බ්රසීල ජනාධිපති ලූලාගේ ජයග්රහණය බ්රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්රවංශ
බ්රසීල ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා ලැබූ ඓතිහාසික ජයග්රහණය යනු ඔහුගේ පෞද්ගලික ජයග්රහණයකට හෝ බ්රසීලයට පමණක් සීමා වූ ජයක් නොව, ගෝලීය දකුණේ සහ බ්රික්ස් (BRICS) සංවිධානයේ සමස්ත ප්රගතිශීලී කඳවුරේම නැගිටීමක් බව ජාත්යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්රවංශ මහතා පවසයි.
'ලංකා වොයිස්' (Lanka Voice) යූටියුබ් නාලිකාව සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
දෙවන වටයේ මැතිවරණයේදී ප්රතිවාදී බොල්සොනාරෝට එරෙහිව 51% ඉක්මවූ ඡන්ද ප්රතිශතයක් ලබාගනිමින් ලූලා ද සිල්වා දැඩි අරගලයකින් පසු ජයග්රහණය තහවුරු කරගත් බව ආචාර්යවරයා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, ඩොනල්ඩ් ට්රම්ප් පාර්ශ්වයේ සහ බාහිර බලවේගවල බලපෑම් මැද, බ්රසීලයේ තරුණ මන්ත්රීවරයෙකුගේ සහ තරුණ පරපුරේ ක්රියාකාරී සමාජ මාධ්ය මෙහෙයුම් මෙම ජයග්රහණය සඳහා විශාල පිටුවහලක් විය.
අධ්යාපනය පෞද්ගලීකරණයට එරෙහි වීම, ඇමසෝන් වනාන්තරය ආරක්ෂා කිරීම සහ දුගීභාවය පිටුදැකීම වැනි ජනතා හිතවාදී ප්රතිපත්ති ලූලාගේ ජයග්රහණය පදනම් වූ ප්රධාන සාධක වේ.
ඇමෙරිකාව, ඊශ්රායලය සහ බටහිර ලෝකය විසින් ගෙන යන ආර්ථික හා දේශපාලන බලපෑම්වලට එරෙහිව නැගී සිටින ගෝලීය දකුණේ රටවලට ලූලාගේ මෙම යළි පැමිණීම විශාල උත්සාහයක් හා ශක්තියක් වනු ඇති බව ආචාර්ය ජගත් චන්ද්රවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්රස්තවාදී ආක්රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්රසීල ජනාධිපති ලූලාගේ ජයග්රහණය බ්රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්
ඊශ්රායල මැතිවරණ ප්රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්යන්තර දේශපාලන ප්රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..