News Category
From Date
To Date
Maximum Number of Result

හිනිඳුම සුනිල් සෙනෙවි දමණය නොහොත් විමල් වීරවංශගේ අභියෝගය..

Oct 30, 2026 at 04:45 PM
|

C. Wijeyawikrema, LL.B., Ph.D

යේරුසලමේ කල්වාරී ස්මාරකය, මක්කම අල්ලා ස්මාරකය, රෝමයේ බැසිලිකා ස්මාරකය, ලංකාවේ තිලීපන් ස්මාරකය හා, මඩු පල්ලි ස්මාරකය හා හිනිදුම සුනිල්ගේ ගමේ කල්වාරී කුරුස පල්ලි සංකීර්ණය

හිනිඳුම සුනිල් සෙනෙවි යනු නිරාගමිකයෙක්ද, මාක්ස්වාදියෙක්ද, උග්‍ර සිංහල බෞද්ධ විරෝධීයෙක්ද, පච-වංචාකාරයෙක්ද නැත්නම් මේ සියල්ලේම එකතුවකින් හැඳුන සර්පයෙක්ද කියා දැන් 2026 අගදී ඔහු ගැන එළිදරව් වෙන කරුණු, මීට  පෙර  2024 දෙසැම්බර් 3 දින  ඔහුට ඊමේල් මඟින් යැවූ ලිපිය ලියද්දී මා නොදැන සිටි නිසාය. ඊට හේතුව ඔහු සුනිල් ආරියරත්න විසින් බෞතීස්ම කල නරුමවාදි ආත්මවංචනිකයෙක් නොවුනානම් බුද්ධාශාසන ඇමතිකම භාර නොගන්නට තිබුණ නිසාය.  ලාල් කාන්තට හෝ විජිත හේරත් හෝ බිමාල් රත්නායක හෝ AKD යන අයගෙන් කෙනෙක් එලිපිට මොහු මෙන් නරියාට කුකුල් කූඩුව භාර දුන්නා මෙන් හීන් නූලෙන් යටින් ගේම දෙන හීතල හොරෙක් නොවී කෙළින්ම වැඩේ දෙන නිසාය.

1873 පානදුරා මහා වදයෙන් අවසාන වීමට කලින් මුල්ම පලවෙනි වාදය (1865 පෙබරවාරි 8) පැවැත්වුනේ බද්දේගම සුනිල් සෙනවිලාගේ ගනේගම යන ගමේය. ඔහුගේ පරම්පරාව ක්‍රිස්තියානි කුරුස පල්ලි හැදූ වඩු බාස්ලාය. සුනිල් සෙනෙවි ඕල්කොට් ගැන දන්නා නමුත් මිගෙට්ටුවත්තේ ගුනානන්ද හිමියන්ගේ නම සඳහන් නොකරන්නේ මේ නිසාය. සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට සුද්ද සිංහලෙන් කියනවා නම් කෙළවන්නට ක්‍රියාකරණ මේ සුනිල් නොදන්නවා සේ ඉන්නා කාරණයක් නම් ඒ කාලයේ කොළඹ වරායට කලින් ගාල්ල රටේ අගනුවර වගේ පැවති කාලයේදී  ක්‍රිස්තියානී පාදිලිවරු තම ලබ්ධියට හරවා ගන්නට බැටළු පැටවුන් සොයමින් බද්දේගම  ඒ සඳහා හොඳ තෝතැන්නක් යයි සිතමින් සංචාරය කරද්දී රෑට නවාතැන් ගත්තේ ගමේ පන්සලේ යන්නය. හාමුදුරුවෝ මොවුන්ට රෑට කෑමත් සපයා දුන්නේය. මෙය ලෝක ඉතිහාසයේ කිසිම තැනක සිදු නොවු සැළකිල්ලකි! ඊට පෙර කාලයක පෘතුගීසි සංහාර ඉදිරියේ මුස්ලිම්වරුන්ද ලන්දේසි සංහාර ඉදිරියේ කතෝලිකයින්ටද ලෝකයේ ප්‍රථම අනාත කඳවුරු සැපයූවේද උඩරට බෞද්ධ රජතුමාය. ජුසේ වාස් පියතුමාට දකුණු ඉන්දියාවේ සිට හොරෙන් ලංකාවට පැමිණ කතෝලිකයින් වෙනුවෙන් යාඥාකරද්දී සැඟවී සිටින්නට උදව් කලේද පන්සල්ය. පෝප් ලංකාවට පැමිණ ජුසේ වාස්තුමා ශාන්තුවරයෙක් කලේය.

මෙවැනි ඉතිහාසයක් තිබියදී හිනිදුම සුනිල් ගේ කටින් රුවන් වැලි මහාසෑය කියන්නේ ස්මාරකයක් යයි ඉබේටම පනින්නේ ඔහුගේ ජානවල ඇති කෲර දුෂ්ට, වෛරී ගතිය නිසා නොවේද? මේ ජරමර අස්සේ හරිනි CNN එකට  කියන්නේ අනුරාධපුරය බෞද්ධයින්ගේ නගරයක් නොවේය කියාය. ඊට කලින් මදර්ස් ඩේ එකේදී ඇය කිව්වේ යශෝදරාව දමා ගිය සිද්ධාර්ථ නරක හස්බන්ඩ් කෙනෙක් කියාය. පාකියසෝතිගේ න්ග් එකේ වැඩකල මේ අය හැමෝම නටාෂා එදිරිසිංහගේ සුද්දෝදනගේ පැටියා සංගමයට අයත් කල්ලියය.

වස්කවියේ බලපෑමක් නිසාදෝ දැන් 1865 ට පසුව 2026 දී සුනිල් විමල් වීරවංශගේ දිෂ්ටියට අසුවී සිටී. තමන් කල්වාරී පඹයෙක්ද නැත්නම් මීයෙක්ද යන වග ඔප්පු කිරීමේ අවස්ථාවක් දෛවය මඟින්  හිනිඳුම සුනිල්ට පවරාදී ඇත.

========

බුද්ධ ශාසනය  වැළඳ බදාගත්  මහාචාර්ය  හිනිදුම සුනිල් සෙනෙවිගේ  හෘදය ශාක්ෂිය

හැඳින්වීම

මෙම ලිපිය ඊමේල් මඟින් හිනිදුම සුනිල් සෙනෙවි ඇමතිවරයාට යවන්නට මට සිතුනේ ඔහු ගැන මට අසන්නට හා දැනගන්නට ලැබුණු කතා නිසාය, ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ යන කියමන නිසාය.  ඒ මක්නිසාදයත්, ඒ කතාවල අබමල් රේණුවක තරම් හෝ සත්‍යයක් තිබේ නම්, මෙම තනතුර ඔහුට දීම හා ඔහු එය භාරගැනීම යන දෙකම නරියාට කුකුල් කොටුව භාරදීමට සමාන ක්‍රියාවක් වන නිසාය. හරියට මහාචාර්ය සරච්චන්ද්‍ර ඇල්බට් පෙරේරාට අමරදේව කියා නම දැම්මා වගේ තමන්ට මහාචාර්ය සුනිල් ආරියරත්න නමක් දුන්නා යයි ඇමති කියන්නේ මහත් උජාරුවෙනි. දැන හෝ නොදැන බෙදුම්වාදීන්ට කඩේ ගිය සුනිල් ආරි ට ඔහුගේ අළුත් නම දුන්නේ ඔහුට විද්යෝදයට යන්නට මහාචාර්ය තිස්ස කාරියවසම් හරහා උපකාරවු නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනේ ලොකු හාමුදුරුවෝය යන කතාව ඇත්තක්දැයි සමහරවිට ඇමති සුනිල්ද දන්නවා විය හැකිය.

මහාචාර්ය මාෆියාව

පසුගිය දිනක කාගම සිරිනන්ද හිමියෝ ලංකාව විනාශ කල/කරණ චූදිත කොටස් පහක් නම් කලේය: එනම් (1) සමහර හාමුදුරුවරු (2) දේශපාලක හොරු, (3) දූෂිත/වංක රාජ්‍ය නිලධාරීන්, (4) මාධ්‍ය පඹයින් හා (5) සදාචාරයෙන් පිරිහුණු බොහෝ ස්ත්‍රීන් යනුවෙනි.  NGOකාරයින් ගැන කියන්නට හාමුදුරුවන්ට අමතක වෙන්නට ඇත. වෙනත් ආගම්වල පූජක පක්ෂද මීට අතුලත් කරන්නට හාමුදුරුවෝ අකමැති වෙන්නට ඇත. කලක සිටම ජනයා සූරාකන කට්ටි දෙකක් නම් දොස්තරලා හා නීතිඥ හොරුය. ඇමෙරිකාවේදී ඇති මගේ අත්දැකීම අනුව ලංකාවේ මහාචාර්යවරු විශේෂ මාෆියා කල්ලියකි.

ඇමෙරිකාවේ නම් සරසවි ගුරන්ගේ හැසිරීම පාලනය වන්නේ ශිෂ්‍යයින් විසින් ඔවුන්ගේ සේවය පිළිඹඳව සෑම පන්ති වාරාවසානයකදීම තක්සේරු කිරීම (teaching evaluation) අනිවාර්ය නිසාය. තවද, ගුරුවරුන්ට වාර්ෂික වැටුප් වර්ධක ලැබෙන්නේ ඔවුන් කරණ පර්යේෂණ වල ගුණාත්මක භාවය අනුවය. මෙම ජේදය ලිව්වේ අනුර කුමාර ආණ්ඩුවෙන් දැනටමත් පත්කර ඇති ඇතැම් මහාචාර්ය ඇමතිලා/නිලධාරීලාගේ ඇතැම් හැසිරීම් නිසාය. හුදෙක් සිංහල මාධ්‍යය නිසාම සරසවියාමට හැකිවූ මේ ආචාරීන් දන් දැන් ඉංගිරිස් මාධ්‍යයෙන් ඉගැන්විය යුතුයයි යෝජනා පාස් කරන්නේ තදබල හීනමානයක් නිසා වියයුතුය.

බුද්ධාගම කියන්නේ බොරුවක්

බුද්ධසාසන ඇමති බුද්ධාගම බොරුවක් යයි කියන්නේ නැත. නමුත් ඔහුගේ ප්‍රකාශ අනුව ඔහුත්, නටාෂා එදිරිසිංහ- පාස්ටර් ජෙරෝම් ප්‍රනාන්දු -රංජන් රාමනායක හෝ දළදාව ලබ්බක් ද, හොඳ වෙලාවට බුදුහාමුදුරුවෝ කොස්ගහක් වෙනුවට බෝගහක් තෝරාගත්තා, අවුකණ පිළිමයට ඒ නම වැටුනේ අව්ව කන නිසා, පොසොන් කියන්නේ ලංකාවට ආපු පලවෙනි ආක්‍රමණය යයි හෝ සිද්ධාර්ථ නරක හස්බන්ඩ් කෙනෙක්-පියෙක් යයි කියන අයත්  අතර එතරම් වෙනසක් නැත.

බුද්ධාගම කියන්නේ බොරුවක් යනුවෙන් සුද්දාගේ කාලයේ 1802 දී සිට ආරම්භවී 1840 ගණන්වලදී උන්මාදයක් බවට පත්වුන ව්‍යාපාරය, සුද්දන්ට ගැතිවු කළු සුද්දන්ට බලය මාරුවූ 1948 සිට, සිංහල බෞද්ධයින් රවටන හා  රටේ හාමුදුරුවරුන්ව මාරුවෙන් මාරුවට කඩේ යවන සියුම්  උප්පරවැට්ටියක් බවට පත්විය. මොවුන් 1958 දී විද්යෝදය-විද්‍යාලංකාර මහපිරිවෙන් දෙක විනාශ කලේය. මාක්ස්වාදී කොල්වින් හා ක්‍රිස්තියානි ෆීලික්ස් ඩයස් මූලිකව 1972 දී 9 වෙනි වගන්තිය නම් බොරුවක් දමා බුද්ධ ශාසනයට රටතුලින් හා ලෝකයෙන් අපහාස හා උපහාසත්, චෝදනාත් එල්ලවන පදනමක් සැපයූවේය. 1988 දී ප්‍රේමදාස බුද්ධසාසන අමාත්‍යාංශයක් අටවා බොරු බෞද්ධ නරුමයින් හරහා පන්සල් සංස්ථාව විනාශකලේය. බුද්ධාගම විකුණාකෑ ඔහු තරම් පන්සිල් පද පහ කැඩූ කෙනෙක් තවත් නැත.

බැමියන් බුදුපිළිම

බුද්ධ ශාසනය භාරදුන් බොහෝ ඇමතිලා ඊට නුසුදුස්සන් විය. බැමියන් බුදුපිළිම වලට සිදුවෙන්නට යන හානිය මාස ගණනාවකට පෙර දැණුම් දී තිබුනත් දුන්නත් නිද්‍රාශීලිව සිටි රත්නසිරි වික්‍රමනායක අන්තිමේදී ඒ පැත්තට ගියේ බුදු පිලිම විනාශකලදාට පසුදාය! පසු කලෙක ජපන් රජය එහි  ගල් කැබලි එකතුකරගෙන ගියා වෙනුවට, යුනෙස්කෝ හා වෙනත් බෞද්ධ රටවල ආධාරයෙන් එම පිළිම තලිබාන් කාරයින්ට ඩොලර් ගෙවා ඉවත් කර ගැනීමේ සැලැස්මක් සැදීමේ ලෝක වගකීම තිබුණේ ලංකාවේ බුද්ධ ශාසන ඇමතියාට නොවේද? තවත් ගොබ්බයෙක්වූ දි.මු. ජයරත්න සම්බුද්ධ ජයන්ති සැමරුම් කොමිටියට ලෙබ්බේලාද පත් කලේය. මේ දෙන්නාම රටේ අගමැතිලාද විය. දැන් සුනිල් සෙනෙවි ඇමති මිස අගමැතිද නූනත්, අගමැතිණිය ඉන්නේ මදර්ස් ඩේ එකේදී සිද්ධාර්ථට විරුද්ධව යශෝදරාගේ පැත්තේය! කැළණිය පන්සලට පාට සාරි ඇඳගෙන ඇගේ ආගමනය සමාන කල හැක්කේ චන්ද්‍රිකා නෝනා ඇගේ අම්මාගේ මෘතදේහය නිල් පාට සාරියකින් සැරසීමටය, එය දුටු මතක වස්ත්‍රය දීමට පැමිණි හාමුදුරුවරු කළකිරුණේය. ඉදිරියේදී කවුරුහෝ අළුත් ජැක්සන් ඇන්තනි කෙනෙක් අගමැතිනි හරිනිට, සංඝමිත්තාවට හෝ විශාඛා උපාසිකාවට නෑකමක් තිබෙන බව පෙන්නන්නට ඉදිරිපත් නොවේතැයි කිය හැකිද!

සංස්කෘතික අරමුදල හොරා කෑම

9 වගන්තියෙන් බුද්ධාගමට දුන්නා කියන යම් ඉටිගෙඩියක් ඇත්නම්, 9 යේ අනුවගන්තියෙන් ඒ සියල්ලම අනිත් ආගම්වලටද ලබාදී ඇත. මේවා ඇස්බැන්ඳුම්ය. බුද්ධ සාසන සමඟ, <ආගමික> හා <සංස්කෘතික> යයි කෑලි දෙකක් දැමීම  පන්සල් වලට මුවාවී සංස්කෘතික අරමුදලට විදීමේ කඩතුරාවකි. සුනිල් සෙනෙවි මහාචාරියාගේ පැටිකිරිය වැදගත් වන්නේ මේ නිසාය. ඔහු භෞතික ජීවිතය හා සංස්කෘතික ජීවිතය ගැන කතාකල යුත්තේ ඔහු බුද්ධ ශාසන නොව වෙනම සංස්කෘතික ඇමතිකමක් ඉල්ලාගෙනය. හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් සංස්කෘති, සිංහල බෞද්ධ සංස්කෘතිය සමඟ පටලවා ගැනීමෙන් පන්සල් හාමතේ පිරිහී දුකට වැටීමටත් හා සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අභාවයට යෑමටත් හේතුවන්නේ ඇමතියා මාක්ස්වාදී, නිරාගමික, බෙදුම්වාදී, සර්වබලධාරී දෙවියෙක් විසින් ලෝකය මැව්වා යයි යටිහිතින් හෝ විශ්වාස කරන්නෙක් වූ විටය.

බහු ආගමික-බහු ජාතික දිරච්ච ලණුව (interfaith/multi-ethnic dead rope)

ලංකාවේ අගමැති, ජනාධිපතිධූර දැරූ සිංහල බෞද්ධ යයි කියාගත් අය සෑමදෙනාමවාගේ තම ගෙදර-පවුලේ, ක්‍රිස්තියානි/මුස්ලිම්/දෙමළ සාමාජිකයින් සමඟ එකට වසන අයවිය. යම් බෞද්ධයෙකුට වෙනත් ඕනෑම ලබ්ධිකයෙක්/ජන වාර්ගිකයෙක් සමඟ සහවාසයෙන් සිටීමට ආයතනික වශයෙන් හෝ මානසිකව භාධක නැතත්, දේශපාලන හෝ පුද්ගලික වාසි සඳහා බටහිර ක්‍රිස්තියානි ලෝකයෙන් කලින් කලට එලියට දාන ඉන්ටර්ෆේත්, මල්ටි එත්නික් යන ලණු කැමත්තෙන්ම ගිලගෙන දඟලන්නේය. දි. මු. ජයරත්න වැන්නන් ලෙබ්බේලා හා හමුදුරුවරු එක මේසේ ඉන්දුවේ මේ නිසාය.

ප්‍රංශය, එංගලන්තය, ජර්මණිය වැනි රටවල් මේ ලණුවකා අමාරුවේ වැටී දැන් ඉන් එලියට ඒමට ක්‍රියාකරමින් සිටී. ඇමෙරිකාවේ පවා මෙය සිදුවෙමින් පවතී. බුදු දහම හා අනිකුත් දේවවාදී ලබ්ධි අතර ඇත්තේ තෙල් හා වතුර වැනි කවදාවත් එක් කල නොහැකි වෙනසකි. මෙහිදී සිදු විය හැකි හොඳම දේ නම් ඒවාට වෙන් වෙන්ව ක්‍රියාකිරීමට ඉඩදීමය. සියළු සත්වයින් -නිදුක් නිරෝගී සුවපත්වේවා- යයි සිතන පතන, මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන බෞද්ධයෝ පන්සලක් ඇතුලේ පූජාවක්  යාඥාවක් තබන්නට අන්‍යාගමිකයින්ට ඉඩ දුන්නත්, පල්ලියක තබා හින්දු කෝවිලකවත්  පන්සිල් පද පහ කීමට හෝ බණ දේශනාවකට අවසර දෙන්නේ නැත. අරාබි රටවලට බුද්ධ රූපයක්වත් ගෙනයාමට නොදෙන්නේ රෝසි සේනානායකට කොළඹ නගර සභාවේ තැන්පත්කර තිබූ බුදු පිළිමය අරහංවුනා මෙන්ය. යම් පන්සලක ශුද්ධ භූමියෙන් සියේට 10-15 අතර ප්‍රමාණයක් වෙන්වී තිබෙන්නේ හින්දු දෙවි දේවතාවුන්ටය. සඳහඩ පහණින් ගවයා අයින් කලේ හින්දු ආභාෂය නිසාය.

ආගම් සඳහා වෙන වෙනම අමාත්‍යාංශ වෙනුවට බුද්ධ සාසනය හා එය පැටලුවේ හා සංස්කෘතික ඇමුණුමක් කලේ එම අරමුදලින් බෝන් අගේන්, පෙන්තකොස්ත යනාදීන්ට පවා ngo හරහා මුදල් බෙදාදීමටය. ජෝන් අමරතුංග ක්‍රිස්තියානි ආගමික ඇමතිව සිටින   ගමන් වෙනත් අමාත්‍යාංශද උසුලමින් සිය ආගමට බලපරාක්‍රමය ලබා ගත්තේය. ඔහුගේ කාලයේදී පල්ලියේ පාස්ටර් පොලිසියේදී පුටුවක ඉඳගත් අතර හාමුදුරුවන්ට ඒ අසලින් හිටගෙන ඉන්නට සිදුවිය. එහෙත් ආගම් සියල්ලටම එක් ගොබ්බයෙකුට පටවන ගේමට වඩා ඒ ක්‍රමය සුදුසුය.

අයුතු අන්‍යාගමීකරණය (ශාරියා- ක්‍රිස්තියානි මූලධර්මවාදීන්)

බුද්ධ සාසන අමාත්‍යාංශයක් අවශ්‍ය බුද්ධ සාසනය හතුරු බලවේග වලින් රැකදීමේ ඓතිහාසික කාර්යය පිනිසය. රජු කලේ එයය. දැන් කාලයේ සිංහල ජාතිය හා ථේරවාද බුදුදහම විනාශ කිරීමට රටතුල හා රටින් පිට සිට ක්‍රියාකරණ බලවේග සංඛ්‍යාව අති විශාලය. අවම හානියක් සිදුවියහැකි හින්දු ලබ්ධිකයින් පවා බෞද්ධ නටබුන් අල්ලාගැනීම සඳහා මෙහෙයවන්නේ ක්‍රිස්තියානි පාස්ටර්ලාය. ඒ බෞද්ධ නටබුන් ඊළම් ගමනට ඇති ලොකුම මතවාදී භෞතික භාධකය වන නිසාය.

අතීතයේදී රජු විසින් කල කාර්ය කිරීමට ඉස්ලාම්, යුදෙව් හෝ ක්‍රිස්තියානි ලබ්ධිවල මෙන් මධ්‍යම සංවිධානයක් නැතිවීම නිසා බුද්ධ ශාසනය අතිශයින් දුර්වල අඩියකට පත්ව තිබේ. සෑම විහාරාධිපති හිමිනමක්ම ස්වාධීන සංස්ථාවක් වැනිය. මහානායකවරුන්ට කාදිනල් හෝ පෝප්තුමාට ඇති බලයට සමාන පාලන බලයක් නැත. එවැනි බලයක් සහිත සංඝ සභාවක් පිහිටුවන ලෙස කරණ ඉල්ලීම 1948 සිටම ඉෂ්ටවී නැත.

නටබුන් පන්සල් හා ඩොලර් කුට්ටි

ඉස්ලාම් ව්‍යාප්තියට අරාබි-තෙල් ඩොලර් පම්ප කෙරේ. ඊටත් වඩා ඩොලර් ක්‍රිස්තියානි පල්ලි වර්ගවලට තිබේ. ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට ඇමෙරිකන්/කොරියන් ඩොලර් එන්නේ ngo කාක්කන් හරහාය.  රෝමයේ වතිකානුව ඩොලර් නිධානයක් වැනිය. මෙසේ තිබියදී සජිත්ලා වැන්නන් (මව, නංගී/භාර්යාව බෝන් අගේන් වන) දුප්පත් පන්සල් නඩත්තුවට දියයුතු සංස්කෘතික අරමුදල් පල්ලි වලට බෙදන්නේ ඇයි?

මහාචාර්ය ඇමතිවරු

ඇමති මහාචාර්යවරු ජනාධිපති අනුරව අමාරුවේ දමමින් සිටිනවා නොවේද යන ප්‍රශ්ණයක් මට ඇතිවන්නේ පවතින අති දූෂිත සිස්ටම් එක යටතේම ඊට් ගේමක්දී බලය අල්ලාගත් අනුර කුමාරට රටට සේවය කල හැකි ඓතිහාසික අවස්ථාව ගෝටාට වුණා මෙන් අහිමිවී යාමට වුවද ඉඩක් ඇති නිසාය.  උදාහරණයක් වශයෙන් කම්කරු ඇමතිවූ මහාචාර්යතැන ත්‍රීපීස් සූට් එකක් ඇඳගෙන ඒ.සී. කාමරයක ඉඳගෙන තමන්ද කම්කරුවෙක් යයි කියා සිටියේය. මේ ගැන චාපාබණ්ඩාර කියන්නේ මෙය ඇසුණානම් කාල්මාක්ස් -එංගල්ස්ලා අඬාවැටෙන බවය. ඇමතිත් කම්කරුවෙක් නම් කම්කරුවා පන්ති සටන කරන්නේ කා සමඟද?  මහාචාර්ය සුනිල් සෙනෙවිගේ භූමිකාව මීට වඩා භයානක වන්නේ ඔහු උගුරට හොරා බේත් කන්නට හදන, දිය යටින් ගින්දර ගෙනියන්නට හදන, අයෙක් බව පෙනී යන නිසාය. කොටින්ම කියනවා නම් ඔහු හෘදය ශාක්ෂිය පිළිඹද අර්බුදයක සිටිනා බව ඔහුටත් නොදැනෙනවා සේය.

සුජාතා හැර තවත් කොපි කාරයින් සිටීද?

පද්මා එදිරිසිංහගේ කතා කොපිකර පොතක් පලකර සුනිල් සෙනෙවි උසාවියෙන් වරදකරුවූ  පුවතක් 2020 නොවැම්බර් 15 සතිඅග අරුණ පත්‍රයේ පලවී තිබේ.

https://slbookreview.blogspot.com/2020/11/blog-post_14.html

එම ලිපියට අනුව මෙසේ වංචාකල අයගේ, මහාචාරීන්ගේ ලැයිස්තුවක්ම ඇත. 1995 සිට 2017/18 දක්වාම රටට ව්‍යවස්ථාවක් හදන ක්‍රියාවලියේ යෙදුන මාක්ස්වාදී පංචස්කන්ධයක් රසායන විද්‍යා උපාධි විභාගයේදී කොපිකර විශ්ව විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලදුවත් පසුව යලි නැගී සිටියේය. සුජාතා නමැති කාන්තාවටද ඇයට ලැබුණ සාහිත්‍ය සම්මානය හා තෑගි මුදල ආපසු දෙන්නට සිදුවුනේ මෙවැනි අන් අයගේ කෘති කොපි කිරීම නිසය. ඇය jvp පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ද විය. මේ නිසා සුනිල් සෙනෙවි කරගත්තේ සමාව දිය නොහැකි වරදක් නොවේ.  එහෙත් ප්‍රශ්ණය වන්නේ ඔහුට බුද්ධ ශාසනය භාර දීමය.

සිදුහත් කුමරු, දළදා පෙරහැර හා තමන් පන්සල් නොයෑම ගැන මෑත අතීතයේදී කර ඇති ප්‍රකාශ අනුව ඔහු වෙනුවට UNP භාණ්ඩාගාරිකව සිටි පාස්ටර් එරාන් වික්‍රමරත්නට එය භාර දුන්නානම් ශාසනයට සිදුවන දෙය කල්තියා හිතාගන්නට පුළුවන්ය. කථානායකවරයා කාදිනල් ඉදිරියට ගොස් දුන් <ප්‍රතිඥාව> ඒ ආචාරියාගේ න්‍යායපත්‍රය ගැන යම් ඉඟියක් දෙන්නේය. විහිළුවට හෝ ඔහු මහානායක පදවි ඉදිරියේ ප්‍රතිඥා දුන්නේ නැත.

බුදු දහම හා සංස්කෘති (සුදු-කළු)

රතු පාට (ලේ) මාක්ස්වාදයේ පාටය. සුදු පාට බෞද්ධයා පන්සලට යන පාටය. කළු පාට ක්‍රිස්තියානි පාටය. මේ සංස්කෘතික අංග ගැන බුද්ධ ශාසන ඇමතිට ඇති රුදාව කුමක්ද? පිරිමියාට ගැණු පහක් තබා ගන්නට ඉඩදීම, ගෑනු ලමයින් බාල වයසින් විවාහ කරදීම මුස්ලිම් සංස්කෘතියය. සුනිල් සෙනෙවි මේවා නතර කරන්නට යනවාද? කාති උසාවි, තේසවලමෙයි නීතිය වෙනුවට එක රටක් එක නීතියක් වාර්තාව ක්‍රියාවට යොදවන්නට ඔහු බලාපොරොත්තු වෙනවාද?

මහපාරේ පිරිමි-පිරිමි හා ගෑනු-ගෑනු ජෝඩු ලව්කරනවා, කිස්කරනවා දැකීම ඇමති විසින් ප්‍රොමෝට් කරන්නට යන සංස්කෘතික දර්ශනද? සුනිල් ආරියරත්න, ධර්මසේන පතිරාජා වැන්නන්ගේ අභාෂය නිසාදෝ සුනිල් සෙනෙවි සිය ඇමතිකමේ සංස්කෘති කෑල්ල බදාගෙන සිටී. පූජා කිරීමට මල් කඩන නිසා මීමැස්සන්ගේ අයිතිය කඩකරණවා, කුඩා කාලයේ මහණ කිරීම නිසා දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවනවා, පෙරහැරවල් වලට ගෙනයාම නිසා අලින්ගේ සත්ව අයිතීන් කඩවෙනවා යන කතා එක්තරා පිරිසක් ඉදිරිපත් කරන බටහිරින් එන සංස්කෘතික අංගය.

රටේ ඉතිහාස කතාව විකෘති කිරීම

ඉහතින් සඳහන් කල ප්‍රශ්ණ මට ඇති වන්නේ සුනිල් සෙනෙවි ක්‍රිස්තියානි කන්නාඩියක් දමාගෙන ඔහුගේම හිතෙන් මවාගත් සංස්කෘති ජරමරයක් දෙස බලන නිසාය. ඔහු ඇමති වශයෙන් මෙම ආකල්පයෙන් බුද්ධ ශාසනය දෙස බැලුවොත් සිංහල බෞද්ධයාට හා අනුර කුමාර වෙනුවෙන් කඩේ ගිය භික්ෂු සංවිධානයට හා මල්වත්තේ මහනායක හිමියන්ටත් අබසරණයි කිව යුතුය. 1935 සිට මාක්ස්වාදීන් රටේ පැතිරවු වෛරය (සාදුකින් පෙලෙනවුන්…. අන්තිම සටනට…) වෙනුවට මෛත්‍රීය මුල්කරගත් දේශපාලන ගමනක්  යෑමට  අනුර කුමාර ඔහු තුලම කරගත් විප්ලවයට සහායවීම සඳහා  තෝරාගත් සුනිල් සෙනෙවි වැන්නන්  තමන්ගේ බෞද්ධ විරෝධී රහස් න්‍යාය පත්‍ර උදෙසා තම නායකයාට වැරදි උපදෙස්දී ඔහුවත්, පක්ෂයත් රටත් ඇමෙරිකන් තානාපතිගේ උගුලට අසුකර දමාවී යන සැකයක් මෙහිදී මතුවේ.

හිනිදුම කල්වාරි පල්ලිය

ක්‍රිස්තියානි පූජකයින් විසින් බද්දේගම ප්‍රදේශයේ ආගම ප්‍රචාරය සඳහා (බැටළු පැටවුන් දඩයමේ) ගාල්ලේ සිට ගිය විට රෑට රෑට නැවතුනේ ගමේ පන්සලයේය. හාමුදුරුවෝ ඔහුට රෑ කෑමත් සපයා දුන්නේය. මෙවැනි දෙයක් ලෝකයේ කොහේවත් සිදුවී නැත. තම පියා වඩුවැඩ කලා යයි කියන්නේ මෙසේ ගිය පාදිලිවරුන් විසින් ශූක්ෂම ප්ලෑනකට අනුව නිර්මාණය කල ලංකාවේ කල්වාරියය. කල්වාරි යනු ජේසුතුමා කුරුසයට තබා ඇනගැසු සොහොන් පිටියේ නමය. සුනිල් සෙනෙවි කියන අන්දමට මෙම ක්‍රිස්තියානි පූජකයින් හිනිදුමට පැමිණ එහි මිනිසුන්ට වඩුවැඩ, මේසන්, බාබර් වැඩ සඳහා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කලේය. මෙහිදී ඔහු නොකියන දෙයක් නම් ඒකාලයේ බුද්ධාගම බොරුවක් යන ව්‍යාපාරය තදින්ම පැවති බවය.

බයිබලය හා කඩුව

1505 දී පෘතුගීසින් කොලොම් තොටට ගොඩබැස්සේ එක අතක බයිබලය හා අනිත් අතේ කඩුවද රැගෙනය යන කියමන ඩෙස්මන් ටුටු නම් දකුණු අප්‍රිකානු පාදිලිතුමා විස්තරකලේ වෙනත් ආකාරයකටය. ඔහුට අනුව මිෂනාරීන් පැමිණ ලෝකල් ජනයාගේ අතට බයිබල් බෙදාදී ඇස්පියාගෙන යාඥාකරණ ලෙස යෝජනා කලේය. අන්තිමේදී ඇස් ඇර බලනවිට බයිබල් ටික ලෝකල් මිනිසුන්ගේ අතේ ඉතිරිවී, ඔවුන්ගේ ඉඩම් ටික දෙවියන්වහන්සේගේ නාමයෙන් මිෂනාරීන්ගේ අතට මාරුවුනේය. අසවේදුලා වැන්නන් විසින් කරණ ලද කෲර ක්‍රියා නිසා දෙවියන් වහන්සේ විසින් ලංකාව පෘතුගීසීන්ට අහිමිකලා යයි පෘතුගීසි පූජකතුමෙක් පෘතුගාලයට වාර්තා කලේය. පුතා ලවා මව දුෂණය කිරීම දක්වා වනචාරී මට්ටමට මොවුන් වැටී සිටියේය.

ලංකා කොලනියේ ක්‍රියාත්මකවුනේ එක අතකින් වෘත්තිය පුහුණුව හා අනිත් කටෙන් බුදු දහමට ගැරහීමදය. කොටින්ම කියනවා නම් පලවෙනි ක්‍රිස්තියානි පාදිලි- හාමුදුරු (ලිඛිත) වාදය පැවැත්වුනේ බද්දේගමදී 1865 පෙබරවාරි මාසයේදීය. සුනිල් ඇමතිට, ඒ කාලයේ කුඩා දරුවෙක්වූ ධර්මපාලතුමා මතකය. එහෙත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ නම අමතකය!  මෙවැනි වාද හතරකින් පසු 1873 පානදුරා මහාවාදයෙන් බුද්ධාගම බොරුවක් යන ක්‍රිස්තියානි මතවාදය වලලා දැමුණත් මියගියේ නැත. කොරෝනා සමයේදී කාදිනල්තුමා නම් රට වටේ රතන සූත්‍රය සංජ්ජායනය කරණ ලෙස අයැද සිටියේය.

අවංක බුද්ධ ශාසන ඇමති කෙනෙක් නම් තම පුවත්පත් හෝ යූටියුබ් සාකච්චාවලදී අමතක නොකර පෙන්වා දියයුතු කරුණු වන්නේ: පන්සල් හා බෞද්ධයින් හා උඩරට සිංහල රජු විසින් මුස්ලිම්, කතෝලික යන ජනකොටස් පිලිවෙලින් පෘතුගීසි හා ලන්දේසි සමූල ඝාතන ඉදිරියේ රැකවරණය ලබා දුන්නේය; මේවා ලෝකයේ ප්‍රථම සරණාගත කඳවුරු විය; ඉන්දියාවේ සිට පැමිණ, ලන්දේසීන්ට හොරෙන් කතෝලිකයින්ට උපකාරවු ජුසේ වාස් පාදිලිතුමාට රැකවරණය දුන්නේද පන්සල්ය වැනි සත්‍ය ඓතිහාසික තොරතුරුය.

අවුරුදු 550 ක් ගතවීත් ක්‍රිස්තියානි ව්‍යාපාරයට හැකිවූයේ රටේ ජනගහනයෙන් සියේට 10ක් අතර ප්‍රමාණයක් පමණක් සිය ලබ්ධියට හරවා ගන්නටය. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ශාරියා මූලධර්මවාදීන්ගේ අයුතු අන්‍යාගමීකරණ කටයුතු මෑතදී කූඨ ඩොලර් දේශපාලන ව්‍යාපාරයක් වීම ඉදිරියේ එය නැවත්වීමට බුද්ධ ශාසන ඇමතිලා අසමත්ව සිටී. බයිබල් බෙල්ට් එක ඇතුලට ඉස්ලාම් ශාරියා ව්‍යාප්තිවාදීන් රිංගා ඒමට පිලියමක් වශයෙන් හැම ක්‍රිස්තියානි ගෙයකම ඌරෙක් ඇතිකරණ ලෙස කාදිනල්තුමා විසින් දුන්නාය කියන උපදේශය, යසර් අර්ෆත් හා ගඩාෆි විසින් ප්‍රසිද්ධකල ගර්භාෂ යුද්ධයට දුන් සාමකාමි පිලිතුරක්විය. ලංකාවේදී දොස්තර ශාෆි කලේ නැතැයි ඔප්පුකර නැත්තේ, අන් ආගමික ස්ත්‍රීන්ගේ ගර්භාෂ වඳ කිරීම හෙවත් ලෝක ගර්භාෂ යුද්ධයේම තවත් පැතිකඩකි.

සමන්ත විද්‍යාරත්න ඇමති දන්නේ වරින් වර බෞද්ධ සංස්කෘතික සාහිත්‍යයට අපහාස උපහාස කිරීමටය. බෝගස් කොස්ගස් කතාවට පසු ඔහු කියන අළුත්ම කතාව නම් <සිදුහත් කුමාරයා උපන් හැටියේම ඇවිද්දට අනුර කුමාරට ඒවගේ රට ගොඩගන්නට බැහැ> කියාය. දැන් කැබිනට් තීරණ ගන්නේ සතියකට වරක් නොව වට්ස් ඇප් මඟින් ක්ෂණික සාකච්චා මඟින් යයි කියවෙන නිසා සුනිල් ඇමතිවරයාට කලහැකි දෙයක් නම් මෙවැනි වාචාල කතා එලියට දමා බෞද්ධ උපාසක අම්මලාගේ සිත් නොරිදවන ලෙස ඔහුට කැබිනට් තීරණයක මට්ටමින් අවවාද කිරීමය. මෙවැනි කතා අල්ලා දෙවියන් ගැන කිව්වොත් කොහොම තිබේවිද?

අළුත් පන්ති පහක්

චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය, මධ්‍යම ප්‍රතිපදාව යන මූලික ජීවන මාර්ග ධර්මතා පිළිඹදව, ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි මෙම මේ පරණ හා අළුත් මාක්ස්වාදී පංචස්කන්ධවලට පන්ති පහක් පවත්වා ඔවුන්ට වෛරයෙන් මෛත්‍රීයට පරිවර්තනය වීමට උපකාරවීම බුද්ධ ශාසන ඇමතිගේ වගකීමක් යයි මම සිතමි.

(lankaweb වෙබ්අඩවියෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

වසර හයකට ආසන්න කාලයක් විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ චෝදනාවක් අද අමාත්‍යවරයකුගේ සදාචාරාත්මක වගවීම පිළිබඳ මහජන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ සමඟම මේ නිසා මාධ්‍යවල වගකීම, පුරවැසියකුගේ ප්‍රශ්න කිරීමේ අයිතිය සහ රාජ්‍ය බලය භාවිත කිරීමේ සීමා පිළිබඳවද ප්‍රශ්න මතුව තිබේ.
මේ වන විට ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී තිබේ. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දේශපාලනිකව පසුබෑමකට ලක්වුවද, ඔහු පරාජය වී නැත. ආණ්ඩුවක් පිහිටුවා බලයේ රැඳී සිටීම සඳහා ඔහුට ඇති අරගලය දැන් ආරම්භ වී තිබේ.
ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා "Lanka Voice" යුටියුබ් නාලිකාව සමඟ එක්වෙමින් ලෝක දේශපාලනයේ මෑතකාලීන උණුසුම් මාතෘකා රැසක් සම්බන්ධයෙන් ගැඹුරු විශ්ලේෂණයක් සිදු කර තිබේ.
“රාජ්‍යයක් එක්සේසත් කිරීම යුද ජයග්‍රහණයකි. එහෙත් ශාසනයක් තුළ ඇති වූ අසමඟිය දුරුකොට විනය, අධ්‍යාපනය හා සාමූහික සංවිධානය නැවත ස්ථාපිත කිරීම ඊට වෙනස් වූ ගැඹුරු වගකීමකි.”
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී, රජයට හෝ ජනාධිපතිවරයාට හීලෑ නොවී ස්වාධීනව කටයුතු කළ එවක අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඉන් ඉවත් කිරීමට සහ ඔහුගෙන් පලිගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිට යූටියුබ් නාලිකාව හරහා විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.
අප දැන්නම් අමාරුයි කියා රටට කී කල මාලිමා පාක්ෂිකයන් අපට ඔච්චම් කලේ ඔවුනට නම් දැනෙන අමාරුවක් නැති බව කියමිනි.
චීන කම්කරු හා ගොවි රතු හමුදාවේ දිගු පා ගමනේ ජයග්‍රහණයේ 90 වැනි සංවත්සරය සැමරීමේ මහා උත්සවයක් ඔක්තෝබර් 22 වැනිදා පෙරවරුවේ බීජිංහි "මහජන මහා ශාලාවේදී" පැවැත්විණි.
2026 ඔක්තෝබර් 27 වැනිදා ඉන්දියාවේ ලෝක බෞද්ධ විද්වත් සන්ධානයේ (WOBSA) නියෝජිත පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් හෙවත් පැලවත්ත ආණ්ඩුවේ ප්‍රධානී ටිල්වින් සිල්වා හමුවිම අනුරාධපුර පූජා නගරයේ යෝජිත රාම කෝවිල, රාමායණ සංචාරක ව්‍යාපෘතිය, මන්නාරම හරහා ඉන්දියාවට ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීමේ සැලසුම්, දුම්රිය හා බලශක්ති ඒකාබද්ධතාව සිදුකෙරේන ‘රාමායණ මාවත’ (Ramayana Trail) කොටසක්ම බව අනාවරණය වි තිබේ.
පුද්ගල නිදහස යනු නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලික ව්‍යවස්ථාපිත හරයන් ගෙන් එකකි. අපරාධ වරදක් සිදු කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු, නීතියට අනුව වරදකරු බව ඔප්පු වන තුරු, නිර්දෝෂී අයෙකු ලෙස සැලකීමට (නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනය) හිමිකම් කියයි.

ප්‍රධාන පුවත්

අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..

වසර හයකට ආසන්න කාලයක් විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ චෝදනාවක් අද අමාත්‍යවරයකුගේ සදාචාරාත්මක වගවීම පිළිබඳ මහජන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ සමඟම මේ නිසා මාධ්‍යවල වගකීම, පුරවැසියකුගේ ප්‍රශ්න කිරීමේ අයිතිය සහ රාජ්‍ය බලය භාවිත කිරීමේ සීමා පිළිබඳවද ප්‍රශ්න මතුව තිබේ.

වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්‍ෂණ..

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව The Sunday Times පුවත්පත වාර්තා කරයි.

සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..

ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත යළි කිසියම් හෝ හමුදා ප්‍රහාරයක් එල්ල කළහොත්, කිසිදු භූගෝලීය සීමාවකට යටත් නොවී වහාම ක්‍රියාත්මක වන දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කරන බවට ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි දැඩි අනතුරු ඇඟවීමක් කර ඇතැයි තුර්කියේ 'ඩේලි සබා' පුවත්පත වාර්තා කර සිටියි.

ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ

ඕනෑම ගමකට ගිය විට තමන්ගේ මිතුරෙකුට එම ගමේ නෑයන් සිටි බව පවසන බවත්, ඇමති සුනිල් පෙනෙවිට ද එබඳුම නෑයන් සිටින බව පෙනෙන බවත්, ධර්මපාලතුමත් ඔහුගේ නෑයකු බවත්, කල්වාරි කන්ද හැදූ අයත් නෑයන් බවත්, හිමුදුරුවරුන් ද නෑදෑයන් බවත් වරුණ රාජපක්ෂ මහතා පවසයි.

බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා ලැබූ ඓතිහාසික ජයග්‍රහණය යනු ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණයකට හෝ බ්‍රසීලයට පමණක් සීමා වූ ජයක් නොව, ගෝලීය දකුණේ සහ බ්‍රික්ස් (BRICS) සංවිධානයේ සමස්ත ප්‍රගතිශීලී කඳවුරේම නැගිටීමක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..

පසුගිය කාලය තුළ යුරෝපා රටවල හටගත් ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ හුදෙක් තාවකාලික සිදුවීම් නොව, නව ලිබරල් ආර්ථික ක්‍රමයේ අසාර්ථකත්වය හමුවේ අලුයට ගිනිපුපුරු මෙන් පවතින ගැඹුරු අර්බුදයක ප්‍රතිඵලයක් බව ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහ මහතා පවසයි.

උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති

රජයේ අපේක්ෂිත ආදායම් ඉලක්කයන්ට කිසිදු හානියක් නොවන අයුරින්, එළඹෙන අයවැය ලේඛනය මඟින් තෝරාගත් බදු වර්ග කිහිපයක් තවදුරටත් පහත හෙළීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධනය සඳහා ජනාධිපතිවරයා විසින් උපදේශක සභාවක් පිහිටුවීම මගින් මීට පෙර ක්‍රියාකිරීමට උත්සාහ කළ ආකාරයේ වෙනසක් ඇතිවී තිබේද යන්න පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..

ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදනය හදිසියේ පහත වැටීමත් සමග ආරම්භ වී ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම (National System Operator – NSO) නිකුත් කළ මූලික විමර්ශන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරමින් රජය විසින් ගෙන ඒමට යෝජිත "ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත" (PSTA) හිටපු පනතටත් වඩා බරපතල හා දැඩි ස්වරූපයක් ගන්නා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා පෙන්වා දෙයි.

ඊශ්‍රායල මැතිවරණ ප්‍රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා "Lanka Voice" යුටියුබ් නාලිකාව සමඟ එක්වෙමින් ලෝක දේශපාලනයේ මෑතකාලීන උණුසුම් මාතෘකා රැසක් සම්බන්ධයෙන් ගැඹුරු විශ්ලේෂණයක් සිදු කර තිබේ.

සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..

තමන් කොළඹ කිංස්බරි (The Kingsbury) හෝටලයට පැමිණි අවස්ථාවේ ලබාගත් ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන විකෘති කර, ‘ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්’ යනුවෙන් අසත්‍ය ලේබල් අලවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් සිය කීර්තිනාමයට හානියක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා එම හෝටල් කළමනාකාරීත්වය වෙත සිය නීතිඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යොමු කර තිබේ.

76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්‍රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

76 වසරක සාපයක් ගැන කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිී නොමැති බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැමිණි ගමන් මාර්ගයේම ඔවුන්ද රට ගෙනයමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කරයි.

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්ථානය වන Binance සයිබර් ප්‍රහාරයකට ලක්වෙයි

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්ථානය වන Binance වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් සිදුවූ බලපෑම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් පමණ වනු ඇතැයි එම සමාගම ඇස්තමේන්තු කර තිබේ.

AI භීතියකින් වෝල් ස්ට්‍රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා අධික ලෙස මුදල් ආයෝජනය කිරීම සහ එහි ප්‍රධාන ආදායම් මාර්ගවලට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් වෝල් ස්ට්‍රීට් (Wall Street) කොටස් වෙළඳපල ආයෝජකයින් අතර ඇති වූ භීතියත් සමඟ ගූගල් හි මව් සමාගම වන ඇල්ෆබෙට් (Alphabet) හි වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 500කට වඩා පහත වැටී ඇති බව බීබීසී පුවත් සේවය පවසයි.

සෞඛ්‍ය සේවයෙන් මුස්ලිම් කාන්තාව වෙන් කිරීම සුදුසු ද?.. - සෞඛ්‍ය සේවයේ නිල ඇඳුම වෙනස් කිරීමේ මානව හිමිකම් නිර්දේශය ගැන ධර්ම පර්යේෂණාලයෙන් බලවත් විරෝධයක්

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ සහ විහාරාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සී හිමියන් විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය චන්දන අබේරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින්, මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන් සඳහා නිල ඇඳුමට අමතරව ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට ඉඩ සලසන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.