උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
රජයේ අපේක්ෂිත ආදායම් ඉලක්කයන්ට කිසිදු හානියක් නොවන අයුරින්, එළඹෙන අයවැය ලේඛනය මඟින් තෝරාගත් බදු වර්ග කිහිපයක් තවදුරටත් පහත හෙළීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කරයි.
උත්සව සභාවක් අමතමින් රටේ වත්මන් ආර්ථික ක්රියාකාරීත්වය සහ මූල්ය ප්රවණතා පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙතෙක් කිසිදු නව බද්දක් හඳුන්වා දී නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දැනටමත් ක්රියාත්මක ඇතැම් බදු සැලකිය යුතු මට්ටමකින් ලිහිල් කර ඇති බවත්, ඉදිරි අයවැයේදී එම සහන තවදුරටත් ජනතාව වෙත ලබා දීමට අපේක්ෂා කරන බවත් අවධාරණය කළේය.
පසුගිය පාලන සමයන්හිදී ඇස්තමේන්තුගත රාජ්ය ආදායම් ඉලක්කයන්ගෙන් සපුරා ගැනීමට හැකි වූයේ 90%ක පමණ ප්රමාණයක් වුවද, වත්මන් පරිපාලනය යටතේ ප්රාථමික අයවැය අතිරික්තයක් රඳවා ගනිමින් අපේක්ෂිත ආදායම් ඉලක්කද ඉක්මවා යාමට හැකි වූ බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.
දිගුකාලීනව රට වෙළාගෙන ඇති ණය බරින් මිදීමට සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට මෙම ප්රාථමික අයවැය අතිරික්තය අත්යවශ්ය සාධකයක් බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
උද්ධමනය ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී මහජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳවද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය. සාමාන්යයෙන් උද්ධමන අනුපාතිකය සියයට 5ට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම රජයේ ප්රධාන අපේක්ෂාව වුවද, පවතින නීතිමය රාමුවට අනුව එය 2% ත් 7% ත් අතර පරාසයක පවත්වා ගැනීමට රජය බැඳී සිටින බව ඔහු සඳහන් කළේය.
"මේ මොහොතෙදී උද්ධමනයට යම් බලපෑමක් ඇවිල්ලා තියෙනවා. අපේ අපේක්ෂාව තිබුණේ 5%ට වඩා යටින් උද්ධමනය පවත්වාගෙන යන්න. 2%ත් -7%ත් අතර තමයි අපි උද්ධමන තියාගන්න ඕන. ඒකත් අපේ නීතිමය බැඳීමක් දැනේ.
මේ උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට සැප්තැම්බර් මාසයේදී ඇවිත් තිබෙනවා. එය යම් ප්රමාණයකට අපේ රටේ ජනතාවගේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දුෂ්කරතාවයකට මුහුණ දෙනවා.
ඒකට ප්රධානම කාර්යභාරය බවට පත්වෙලා තියෙන්නේ, මැදපෙරදිග කලාපයේ ඇතිවෙලා තියෙන යුදමය තත්ත්වය. ඒ යුදමය තත්ත්වය විසින් අපේ සැපයුම් මාර්ගවලට විශාල බලපෑමක් ඇති කරලා"
කෙසේ වෙතත්, පසුගිය සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 8 මට්ටම තරමක් ඉක්මවා ගිය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊට ප්රධානතම හේතුව වූයේ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ගෝලීය සැපයුම් ජාලයන්ට එල්ල වූ බාධා බව ප්රකාශ කළේය.
මෙවැනි තත්ත්වයන් හමුවේ ජීවන වියදම් පීඩනයට ලක්වන පවුල් ඒකක වෙත සහන සැලසීම මෙන්ම දැඩි මූල්ය විනයක් පවත්වා ගැනීම රජයේ ප්රමුඛතාව බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්රස්තවාදී ආක්රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්රසීල ජනාධිපති ලූලාගේ ජයග්රහණය බ්රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්
ඊශ්රායල මැතිවරණ ප්රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්යන්තර දේශපාලන ප්රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..