අප්‍රිකාවේ බෞද්ධ ප්‍රබෝධයට උරදුන් උගන්ඩාවේ බුද්ධරක්ඛිත හාමුදුරුවෝ..
👉 උගන්ඩාව නම් රාජ්‍යය මෑත ඉතිහාසයේදී බොහෝ දෙනා අතර කතාබහට ලක් වූයේ එරට ජීවත් වූ ඉඩි අමීන් නම් ආන්දෝලනාත්මක පාලකයා නිසාය.
👉 වර්තමානයේ දී උගන්ඩාව වැනි රටක කළු ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිවුරුවලින් සැරසී මහමඟ පිඬු සිඟා වඩින දර්ශනයක් දුටුවහොත් බොහෝ දෙනා පුදුමයට පත් වනු නොඅනුමානය.
👉 අප්‍රිකානු කලාපයේ රටක් වන උගන්ඩාව යනු කිසිදු බෞද්ධ සංස්කෘතික පසුබිමක් නොමැති රටකි. මෑතක් වන තුරු උගන්ඩාවේ එකදු බෞද්ධ භික්ෂුවක්, පන්සලක් හෝ බුදු රුවක් දක්නට නොතිබිණී.
ජනගහනයෙන් සීයට 82ක් කතෝලික හා සීයට 13ක් ඉස්ලාම් ආගම අදහන උගන්ඩාවේ කිසිදු බෞද්ධයෙක් පිළිබඳ මෑත ඉතිහාසයේ කරුණු වාර්තා වී නැත.
👉 එසේ වුවද මීට වසර 27කට පෙර එක්තරා සුවිශේෂී පුද්ගලයෙක් මේ තත්තවය හැකි තරමින් වෙනස් කිරීම සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුහන් කළේය.
👉 1966 දී කතෝලිකයෙකු වශයෙන් උගන්ඩාවේ උපත ලැබූ ඔහු නමින් ස්ටීවන් කාබගෝසා නම් වෙයි.
👉 පසුව මේ ස්ටීවන් තරුණ වියේදී වාණිජ විෂයන් සම්බන්ධ උපාධියක් හැදෑරීම සඳහා ඉන්දියාවේ පන්ජාබ් විශ්ව විද්‍යාලයට පැමිණි අතර එකල ඔහුගේ අරමුණ වූයේ ගණකාධිකාරවරයෙකු වීමය.
👉 මේ අනුව 1990 දී පමණ ස්ටීවන්ට ඉන්දියාවේදී බුදු දහම ගැන දැන ගන්න ලැබුණු අතර එවකට ඔහුගේ වයස අවුරුදු විසි හතරකි.
👉 එදා ස්ටීවන්ට බුදු දහම ගැන ඇති වූ පැහැදීමේ අවසාන ප්‍රතිඵලය වුණේ 2002 දී ස්ටීවන් බුද්ධරක්ඛිත නමින් පැවිදි ජීවිතයට ඇතුළත් වීමය.
👉 ඒ අනුව ස්ටීවන් කාබගෝසා පැවිදි ජීවිතයට ඇතුළත් වූ පළමු උගන්ඩා ජාතිකයා ලෙස ඉතිහාසයට එක් වන අතර පසුව උන්වහන්සේ උගන්ඩාව ඇතුළු අප්‍රිකානු රටවල බුදු දහම ප්‍රචාරය කිරීම සඳහා තීරණාත්මක දායකත්වයක් දක්වන ලද්දේ මහා කාන්තාරයක පුංචි පැළයක් තනිව රෝපණය කිරීමේ දුෂ්කරතා මැනවින් විඳ දරා ගනිමිනි.
👉 මෙහිලා සඳහන් කළ යුතු තවත් විශේෂ කාරණයක් වනුයේ මේ උගන්ඩා ජාතික භික්ෂුව බුදුදහම පිළිබඳ වැඩිදුර කරුණු හදාරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රකට භික්ෂූන් වහන්සේ නමක් වන හේනේපොල ගුණරතන ස්වාමීන් වහන්සේගෙන් වීමය. හේනේපොළ ගුණරතන හිමියන් දැනට අමෙරිකාවේ ජීවත් වන ශ්‍රේෂ්ඨ යතිවරයෙකු වන අතර අද වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 99කි.
👉 ඒ අනුව මේ උගන්ඩා ජාතික බුද්ධරක්ඛිත හිමි අමෙරිකාවේ වැඩ වාසය කරමින් ශ්‍රී ලංකාවේ ගුණරතන හිමියන්ගෙන් වසර 8කට වැඩි කාලයක් බුදු දහම පිළිබඳ උගෙන තිබේ.
👉 මේ අධ්‍යයන කටයුතු අතරේම බුද්ධරක්ඛිත හිමියන් උගන්ඩාවේ බුදු දහම ප්‍රචලිත කිරීමේ කටයුතුද ආරම්භ කළ අතර, මුල් යුගයේදී උන්වහන්සේ ඉතා සුළු පිරිසකට ධර්ම දේශනා පවත්වන ලද්දේ එහා මෙහා ගෙන යා හැකි ජංගම කූඩාරමක් භාවිත කරමිනි.
👉 මේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වූයේ 2005 අප්‍රේල් 5 වැනිදා උන්වහන්සේ විසින් උගන්ඩා බෞද්ධ මධ්‍යස්ථානය හෙවත් උගන්ඩා බුඩිස්ට් සෙන්ටර් නම් ආයතනය ආරම්භ කිරීමය.
👉 මේ ආයතනය ක්‍රම ක්‍රමයෙන් දියුණු කරමින් උන්වහන්සේ උගන්ඩාව තුළ මෙන්ම අප්‍රිකානු කලාපය ඇතුළු ලෝකයේ තවත් රටවල බෞද්ධ ප්‍රචාරක කටයුතු සිදු කළ අතර, තවත් උගන්ඩා ජාතිකයන් ගණනාවක් බුදු දහම වැළඳගෙන පැවිදි ජීවිතයට ඇතුළත් වූයේ බුද්ධරක්ඛිත හිමියන්ගේ මඟ පෙන්වීම යටතේය. මේ යටතේ බුද්ධරක්ඛිත හිමියන්ගේ මව ද ධම්මකාමී නමින් පැවිදිව උගන්ඩාවේ පළමු භික්ෂුණිය ලෙස පැවිදි ජීවිතයට ඇතුළත් වූවාය.
👉 මේ ආකාරයෙන් උගන්ඩා බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කොට අද වන විට වසර විසි එකක කාලයක් ගතවී ඇති අතර, මේ කාලය තුළ මේ ආයතනය හරහා ආගමික ශාසනික කටයුතුවලට අමතරව, විශාල වශයෙන් සමාජ සුබසාධන කටයුතු රාශියක් සිදු කිරීමටද බුද්ධරක්ඛිත හිමියන් සමත් වී තිබේ.
👉 මේ ආයතනය මගින් 2022 දී ආරම්භ කරන ලද බුඩිස්ට් පීස් ස්කූල් නම් පාසලේ අද වන විට ප්‍රාථමික හා ද්විතීක ශ්‍රේණිවලට අයිති සිසුහු 300ක් පමණ අධ්‍යාපනය ලබති.
👉 එමෙන්ම උගන්ඩාවේ බුද්ධරක්ඛිත හිමියන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ගෞරව ආචාර්ය උපාධියක්ද හිමි කොට ගෙන ඇති අතර, උන්වහන්සේ බුදු දහම ගැන කෘති කීපයක්ද රචනා කොට තිබේ.
👉 උගන්ඩාව වැනි කිසිදු බෞද්ධ සංස්කෘතික පදනමක් නැති රටක හා මහද්වීපයක මෙවැනි කටයුත්තක් සුළුවෙන් හෝ ආරම්භ කොට ඉදිරියට ගෙන යාම අතිශය බැරෑරුම් කටයුත්තක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. බුද්ධරක්ඛිත හිමියන්ගේ මැදිහත් වීම ඉතා සුවිශේෂී එකක් වනුයේ ඒ අනුවය.
👉 එක්සත් ජාතීන්ගේ භූමි කලාප වර්ගීකරණය අනුව අප්‍රිකානු කලාපයට අයිති රටවල් සංඛ්‍යාව පනස් හතරකි. බුද්ධරක්ඛිත හිමියන් පවසන ආකාරයට උන්වහන්සේගේ ඉදිරි ඉලක්කයක් වනුයේ මේ සෑම අප්‍රිකානු රටකටම බුදු දහමේ පණිවිඩය ගෙන යා හැකි භික්ෂූන් වහන්සේලා 54 නමක් බිහි කිරීමය.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්‍ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්