News Category
From Date
To Date
Maximum Number of Result

2009 එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධයේ අවසන් අදියරේදී මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ යුද මුක්ත කලාපයේ කොටු වූ දෙමළ සිවිල් වැසියන් මුදාගැනීම සඳහා දියත් වූ ශ්‍රී ලංකා හමුදාව මානුෂීය මෙහෙයුමේ දී තරුණ එල්ටීටීඊ දෙමළ යුවළක් තම අලුත උපන් බිළිඳා සමඟ පැන යාමට තීරණය කර ඇත.

තානාපති කාර්යාල කුමන්ත්‍රණයේ ජයග්‍රාහී දවස සමරනු දකිමි.‼️ බයියන් බේරේවැවේ,ගිල්ලුව දිනය අදයැයි සමරන කොටසක් අද බුකියේ දකින්නට ඇත.

මහාචාර්ය නලින් ද සිල්වා වහා සේවයේ පිහිටවනු!, මේ වැකිය සඳහන් පෝස්ටරය මා දුටුවේ මා ඉතා ළාබාල කාලයේ කොළඹ සරසවිය ඉදිරියෙන් බස් රථයක ගමන් කළ මොහොතකය. නලින් සර් ගැන මගේ පළමු මතකය වන්නේ එයය.

ඊයේ දිනයේ ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වූ මහාචාර්ය නලින්ද සිල්වා මහතා රචනා කරන ලද ලිපියක තමන් ගැන හා තමන්ගේ මරණය ගැන එක්තරා සටහනක් තබා තිබේ.

මේ රූපය ගැන ඔබට හිතෙන්නේ මොනවාද? මේ උඩ රූපයේ ඇත්තටම තියෙන්නේ 1950 දශකයේ අමෙරිකාවේ නගරයක පින්තූරයක්. පහළ රූපයේ ඇත්තටම තියෙන්නේ 2024 අමෙරිකාවේ නගරයක පින්තූරයක්.

අප එදා සිට කියන දේ අද ඔබ පාර්ලිමේන්තුවේදී පැවසුවා...කාලයක් ඔබත් සමග සිටි රජයක සිදුවූ අතපසුවීම් පිළිබඳව ඔබ ඉතාමත් හොඳ කරුණු පැහැදිලි කිරීමක් කරා...

අවුරුදු 74ක් රට විනාශ කළා. ඉතුරු වෙලා තිබුණේ වෛද්‍ය අධ්‍යාපනය විතරයි. ඒකත් පුද්ගලීකරණය කරන්න විකුණන්න ගිහිල්ලා ඒකත් නැති උනාම රටේ ජනතාවට දෙවියන්ගේ පිහිටයි කියලා මට හිතුනේ පසුගියදාක දැකපු දැන්වීම් දෙකක් දැකලා.

වර්තමානයේ පවතින නිරාගමීකරණය හමුවේ භික්ෂූන් වහන්සේලාගේ සහ යම් යම් ශාසනික වැඩපිළිවෙලවල් තුළ පවතින ඉතා සුළු සුළු වරද සහගත දෑ වෙනුවෙන් සමාජය “සම්මා” යන අති උත්තම වචනය යොදා ගන්නා බවක් පසුගිය දිනෙක අපට අසන්නට ලැබිනි.

අපේ රටේ ජීවත් වන බොහෝ උගත් යැයි කියාගන්නා සිංහල බෞද්ධයන්ට එක්තරා අසනීපයක් තිබේ. ඒ සෑම දෙයකම විද්‍යාත්මක බව සෙවීමේ පුදුමාකාර අසනීපයයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.