News Category
From Date
To Date
Maximum Number of Result

හිනිඳුම සුනිල්සෙනෙවි ඇමතිතුමා සැබැවින්ම සුචරිතවත් චරිතයක්ද?

Nov 2, 2026 at 05:36 AM
|

කැබිනට් මණ්ඩලය නොමග යවමින් රාජ්‍ය සේවයෙන් පහකළ තම හිතවතෙක් චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි තනතුරට පත් කිරීමට හිනිඳුම සුනිල්සෙනෙවි ඇමතිතුමා පියවර ගෙන ඇත්තේ මාලිමා රජය දූෂණය හා වංචාව පිටුදකින බව ප්‍රධාන පාඨය කරගත් සමයක එහි වගකිව යුතු අමාත්‍යවරයෙක් වශයෙන් සිටීම එක්තරා අන්දමකින් රජයට දෛවෝපගත සරදමකි.

නිලන්ත සත්සර ගමගේ මහතා මුහුණුපොතේ පළකළ දැන්වීමක් දුටු සංස්කෘතික අමාත්‍ය මාධ්‍ය ලේකම් නිකුත් කළ ප්‍රකාශය දුටිමි. එසේනම් තම අමාත්‍යවරයාගේ ඉහත අනීතික ලෙස බලය අයුතු භාවිතය ගැන නිකුත් කරනුයේ කුමන ආකාරයේ ප්‍රකාශයක්දැයි දැනගනු රිසියෙමි.

මාලිමා රජයේ ප්‍රතිපත්තිය නීතියට ඉහළින් කිසිවෙකු නැත යන්නය. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පුන පුනා පවසති. දැන් නීතිය ක්‍රියාත්මක වන අයුරු බලා සිටිමු.

සිදුවීම හා චෝදනාව 

කේ. ආර්. ප්‍රේමවීර නොහොත් රුවන් ප්‍රේමවීර යන අය ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩෝ තනතුර හා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ (පාලන) තනතුර යන තනතුරු දෙකම දරමින් 2021 අගෝස්තු 05 දින සිට 2021 නොවැම්බර් 05 දක්වා කාලය තුළ එකී තනතුරුවලට අදාළව වැටුප් හා දීමනා ලබාගැනීමේ වරදට ආයතන සංග්‍රහයේ නීතිරීතිවලට අනුව දඬුවම් වශයෙන් සේවයෙන් පහකර ඇත.

මාලිමා රජයේ සංස්කෘතික අමාත්‍යධූරයට පත්වූ හිනිඳුම සුනිල්සෙනෙවි මහතා තම හිතවතා වූ රුවන් ප්‍රේමවීර මහතා සම්බන්ධිකරණ ලේකම් වශයෙන් පත්කර ගත්තේය. අනතුරුව ඔහු චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි තනතුරට පත්කර ගනු ලැබුවේ කැබිනට් මණ්ඩලය වෙත විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කර අනුමැතිය ලබා ගෙනය. රාජ්‍ය මුදල් වංචාවක නිරත වූ අයෙකුට පත්වීමක් ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කර ඇත්තේ රජයේ ප්‍රතිපත්ති පාවා දෙමින් ය.

ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මාලිමා රජයේ කීර්තිය අනතුරේ දැමූ සංස්කෘතික අමාත්‍යවරයා ගැන විනිශ්චය කිරීම දැන් ඔබ සතුය.

සුනිල්සෙනෙවි සහ මගේ පළමු හමුව.

වසර ගණනාවකට පෙර කොළඹ පැවැති විදෙස් සිනමා උළෙලකදී ඔහු මට හඳුන්වා දෙන්නේ මගේ පාසල් මිතුරෙකුය. සාහිත්‍යයවේදියෙක් හා සිනමා නිර්මාණ කෙරෙහි ඇල්ම ඇති ඔහුගේ සංයමයෙන් යුත් වදන් හැසිරීම මගේ සිත්ගත් හෙයින් කෙටි පිළිසඳරක නිරත වූයෙමි. ඉන්පසු විවිධ් ස්ථානවලදී දුටු ඔහු කෙරෙහි මගේ සිතේ උපන්නේ ගෞරවය මුසු හැඟීමකි. එයට වඩාත්ම බලපෑවේ ඔහු ලේඛකයෙක්වීම නිසාය කිවහොත් එය නිවැරදිය.

සුදත් මහදිවුල්වැවගේ අරියාදුව හා ගැටුමක ආරම්භය.

2017-2018 රාජ්‍ය සාහිත්‍යය සම්මානය දිනූ මගේ කෙටිකතාවක් ඇසුරෙන් නිර්මණය කළ දෙවන සිනමා කෘතිය නම් තැබුවේ "සිහින සේයා" නමිනි. එය ජාතික චිත්‍රපට සංස්ථාවේ රිත්මා මණ්ඩලය යටතේ ප්‍රදර්ශනය කිරීම සඳහා රැඟුම් පාලක මණ්ඩලයේ පූර්ණ ප්‍රදර්ශන අනුමැතිය ලත් වහා ඉදිරිපත් කළෙම්. සංස්ථාවේ ඇගයීම් කමිටු සාමාජිකයන් 4 දෙනෙකු චිත්‍රපටය නරඹා තිබුණු අතර නිරීක්ෂණය ලිඛිතව ලබාදෙන බව දැන්වීය. මා සුදත් හමුවූයේ එම අවස්තාවේය. ඔහු මගේ පාසලේ සමකාලීනයෙකු විය. පෙර දැන හැඳුනුම්කම තිබුණද මා කිසිවිටෙක බලපෑම් නොකළෙමි. ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලද දිගු පෝලිමක් ඇති හෙයින් මාස කිහිපයක් ගතවෙන බව සුදත් පැවසීය. මාස කිහිපයක් ගෙවීගිය අතර නිසි අනුමැතිය නොලද චිත්‍රපටයක් ගිවිසුම් අත්සන් කෙරුණේ සංස්ථාවේ නීති නිලධාරීනිය හා රිත්මා මණ්ඩල ප්‍රධානියාගේ මැදිහත්වීමෙනි. 

මා චිත්‍රපටය සඳහා ඇගැයීම් කමිටු නිර්දේශය හා අනුමැති ලිපිය ඉල්ලා සිටියේ මුදල් ගෙවා ශාලා පහසුකම් සපයා කමිටුවට චිත්‍රපටය පෙන්වා ඇති හෙයින් ඊට නීත්‍යනුකූල අයිතියක් ඇති හෙයිනි. එහෙත් සංස්ථාව මාස කිහිපයක් පිළිතුරු නොදී  කල්මැරීම හමුවේ තොරතුරු පනත උපයෝගී කර අදාළ ලේඛන ඉල්ලා සිටියෙමි. ඒමගින් මට ලබාගත හැකිවූයේ නිර්දේශය පමණි. අනුමැතිය සහිත ලිපියක් නොලැබිණි. චිත්‍රපටය නැරඹු සිවුදෙනාම නිර්දේශය දී තිබිණ.

මේ වනවිට සංස්ථාවේ චිත්‍රපට ප්‍රදර්ශනය දීර්ඝ කාලයක පටන් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ අබිමතය යටතේ ක්‍රියාත්මක මාෆියාවක ගොදුරක්ව පවතින බව නිශ්චිත ලෙස තහවුරු කර ගතිමි. සංස්ථාවේ තොරතුරු මට ලබාදෙන්නේ සාමාන්‍යාධිකාරි මහතා බවට සැක කළ සුදත්, ඔහුට එරෙහිව මර්ධනකාරි ක්‍රියා පිළිවෙතකට අවතීර්ණ විය. අධ්‍යක්ෂකවරුන්ගේ රැස්වීම ඔහුට තහනම් කලාපයක් විය. තොරතුරු නිලධාරියා වහා ඉවත් කෙරුණි. සාමාන්‍යාධිකාරි රවි කලුපහන මහතා චිත්‍රපට සංස්ථාවේ දෙවසරක සේවය සඳහා පත්ව සිටි පරිපාලන නිලධාරියෙකි. ඔහුගේ සේවාකාලය දිගු නොකිරිමට සුදත් වග බලාගත්තේ අමාත්‍ය හිනිඳුම සුනිල්සෙනෙවි ඒ සඳහා පොළඹවා ගනිමිනි. අවස්තාවෙන් ප්‍රයෝජන ගත් ඇමති තම සගයා සාමාන්‍යාධිකාරි කළේය.මාධ්‍ය හමුවක් පවත්වා එය ජනගත කිරීමට මම තීරණය කළෙමි.

මාධ්‍ය හමුව දින උදැසනම  ඇමතුමක් මා වෙත ලැබුණේ හිනිඳුම සුනිල්සෙනෙවියන්ගෙනි. මාධ්‍ය හමුව නොපබත්වන මෙන් දන්වා සිටි ඔහු ඒ සඳහා සහභාගි වුවහොත් වගකිව නොහැකි බවට සියුම් තර්ජනයක් ද කළේය. මාධ්‍යවේදීන්ට පෙර දැනුම්දීමක් කර තිබු හෙයින් එහි අසීරුතාව පෙන්වාදුන් පසුව ඔහු පත්කළ සාමාන්‍යාධිකාරි රුවන් මහත්මාව මාධ්‍ය හමුවට පෙර මුණගැසෙන ලෙස මගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව රුවන් මහතා හමුවූ අතර ඔහු පැවසුවේ රජය හෝ අමාත්‍යාතුමා විවේචනයට ලක් නොකරන ලෙසය. එවැන්නක් කිරීමේ අදහසක් හෝ මට ඒ වනවිට නොතිබිණි. මාධ්‍ය හමුව පවත්වා අනතුරුව එම සියලූම කරුණු අල්ලස් කොමිසමට පැමිණිලි කළෙමි. 

අල්ලස් කොමිසම හමුවට මා ඉදිරිපත් කළ පැමිණිලි මූලික විමර්ශනයට බඳුන් කර සති කිහිපයකට පසුව දූෂණය නැමති වරද සිදුව ඇති බව තහවුරු කරගෙන ලිඛිතව දැනුවත් කර පූර්ණ විගණනයක් ආරම්භ කෙරීය.

AC/ 0087/2026

AC/1783/2026

AC/1597/2026

අල්ලස් කොමිසමේ විමර්ශනය පිළිබඳ දැඩි විශ්වාසයක් මා තුළ පවතින්නේ මීට පෙර කළ පැමිණිලි සම්බන්ධ අත්දැකීම් මතය.

පසුව රුවන් ප්‍රේමවීර මහතා කළ දැනුම්දීම මත මා සංස්කෘතික අමාත්‍ය හිනිඳුම සුනිල්සෙනෙවි මහතා මුණගැසුණේ මගේ චිත්‍රපටයට වූ අසාධාරණය හා සංස්ථාවේ පවතින වංචා දූෂණ සම්බන්ධව විධිමත් කරුණු පැහැදිලි කිරීමේ අපේක්ෂාවෙනි. චිත්‍රපටය සම්බන්ධව සාකච්ඡා කළද ආයතනයේ වංචා හා දූෂණ පිළිබඳ කතාබහ කිරීම ඔහු සූක්ෂ්ම ලෙස මගහරින බව මට වැටහිණි. සැබැවින්ම එය අසාර්ථක හමුවකි. එය 

අමාත්‍යවරයාගේ ක්‍රියාපිළිවෙත එසේවුව අමාත්‍යාංශයේ නිලධාරින් මගේ කරුණු දැක්වීම කෙරෙහි ඔවුනගේ සීමාවන් තුළ ක්‍රියාත්මකවූ බව මෙහි ඇමුමුම් ලිපි සාක්ෂි සපයමු ඇත. විශේෂයෙන් ම අමාත්‍යාංශයේ ලේකම්තුමන් ස්දත් මට අසාධාරණයක් කර ඇති බව නිරීක්ෂණය වෙන බව ලිඛිතව දැනුම්දුන් බවද සටහන්  යුතුය.

සුදත්ගේ අනීතික ක්‍රියා සම්බන්ධව අධිකරණ පිහිට පැතීමට මම තීරණය කළෙමි. SCFR/0080/2026 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම නඩුව විභාග වන හෙයින් නඩුවට අදාළ කරුණු මෙහි සටහන් නොතබමි.

චිත්‍රපට විෂයභාර අමාත්‍යාතුමා සිය වගකීම හා වගවීම මගහැර යන්නේ නම් පුරවැසියාට හිමි නීතියේ පිළිසරණ පැතීම හැර අන්විකල්පයක් නැත.  දූෂණ හා වංචා පිළිබඳ කරුණු හෙළික්‍රීමට හා විරුද්ධව නැගී සිටීමට පුරවැසියාට ඇති අයිතිය හා නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනමය. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වළක්වාලන ඕනෑම ක්‍රියාමාර්ගයක් හෙළා දකිමු. සංස්කෘතික අමාත්‍ය මාධ්‍ය ලේකම්ගේ ලිපියම හාස්‍යයක්වී හමාරය. නිලන්ත සත්සර ගමගේ සිය ප්‍රකාශය නිකුත් කර ඇත්තේ රටම දන්නා මූලාශ්‍ර ඇසුරෙනි. නිර්මාණකරුවෙක් වශයෙන් මා මුහුණදුන් සිදුවීම් අප්‍රසන්නය. එය වඩාත් පිළිකුලක් දනවන්නේ මහනුවර ධර්මරාජයට අතරමග ගොඩවැදුණු සුදත්ගේ විෂයානුබද්ධ දැනීමක් නොමැතිව හත්පොලේ ගා ගැනීමය.

යුක්තිය හා සාධාරණය ඉල්ලා වසර ගණනාවක් වීදියේ අරගල කළ රජයක බලධාරීන්ගේ හැසිරීම බුද්ධිමත් ජනතාව නිවැරදිව කියවාගනු ඇත. 

සටහන:

මේ සියලූම කරුණු කාරණා ජනපති, අගමැතිනිය ප්‍රමුඛ බලධාරින් හමුවට දැනටමත් යොමුකර හමාරය. .

- අජිත් ධර්මසූරිය

(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)



















සම්බන්ධිත පුවත් | Related News

මාලිමවේ ඉන්නේ හොරුන්ගෙත් හොරු කම්බ හොරු. හරිනිගේ ආචාර්ය උපාධිය දැක්කම තේරෙනවා උන්ට විද්‍යාත්මක චින්තනයක් තියා සරල අධ්‍යාපනික විභවයක් හෝ නැති බව. උන් ඔක්කොම බොරුකාරයෝ.
නාග බස්තමක් රැගෙන ම'නුවර සිට කොළඹට වඩින බව පැවසෙන භික්ෂුවක ලෙස පැමිණෙන්නේ " පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ " ග්‍රේෂන් කෙරමිණිය බව පවසමින් එතුමාට අපහාස කරමින් බොහෝ ඡායාරූප මුහුණු පොතේ සංසරණය වන බව දැකිය හැකිය.
ජීවිතේ වැඩි කාලය ගෙවුනේ පන්සලේ බවත්, ධර්මපාලතුමාට බුද්ධගයාව බේරා ගැනීමේ ව්‍යාපාරයට ආර්ථික ශක්තිය ලබාදුන්නේ තමන්ගේ මුත්තන්ඩි බවත් පසුගිය දා අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා පවසා තිබිණි.
නිලන්ත සත්සර ගමගේ වෙනුවෙන් පෙනී සිටිමි.
ඇයි මහසෑ වටා වැටක් ගහනවා කිවාම බයක් එන්නෙ ..
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වූ බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීම සහ නිර්මාණ කොල්ලය (Plagiarism) පිළිබඳව දැනුවත් කිරීමට කාලය පැමිණ ඇත.
'බෞද්ධයන්ට ශ්‍රී පාදය වගේ තමයි කතෝලිකයන්ට කල්වාරිය' යනුවෙන් අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පැවසූ කතාව පිළිබඳව සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් විග්‍රහයක් සිදුකර තිබේ.
ලෝකප්‍රසිද්ධ කල්වාරිය ඇත්තේ හිනිදුම බවත්, එය සෑදූ වඩු කාර්මිකයා තමාගේ පියා බවත්, ගමට අවශ්‍ය වටිනා මිනිසුන් නිර්මාණය කළේ පල්ලිය විසින් බවත් ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසන කතාවක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
ලෝකයේ දැවැන්තම මෘදුකාංග නිෂ්පාදකයා වන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම තාක්ෂණික ලෝකයම මවිතයට පත්කරමින් තීරණාත්මක පියවරක් ගෙන තිබේ. ඒ, කෘත්‍රිම බුද්ධිය (AI) වෙනුවෙන් සිදුකරනු ලබන දැවැන්ත ආයෝජනයන්හි පිරිවැය තුලනය කිරීමේ අරමුණින්, සිය සේවකයින් 60,000කට ආසන්න පිරිසකට ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වීමේ ආකර්ෂණීය වන්දි දීමනාවක් (Voluntary Exit Offer - VEO) හඳුන්වා දීමයි.

ප්‍රධාන පුවත්

ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව

වසරේ මුල් මාස නවය (ජනවාරි සිට සැප්තැම්බර් දක්වා) තුළ මෙරට විදේශ ජංගම ගිණුමේ ශේෂය එක්සත් ජනපද ඩොලර් මිලියන 420 ක කැපී පෙනෙන හිඟයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස පවතින සැඟවුණු අරමුණු සහ ඉන් මෙරට බෞද්ධ උරුමයට සිදුවන බලපෑම් පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී පුළුල් ලෙස කරුණු අනාවරණය කළේය.

පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්

2026/27 මාස් කන්නයේ වගා කටයුතු දිවයින පුරා ආරම්භ වී තිබුණද, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පවතින නිසි කළමනාකරණයක් නොමැතිකම සහ දත්තවල පවතින ගැටලු හේතුවෙන් මෙවරද දැඩි පොහොර සහ බීජ හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF

ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයකරගත යුතුව ඇති නොපියවූ හිඟ බදු ප්‍රමාණය එළඹෙන 2025 වසර අවසානය වන විට රුපියල් ට්‍රිලියන 2.1ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇති අතර, එවන් දැවැන්ත බදු හිඟයක් පවතිද්දී සාමාන්‍ය ජනතාව මත පමණක් පටවන අසාධාරණ බදු ප්‍රතිපත්ති හේතුවෙන් රට තුළ ආර්ථික අසමානතාව හා දිළිඳුකම පෙර නොවූ විරූ ලෙස දරුණු විය හැකි බවට එම අරමුදලේම නවතම පර්යේෂණ වාර්තා අනතුරු අඟවයි.

ඉන්ධන මිල ඉහළට..

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..

බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් 2024 නොවැම්බර් මස 20 වැනි දින ලංකා ලීඩර් (lankaleader) අප ප්‍රවෘත්ති බෙබ් අඩවියේ යම් කරුණු අනාවරණයක් සිදුකරන ලද අතර, එහිදී "මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?" යනුවෙන් මාතෘකාව යටතේ අප පවසා සිටියේ https://slbookreview.blogspot.com/2020/11/blog-post_14.html නමැති වෙබ් අඩවියේ අමාත්‍යවරයා සම්බන්ධයෙන් කරුණු හෙළිදරව්වක් සිදුකර ඇති බවයි.

අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..

වසර හයකට ආසන්න කාලයක් විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ චෝදනාවක් අද අමාත්‍යවරයකුගේ සදාචාරාත්මක වගවීම පිළිබඳ මහජන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ සමඟම මේ නිසා මාධ්‍යවල වගකීම, පුරවැසියකුගේ ප්‍රශ්න කිරීමේ අයිතිය සහ රාජ්‍ය බලය භාවිත කිරීමේ සීමා පිළිබඳවද ප්‍රශ්න මතුව තිබේ.

වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්‍ෂණ..

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව The Sunday Times පුවත්පත වාර්තා කරයි.

සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..

ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත යළි කිසියම් හෝ හමුදා ප්‍රහාරයක් එල්ල කළහොත්, කිසිදු භූගෝලීය සීමාවකට යටත් නොවී වහාම ක්‍රියාත්මක වන දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කරන බවට ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි දැඩි අනතුරු ඇඟවීමක් කර ඇතැයි තුර්කියේ 'ඩේලි සබා' පුවත්පත වාර්තා කර සිටියි.

ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ

ඕනෑම ගමකට ගිය විට තමන්ගේ මිතුරෙකුට එම ගමේ නෑයන් සිටි බව පවසන බවත්, ඇමති සුනිල් පෙනෙවිට ද එබඳුම නෑයන් සිටින බව පෙනෙන බවත්, ධර්මපාලතුමත් ඔහුගේ නෑයකු බවත්, කල්වාරි කන්ද හැදූ අයත් නෑයන් බවත්, හිමුදුරුවරුන් ද නෑදෑයන් බවත් වරුණ රාජපක්ෂ මහතා පවසයි.

බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා ලැබූ ඓතිහාසික ජයග්‍රහණය යනු ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණයකට හෝ බ්‍රසීලයට පමණක් සීමා වූ ජයක් නොව, ගෝලීය දකුණේ සහ බ්‍රික්ස් (BRICS) සංවිධානයේ සමස්ත ප්‍රගතිශීලී කඳවුරේම නැගිටීමක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..

පසුගිය කාලය තුළ යුරෝපා රටවල හටගත් ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ හුදෙක් තාවකාලික සිදුවීම් නොව, නව ලිබරල් ආර්ථික ක්‍රමයේ අසාර්ථකත්වය හමුවේ අලුයට ගිනිපුපුරු මෙන් පවතින ගැඹුරු අර්බුදයක ප්‍රතිඵලයක් බව ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහ මහතා පවසයි.

උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති

රජයේ අපේක්ෂිත ආදායම් ඉලක්කයන්ට කිසිදු හානියක් නොවන අයුරින්, එළඹෙන අයවැය ලේඛනය මඟින් තෝරාගත් බදු වර්ග කිහිපයක් තවදුරටත් පහත හෙළීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධනය සඳහා ජනාධිපතිවරයා විසින් උපදේශක සභාවක් පිහිටුවීම මගින් මීට පෙර ක්‍රියාකිරීමට උත්සාහ කළ ආකාරයේ වෙනසක් ඇතිවී තිබේද යන්න පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..

ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදනය හදිසියේ පහත වැටීමත් සමග ආරම්භ වී ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම (National System Operator – NSO) නිකුත් කළ මූලික විමර්ශන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරමින් රජය විසින් ගෙන ඒමට යෝජිත "ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත" (PSTA) හිටපු පනතටත් වඩා බරපතල හා දැඩි ස්වරූපයක් ගන්නා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.