රන්ජන්ට මොළේ අසනීපයක්?, අපි අනිවාර්යයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නවා.. - ආණ්ඩුව ඩෝබිලා අන්දවන අලුත්ම ක්‍රමය..
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ඉකුත් දා ප්‍රසිද්ධියේ තෑගි බෝග ඉල්ලා සිටීම සම්බන්ධ ප්‍රකාශය පිළිබඳව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කර ඇත්තේ රන්ජන් ජයලාල්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, එබඳු ප්‍රකාශයක් සිදු කිරීමට නගරාධිපතිවරයාට මොළයේ අසනීපයක් අති බවත් ය.
කෙසේ වුවද සමාජ මාධ්‍යයේ මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම් බොහොමයක් මේ දිනවල සිදුවන අතර, හඳුන්නෙත්ති අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ද එබඳු අදහස් දැක්වීම් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
එසේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු දැක්වූ අදහසක් අප මෙලෙස පළ කරන්නේ අපටද වැටහෙන ආකාරයට මෙම විනය ක්‍රියාමාර්ග සිදුකරන බවට කරනු ලබන ප්‍රකාශ හුදෙක් තමන්ගේ පාක්ෂිකයන් ඇන්දවීම සඳහා සිදුකරන ප්‍රකාශ වීමට බොහෝදුරට ඉඩ ඇති නිසාය.
එම අදහස් දැක්වීම පහළින්..
"හදුන්නෙත්ති සිරසට ඇවිල්ලා කියනවා කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ප්‍රසිද්ධියෙ අල්ලස් ඉල්ලපු එක වැරදි කියලා. එ වගේම විනය පරීක්ෂනයක් පක්ෂයෙන් කරනවා වගේම නීතිමය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය බවත් පැහැදිලිව කියනවා.
හැබැයි රන්ජන් ජයලාල් කියන හි|ගන්නා කරපු එ ප්‍රකාශය අල්ලස් ඉල්ලිමක් නෙමෙයි කියලා හදුන්ලට වඩා ජවිපේ වගෙ හැසිරෙන ඩෝබිල ටික මේකෙ හත්පොලේ ගෑවා.
හොර බදු ඔප්පු හදලා ලක්ෂ 36ක වංචාවකට රන්ජන් ජයලාල් එක්කම එකම නඩුවේ ඉන්න වසන්ත සමරසිංහ කියන කප්පම් හි|ගන්නා නැ ඒක අල්ලස් ඉල්ලිමක් නෙමෙයි කිව්වා.
කැබිනට් රැස්විමෙදි ඇමති නලින්දගෙන් මෙ ගැන ඇහුවම නලින්ද වචන ටිකක් එකතු කරල කියාගන්න බැරුව හිනාවෙවී තටම තටම හිටියා. සම්පුර්ණ කතාව අහන්න ඕනෙ කිව්වා. නලින්ද බබා..
ලාල් කාන්ත කියන ආන්ඩුවෙ ලොකුම තක්ක|ඩියා ජයලාල් කියන්නෙ හරිම හොද කෙනෙක් ඉදල හිටල එහෙම වැරදිලා වගෙ කතා කියවෙනවා කියල ව්‍යංගයෙන් වරද පිලිගන්න ගමන් රන්ජන් ජයලාල්ව හේදුවා.
දැන් මෙ ඔක්කොම අස්සෙ හදුන්නෙත්ති ප්‍රසිද්ධ මාධ්‍යයෙ මේක වැරදි වගෙම ප්‍රසිද්ධියෙ සමාව ඉල්ලා සිටිය යුතු බවත් කියනවා. එ වගේම විනය ක්‍රියාමර්ග ගන්න බවත් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් කියනවා. මිට පෙර පක්ෂ නායකයන්ට පවා එහෙම පියවර ගත් බව කියනවා.
දැන් තියෙන්නේ අනුර කුමාර ඇතුලු ආණ්ඩුව රන්ජන් ජයලාල්ට මොකද කරන්නෙ කියල බලන් ඉන්න එක. නගරාධිපතිකම පරිස්සම් කරලා දෙයිද එහෙම නැතිනම් කනෙන් ඇදල එලියට දාල මේවට පියවර ගනිද කියල බලන එක.
Wait.. What... නැ නැ එහෙම මුකුත් වෙන්නැ.
දැන් හදුන් මෙහෙම කිව්ව කියල මෙච්චර දවස් ජයලාල්ව හෝදපු ඩෝබිල ටික උදෙ ඉදන් පටන් ගනියි 'දැක්කද දැක්කද අපෙ හදුන් ඒක වැරදි කිව්වා.. ලේසිවෙන්නැ මේ පාරනම්.. ජයලාල්ව හිරෙ දාල නවත්වන්නෙ..' කියල. ඒ ටෝන් එකෙන් නාහෙන් අඩන අතරේ තව මොකෙක් හරි මෙ වගේ කතාවක් හො මෝ ඩ වැඩක් කරයි..
දවස් දෙකක් යන්න කලින් ජයලාල්ගෙන් මේ යශ්ටිය වෙන එකෙක්ට යනකම් අල්ලන් ඉන්න විතරයි තියෙන්නෙ. රන්ජන් ජයලාල්ගෙ මයිලකටවත් ආණ්ඩුවෙන් අත තියන්නැ. මුකුත් වෙන්නෙත් නැ.
සටහන - Sasindu Sahan Tharaka"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..
ජනතා හඬ යටපත් කිරීමට ගෙනෙන මර්දනකාරී නීතිවලට එරෙහිව සියලු දෙනා එක්විය යුතුයි.. – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
අනුරාධපුර පූජා නගරය ගැන ගැසට් නිවේදනය නිකුත් වෙනකොට බෞද්ධ කියන වචනය හළනවා.. ගැසට් එකේ වක්‍රව කියන දේවල් අතිශය භයංකාරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
9වන ජනාධිපතිගෙන් 9වන ව්‍යවස්ථාව බේරා ගැනීමේ මහා අධිෂ්ඨාන පූජාව ඇරඹෙයි..
සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්‍රි හෙළිකරන කතාව..
කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්‍රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..