සංස්කෘතික ඇමති හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ මංකොල්ලයකට උසාවියෙන් වැරදිකරු වූ අයෙක්..
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යවරයාට එරෙහිව එල්ල වූ බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීම සහ නිර්මාණ කොල්ලය (Plagiarism) පිළිබඳව දැනුවත් කිරීමට කාලය පැමිණ ඇත.
අපේ රටේ බුද්ධශාසනය සහ සංස්කෘතිය රකින්නේ නිර්මාණ හොරකම් කළ පට්ට හොරෙකි..
"වෙනසක්" ගැන කතා කරමින්, සදාචාරයේ මුදුන්මල්කඩ තමන් යැයි කියාගන්නා අනුරගෙ දේශපාලන අධිකාරියේ පැටිකිරියෙ සැබෑ නිරුවත දවසින් දවස රට හමුවේ හෙළිදරව් වෙමින් ඇත..
වත්මන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, අනුන්ගේ බුද්ධිමය ශ්රමය සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නිල වශයෙන් වැරදිකරු වූ අයෙකු බව ඔබ දන්නවාද..?
ප්රසිද්ධ ලේඛිකාවක, පරිවර්තිකාවක මෙන්ම කීර්තිමත් රාජ්ය පරිපාලන නිලධාරිනියක වූ (අභාවප්රාප්ත) පද්මා එදිරිසිංහ මහත්මිය විසින් මෙරට ඉතිහාසය සහ කොළඹ පුරාණය පිළිබඳව ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඔස්සේ ඉදිරිපත් කරන ලද අතිශය වටිනා ශාස්ත්රීය වැඩසටහන් මාලාවක් විකාශය උනා.
මෙම සාකච්ඡා මාලාවේ අන්තර්ගතය, ඇයගේ කිසිදු අවසරයකින් හෝ අනුමැතියකින් තොරව, තමන්ගේ නමින් ග්රන්ථයක් ලෙස සකසා ප්රකාශයට පත් කිරීමට හිනිදුම සුනිල් සෙනෙවි කටයුතු කර තිබුණි.
බුද්ධිමය දේපළ පනත මුළුමනින්ම උල්ලංඝනය කරමින්, අනුන්ගේ බුද්ධිමය ශ්රමය තමන්ගේ කරගැනීමට දැරූ මෙම නින්දිත උත්සාහයට එරෙහිව ඇය නීතිමය ක්රියාමාර්ග ගත්තා..
මෙම නිර්මාණ කොල්ලයට (Plagiarism) එරෙහිව පැවති දීර්ඝ නඩු විභාගයේදී, ඔහු බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කර ඇති බවටත්, නිර්මාණ සොරකමක නිරත වී ඇති බවටත් අධිකරණය විසින් ඔහුව වරදකරු කරනු ලැබුවා.
2020 නොවැම්බර් 15 දින අරුණ පුවත්පතේ වරුණ අතිරේකයෙ මේ සිදුවීම පිළිබඳව පැහැදිලිවම ප්රකාශ කර තිබුණා..
අප මේ රටේ ජනතාවගෙන් අසන ප්රශ්නය මෙයයි..
විශ්වවිද්යාල මහාචාර්යවරයෙකු ලෙස හිඳිමින් ලේඛකයින්ගේ බුද්ධිමය ශ්රමය කොල්ලකා උසාවියෙන් වැරදිකරු වූ පුද්ගලයෙකුට, සමස්ත ලංකාවාසී ජනතාවගේ බුද්ධිමය, ආගමික සහ සංස්කෘතික උරුමයන් භාර දීම සදාචාරාත්මකද...?
රටේ සංස්කෘතිය රැකීමට පත් කර ඇත්තේ අන් අයගේ නිර්මාණ හොරකම් කළ පුද්ගලයෙක්ද..? ඊයා..
ඔබ අපේක්ෂා කළ "විනයගරුක සහ සදාචාරාත්මක" වෙනස් දේශපාලන සංස්කෘතිය මෙයද..?
- නිලන්ත සත්සර ගමගේ
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්රස්තවාදී ආක්රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්රසීල ජනාධිපති ලූලාගේ ජයග්රහණය බ්රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්
ඊශ්රායල මැතිවරණ ප්රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්යන්තර දේශපාලන ප්රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..
සෞඛ්ය සේවයෙන් මුස්ලිම් කාන්තාව වෙන් කිරීම සුදුසු ද?.. - සෞඛ්ය සේවයේ නිල ඇඳුම වෙනස් කිරීමේ මානව හිමිකම් නිර්දේශය ගැන ධර්ම පර්යේෂණාලයෙන් බලවත් විරෝධයක්