News Category
From Date
To Date
Maximum Number of Result

සංඛ්‍යාලේඛන මායාව සහ කුසගින්නේ සීමාවට පැමිනෙන ලංකාව!.. රටේ වැඩකරන දිළින්දන්ගේ කථාව! - ශ්‍රී ලංකාවේ ජීවන වියදම් අර්බුදයේ ඇත්ත පැතිකඩ:

Oct 30, 2026 at 05:37 AM
|

අප දැන්නම් අමාරුයි කියා රටට කී කල මාලිමා පාක්ෂිකයන් අපට ඔච්චම් කලේ ඔවුනට නම් දැනෙන අමාරුවක් නැති බව කියමිනි.

මේවන විට රටේ සියළු ආදයම් ඛානඩයන්ට තමන්ගේ ආදායමට එපිටට යන වියදමක් දරන්නට සිදුවී තිබෙන බව මහ පොලවේ යථාර්ථය අපගේ දෑස් ඉදිරියේ විදහා දක්වමින් තිබේ

මේ වන විට රට මුහුන දෙන ආර්ථික අර්බුදය තවදුරටත් ඉන්ධන පෝලිම්වලින් හෝ භාණ්ඩ හිඟයෙන් පමණක් මැනිය නොහැකි දරුනු ඝනයේ කුටුම්බ නය ආර්ථික අරබුදයක් බවට පත්ව තිබේ. 

මෙම අරබුදය නිහඬව රටේ ගෘහ ආර්ථිකය කාදමන පද්ධතිමය බිඳවැටීමක් බවට පත්ව ඇතිබව පහත සදහන් දත්ත මගින් පැහැදිලිව පෙන්වා දිය හැකිව තිබේ.

නිල මාධ්‍ය නිවේදන සහ සාර්ව ආර්ථික වාර්තා තුළින් ශ්‍රී ලංකාවේ උද්ධමනකාරී පසුබිම නිතර විග්‍රහ කෙරෙන්නේ සන්සුන් සංඛ්‍යාලේඛන මගිනි.

 වාර්ෂික උද්ධමන වේගය පහළ බැස ඇති බවත්, මිල මට්ටම් ස්ථාවර වී ඇති බවත්, ජාතික දරිද්‍රතා මට්ටම 8% ක තනි අගයක පවතින බවත් නිල ප්‍රකාශනවලින් කියැවේ.

නමුත් කොළඹ පිටකොටුවේ තොග වෙළෙඳපොළේ, හයිලෙවල් පාරේ බස් නැවතුම්පොළවල සහ සාමාන්‍ය ගමේ සිල්ලර කඩවල සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) වැනි නිල මිනුම් දඬු සහ ජනතාවගේ දෛනික මූල්‍ය යථාර්ථය අතර පවතින මෙම පරතරය හුදු තාක්ෂණික දෝෂයක් නොවේ.

එය පැවැත්ම පිළිබඳ බරපතළ අර්බුදයකි. 

නිල දර්ශක මඟින් මනිනු ලබන්නේ කලින් නියම කරගත් භාණ්ඩ කූඩයක මිල වෙනස්වීමේ ප්‍රතිශතය හෙවත් වේගය පමණි. 

නමුත් සාමාන්‍ය පවුලක් මුහුණ දෙන්නේ 2022 සිට අඛණ්ඩව දෙගුණ-තෙගුණ වී පහළ නොබසින නිරපේක්ෂ මිල මට්ටම්වලටය.

එහෙත් ඒ හා සමගාමීව සාමාන්‍ය ජනතාවගේ නාමික වැටුප් වර්ධනය වී නැත. 

එහි ප්‍රතිඵලය වී ඇත්තේ ස්ථිර වැටුප් ලබන මධ්‍යම පාන්තික වෘත්තිකයන් පවා ගණිතමය වශයෙන් "වැඩකරන දිළින්දන්" (working poor) බවට පත්වීමයි.

විවිධ ආදායම් කාණ්ඩ මුහුණ දෙන මූල්‍ය කඩාවැටීම අපට මෙලෙස පැහැදිලි කොට දැක්විය හැකිව තිබේ

ශ්‍රී ලංකාවේ පවුලක මූලික වියදම් කාණ්ඩ දෙකක් යටතේ විශ්ලේෂණය කළ හැකිය. එනම්;

1. ප්‍රාථමික පැවැත්මේ වියදම්: ආහාර, ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය ගෘහස්ථ උපයෝගිතා (විදුලිය, ජලය, එල්.පී. ගෑස් සහ දුරකථන/අන්තර්ජාල ගාස්තු).

2. ද්විතීයික අත්‍යවශ්‍ය වියදම්: නිවාස කුලී හෝ ණය වාරික, දරුවන්ගේ උපකාරක පන්ති (ටියුෂන්), පෞද්ගලික වෛද්‍ය වියදම්, ඇඳුම් පැළඳුම් සහ පවතින ණය සේවාකරණය.

මෙකී ප්‍රාථමික හා ද්විථික වියදම් සිදු කරන ආදායම්  කාණ්ඩය සහ මාසික වැටුප පහත ලෙස වර්ගීකරනය කල හැකිව තිබේ.

1. අඩු ආදායම් / අනියම් සේවකයන් (රු. 40,000 ක මාසික ආදායමක් ලබන්නන්

2. රාජ්‍ය සේවකයා දල වශයෙන් රු. 60,000 මාසික ආදායම් ලබන්නන්

3. මධ්‍යම පාන්තික විධායක රු. 100,000 ආසන්නයට ආදායම් ලබන්නන්.

මෙම ඛාන්ඩ තුන ජනගහනයෙන් 85% නියෝජනය කරති.

ඉහත සදහන් ආදයම් කන්ඩායම්හි ප්‍රාථමික පැවැත්මේ වියදම්  එනම් (ආහාර + ගමන් + උපයෝගිතා(විදුලිය හා ජලය) අපට මෙලෙස දැක්විය හැකිව තිබේ.

අඩු ආදායම් / අනියම් සේවකයකු තම ප්‍රාථමික පැවැත්මේ වියදම් ලෙස ආහාර,ප්‍රවාහනය හා උපයෝගීතාවයන් සදහා මසකට රු. 37,760 වියදම් කිරීමට සිදුවී තිබේ. එනම් ආහාර සදහා රු. 26,000/- ද ප්‍රවාහනය සදහා බස් ගාස්තු ලෙස රු. 6.500/- ක්ද, විදුලිය හා ජල බිල්පත් සදහා රු. 5.200/- ලෙසටය.

රාජ්‍ය සේවකයා ඉහත සදහන් තම ප්‍රාථමික පැවැත්ම උදෙසා මාසිකව රු. 60,147 – 63,578 වියදම් කරනු ලබති. එනම් ආහාර සදහා රු. 42,000/- ද  ප්‍රවාහනය සදහා රු. 7000/- හා 10,000/- අතර වියදමක්ද විදුලි හා ජල බිල්පත් සසහා රු. 11,000/- පමනද වැය කරති.

මධ්‍යම පාන්තික විධායක ශ්‍රේණියේ ආදයම් ලබන්නකු තම ප්‍රාථමික පැවැත්ම උදෙසා මාසිකව රු. 87,687 – 113,457 ලබති. එනම් ආහාර සදහා 57k, යතුරුපැදි/මෝටර් රථ 10k-36k, බිල්පත් 20.3k ලෙසට වෙති.

මෙම ප්‍රාථමික පැවැත්ම වෙනුවෙන් දරන වියදමට අමතරව ඉහත සදහන් සෑම ආදායම් කාන්ඩයකටම තම පැවැත්ම වෙනුවෙන් ද්විතීයික අත්‍යවශ්‍ය වියදම් එනම්  නිවාස කුලිය, දරුවන්ගේ අධ්‍යාපන, පවුලේ සෞඛ්‍ය හා ලබා ගත්  ණය නැවත ගෙවීම සදහාද වියදම් දැරීමට සිදුවන්නේය.

අඩු ආදායම් / අනියම් සේවකයා සිටින්නේ කුලී නිවසක නම්: එකී ද්විතික අත්‍යවශ්‍ය වියදම රු. 26,000/- ලෙස අනුමාන කල හැකි වන්නේය. ඔහු ජීවත් වන්නේ පාරම්පරික නිවසක නම් ඔහුගේ ද්විතික අවශ්‍යතා සදහා යන වියදම රු. 16,000/- අනුමාන කල හැකිව තිබේ.

රාජ්‍ය සෙසවකයකු නිල නිවාස/මවුපිය නිවසක ජීවත්වන්නේ නම් ඔහුගේ ද්විතික අවශ්‍යතා සදහා දරන වියදම  රු. 36,500/- පමන වන්නේය. ඔහු තදාසන්න කුලී නිවසක ජීවත්වන්නේ නම් ඔහුගේ එම වියදම :රු. 52,500/- පමන විය හැකිව තිබේ.

මධ්‍යම පන්තික විධායක ශ්‍රේණියේ ආදයම් ලබන්නකු කුලී නිවසක ජීවත් වෙමින් යතුරු පැදියක තම ප්‍රවාහනය සලසා ගන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ ද්විතික අවශ්‍යතා සදහා වන මාසික වියදම  රු. 83,500/- විය හැකි අතර ඔහු නිවාස ණයක් ගෙන නිවසක් තනා ජීවත් වෙමින් මෝටර් රථයක් මගින් තම ප්‍රවාහනය සපයා ගන්නේ නම ඔහුගේ හෝ ඇයගේ එම මාසික වියදම රු 78,500/- විය හැකිව තිබේ.

 ඒ අනුව බලන කල   අඩු ආදායම් / අනියම් සේවකයකුගේ මාසික වියදම රු. 53,760 – 63,760 කි. ඔහුගේ මාසික වැටුප ඉක්මවා යාම (%) ලෙස ගත් කල 134% – 159% ලෙස ගිනිය හැකිව තිබේ. ඔහුගේ මාසික ආදායමේ ශුද්ධ හිඟය (Deficit)රු. 13,760 සිට - රු. 23,760කි.

එසේ බලන කල රජයේ සේවකයකුගේ මාසික වියදම  රු. 100,078 – 112,647කි. ඔහුගේ මාසික වැටුප ඉක්මවා යාම (%) ලෙස ගත් කල 166% – 188% ලෙස ගිනිය හැකිව තිබේ. ඔහුගේ මාසික ආදායමේ ශුද්ධ හිඟය (Deficit)රු. 40,078 සිට - රු. 52,647 කි.

එසේම මධ්‍යම පාන්තික විධායක ශ්‍රේණියේ පුද්ගලයකුගෙ 

මාසික වියදම  රු. 171,187 – 191,957කි. ඔහුගේ මාසික වැටුප ඉක්මවා යාම (%) ලෙස ගත් කල 171% – 192%

 ලෙස ගිනිය හැකිව තිබේ. ඔහුගේ මාසික ආදායමේ ශුද්ධ හිඟය (Deficit)රු. රු. 71,187 සිට - රු. 91,957 කි.

මෙම ඛේදනීය දත්ත දෙස බැලූ කල කියන්නට ඇත්තෙ රටේ සියළුම ආදයම් පන්තින් හි ජීවන තත්වය දරුනු ලෙස කඩා වැටෙමින් පවතින බවය.

ඉන් ප්‍රධාන වන්නේ අඩු ආදායම්ලාභී සහ දෛනික වැටුප් ලබන්නන්ගේ පවුල් වල පවතින පෝශන ප්‍රමිතියේ කඩාවැටීමයි.

මසකට රු. 40,000 ක් උපයන අවිධිමත් හෝ දෛනික වැටුප් ලබන කම්කරුවෙකුට ජීවිතය යනු පැවැත්ම උදෙසා කරන අරගලයකි.

 ආහාර සහ ගමන් වියදම: වැඩකරන දින 24 සඳහා මූලික බස් ගාස්තුව ලෙස රු. 6,500 ක් (වැටුපෙන් 16.25%) වැය වෙන තත්වයකදී බිත්තර, මස්, මාළු හෝ කිරිපිටි සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කර, පිෂ්ඨය පමණක් අඩංගු අත්‍යවශ්‍ය වියළි ආහාර වේලක් සඳහා පමනක් ඔවුනට අවම  වශයෙන් රු. 26,000 ක් (65%) වැය කරන්නට සිදුවී තිබේ.

 බිල්පත් ගෙවීමෙන් පසු ඉතිරියක් ඇති වන්නේ නැත  ඒකක 45 දක්වා සහන ගාස්තුවක් ලබමින්ද, ජලය බිල සදහා, රු. 1,988 ක් ද 5kg ගෑස් සිලින්ඩරයට දරන වියදම හෝ දර භාවිතය, සහ මූලික දුරකථන ගාස්තු සඳහා රු. 5,260 ක් ගෙවූ පසු, මුළු වැටුපෙන් 94.4% ක්ම අවසන් වන්නේය.

එවිට  ඉතිරි වන සොච්චම: අත ඉතිරි වන්නේ රු. 2,240 කි. එනම් දිනකට රුපියල් 75කටත් අඩු මුදලකි. දරුවෙකුගේ අසනීපයකදී ඖෂධ ගැනීමට, පාසල් පොතක් මිලදී ගැනීමට හෝ සපත්තු යුගලක් අලුත්වැඩියා කිරීමට පවා එම මුදල ප්‍රමානවත් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.  කාමරයක ජීවත් වන්නේ නම්, මසකට රු. 23,760 ක ශුද්ධ හිඟයකට මුහුණ දීමට සිදුවේ.

සාමාන්‍ය රාජ්‍ය සේවකයා මුහුන දී ඇති අරබුදය තමන්ගේ "දිවා බත් පැකට්ටුව මිලදී ගැනීමට දරන වියදමෙන්ම පෙන්වා දිය හැකිව තිබේ. ඒ තුලින් පෙන්වන්නේ රටේ මධ්‍යම පන්තියේ බිඳවැටීමයි.

ශ්‍රී ලංකාවේ සමාජ ස්ථාවරත්වයේ කොඳුනාරටිය ලෙස සැලකුණු රු. 60,000 ක මාසික වැටුපක් ලබන රජයේ සේවකයා අද වන විට බරපතළ මූල්‍ය කඩාවැටීමකට ලක්ව තිබේ.

  කොළඹ හෝ බත්තරමුල්ල පරිපාලන නගරයේ සාමාන්‍ය බත් පැකට්ටුවක් අද රු. 400 – 450 කි. වැඩකරන දින 20 සඳහා දිවා ආහාරයට පමණක් රු. 8,000 ක් වැය වේ. මෙය සමස්ත වැටුපෙන් හතෙන් එකකටත් (13.3%) වඩා වැඩි අගයකි. ගෙදර වියළි ආහාර වියදම (රු. 34,000) සමඟ එකතු වූ විට, ආහාර සඳහා පමණක් වැටුපෙන් 70% ක් වැය වේ. රජයේ සේවකයකු මෙම බර දරාගන්නේ කෙලෙසදයි තේරුම් ගැනීමට පවා නොහැකිය.

 පොදු ප්‍රවාහනය (බස් සහ දුම්රිය) භාවිතා කළද මාසික වියදම රු. 6,960 කි. විදුලිය (ඒකක 85 සඳහා රු. 1,887), ජල බිල්පත (රු. 1,800), 12.5 kg ගෑස් සිලින්ඩරය (රු. 3,000) සහ සන්නිවේදන ගාස්තු (රු. 4,500) සමඟ එකතු වූ විට, ප්‍රාථමික පැවැත්මට පමණක් රු. 60,147 ක් වැය වන අතර, වැටුපෙන් සම්පූර්ණයෙන්ම හිඟයක් (-රු. 147) නිර්මාණය වේ.

 දරුවන් පාසලට දමා කාර්යාලයට යාමට 100cc–125cc කුඩා යතුරුපැදියක් පාවිච්චි කරන්නේ නම්, පෙට්‍රල් (ලීටරය රු. 412 බැගින්) සහ නඩත්තුවට රු. 10,391 ක් වැය වන අතර, ප්‍රාථමික වියදම් පියවා ගැනීමට පවා මසකට -රු. 3,578 ක හිඟයක් ඇති වේ.

 දරුවන්ගේ අත්‍යවශ්‍ය ටියුෂන් පන්ති (රු. 11,500), රජයේ රෝහල්වල බෙහෙත් නොමැති විට පෞද්ගලික ෆාමසිවලින් බෙහෙත් ගැනීම (රු. 6,000), ඇඳුම් පැළඳුම් (රු. 4,500) සහ රජයේ ආපදා ණය/උත්සව අත්තිකාරම් වාරික (රු. 8,500) එකතු වූ විට, මසකට අවශ්‍ය මුදල රු. 100,000 – 112,000 ඉක්මවයි. මෙය වැටුප මෙන් දෙගුණයකට ආසන්නය.

මීට පෙර රුපියල් ලක්ෂයක ආදායමක් යනු කුඩා මෝටර් රථයක් (Alto හෝ Wagon R) පවත්වාගෙන යමින්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී, ඉතිරියක් ද කළ හැකි මධ්‍යම පාන්තික මට්ටමකි. වර්තමානයේ එම ජීවන රටාව මුළුමනින්ම බිඳවැටී තිබේ.

 කාර්යාල  තදබදය සහිත මාර්ගවල මසකට කිලෝමීටර් 800 ක් ධාවනය කිරීමට පෙට්‍රල් සඳහා පමණක් රු. 28,661 ක් වැය වේ. 

සේවා ගාස්තු, රක්ෂණ සහ ආදායම් බලපත්‍ර ගාස්තු සමඟ එය රු. 36,161 කි (වැටුපෙන් ආහාර (රු. 57,000) සහ ඉහළ ගෘහස්ථ විදුලි/ජල බිල්පත් (රු. 20,296) එක් වූ විට, මෝටර් රථයක් පදින වෘත්තිකයෙකුට මූලික පැවැත්ම සඳහා පමණක් රු. 113,457 ක් වැය වේ.

  තදාසන්න නිවාස කුලිය (රු. 35,000), දරුවන්ගේ පාසල් හා පන්ති ගාස්තු (රු. 18,000), පෞද්ගලික වෛද්‍ය වියදම් (රු. 9,000) සහ පෞද්ගලික ණය වාරික (රු. 15,000) එකතු වූ විට මුළු මාසික වියදම රු. 171,000 – 191,000 දක්වා ඉහළ ගොස් තිබේ.

 මෙය පියවා ගැනීමට නම් මෝටර් රථය ගරාජයේ නවත්වා යතුරුපැදියට හෝ බස් රථයට මාරු වීමට මධ්‍යම පාන්තිකයන්ට සිදුව තිබේ.

 අද වන විට වෘත්තිකයන් රට හැර යන්නේ හුදු සුඛෝපභෝගී අපේක්ෂාවන් නිසා නොව, රුපියල් ලක්ෂයක වැටුපකින් දරුවන් දෙදෙනෙකුට උගන්වා ජීවත් වීමට නොහැකි වීම නිසාය.

ආදායම සහ වියදම අතර මෙතරම් දැවැන්ත හිඟයක් පවතිද්දී ජනතාව තවමත් ජීවත් වන්නේ කෙසේද? ඒ සඳහා ඔවුන් යොමු වී ඇත්තේ ක්ෂය වන මූල්‍ය උපක්‍රම වෙතය.

එහි ලා ප්‍රමුඛ විකල්පය වී ඇත්තේ රන් බඩු උකස් කිරීමයි.  බැංකු පද්ධතිය තුළ රන් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.5 ඉක්මවා ගොස් ඇති බව වාර්ථා වන්නේය.

 ව්‍යාපාර ඇරඹීමට නොව, විදුලි කප්පාදුවෙන් බේරීමට සහ පාසල් වාර ගාස්තු ගෙවීමට පවුල් සතු අවසන් සම්පත වන රන් ආභරණ උකස් තැබීමට රටේ ජනතාවට  සිදුව තිබේ. 

නමුත් අවසානයේදී සිදුව ඇත්තේ පොලිය ගෙවා ගැනීමට නොහැකිව එම රන් බඩු සින්නවීමය.

නාගරික හා අර්ධ නාගරික කම්කරු ජනතාව එදිනෙදා ආහාර ගන්නේ සිල්ලර කඩේ ණය පොතටය. 

පොලීකරුවන්ගෙන් දෛනික පොලියට මුදල් ගැනීම නිසා ණයෙන් ණය පියවන විෂම චක්‍රයකට ඔවුන් හසුව තිබේ.

රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් අත්තිකාරම් සහ ආපදා ණය කැපී ගිය පසු අතට ලැබෙන්නේ රුපියල් 5,000 – 10,000 කි.

තවත් පවුල් කුසගින්නෙන් බේරී සිටින්නේ විදේශගත ශ්‍රමිකයන් එවන ඩොලර් 100–150 ක (රු. 30,000–45,000) මාසික මුදල නිසාය. රටේ සාර්ව ආර්ථිකය මෙන්ම ගෘහ ඒකකයේ ක්ෂුද්‍ර ආර්ථිකයද ගැටගසා ඇත්තේ විදේශගත ශ්‍රමිකයන්ගේ කරමතිනි.

මූලික ආහාර වේල, රැකියාවට යන ප්‍රවාහන වියදම සහ මූලික උපයෝගිතා බිල්පත් පමණක් මාසික ආදායමෙන් 94% සිට 113% දක්වා ගිලගන්නා පසුබිමක, රටේ ජනතාව කරන්නේ "ජීවත් වීම" නොව "පැවැත්ම උදෙසා අරගල කිරීමකි.

 නිල සංඛ්‍යාලේඛනවලින් උද්ධමනය පාලනය වී ඇති බව කීවද, බිම් මට්ටමේ ජනතාව එම "සංඛ්‍යාත්මක ස්ථාවරත්වය" වෙනුවෙන් වන්දි ගෙවන්නේ වේල් ගණන් අඩුවෙන් කා, දරුවන්ගේ අනාගතය උකස් තබා සහ ජීවිත කාලය පුරා හරිහම්බ කළ දේ විකුණා දමමිනි.

(ශිරාල් ලක්තිලකගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

“රාජ්‍යයක් එක්සේසත් කිරීම යුද ජයග්‍රහණයකි. එහෙත් ශාසනයක් තුළ ඇති වූ අසමඟිය දුරුකොට විනය, අධ්‍යාපනය හා සාමූහික සංවිධානය නැවත ස්ථාපිත කිරීම ඊට වෙනස් වූ ගැඹුරු වගකීමකි.”
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී, රජයට හෝ ජනාධිපතිවරයාට හීලෑ නොවී ස්වාධීනව කටයුතු කළ එවක අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඉන් ඉවත් කිරීමට සහ ඔහුගෙන් පලිගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිට යූටියුබ් නාලිකාව හරහා විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.
චීන කම්කරු හා ගොවි රතු හමුදාවේ දිගු පා ගමනේ ජයග්‍රහණයේ 90 වැනි සංවත්සරය සැමරීමේ මහා උත්සවයක් ඔක්තෝබර් 22 වැනිදා පෙරවරුවේ බීජිංහි "මහජන මහා ශාලාවේදී" පැවැත්විණි.
2026 ඔක්තෝබර් 27 වැනිදා ඉන්දියාවේ ලෝක බෞද්ධ විද්වත් සන්ධානයේ (WOBSA) නියෝජිත පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් හෙවත් පැලවත්ත ආණ්ඩුවේ ප්‍රධානී ටිල්වින් සිල්වා හමුවිම අනුරාධපුර පූජා නගරයේ යෝජිත රාම කෝවිල, රාමායණ සංචාරක ව්‍යාපෘතිය, මන්නාරම හරහා ඉන්දියාවට ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීමේ සැලසුම්, දුම්රිය හා බලශක්ති ඒකාබද්ධතාව සිදුකෙරේන ‘රාමායණ මාවත’ (Ramayana Trail) කොටසක්ම බව අනාවරණය වි තිබේ.
පුද්ගල නිදහස යනු නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලික ව්‍යවස්ථාපිත හරයන් ගෙන් එකකි. අපරාධ වරදක් සිදු කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු, නීතියට අනුව වරදකරු බව ඔප්පු වන තුරු, නිර්දෝෂී අයෙකු ලෙස සැලකීමට (නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනය) හිමිකම් කියයි.
ලෝකප්‍රසිද්ධ කල්වාරිය ඇත්තේ හිනිදුම බවත්, එය සෑදූ වඩු කාර්මිකයා තමාගේ පියා බවත්, ගමට අවශ්‍ය වටිනා මිනිසුන් නිර්මාණය කළේ පල්ලිය විසින් බවත් ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසන කතාවක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
මේ දිනවල වැඩි වශයෙන් කථාවෙන වස් කවිය ගැන බොහෝ දෙනා අපෙන් ඇසූ නිසා වස් කවියේ කථාව ගැන කියන්නට සිතුවෙමි. පලමුවෙන්ම කිව යුත්තේ මේ කවි පන්තිය ලියා ඇත්තේ අති දක්ෂයෙක් බව ය. කෙටියෙන් කිවහොත් නියම වැඩ්ඩෙක් අතින් ලියවුණු කවි පන්තියකි.
බ්‍රසීලයේ පැවති අතිශය තියුණු සහ තීරණාත්මක ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා ලබාගත් ජයග්‍රහණය අධිරාජ්‍ය විරෝධී සහ වාමාංශික කඳවුරට ලැබුණු ජයග්‍රහණයක් හා සැනසිලිදායක ආරංචියක් වන බව කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී, විධායකයේ බලපෑම්වලට යටත් නොවී අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මුහුණ දුන් අභියෝග සහ ඓතිහාසික සිදුවීම් පිළිබඳව Kaarige Channel Eka නාලිකාව හරහා ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.

ප්‍රධාන පුවත්

76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්‍රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

76 වසරක සාපයක් ගැන කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිී නොමැති බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැමිණි ගමන් මාර්ගයේම ඔවුන්ද රට ගෙනයමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කරයි.

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්ථානය වන Binance සයිබර් ප්‍රහාරයකට ලක්වෙයි

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්ථානය වන Binance වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් සිදුවූ බලපෑම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් පමණ වනු ඇතැයි එම සමාගම ඇස්තමේන්තු කර තිබේ.

AI භීතියකින් වෝල් ස්ට්‍රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා අධික ලෙස මුදල් ආයෝජනය කිරීම සහ එහි ප්‍රධාන ආදායම් මාර්ගවලට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් වෝල් ස්ට්‍රීට් (Wall Street) කොටස් වෙළඳපල ආයෝජකයින් අතර ඇති වූ භීතියත් සමඟ ගූගල් හි මව් සමාගම වන ඇල්ෆබෙට් (Alphabet) හි වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 500කට වඩා පහත වැටී ඇති බව බීබීසී පුවත් සේවය පවසයි.

සෞඛ්‍ය සේවයෙන් මුස්ලිම් කාන්තාව වෙන් කිරීම සුදුසු ද?.. - සෞඛ්‍ය සේවයේ නිල ඇඳුම වෙනස් කිරීමේ මානව හිමිකම් නිර්දේශය ගැන ධර්ම පර්යේෂණාලයෙන් බලවත් විරෝධයක්

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ සහ විහාරාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සී හිමියන් විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය චන්දන අබේරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින්, මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන් සඳහා නිල ඇඳුමට අමතරව ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට ඉඩ සලසන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබේ.

PSTA ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට බරපතළ ලෙස පටහැනියි...- එක්සත් ජාතීන්ගේ විරෝධය..

දශක ගණනාවක් පුරා දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) වෙනුවට ශ්‍රී ලංකා රජය විසින් අලුතින් හඳුන්වා දීමට නියමිත "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ" (PSTA) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පෙර, එහි අන්තර්ගත ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට පටහැනි බරපතළ වගන්ති ඉවත් කර පුළුල් සංශෝධනයකට ලක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

වසරකට පොලිස් කූඩුවල මරණ 17යි... පැය 72ක් රඳවාගෙන පහරදීමට සහ පොලිස් පාපොච්චාරණ සාක්ෂි කරගැනීමට අසීමිත බලතල දීමෙන් රටම බියකරු අගාධයකට..

PSTA සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් පරාජය කිරීමට සියලු විපක්ෂ බලවේග එක්විය යුතු බවත්, ඒ සඳහා දැවැන්ත මහජන විරෝධයක් ගොඩනැගිය යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය.

මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇතිවිය හැකියි.. - සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය..

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම් වදහිංසා පැමිණවීම් සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට මග පැදීමේ අවදානමක් පවතින බව හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.

ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්‍ය කතා පුවත..

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී, විධායකයේ බලපෑම්වලට යටත් නොවී අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මුහුණ දුන් අභියෝග සහ ඓතිහාසික සිදුවීම් පිළිබඳව Kaarige Channel Eka නාලිකාව හරහා ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.

“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්‍රතිචාර දක්වයි

කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක අවසන් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති කෙටුම්පත් යෝජනාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති විවාදය අතරතුර, කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොද්‍රිගස් පරිල්ලා මහතා ඔක්තෝබර් 27 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති මයික් වෝල්ට්ස් මහතාට ප්‍රතිචාර දැක්වීය.

බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්‍යාය පත්‍රයක්..

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් පැවිදි සහ ගිහි සංවිධාන එකතුව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

​දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්‍රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්‍යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය

එල්ටීටීඊ සංවිධානයේ විකාශනය වන බෙදුම්වාදී න්‍යාය පත්‍රයට මුහුණ දීමට සහ ශ්‍රී ලංකාවේ යහපත ආරක්ෂා කිරීම සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය බව ශ්‍රී ලංකාව සඳහා වූ සාමය, එක්සත්කම සහ මානව හිමිකම් පිළිබඳ සංවිධානයේ (SPUR) සභාපති ආචාර්ය දසරත් ජයසූරිය මහතා පවසයි.

නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්‍රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..

ඊශ්‍රායලයේ පසුගිය වසර ගණනාව තුළ පැවැත්වුණු වඩාත්ම තීරණාත්මක සහ වැදගත් මැතිවරණයක ඡන්ද විමසීම අවසන් වී ඇති අතර, මේ වන විට අලුයම් කාලයේ සිටම නිල ඡන්ද ගණන් කිරීමේ සහ ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ තීරණාත්මක කර්තව්‍යය ආරම්භ වී තිබේ.

යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්‍යවේදී මෝහන් සමරනායක

යුරෝපයේ වීදිවලින් මේ වන විට නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරය බව ජේෂ්ඨ මාධ්‍යවේදී සහ දේශපාලන විශ්ලේෂක මෝහන් සමරනායක මහතා පවසයි.

කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්‍යග්‍රහය නතර කිරීමට හේතුවත් ආරණ්‍යවාසී හිමිවරුන් මාධ්‍යයට හෙළිකරති..

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නතර කරන ලද්දේ මහානායක හිමිවරු විසින් එවා තිබූ ලිපියට ගරුකරමින් බවත්, මහනායක හිමිවරුන් ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරනු ඇති බවට විශ්වාස කරන බවත් මෙම සත්‍යග්‍රහයට සහ නිදහසේ පා ගමනය සම්බන්ධවූ ආරණ්‍යවාසී භික්ෂූන් වහස්සේලා විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කරුණු සඳහන් කර තිබේ.

ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කර ගැනීම සඳහා මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කර නැති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්‍යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්

කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් 2027 නව විසර්ජන පනත් කෙටුම්පත සහ රජයේ අපේක්ෂිත වියදම් සම්බන්ධයෙන් දැඩි කරුණු හෙළිදරව් කිරීමක් සිදු කරන ලදී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.