ජනාධිපතිට හීලෑ නොවූ අගවිනිසුරුගෙන් පලිගන්නට උසාවිය දවස් දෙකක් අගුළු දමා වසා රස්තියාදු කළ හැටි..
ශ්රී ලංකාවේ ප්රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී, රජයට හෝ ජනාධිපතිවරයාට හීලෑ නොවී ස්වාධීනව කටයුතු කළ එවක අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඉන් ඉවත් කිරීමට සහ ඔහුගෙන් පලිගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී කාරියවසම් මහතා සිට යූටියුබ් නාලිකාව හරහා විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.
ශ්රී ලංකාව ඒකීය රාජ්යයක් ලෙස පිළිගෙන සියලුම රාජ්ය සේවකයන් සහ මහජන නියෝජිතයන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දිය යුතු බවට 6 වැනි ව්යවස්ථා සංශෝධනය ගෙන එන ලදී. පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පතට අගවිනිසුරුවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දිය යුතු යැයි සඳහන් වගන්තියක් රහසිගතව එකතු කර තිබූ අතර, අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන් ඒ බව දැන සිටියේ නැත.
නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන්, ඊළඟ දිනවල විනිසුරුවරුන් අධිකරණ සංකීර්ණයට පැමිණි විට උසාවි දොරවල් අගුළු දමා වසා තිබූ අතර, ඔවුන්ට කොරිඩෝවට වී රස්තියාදු වීමට සිදුවිය.
1984 මාර්තු 14 දින පැවති උත්සවයකදී අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා රටේ ජීවන වියදම ඉහළ යාම, රැකියා බැංකු ක්රමයේ දුර්වලතා සහ ජනාධිපතිවරයාගේ වැටුප පිළිබඳව දැඩි ප්රසිද්ධ ප්රකාශයක් සිදු කළේය. මෙම සෘජු ප්රකාශය ජනාධිපතිවරයාගේ දැඩි කිපීමට හේතු විය.
අගවිනිසුරුවරයා ධුරයෙන් පහ කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කරමින් විමර්ශන ආරම්භ කළද, නීතිමය ක්රමවේද හා ව්යවස්ථාමය ගැටලු මෙන්ම අගවිනිසුරුවරයා වයස 60 සම්පූර්ණ කර විශ්රාම යාම නිසා (1984 ඔක්තෝබර් 22) එම උත්සාහය අසාර්ථක විය.
ස්වාධීන අධිකරණයක් වෙනුවෙන් පෙනී සිටි අගවිනිසුරුවරයෙකුට එරෙහිව එවක දේශපාලන බලධාරීන් ගෙන ගිය මෙම සංකීර්ණ ක්රියාදාමය මෙරට දේශපාලන හා අධිකරණ ඉතිහාසයේ දැඩි කතාබහට ලක්වූ සුවිශේෂී සිදුවීමකි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..
සෞඛ්ය සේවයෙන් මුස්ලිම් කාන්තාව වෙන් කිරීම සුදුසු ද?.. - සෞඛ්ය සේවයේ නිල ඇඳුම වෙනස් කිරීමේ මානව හිමිකම් නිර්දේශය ගැන ධර්ම පර්යේෂණාලයෙන් බලවත් විරෝධයක්
PSTA ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට බරපතළ ලෙස පටහැනියි...- එක්සත් ජාතීන්ගේ විරෝධය..
වසරකට පොලිස් කූඩුවල මරණ 17යි... පැය 72ක් රඳවාගෙන පහරදීමට සහ පොලිස් පාපොච්චාරණ සාක්ෂි කරගැනීමට අසීමිත බලතල දීමෙන් රටම බියකරු අගාධයකට..
මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇතිවිය හැකියි.. - සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය..
ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්ය කතා පුවත..
“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්රතිචාර දක්වයි
බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය
නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්