News Category
From Date
To Date
Maximum Number of Result

නිලන්ත සත්සර කියන ඇත්ත කතාව..

Nov 1, 2026 at 06:04 AM
|

නිලන්ත සත්සර ගමගේ වෙනුවෙන් පෙනී සිටිමි.

මෙතන නිලන්ත කියන කතාව ඇත්ත.

පද්මා එදිරිසිංහ, සුනිල් සෙනෙවිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වලට ගියා.

R.L බ්‍රොහියර්ගේ පොත පරිවර්තනය කළේ පද්මා එදිරිසිංහ. 

ඉන්පසුව ඇය ඒ පිළිබඳව ගුවන් විදුලියේ වැඩසටහනක් කළා. 

ඒක ආශ්‍රයෙන් හිනිදුම සුනිල් සෙනෙවි පොතක් ලිව්වා. ඒ පොතට පද්මා එදිරිසිංහ නීතිමය ක්‍රියාමාර්ග ගත්තා.

හිනිදුම සුනිල් සෙනෙවි ඒ සම්බන්ධයෙන් සමාව ගත්තා. 

මේ කතාව 100% ඇත්ත.

සුනිල් සෙනෙවි මෙතන කරන්නේ වටේ යාමක්. 

සුනිල් සෙනෙවි මෙතන දී පද්මා එදිරිසිංහ තමන්ට විරුද්ධව නඩුවක් දැම්මේ නැහැ කියලා වචනයක් කියන්නේ නැහැ. ඇයගේ නමක් හෝ නැහැ.

මේ කරන්නේ පනත හෝ තාක්ෂණික කාරණයක් වහලා ගැහීමක්. 

සුනිල් සෙනෙවි කොලේ වහන්නේ නැතුව කෙළින් කියන්න.

පද්මා එදිරිසිංහ 'කොළොම්පුර පුරාවෘත්තය' සම්බන්ධයෙන් ඔබට එරෙහිව නඩුවක් දැම්මද නැත්ද ?

ඔයා ඒ සම්බන්ධයෙන් පද්මා එදිරිසිංහගෙන් සමාව ගත්තද නැත්ද ? 

පද්මා එදිරිසිංහ මිය ගියාට ඒ සිදුවීම මතක මිනිස්සු, සබරගමුවේ මිනිස්සු නැහැ කියලා ඔයා හිතනවද ? 

ඇත්තටම මේ මිනිස්සුන්‍ට අවම හෝ ලැජ්ජාවක්, බයක් නැත්ද ? තමන්ගේ වරදක් හෙළිවෙද්දී, නොසැඟවී එළියට ඇවිල්ලා තාක්ෂණික වචන අල්ලගෙන ගේම ඉල්ලන්න තරම් නිර්ලජ්ජිත වුණේ කොහොමද ?

- Sachin Rathwatte

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

නාග බස්තමක් රැගෙන ම'නුවර සිට කොළඹට වඩින බව පැවසෙන භික්ෂුවක ලෙස පැමිණෙන්නේ " පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ " ග්‍රේෂන් කෙරමිණිය බව පවසමින් එතුමාට අපහාස කරමින් බොහෝ ඡායාරූප මුහුණු පොතේ සංසරණය වන බව දැකිය හැකිය.
ජීවිතේ වැඩි කාලය ගෙවුනේ පන්සලේ බවත්, ධර්මපාලතුමාට බුද්ධගයාව බේරා ගැනීමේ ව්‍යාපාරයට ආර්ථික ශක්තිය ලබාදුන්නේ තමන්ගේ මුත්තන්ඩි බවත් පසුගිය දා අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා පවසා තිබිණි.
ඇයි මහසෑ වටා වැටක් ගහනවා කිවාම බයක් එන්නෙ ..
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වූ බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීම සහ නිර්මාණ කොල්ලය (Plagiarism) පිළිබඳව දැනුවත් කිරීමට කාලය පැමිණ ඇත.
'බෞද්ධයන්ට ශ්‍රී පාදය වගේ තමයි කතෝලිකයන්ට කල්වාරිය' යනුවෙන් අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පැවසූ කතාව පිළිබඳව සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් විග්‍රහයක් සිදුකර තිබේ.
ලෝකප්‍රසිද්ධ කල්වාරිය ඇත්තේ හිනිදුම බවත්, එය සෑදූ වඩු කාර්මිකයා තමාගේ පියා බවත්, ගමට අවශ්‍ය වටිනා මිනිසුන් නිර්මාණය කළේ පල්ලිය විසින් බවත් ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසන කතාවක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
ලෝකයේ දැවැන්තම මෘදුකාංග නිෂ්පාදකයා වන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම තාක්ෂණික ලෝකයම මවිතයට පත්කරමින් තීරණාත්මක පියවරක් ගෙන තිබේ. ඒ, කෘත්‍රිම බුද්ධිය (AI) වෙනුවෙන් සිදුකරනු ලබන දැවැන්ත ආයෝජනයන්හි පිරිවැය තුලනය කිරීමේ අරමුණින්, සිය සේවකයින් 60,000කට ආසන්න පිරිසකට ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වීමේ ආකර්ෂණීය වන්දි දීමනාවක් (Voluntary Exit Offer - VEO) හඳුන්වා දීමයි.
ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් රුවන්වැලි සෑය ස්මාරකයක් ලෙසින් පවසමින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.
ගාඩි ජනතාව පිළිබඳ සමාජ මාධ්‍යයේ පළවූ ලිපියක් ඇසුරෙන් තඹුත්තේගම ප්‍රදේශයේ අතීතයේ ජීවත් වූ බව කියන “කුරු රොඩී” ජනතාවl ගේ ජානමය ඉතිහාසය පිළිබඳව නිලන්ත සත්සර ගමගේ ලියූ ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.

ප්‍රධාන පුවත්

අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..

වසර හයකට ආසන්න කාලයක් විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ චෝදනාවක් අද අමාත්‍යවරයකුගේ සදාචාරාත්මක වගවීම පිළිබඳ මහජන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ සමඟම මේ නිසා මාධ්‍යවල වගකීම, පුරවැසියකුගේ ප්‍රශ්න කිරීමේ අයිතිය සහ රාජ්‍ය බලය භාවිත කිරීමේ සීමා පිළිබඳවද ප්‍රශ්න මතුව තිබේ.

වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්‍ෂණ..

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව The Sunday Times පුවත්පත වාර්තා කරයි.

සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..

ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත යළි කිසියම් හෝ හමුදා ප්‍රහාරයක් එල්ල කළහොත්, කිසිදු භූගෝලීය සීමාවකට යටත් නොවී වහාම ක්‍රියාත්මක වන දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කරන බවට ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි දැඩි අනතුරු ඇඟවීමක් කර ඇතැයි තුර්කියේ 'ඩේලි සබා' පුවත්පත වාර්තා කර සිටියි.

ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ

ඕනෑම ගමකට ගිය විට තමන්ගේ මිතුරෙකුට එම ගමේ නෑයන් සිටි බව පවසන බවත්, ඇමති සුනිල් පෙනෙවිට ද එබඳුම නෑයන් සිටින බව පෙනෙන බවත්, ධර්මපාලතුමත් ඔහුගේ නෑයකු බවත්, කල්වාරි කන්ද හැදූ අයත් නෑයන් බවත්, හිමුදුරුවරුන් ද නෑදෑයන් බවත් වරුණ රාජපක්ෂ මහතා පවසයි.

බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා ලැබූ ඓතිහාසික ජයග්‍රහණය යනු ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණයකට හෝ බ්‍රසීලයට පමණක් සීමා වූ ජයක් නොව, ගෝලීය දකුණේ සහ බ්‍රික්ස් (BRICS) සංවිධානයේ සමස්ත ප්‍රගතිශීලී කඳවුරේම නැගිටීමක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..

පසුගිය කාලය තුළ යුරෝපා රටවල හටගත් ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ හුදෙක් තාවකාලික සිදුවීම් නොව, නව ලිබරල් ආර්ථික ක්‍රමයේ අසාර්ථකත්වය හමුවේ අලුයට ගිනිපුපුරු මෙන් පවතින ගැඹුරු අර්බුදයක ප්‍රතිඵලයක් බව ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහ මහතා පවසයි.

උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති

රජයේ අපේක්ෂිත ආදායම් ඉලක්කයන්ට කිසිදු හානියක් නොවන අයුරින්, එළඹෙන අයවැය ලේඛනය මඟින් තෝරාගත් බදු වර්ග කිහිපයක් තවදුරටත් පහත හෙළීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධනය සඳහා ජනාධිපතිවරයා විසින් උපදේශක සභාවක් පිහිටුවීම මගින් මීට පෙර ක්‍රියාකිරීමට උත්සාහ කළ ආකාරයේ වෙනසක් ඇතිවී තිබේද යන්න පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..

ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදනය හදිසියේ පහත වැටීමත් සමග ආරම්භ වී ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම (National System Operator – NSO) නිකුත් කළ මූලික විමර්ශන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරමින් රජය විසින් ගෙන ඒමට යෝජිත "ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත" (PSTA) හිටපු පනතටත් වඩා බරපතල හා දැඩි ස්වරූපයක් ගන්නා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා පෙන්වා දෙයි.

ඊශ්‍රායල මැතිවරණ ප්‍රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා "Lanka Voice" යුටියුබ් නාලිකාව සමඟ එක්වෙමින් ලෝක දේශපාලනයේ මෑතකාලීන උණුසුම් මාතෘකා රැසක් සම්බන්ධයෙන් ගැඹුරු විශ්ලේෂණයක් සිදු කර තිබේ.

සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..

තමන් කොළඹ කිංස්බරි (The Kingsbury) හෝටලයට පැමිණි අවස්ථාවේ ලබාගත් ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන විකෘති කර, ‘ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්’ යනුවෙන් අසත්‍ය ලේබල් අලවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් සිය කීර්තිනාමයට හානියක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා එම හෝටල් කළමනාකාරීත්වය වෙත සිය නීතිඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යොමු කර තිබේ.

76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්‍රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

76 වසරක සාපයක් ගැන කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිී නොමැති බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැමිණි ගමන් මාර්ගයේම ඔවුන්ද රට ගෙනයමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කරයි.

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්ථානය වන Binance සයිබර් ප්‍රහාරයකට ලක්වෙයි

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්ථානය වන Binance වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් සිදුවූ බලපෑම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් පමණ වනු ඇතැයි එම සමාගම ඇස්තමේන්තු කර තිබේ.

AI භීතියකින් වෝල් ස්ට්‍රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා අධික ලෙස මුදල් ආයෝජනය කිරීම සහ එහි ප්‍රධාන ආදායම් මාර්ගවලට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් වෝල් ස්ට්‍රීට් (Wall Street) කොටස් වෙළඳපල ආයෝජකයින් අතර ඇති වූ භීතියත් සමඟ ගූගල් හි මව් සමාගම වන ඇල්ෆබෙට් (Alphabet) හි වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 500කට වඩා පහත වැටී ඇති බව බීබීසී පුවත් සේවය පවසයි.

සෞඛ්‍ය සේවයෙන් මුස්ලිම් කාන්තාව වෙන් කිරීම සුදුසු ද?.. - සෞඛ්‍ය සේවයේ නිල ඇඳුම වෙනස් කිරීමේ මානව හිමිකම් නිර්දේශය ගැන ධර්ම පර්යේෂණාලයෙන් බලවත් විරෝධයක්

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ සහ විහාරාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සී හිමියන් විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය චන්දන අබේරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින්, මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන් සඳහා නිල ඇඳුමට අමතරව ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට ඉඩ සලසන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.