කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්
ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරමින් රජය විසින් ගෙන ඒමට යෝජිත "ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත" (PSTA) හිටපු පනතටත් වඩා බරපතල හා දැඩි ස්වරූපයක් ගන්නා බව ප්රවීණ මාධ්යවේදී ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩු මහතා පෙන්වා දෙයි.
"දිවයින" යූටියුබ් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ අතර, මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය, යෝජිත නව නීති සහ මාධ්ය නිදහස සම්බන්ධයෙන් පුළුල් විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය.
ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩු මහතා පෙන්වා දෙන පරිදි, යෝජිත නව පනත යටතේ කිසිදු සාක්ෂියක් නොමැතිව වුවද, සැකපිට පුද්ගලයෙකු මාස දෙකක කාලයක් අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව රඳවා තබා ගැනීමට හැකියාව ලැබේ.
එමෙන්ම, අවශ්ය වුවහොත් එම රඳවා තබාගැනීමේ කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට ද මෙමඟින් ප්රතිපාදන සැලසෙන බව ඔහු කියා සිටී. ජාතික ජන බලවේගය මැතිවරණ සමයේදී ත්රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට පොරොන්දු වුවද, බලයට පත්වීමෙන් පසු ඊට සමාන හෝ වඩා දැඩි නීති ගෙන ඒම රටේ ප්රජාතන්ත්රවාදයට සහ මාධ්ය නිදහසට එල්ල වන බරපතල අභියෝගයක් බව ඔහු අවධාරණය කරයි.
මෑතකදී හෝමාගම පොලිස් අත්අඩංගුවේදී සිදුවූ පුද්ගල ඝාතනය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළ ඒ මහතා, වර්තමාන රජය යටතේද බන්ධනාගාර සහ පොලිස් භාරයන්හි රඳවා සිටින පුද්ගලයන්ට අත්වී ඇති ඉරණම බරපතල ගැටළුවක් බව සඳහන් කළේය. එසේම, රජයේ මෙම ක්රියාමාර්ග සහ ඉදිරි ගමන පාලනය කිරීමට හෝ නිසි ලෙස පියවර ගැනීමට තරම් වත්මන් විපක්ෂය ශක්තිමත් නොවීම රටේ අනාගත දේශපාලනයට බලපාන ප්රධාන දුර්වලතාවයක් බව ඔහු පෙන්වා දුන්නේය.
ඉන්දීය ආධාර යටතේ අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය කිරීමේ ව්යාපෘතිය සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී අදහස් දැක්වීය. මෙවැනි සංස්කෘතික හා ආගමික වශයෙන් ඉතා සංවේදී කාරණා සම්බන්ධයෙන් රජය වඩාත් කල්පනාකාරී විය යුතු බවත්, අනවශ්ය ගැටුම්කාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට බලධාරීන් වගබලා ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්රස්තවාදී ආක්රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්රසීල ජනාධිපති ලූලාගේ ජයග්රහණය බ්රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්
ඊශ්රායල මැතිවරණ ප්රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්යන්තර දේශපාලන ප්රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..