පැවිදි වූ බව කියැවෙන " පහනට තෙල් ජාතික ව්යාපාරයේ " නිර්මාතෘ ග්රේෂන් කෙරමිණිය මැතිඳුන් " පුනරුද යුගයක් " වෙනුවෙන් අදත් වැඩ...
නාග බස්තමක් රැගෙන ම'නුවර සිට කොළඹට වඩින බව පැවසෙන භික්ෂුවක ලෙස පැමිණෙන්නේ " පහනට තෙල් ජාතික ව්යාපාරයේ නිර්මාතෘ " ග්රේෂන් කෙරමිණිය බව පවසමින් එතුමාට අපහාස කරමින් බොහෝ ඡායාරූප මුහුණු පොතේ සංසරණය වන බව දැකිය හැකිය.
සැබැවින්ම ග්රේෂන් කෙරමිණිය මහතා ජනප්රිය වූයේ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ භාර්යාව දන්දිනා දේව මෑණියෝ ලෙස ඉපිද එතුමාට පණිවුඩ එවන බවටත්, ගෝඨාභය රාජපක්ෂ මහතා සෝවාන් ඵලලාභියෙකු බවටත් කොරෝනා සමයේදී යූටියුබ්හි පළ කළ වීඩියෝ පට හරහාය. වසර 18ක් පළාත් පාලන මන්ත්රීවරයෙකු ලෙස ජනතා මනාප ලැබූ එතුමා අවසන් වරට පොදුජන පෙරමුණ නියෝජනය කෙළේය. මේ වන විට දේශපාලනයෙන් සමුගෙන සිටින ඔහු බළපිටිය ප්රාදේශීය සභාවේ කර්මාන්ත වැඩ පරීක්ෂකවරයා ලෙස සේවය කරයි. සැබැවින්ම " පුනරුද යුගයක් " යනු මුලදී දේශපාලන ප්රතිපත්ති ප්රකාශයක් වුවද එය දැන් රජයේ ප්රතිපත්තිය ලෙස ක්රියාත්මක වේ. ඒ අනුව ග්රේෂන් කෙරමිණිය මහතා බළපිටියේ ජනතාව වෙනුවෙන් අව්වේ වැස්සේ මහන්සි වී දිවා රෑ නොතකා රාජකාරියෙන් ඔබ්බට ගොස් කරන සේවය මෙතෙකැයි කිව නොහේ. එවැනි රාජ්ය සේවකයෙකුට කරන මෙවැනි අපහාස ඉතා කනගාටුදායකය. මේ ඡායාරූපය එතුමා සමඟ මෙයට මොහොතකට පෙර බළපිටිය ප්රාදේශීය සභාවේදී ගෙන උඩුගත කරන්නේම එබැවිනි.
එපමණක් නොව, දේශපාලනයෙන් ඔබ්බට කථා කළහොත් එතුමා බහුශ්රැත පුද්ගලයෙකි. විශ්වවිද්යාලයේ දක්ෂ කථිකාචාර්යවරයෙකු වන්නේ කෙසේදැයි, ජාතික දේශපාලන නායකයෙකු ලෙස මහජනාකර්ෂණය ලබමින් කථා කරන්නේ කෙසේදැයි හෝ කවරෙකු විමසුවහොත් මා යෝජනා කරන්නේ ග්රේෂන් මහතාගේ Public Speaking Skill එක අධ්යයනය කරන ලෙසයි.
එතුමා " පහනට තෙල් ජාතික ව්යාපාරය ඇරඹූ කල, මගේ මිත්ර ස්වාමීන් වහන්සේ නමක් මා හට යෝජනා කළේ " හිරමණයට පොල් " නමින් වැඩසටහනක් මටද අරඹන ලෙසය. එසේම සරසවියේ පළමු වසරේද මුල් මාසයේ දෙකේදී ජ්යේෂ්ඨ සිසුන් මගෙන් ප්රශ්න කරන විට ඔවුන් වෙතින් ඉක්මනින් නික්මෙන්නට මා අනුගමනය කළ උපක්රමයක් වූයේ හෙළ බසින් අපේ සරසවි අයියලාට පිළිතුරු දීමයි.
"අයියණ්ඩිය මට දැන් දෙසුමෙක් ඇත. ලද ඉසිඹුවකදී ඔබව හමුවන්නම් " ආදි ලෙස කී විට ඔවුන් " හරි මල්ලි. දැන් යන්න" යැයි කියයි. මා පෙර මහණව සිටියේ කවර පන්සලකදැයි ඔවුන් ඇසූ අවස්ථාද නැත්තේ නොවේ. එදා මාගෙන් එසේ ප්රශ්න කළ ඇතැම් අයියලා අද මේ රටේ ලොකු බලවත් තනතුරුවලය. එහෙත් ඔවුන් හා මා අතර ඇති හිතමිතුරු බන්ධන එසේමැයි.
මගේ පෞද්ගලිකව අත්දැකීම මට සිහිපත් වූයේ ග්රේෂන් කෙරමිණිය මහතා රැග් එකෙන් ගැලවෙන්නට අපූරු උපක්රමයක් අනුගමනය කර ඇති නිසාය. පේරදෙණිය සරසවියේ උපාධිධාරියෙකු වූ ශාස්ත්රපති , ධර්මාචාර්ය ගේෂන් කෙරමිණිය මහතාගේ ඒ අපූරු ක්රියාදාමය ගැන ජ්යේෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්රදීප් කර්ණසූරිය ලියූ දීර්ඝ ලිපියකින් කොටසක් සංශෝධන රහිතව මෙහි උපුටමි.
" පහනට තෙල් ජාතික ව්යාපාරයේ නායක ග්රේෂන් කෙරමිණියගේ හිටියේ පේරාදෙනියේ මට ජූනියර් බැච් එකේය.
සමහරු ඔහුට පිස්සු යැයි සිතා ඔහුට සිනාසෙති. සමහරු ඔහුට අනුකම්පා කරති. එහෙත් මට නම් කිවහැක්කේ ගොනාට ඇඳගෙන ඇත්තේ ඔහු නොව අප වීමට ලොකු ඉඩක් ඇති බවය. මට එහෙම හිතෙන්නේ ඔහුගේ අතීතය ගැන ඇති අත්දැකීම නිසාය.
ඔහු නවකයෙකු ලෙස පැමිණි පසුව සංස්කෘතය සහ හෙල බස මුසු, ලිඛිතයට ආසන්න ඔහුගේ අමුතු කතා ශෛලිය නිස ඔහු ප්රසිද්ධියටත්, උපහාසයටත් පාත්ර විය. ඔහු එදා අවුරුදු විස්සක යෞවනයෙකු ලෙස කතා කළේද අද ඔහු අර වීඩියෝවේ කතා කරන විදියටමය. නවකවද සමයේදී ජ්යෙෂ්ඨයන් කොතෙක් කීවත්, කුණුහරපයෙන් බැන්නත්, විහිළුවට ලක් කළත් ඔහු තම ශෛලිය වෙනස් කර ගත්තේම නැත. "මෙය මාගේ ස්වාභාවික කථන ශෛලියය, ජ්යෙෂ්ඨතුමනි" යි ඔහු කීවේය. ඔහුව වෙනස් කරන්නට බැරි තැන ඔහුට ඒ වනවිට තිබූ කාඩ් එක වෙනුවට, "සකලඥාණ" යන ගැලපෙන නම යොදා ජ්යෙෂ්ඨයෝ ඔහුව හදන වඩේ අතහැර දැමූහ. ඔහු බැච් එකේ ලොකුම බයිට් එක ලෙස සැලකුනි.
ඔහු එසේ ජ්යෙෂ්ඨයන්ට අවශ්ය තරමටම බයිට් වෙමින් ජෝකරයෙකු ලෙස සිටින අතරතුර ඔහු වැදගත් රහසක් අනාවරණය කළේය. එනම් ඔහුට දේහ ලක්ෂණ අනුව ශාස්ත්ර කීමේ හැකියාවක් ඇති බවය.
මුලින් ඔහුව රැග් කිරීමේ හා බයිට් කිරීමේ කොටසක් ලෙසම පටන් ගත්තත් ඔහු කියන සාත්තරවල යම් ඇත්තක් තිබෙන බව බොහෝ අයට තේරෙන්නට පටන් ගත්තේය. ඒ අනුව ක්රම ක්රමයෙන් බොහෝ දෙනා ඔහුගෙන් ශාස්තර අසන්නට පෙළ ගැසුනහ. මුලින් මුහුණ දෙස බලා ශාස්තර කියූ අපේ සකලඥාණතුමා, පසුව අවශ්යතාවය අනුව යම් යම් ඉල්ලීම්ද කළේය. "ජ්යෙෂ්ඨතුමාට හැකිනම් ඔබතුමාගේ නළල මඳක් රැලි ගන්වා පෙන්විය හැකිද?" ඒ වනවිට සාත්තරය ඇසීමේ නොතිත් ආශාවෙන් සිටි ජ්යෙෂ්ඨයෝ නළල මඳක් රැලි ගන්වා පෙන්වූහ. "ඔබතුමාගේ නළලෙහි රැලි පිහිටන ආකාරයෙන් කිව හැක්කේ ඔබතුමා පමණ ඉක්මවා යහළුවන් විශ්වාස කිරීමෙන් අලාභ සිදුකරගන්නා බවයි" ඒ ගැන කල්පනා කරන ජ්යෙෂ්ඨයන්ට ඔහු පවසන දෙයෙහි සත්යයක් ඇති බව පෙනෙන්නට වෙයි.
තවත් විටෙක ඔහු මෙසේ කියයි. "ජ්යෙෂ්ඨතුමියනි, මට ඔබතුමියගේ විළුඹ මඳක් දක්වාලිය හැකිද?" ඉතින් එතුමියලා එසේ දක්වාලති. සකඥාණ එවිට ඒ ඇසුරෙන් ඇයගේ චරිත ලක්ෂණයක් හෝ පලාඵලයක් නිරාවරණය කරයි.
ඔහුගේ මේ දුර්ලභ හැකියාව කොතෙක් ප්රචලිත වූයේද කිවහොත් පීඨ භේදයකින් තොරව, දේශපාලන භේදයකින් තොරව බොහෝ දෙනා ඔහුගේ ශාස්තර ඇසූහ. සමහරු ඔහුගේ ශාස්තර විශ්වාස කළේ නැත. සමහරු ටිකක් විශ්වාස කළහ. විශ්වාසම කරන අයත් සිටියහ. කෙසේ වෙතත් ඒ සියලු දෙනා ඔහු කියන පරිදි නළල් තලය රැලි කළහ, විළුඹ දක්වාලූහ, නිකට උස්සා ග්රීවය පූර්ණ ලෙස ප්රදර්ශනය කළහ.
දෙමසකට පසුව නවකවද සමය අවසන් විය. එයින් පසුව ඔහු මෙසේ කීවේය. "දේහ ලක්ෂණ බලා ශාස්ත්ර කිව හැකියැයි මා කීවේ මුසාවකි".
ඒ අනුව රැග් ලීඩර්ස්ලා ඇතුලු ජ්යෙෂ්ඨ කේසර සිංහයන්ට එක දෙයක් අවබෝධ විය. එනම් මේ කපටි හිවලා විසින් ඇත්තෙන්ම නම් කර ඇත්තේ නවකවද කාලයේදී ජ්යෙෂ්ඨයන්ව රැග් කිරීම බවයි. නවකවද සමයෙන් පසුව මොකුත් කිරීමට බැරි බැවින් ඒ ජ්යෙෂ්ඨයෝ එක්කෝ තමන්ටම හිනාවෙමින් නැතිනම් දත්කූරුකමින් නිකම් සිටියහ. වෙන මොනවා කරන්නද?
නවකවද සමයෙන් පසුව ඔහුව කාටත් අමතක විය. ඒ බැච් එකේ දේශපාලනය කරන, බ්රයිට්, ක්රීඩක, ලස්සන ආදී කිසිම වැදගත් කුලකයකට ඔහු අයත් වූයේ නැත. කතාකරන විදියේ විකාර සහගත ගතිය හැර අන් කිසිදු විශේෂත්වයක් ඔහුට තිබුනේ නැත. කොටින්ම ඔහුගේ කාඩ් එක මිස සත්ය නමවත් කාටවත් මතක තිබුනේ නැත.
නමුත් මිත්රවරුණි, එයින් වසර විසිහතරකට පසුව අද ඔහුගේ බැච් එකේ ලංකාවේ ප්රසිද්ධම පුද්ගලයා සකලඥාණ හෙවත්, පහනට තෙල් ජාතික ව්යාපාරයේ නිර්මාතෲ ග්රේෂන් කෙරමිණියගේ මහතාය. "
මිතුරෙකුට කරදරයක් වූ කල නිහඬව සිටීම මනුෂ්ය ධර්මය නොවේ. එබැවින්ම මේ සටහන තැබුවෙමි. තකහනියක්ම ගොස් හිතවත් ග්රේෂන් සූරින් මුණ ගැසී මේ සේයාරුව ගෙන උඩුගත කරමි. එපමණක් නොව එතුමාට උසුළුවිසුළු කරන්නන්ට හැකිනම් එතුමා මෙන් සාහිත්යය ගැන ජීවිතය ගැන හෝ දේශපාලනය ගැන දේශනයක් කරන මෙන් ආරාධනා කරමි.
© නාලක ජයසේන
(මුුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්රස්තවාදී ආක්රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්රසීල ජනාධිපති ලූලාගේ ජයග්රහණය බ්රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්
ඊශ්රායල මැතිවරණ ප්රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්යන්තර දේශපාලන ප්රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..
සෞඛ්ය සේවයෙන් මුස්ලිම් කාන්තාව වෙන් කිරීම සුදුසු ද?.. - සෞඛ්ය සේවයේ නිල ඇඳුම වෙනස් කිරීමේ මානව හිමිකම් නිර්දේශය ගැන ධර්ම පර්යේෂණාලයෙන් බලවත් විරෝධයක්