"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස පවතින සැඟවුණු අරමුණු සහ ඉන් මෙරට බෞද්ධ උරුමයට සිදුවන බලපෑම් පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී පුළුල් ලෙස කරුණු අනාවරණය කළේය.
අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව විසින් රුපියල් මිලියන 7700ක මූල්‍ය ආධාර ලබා දීම සහ පුරාවිද්‍යාත්මක ස්ථාන ආශ්‍රිතව මෙන්ම හින්දු කෝවිල් 21ක් ඉදිකිරීම සඳහා මුදල් වෙන් කිරීම සාමාන්‍ය පරිත්‍යාගයක් ලෙස නොසැලකිය යුතු බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
මෙහිදී ඉන්දියාව තම බදු ගෙවන්නන්ගේ අරමුදල් පිනට ලබා නොදෙන බවත්, මෙවැනි ක්‍රියාවන් පිටුපස ඔවුන්ගේ යම් අධිපතිවාදී මනසක් සහ සැඟවුණු අරමුණු ක්‍රියාත්මක වන බව ඒ මහතා සඳහන් කරයි.
පසුගිය පෙබරවාරි මස 27 වන දින නිකුත් කරන ලද අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් පත්‍රය හරහා, අනුරාධපුර පූජා නගරයේ පවතින බෞද්ධ අනන්‍යතාවයට සහ උරුමයට හානි සිදුවිය හැකි බවට ඔහු අනතුරු අඟවයි.
එමෙන්ම, මෙම සැලැස්ම යටතේ සිදුකෙරෙන ඇතැම් ඉදිකිරීම් සහ වැටවල් ගැසීම් වැනි ක්‍රියාවලීන් පිටුපස බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් වෙනත් අරමුණු ක්‍රියාත්මක වන බවට සැකයක් පවතින බවත් හෙතෙම පෙන්වා දෙයි.
පවතින ප්‍රබල පුරාවිද්‍යා පනත ඉවත් කර වෙනත් පනතක් ගෙන ඒමට රහසිගතව සූදානම් වන බවත්, ඒ හරහා උතුරේ මෙන්ම මෙරට තුළ ඇති ඇතැම් බෞද්ධ සිද්ධස්ථාන හින්දු කෝවිල් බවට පත් කිරීමට හෝ වෙනස් කිරීමට ඉඩකඩ සැලසෙන ආකාරයේ ලැයිස්තුගත කිරීම් සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කරයි.
මෙම ජාතික වැදගත්කමක් ඇති කාරණා සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් රහසිගතව පැමිණ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් හමුවී සමීක්ෂණ වාර්තා වෙනස් කිරීමට පවා බලපෑම් කර ඇති බවත්, එපමණක් නොව, මෙවැනි තීරණාත්මක ජාතික ගැටලු හමුවේ විපක්ෂය සහ විපක්ෂ නායකවරයා සම්පූර්ණයෙන්ම නිහඬව සිටිමින් ඉන්දියානු බලහත්කාරයට සහ ආණ්ඩුවට යටත්වී ඇති බවටත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා බරපතළ චෝදනා එල්ල කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්‍ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්