පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
2026/27 මාස් කන්නයේ වගා කටයුතු දිවයින පුරා ආරම්භ වී තිබුණද, කෘෂිකර්ම ක්ෂේත්රයේ පවතින නිසි කළමනාකරණයක් නොමැතිකම සහ දත්තවල පවතින ගැටලු හේතුවෙන් මෙවරද දැඩි පොහොර සහ බීජ හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ මෙවර මාස් කන්නයේදී හෙක්ටයාර් 853,000 කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කිරීමට සැලසුම් කර ඇති බවයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අතර කාලාන්තරයක් තිස්සේ පවතින දත්ත පිළිබඳ මතභේද මෙවරද විසඳී නොමැති වීම හේතුවෙන් රටට අවශ්‍ය සැබෑ පොහොර ප්‍රමාණය නිසි ලෙස ගණනය කර නොමැති බව ඒ මහතා පෙන්වා දෙයි.
මේ යටතේ මඩ පොහොර (TSP) මෙට්‍රික් ටොන් 8,000 කට ආසන්න ප්‍රමාණයක් සහ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 200,000 කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වුවද, රේගු වාර්තා අනුව පසුගිය ජූනි මාසයේ සිට ඔක්තෝබර් මස දක්වා දිවයිනට ගොඩබා ඇත්තේ ඉතා සුළු පොහොර ප්රමාණයකි.
හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින තත්ත්වයන් හමුවේ පොහොර නැව් පැමිණීම ප්‍රමාද වී ඇති අතර, රජය විසින් පෞද්ගලික අංශයට මෙට්‍රික් ටොන් 80,000 ක් ගෙන්නීමට කැබිනට් අනුමැතිය ලබා දුන්නද තවමත් අවශ්‍ය තරම් පොහොර ප්‍රමාණයක් රට තුළ නොමැති බව හෙතෙම අනාවරණය කළේය.
"ඇමැතිවරුන් සහ නිලධාරීන් පොහොර ඕනෑ තරම් තියෙනවා කිව්වට මහ පොළොවේ ඒ තත්ත්වය නෑ. රුපියල් 15,000 ක් වෙනකම් පොහොර හොණ්ඩරයක මිල ඉහළ ගිහින්. ඊට අමතරව ඩීසල් මිල වැඩිවීම සහ බීජ වී හිඟය නිසා වගාව පටන් ගන්නකොටම ගොවියා අසරණ වෙලා" යැයි තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
රජය විසින් ලබාදෙන රුපියල් 25,000 ක පොහොර සහනාධාර මුදල වගා කටයුතු ආරම්භ කරන මුල් සති දෙක ඇතුළත ගොවීන්ගේ ගිණුම්වලට බැර විය යුතු බවත්, පසුගිය යල කන්නයේ අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව අම්පාර, අනුරාධපුර සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල ගොවීන් තවමත් අසීරුතාවයෙන් පසුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෑත කාලයේ පැවැති වර්ෂාපතනය සහ පවතින කාලගුණික තත්ත්වයන් හමුවේ සිදුවන වගා හානි සඳහා තවමත් වන්දි ගෙවනු ලබන්නේ 2017 වසරේ චක්‍රලේඛ අනුව බව පෙන්වා දුන් ඒ මහතා, වත්මන් නිෂ්පාදන පිරිවැයට ගැලපෙන පරිදි එම වන්දි මුදල් සහ චක්‍රලේඛ වහාම සංශෝධනය කළ යුතු බවද අවධාරණය කළේය.
මීට අමතරව, අනුරාධපුර පූජනීය නගරයේ භෞතික සැලැස්ම සම්බන්ධයෙන් මෑතකදී ඇතිව තිබෙන සංවාදය පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක නටබුන් ආරක්ෂා කරමින් පූජා භූමිය සංවර්ධනය කළ යුතු බව කියා සිටියේය.
අනුරාධපුර අටමස්ථානය සහ රුවන්වැලි මහා සෑය ඇතුළු පූජනීය භූමි පද්ධතියේ පරිසර පද්ධතිය සහ බෞද්ධ උරුමයේ ගෞරවය සුරක්ෂිත වන පරිදි සියලු සංවර්ධන කටයුතු සිදුවිය යුතු අතර, පූජනීය නගරය ආශ්‍රිතව කුඹුරු හා රක්ෂිත ඉඩම් අනවසරයෙන් අත්පත් කරගනිමින් ගොඩකිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වා ගොවිජන සංවර්ධන හා වැව් සංරක්ෂණ පනත්වලට අනුකූලව ක්‍රියා කළ යුතු බවද අවධාරණය කෙරිණි. අවස්ථාවාදී දේශපාලන අරමුණු වෙනුවෙන් නොව, බුද්ධ ශාසනයට සහ පූජනීය නගරයට හානියක් නොවන පරිදි විනිවිදභාවයෙන් යුතුව අදාළ සංවර්ධන කටයුතු සිදු කිරීමට රජය මැදිහත් විය යුතු බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්