ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්රහණයක්.. - ජාතික සංවිධාන කියයි
අනුරාධපුර පූජාභූමි සංවර්ධනය සඳහා ජනාධිපතිවරයා විසින් උපදේශක සභාවක් පිහිටුවීම මගින් මීට පෙර ක්රියාකිරීමට උත්සාහ කළ ආකාරයේ වෙනසක් ඇතිවී තිබේද යන්න පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
වෛද්ය වසන්ත බණ්ඩාර මහතා ඒ පිළිබඳව පළ කරන ලද අදහස් ඔහුගේ වචනවලින් මෙසේ දැක්වේ.
"ජනාධිපතිවරයා උපක්රමයක් ලෙස හෝ අඩියක් පිටුපසට ගැනීම මේ රටේ බහුතර ජනතාවගේ ජයග්රහණයක්. අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්යාපෘති යෝජනාව සකස් කළේ යම් තෝරාගත් නිලධාරීන් පිරිසක් දොරවල් වහගෙන. ඔවුන් මහා සංඝරත්නයේ උපදෙස් පමණක් නොව පුරාවිද්යා දෙපාර්තමෙන්තුවේ මූලික සමීක්ෂණ වාර්තාවක් හෝ ලබාගත්තේ නැහැ. ඉන්දියානු තානාපති කාර්යාලයේ අනුමැතිය පමණක් ලබාගත්තා. ඒ අනුව ඉතාම හිතුවක්කාරී ලෙස ඒකපාර්ශ්වීයව ගැසට් එක නිකුත් කළා.
නමුත් මහජන විරෝධය නිසා දැන් ක්රියාවලිය වෙනස් කරන්න සිදුවුනා. නමුත් අවදානය වෙනස් වුවහොත් නැවත වටයකින් ඉන්දියානු උවමනාවන් ඉටු කිරීම සඳහා හිතුවක්කාර ක්රියාවලිය පටන් ගන්න පුළුවන්. ඒ නිසා පළමු වටයේ දී මහා සංඝරත්නය විසින් මූලික කොන්දේසි ප්රමාණයක් දැමිය යුතුයි. ඒවා මෙසේ දැක්විය හැකියි.
1) නිකුත්කර ඇති ගැසට් නිවේදනය අත්හිටුවා ව්යාපෘති යෝජනාව මහා සංඝරත්නයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුයි.
2) ව්යාපෘති යෝජනාව නැවත සකස් කිරීමට පෙර මූලික පුරාවිද්යා සමීක්ෂණ වාර්තාව ලබාගත යුතු අතර, එය ප්රසිද්ධ කළ යුතුයි.
3) යුනෙස්කෝ පිළිගැනීම අනුව මූලික කොන්දේසියක් ලෙස අනුරාධපුර පූජා නගරය බෞද්ධ පූජා නගරයක් ලෙස ප්රකාශයට පත්කළ යුතුයි.
4) "වෙනිස්" ප්රඥප්තියට ගරු කරමින් ඓතිහාසික චෛත්ය නිර්මාණ ශිල්පයට ගරු කරමින් නව අංග එකතු කිරීම නොකළ යුතු අතර, ඒ අනුව රුවන්වැලි සෑය වටා ආරක්ෂිත වැටක් ඉදිකිරීම නොකළ යුතුයි.
5) සංචාරකයින්ට පහසුකම් සැලසීම මුල්කරගෙන ප්රදේශයේ පදිංචි ජනතාව ඉවත් නොකළ යුතු අතර, සංචාරකයින් සඳහා ඉදිකරන පහසුකම් සඳහා පූජා නගර වත් පිළිවෙත් සැලකිල්ලට ගනිමින් කොන්දේසි පැනවීම.
6) පරිසර ආරක්ෂාව නාමයෙන් ඓතිහාසික වත්පිළිවෙත් වලට සීමා පැනවීම නොකළ යුතුයි.
7) පූජා නගරයට ඇතුළුවීම සඳහා මහ ජනයා දැනට භාවිත කරන ප්රවේශ මාර්ග අවහිර නොකළ යුතුයි.
8) සංවර්ධන ක්රියාවලිය අධික්ෂණය සඳහා දැනට පත්කළ උපදේශක සභාවේ කාලය දීර්ඝ කිරීම.
9) පූජා භූමිය තුළ දැනට හින්දු කෝවිල් 2ක් සහ මුස්ලිම් පල්ලියක් ලෙස පවතින ස්ථාන පුළුල් කිරීම නොකළ යුතුයි.
10) පූජා නගරය තුළ භෞතික පහසුකම් ඉදිකිරීමේ දී බෞද්ධ වත් පිළිවෙත්, අධ්යාත්මික සංවර්ධනය, භික්ෂූන්ට සහ වන්දනාකරුවන්ට අවශ්ය පහසුකම් සඳහා මිස සංචාරකයන්ගේ අවශ්යතාවලට ප්රමුඛතාව ලබා නොදිය යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්රස්තවාදී ආක්රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්රසීල ජනාධිපති ලූලාගේ ජයග්රහණය බ්රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්
ඊශ්රායල මැතිවරණ ප්රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්යන්තර දේශපාලන ප්රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..