ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්ය මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් 2024 නොවැම්බර් මස 20 වැනි දින ලංකා ලීඩර් (lankaleader) අප ප්රවෘත්ති බෙබ් අඩවියේ යම් කරුණු අනාවරණයක් සිදුකරන ලද අතර, එහිදී "මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?" යනුවෙන් මාතෘකාව යටතේ අප පවසා සිටියේ https://slbookreview.blogspot.com/2020/11/blog-post_14.html නමැති වෙබ් අඩවියේ අමාත්යවරයා සම්බන්ධයෙන් කරුණු හෙළිදරව්වක් සිදුකර ඇති බවයි.
එහි දක්වා තිබුනේ ප්රකට පරිවර්තිකාවක සහ ලේඛිකාවක, පරිපාලන නිලධාරිනියක වූ අභාවප්රාප්ත පද්මා එදිරිසිංහ මහත්මියගේ 'කොළොම්පුර පුරාණය' කෘතිය ගැන ගුවන් විදුලියේ කළ කතා පෙළක් පටිගත කර තමන්ගේ නමින් පොතක් හැටියට ප්රකාශයට පත්කිරීම ඒ මහතාට චෝදනා එල්ලවී ඇති බවත්, එම චෝදනවාවට ඔහු වැරදිකරු බවට පත්වූ බව එම ලිපියේ දක්වා තිබූ බවත් ය.
කෙසේ වෙතත් මෙම පුවත පළ කර වසර දෙකකට පමණ පසු සමාජ මාධ්ය ක්රියාකාරිකයකු වන නිලන්ත සත්සර ගමගේ මහතා විසින් මෙම අනාවරණය පාදක කරගනිමින් පසුගිය දා සමාජ මාධ්යයේ යම් අනාවරණයක් සිදුකර තිබූ අතර, එයට අමාත්යවරයාගේ ලේකම්වරයකු රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල්වරයාට ලිපියක් මගින් දන්වා තිබුනේ නිලන්ත සත්සර ගමගේ මහතා අමාත්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඉලක්ක කර අසත්ය ප්රකාශයක් සමාජ මාධ්යයේ පළකර ඇති බවත් ඒ සඳහා පියවර ගන්නා ලෙසත් ය.
මෙම සිදුවීම මේ වන විට සමාජ මාධ්යයේ ප්රබල මාතෘකාවක් බවට පත්ව ඇති පසුබිමක, විවිධ පාර්ශවයන් විසින් මෙයට එරෙහිව තම අදහස් ප්රකාශයේ යෙදෙන අයුරුත් දැකගත හැකිය.
මේ අතර, අභාවප්රාප්ත පද්මා එදිරිසිංහ මහත්මියගේ 'කොළොම් පුර පුරාණය' ගැන ගුවන් විදුලියේ කළ කතා පෙළ සම්බන්ධයෙන් සහ එම කෘතිය පළ කළ 'විසිදුනු ප්රකාශන' ආයතනය වෙනුවෙන් එහි හිමිකරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ගෙවිඳු කුමාරතුංග මහතා සමාජ මාධ්යයේ මේ සම්බන්ධයෙන් පළකර තිබූ සටහනක මෙසේ දක්වා තිබේ.
"මම (විසිදුනු ප්රකාශකයෝ) කොළොම් පුර පුරාවෘත්තය පොතේ ප්රකාශක. සත්ය කරුණු මත මම මේ ඇමතියාව කොටු කරගැනීමට ඔහුව ප්රශ්න කිරීම ඇරැඹු සැණින් නිලන්ත...
මුල් ඉංග්රීසි පොත නැවත ප්රකාශ කළේත් විසිදුනු ප්රකාශකයන්. මේ පරිවර්තනය මම මුදල් ගෙවා කරවූවක් මිස, පද්මා එදිරිසිංහ මහත්මිය ගේ වුවමනාවට කළ දෙයක් නෙවේ. ඒ සම්බන්ධයෙන් ඈ අධිකරණයට ගියෙත් නෑ යෑමේ හැකියාවකුත් නෑ.
ඒත් ඇමැති අප ගේ ප්රකාශන හිමිකම් උල්ලංඝනය කර ඇති බැවින්, ඔහු අධිකරණයට යෑම සැක සහිත යි. කවුරු කවුරුත් ලේසියටත් පහසුවටත් බොරු කියන සමාජයක අපි අසරණ යි."
එමෙන්ම ඔහු දක්වා ඇත්තේ " ඔහු අපෙන් සමාව ඉල්ලා පොත වෙළෙඳපොළින් ඉවත් කරගැනීමට කටයුතු කළ හෙයින් ඔහුට එරෙහිව අධිකරණ ක්රියා මාර්ගයකට යොමුවුනේ නෑ" යනුවෙනි.

මෙම සමාජ මාධ්ය සටහන ගෙවිඳු කුමාරතුංග මහතා පළ කර තිබුනේ "අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?.." යනුවෙන් නාරද කරුණාතිලක මහතා පළ කර තිබූ සටහනකට ප්රතිචාර දක්වමිනි.
මෙමගින් අනාවරණය වන්නේ එම කෘතිය නැතිනම් ආර්. එල්. බ්රෝහියර්ගේ සිංහලට පරිවර්තනය කළ 'කොළොම් පුර පුරාවෘත්තය' කෘතිය එසේ ප්රකාශනය කළේ විසිදුනු ප්රකාශකයන්ගේ ඉල්ලීමට අනුව බවයි.
එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමතිවරයා අධිකරණයට යෑමද සැක සහිත බව එම සටහනේ දක්වා ඇත්තේ මෙහි යම් සැකමුසුතැන් ඇති බව නොවේද?. මෙම කරුණු අපගේ පාඨකයන්ගේ අවධානය පිණිස මෙසේ පළ කිරීමට අපිට සිතුනේ මේ වනවිට මෙම කතාබහ කරළියට පැමිණ ඇති නිසාය.
අවසානයේ ගෙවිඳු කුමාරතුංග මහතාගේ කතාවට අනුව අපට සිතෙන්නේ " ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ.." යනුවෙන් වන කතාවකි.
පහතින් දක්වා ඇත්තේ පද්මා එදිරිසිංහ මහත්මියගේ 'කොළොම් පුර පුරාණය' සහ අමාත්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ 'කොළොම්තොට කොමලිය' නමැති කෘතීන් දෙකේ මුල් පිටකරයි.


සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්රස්තවාදී ආක්රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්රසීල ජනාධිපති ලූලාගේ ජයග්රහණය බ්රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්
ඊශ්රායල මැතිවරණ ප්රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්යන්තර දේශපාලන ප්රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..