News Category
From Date
To Date
Maximum Number of Result

වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්‍ෂණ..

Nov 1, 2026 at 09:59 AM
|

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව The Sunday Times පුවත්පත වාර්තා කරයි.

එම දෙදෙනාගේ වත්කම් පිළිබඳව සිදු කරන ලද මූලික සොයා බැලීම්වලදී මතුවූ ගැටලුකාරී කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මෙම පුළුල් විමර්ශනය ආරම්භ කිරීමට කොමිසම පියවර ගෙන ඇති බව එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.

'සන්ඩේ ටයිම්ස්' වාර්තාවට අනුව, මෙම දේශපාලනඥයන් දෙදෙනා විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශ සහ පසුව ලබාදුන් ප්‍රකාශන අතර පවතින විෂමතා හා නොගැළපීම් සැලකිල්ලට ගනිමින් මෙම සවිස්තරාත්මක විමර්ශනය ක්‍රියාත්මක වේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දේපළ මිල ගණන්වල සිදුවූ උච්චාවචනයන් හමුවේ ඇතැම් වත්කම්වල වටිනාකම ඉහළ ගොස් ඇති බවයි. එසේ වුවද, අලුතින් හෙළිදරව් කර ඇති අතිරේක වත්කම් පිළිබඳ කරුණු හේතුවෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝ හා ගැඹුරු පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය වී ඇති බව අල්ලස් කොමිසම තීරණය කර තිබේ.

මෙම පරීක්ෂණය ආරම්භ වී ඇත්තේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ජමුණි කමන්ත තුෂාර ද සිල්වා මහතා විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී කරන ලද පැමිණිල්ලකට අනුවය. වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන් පස්දෙනෙකු සහ එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඉලක්ක කරගනිමින් ඔහු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ලට ඇතුළත් වූ සෙසු අමාත්‍යවරුන් වන්නේ බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ය.

නීතිවිරෝධී ලෙස වත්කම් උපයාගෙන ඇතැයි කියන සිදුවීම් පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් පවත්වන ලෙස එම පැමිණිල්ල මඟින් ඉල්ලා තිබූ අතර, ඒ අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශන ක්‍රියාවලිය ආරම්භ කරන ලදී.

සම්බන්ධිත පුවත් | Related News

නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අද (01) සිට අනිවාර්ය වේ.
2009 වසරේදී ගිලීගිය ‘M.V. Medhufaru’ නැමැති නෞකාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 700,000ක රක්ෂණ වන්දියක් අයකර ගැනීම සඳහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් PLC සමාගම විසින් අමානා ටකාෆුල් PLC සමාගමට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබේ.
ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත යළි කිසියම් හෝ හමුදා ප්‍රහාරයක් එල්ල කළහොත්, කිසිදු භූගෝලීය සීමාවකට යටත් නොවී වහාම ක්‍රියාත්මක වන දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කරන බවට ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි දැඩි අනතුරු ඇඟවීමක් කර ඇතැයි තුර්කියේ 'ඩේලි සබා' පුවත්පත වාර්තා කර සිටියි.
ඕනෑම ගමකට ගිය විට තමන්ගේ මිතුරෙකුට එම ගමේ නෑයන් සිටි බව පවසන බවත්, ඇමති සුනිල් පෙනෙවිට ද එබඳුම නෑයන් සිටින බව පෙනෙන බවත්, ධර්මපාලතුමත් ඔහුගේ නෑයකු බවත්, කල්වාරි කන්ද හැදූ අයත් නෑයන් බවත්, හිමුදුරුවරුන් ද නෑදෑයන් බවත් වරුණ රාජපක්ෂ මහතා පවසයි.
ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ යම් කරුණු හෙළිකිරීමක් සිදුකළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී නිලන්ත සත්සර ගමගේ මහතා දඩයම් කිරීමට මේ වන විට ආණ්ඩුව සැරසෙන බවත්, ඔහු වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටින බවත් සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක නීතිඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය සහ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටිමින් ඕස්ට්‍රේලියාවේ සිට දශක තුනකට අධික කාලයක් ක්‍රියාත්මක වන 'ස්පර්' (SPUR) සංවිධානයට එරෙහිව සමාජ මාධ්‍ය හරහා පල කර ඇති ද්වේෂ සහගත සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් එම සංවිධානය සිය දැඩි විරෝධය සහ අවධානය යොමු කර තිබේ.
බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා ලැබූ ඓතිහාසික ජයග්‍රහණය යනු ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණයකට හෝ බ්‍රසීලයට පමණක් සීමා වූ ජයක් නොව, ගෝලීය දකුණේ සහ බ්‍රික්ස් (BRICS) සංවිධානයේ සමස්ත ප්‍රගතිශීලී කඳවුරේම නැගිටීමක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සහ ජාතික විධායක සභා සාමාජිකයෙකු මෙන්ම මෙරට ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ ලාල් විජේනායක මහතා ඊෙය් (31) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
පසුගිය කාලය තුළ යුරෝපා රටවල හටගත් ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ හුදෙක් තාවකාලික සිදුවීම් නොව, නව ලිබරල් ආර්ථික ක්‍රමයේ අසාර්ථකත්වය හමුවේ අලුයට ගිනිපුපුරු මෙන් පවතින ගැඹුරු අර්බුදයක ප්‍රතිඵලයක් බව ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..

වසර හයකට ආසන්න කාලයක් විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ චෝදනාවක් අද අමාත්‍යවරයකුගේ සදාචාරාත්මක වගවීම පිළිබඳ මහජන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ සමඟම මේ නිසා මාධ්‍යවල වගකීම, පුරවැසියකුගේ ප්‍රශ්න කිරීමේ අයිතිය සහ රාජ්‍ය බලය භාවිත කිරීමේ සීමා පිළිබඳවද ප්‍රශ්න මතුව තිබේ.

වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්‍ෂණ..

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව The Sunday Times පුවත්පත වාර්තා කරයි.

සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..

ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත යළි කිසියම් හෝ හමුදා ප්‍රහාරයක් එල්ල කළහොත්, කිසිදු භූගෝලීය සීමාවකට යටත් නොවී වහාම ක්‍රියාත්මක වන දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කරන බවට ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි දැඩි අනතුරු ඇඟවීමක් කර ඇතැයි තුර්කියේ 'ඩේලි සබා' පුවත්පත වාර්තා කර සිටියි.

ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ

ඕනෑම ගමකට ගිය විට තමන්ගේ මිතුරෙකුට එම ගමේ නෑයන් සිටි බව පවසන බවත්, ඇමති සුනිල් පෙනෙවිට ද එබඳුම නෑයන් සිටින බව පෙනෙන බවත්, ධර්මපාලතුමත් ඔහුගේ නෑයකු බවත්, කල්වාරි කන්ද හැදූ අයත් නෑයන් බවත්, හිමුදුරුවරුන් ද නෑදෑයන් බවත් වරුණ රාජපක්ෂ මහතා පවසයි.

බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා ලැබූ ඓතිහාසික ජයග්‍රහණය යනු ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණයකට හෝ බ්‍රසීලයට පමණක් සීමා වූ ජයක් නොව, ගෝලීය දකුණේ සහ බ්‍රික්ස් (BRICS) සංවිධානයේ සමස්ත ප්‍රගතිශීලී කඳවුරේම නැගිටීමක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..

පසුගිය කාලය තුළ යුරෝපා රටවල හටගත් ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ හුදෙක් තාවකාලික සිදුවීම් නොව, නව ලිබරල් ආර්ථික ක්‍රමයේ අසාර්ථකත්වය හමුවේ අලුයට ගිනිපුපුරු මෙන් පවතින ගැඹුරු අර්බුදයක ප්‍රතිඵලයක් බව ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහ මහතා පවසයි.

උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති

රජයේ අපේක්ෂිත ආදායම් ඉලක්කයන්ට කිසිදු හානියක් නොවන අයුරින්, එළඹෙන අයවැය ලේඛනය මඟින් තෝරාගත් බදු වර්ග කිහිපයක් තවදුරටත් පහත හෙළීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධනය සඳහා ජනාධිපතිවරයා විසින් උපදේශක සභාවක් පිහිටුවීම මගින් මීට පෙර ක්‍රියාකිරීමට උත්සාහ කළ ආකාරයේ වෙනසක් ඇතිවී තිබේද යන්න පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..

ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදනය හදිසියේ පහත වැටීමත් සමග ආරම්භ වී ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම (National System Operator – NSO) නිකුත් කළ මූලික විමර්ශන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරමින් රජය විසින් ගෙන ඒමට යෝජිත "ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත" (PSTA) හිටපු පනතටත් වඩා බරපතල හා දැඩි ස්වරූපයක් ගන්නා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා පෙන්වා දෙයි.

ඊශ්‍රායල මැතිවරණ ප්‍රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා "Lanka Voice" යුටියුබ් නාලිකාව සමඟ එක්වෙමින් ලෝක දේශපාලනයේ මෑතකාලීන උණුසුම් මාතෘකා රැසක් සම්බන්ධයෙන් ගැඹුරු විශ්ලේෂණයක් සිදු කර තිබේ.

සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..

තමන් කොළඹ කිංස්බරි (The Kingsbury) හෝටලයට පැමිණි අවස්ථාවේ ලබාගත් ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන විකෘති කර, ‘ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්’ යනුවෙන් අසත්‍ය ලේබල් අලවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් සිය කීර්තිනාමයට හානියක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා එම හෝටල් කළමනාකාරීත්වය වෙත සිය නීතිඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යොමු කර තිබේ.

76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්‍රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

76 වසරක සාපයක් ගැන කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිී නොමැති බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැමිණි ගමන් මාර්ගයේම ඔවුන්ද රට ගෙනයමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කරයි.

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්ථානය වන Binance සයිබර් ප්‍රහාරයකට ලක්වෙයි

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්ථානය වන Binance වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් සිදුවූ බලපෑම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් පමණ වනු ඇතැයි එම සමාගම ඇස්තමේන්තු කර තිබේ.

AI භීතියකින් වෝල් ස්ට්‍රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා අධික ලෙස මුදල් ආයෝජනය කිරීම සහ එහි ප්‍රධාන ආදායම් මාර්ගවලට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් වෝල් ස්ට්‍රීට් (Wall Street) කොටස් වෙළඳපල ආයෝජකයින් අතර ඇති වූ භීතියත් සමඟ ගූගල් හි මව් සමාගම වන ඇල්ෆබෙට් (Alphabet) හි වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 500කට වඩා පහත වැටී ඇති බව බීබීසී පුවත් සේවය පවසයි.

සෞඛ්‍ය සේවයෙන් මුස්ලිම් කාන්තාව වෙන් කිරීම සුදුසු ද?.. - සෞඛ්‍ය සේවයේ නිල ඇඳුම වෙනස් කිරීමේ මානව හිමිකම් නිර්දේශය ගැන ධර්ම පර්යේෂණාලයෙන් බලවත් විරෝධයක්

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ සහ විහාරාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සී හිමියන් විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය චන්දන අබේරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින්, මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන් සඳහා නිල ඇඳුමට අමතරව ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට ඉඩ සලසන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.