා, ලස්සනට තියාගන්න ඕන. එහෙම ලස්සනට කුණු බක්කි තියාගන්න රටවල් ඕන තරම් තියෙනවා. හැබැයි එහෙම නො කර, කුණු බක්කි අයින් කරපු රටකට තියෙන්නේ නම් මේ සිරිලංකාව විතරයි.
අපේ අය නාගරික කුණු ප්‍රශ්නය විසැඳුවේ අමුතු ම විදිහකට. කුණු නැතිකිරීම වෙනුවෙන් කුණු බක්කි නැති කළා. මේක ඉතාමත් අඥාන වැඩපිළිවෙළක්. කුණු බක්කි නැතිවුණාම මිනිස්සු අසරණ වෙනවා. දවසකට කොච්චරක් නම් පිටස්තර මිනිස්සු කොළඹට එනවා ද? හුඟක් අය බත් බැඳගෙනත් එනවා. කොළඹ පාරවල් අයිනේ නවත්තලා තියෙන මගී ප්‍රවාහන බස් සහ පාසල් බස් රථ ගැන හිතන්න. ඉස්පිරිතාලවලට යන එන මිනිස්සු කන්දරාව ගැන හිතන්න.
මෙහෙම පිට ඉඳලා කොළඹ එන අයට තමන් ගෙදරින් ගෙනාපු කෑම එක කාලා, ඉතුරුවෙන කුණු දන්න තැනක් නෑ. ඉතින් මෙහෙම කුණු නගරය මතුපිටින් අතුරුදහන් වෙනවා. ඒ කුණු නගරයේ කාණුවලට රිංගවන හින්දා තමයි මේ අතුරුදහන්වීම සිද්දවෙන්නේ.
මේක මිනිස්සුන්ගේ අශිෂ්ටකම, හැදියාවක් නැතිකම පෙන්නන කාරණයක් නෙවෙයි. මේක නගර පාලනය කරන අයගේ අශිෂ්ටකම හින්දා සිද්දවෙන වැඩක්. මිනිස්සුන්ට කුණු බැහැර කරන්න තැන් හදලා දෙන එක නගර පාලනය කරන අයගේ වගකීමක්. ඒ වෙනුවෙන් පාරවල් අයිනේ කුණු බක්කි තියෙන්න ඕන. ඒවාට එකතුවෙන කුණු පැය දෙකෙන් දෙකට අයින් කරවන එකත් නගර පාලනය කරන අයගේ වගකීමක්. ඒ වගේ ම, හැම කුණු බක්කියක් ම පිරිසිදු කරලා, ඒවා ලස්සනට තියාගන්න එකත් නගර පාලනය කරන අයගේ වගකීමක්.
නගර පාලනය කරන අය තමන්ගේ ඒ වගකීම ඉටු කරන්නේ නැතුව, මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නෑ. මේ විසැඳුම ක්‍රියාත්මක කරන කල්, කොළඹ වතුරට යටවෙන එක වළක්වන්නත් බෑ.
ඉතින් කුණු බක්කි අයින් කරලා නගරයක් ලස්සන කරන්න බෑ කියන එක අදාළ බලධාරියෝ තේරුමගන්න ඕන. හැම ලස්සන නගරයක ම කුණු බක්කි තියෙනවා. කුණු බක්කි නැත්තේ කුණු හංගන බලධාරියෝ ඉන්න නගරවල විතරයි.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගැන ගැසට් නිවේදනය නිකුත් වෙනකොට බෞද්ධ කියන වචනය හළනවා.. ගැසට් එකේ වක්‍රව කියන දේවල් අතිශය භයංකාරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
9වන ජනාධිපතිගෙන් 9වන ව්‍යවස්ථාව බේරා ගැනීමේ මහා අධිෂ්ඨාන පූජාව ඇරඹෙයි..
සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්‍රි හෙළිකරන කතාව..
කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්‍රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..
මම දෙමළ තමයි.. ඒත් මම බුද්ධාගම වෙනුවෙන් කඩේ යනවා.. කිසිම කෙනෙකුට ඒක නතර කරන්න බැහැ.. - සුරේෂ් රාගවන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන්න.. - එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි..
11 වැනිදා මිහින්තලේ කටු සෑය අබියසදී දැවැන්ත සත්‍යග්‍රහයක් සහ අධිෂ්ඨාන පූජාවක් අරඹනවා.. - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..