News Category
From Date
To Date
Maximum Number of Result

රාජාංගනේ සද්ධා

Jun 11, 2024 at 08:20 AM
|

මම රාජාංගනේ සද්ධා  කියන්නේ ජුලම්පිටියේ අමරේ, කඩුවල වසන්ත, මාකදුරේ මදුෂ්, කිඹුලාඇල ගුණේ, අංගොඩ ලොක්කා, දෙමටගොඩ චමින්ද ,කොස්ගොඩ තාරක වගේ පාතාල මැරයෝ හදුන්වන  අර්ථයෙන් මිසක් භික්ෂුවක් ආමන්ත්‍රණය කළ යුතු  චිරාගත සම්ප්‍රදාය අනුව නොවේ. රාජාංගනේ සද්ධාගේ චර්යා රටාව වඩාත්  නෑකම් කියන්නේ ශ්‍රමණ සාරුප්තියකට  නොව යට කී චණ්ඩි ප්‍රතිරූපකයන්ට බව මේ වෙද්දී බොහෝ දෙනා නොදන්නවා වෙන්න බැහැ. සුව කළ නොහැකි මනෝ ව්‍යාධියකින් පෙළෙන   රාජාංගනේ සද්ධා සමාජ මාධ්‍ය ජාලවල  කැරෙන විගඩම් සහගත හැසිරීම  ලාභ ජනප්‍රියත්වයක්  උදෙසාම කැරෙන්නක්  බැවින් අපි  ඔහු ගැන මිට පෙර නොලිව්වේ  එය පවා ඔහුට  අනවශ්‍ය ප්‍රචාරයක් වෙතැයි සිතූ නිසාය.

එහෙත් ෆේස්බුක් පේජ්  සහ යූ ටියුබ් හසුරුවන  ලයික් සහ   views හිගන්නන් විසින් මේ  අඥාන භික්ෂුවගේ ගොං කතා විවිධ සිරස්තල යටතේ පාවිචි කරමින් තිබෙන නිසාත්,  ඒවායින් චූන් වෙන පිරිසක්ද  සිටින නිසා මේ මදාවි භික්ෂුවට වැළදී ඇත්තේ මොන ජාතියේ පිස්සුවක් දැයි හෙළිදරව් කිරීම වැදගත් යැයි සිතමි.

රාජාංගනයේ සද්ධා සිටියේ  ශ්‍රාවස්තිපුර අලුත්වැව බෝධිරුක්ඛාරාමයේය. මිට අවුරුදු 2 කට පමණ ඉහත විහාරාධිපති බෝධිරුක්ඛාරාමය නමින් ෆේස්බුක් ගිණුමක් තනාගෙන මේ ආකාරයේම පිස්සුවක් නැටුවේය. විටෙක ඔහු බෙල්ලට පිහිතල දෙකක් තබාගෙන එය තව කෙනෙකු ලවා පොටෝ ගස්සවා  බෙල්ල කපාගෙන මැරෙන්නේ  යැයි ෆේස්බුක් දැමිය. එම අශිලාචාර දසුන් භික්ෂුවකට සුදුසුදැයි මිනිස්සු ප්‍රශ්න කළ විට "අඩෝ.. පඩෝ.. තොපි දැනගනිව්" යනුවෙන් භික්ෂුවක් තබා පාතාල මැරයන්වත් භාවිත  නොකරන භාෂණයකින් ෆෙස්බුක් එකේ හැසිරෙන විට රිපෝට් වැදී ගිණුම වැඩිකලක් නොයාම අතුරුදහන් විය. ඊට පසු මොහු විවිධ නම් වලින් ෆේස්බුක් ගිණුම් හත අටකට වඩා හදන්නට ඇත. ඔහුගේ හැසිරීම අනුවම ඒවාට වැඩි ආයුෂ නැතත් නව ගිණුමක් අටවා පිස්සු නැටීම නවතින්නේද  නැත. මෙහි ස්ක්‍රීන් ෂොට් එකක අමුණා ඇත්තේ ෆේස්බුක් ගිණුම් 7 ක් එසේ නඩත්තු කළ ආකාරයයි.

කාගේ හරි උදව්වකින් පවුල් කීපයකට වියළි ආහාර බඩුමලු ටිකක් බෙදා  මොහු  හිතාගෙන ඉන්නේ  ඒ ප්‍රදේශයටම ඉන්න "සඝ රජු" තමන් කියන මරි මෝඩ මානසිකත්වයකින් . ඇත්තටම එහෙම තමන් ගැන  තමන්ම  මවාගත් වීරකමකින්  "අපේ  සංඝ රජු " යැයි  ලොකු අකුරෙන්  එයාම  පොටෝ දාලත් තිබුනා. ඒ සියල්ලට අදාළ සාක්ෂි අප සතුව තිබේ. එවැනි දේවලින් මේ භික්ෂුවට  වැළදී තිබෙන  පිස්සුවේ තරම යම් පමණකට තේරුම්ගත හැකියි. මොහු ෆේස්බුක් එකට වීඩියෝ මුදාහරින්නේ ද රජරට සිටින "සංඝ රජු"  තමන් යන මානසිකත්වයෙනි. එහෙව්  සංඝ රජකමට ඇඳගෙන ''ඒයි ..ඥානසාර'' උඹ කවුද මොකක්ද කරන්නේ අහනවා. අබේතිස්ස උඹ මොනාද කලේ අහනවා. මාගල්කන්දේ සුදත්ත සාසනේ කන්න එපා කියනවා. මහානායක නායක හාමුදුරුවරුවරුන්ට කාලකන්ණි කියලා බනිනවා. සියලු රාජපක්ෂවරුන්ට හෙණ ගහපන් කියනවා. අඩු මාත්‍රාවකින්  සජිත්ටත් බනිනවා. ගුරු-විදුහල්පති අරගලය මෙහෙයවපු ජෝසොප් ස්ටාලිංටත්  බනිනවා. කිසි අදහසක් මතවාදයක් දැක්මක් නැති මේ භික්ෂුවගේ අඥානකම කොච්චරද කියනවා නම්  පුත්තු 4 ක් හදලා නැවතුන එක ලොකු දෙයක් කියලා රාජපක්ෂලාගේ දෙමව්පියන්ටත් බනින  සද්ධා වෙනත් පේජ් එකක  'පිංබර පුත්තු ටිකක් හදපු පිනම ඇති දවසක නිවන් දකින්න'' යැයි  වාක්‍යක් ගහලා ෆේස්බුක් දාපු පොටෝ එකකුත් share කරනවා. මේ මෝඩ සද්ධා දන්නේ නැහැ ඒ ඉන්නේ ඩි.ඒ රාජපක්ෂ සහ දන්දිනා හාමිනේ කියලා. මේ භික්ෂුව මොනවගේ මරිමෝඩ ගොං වහන්සේ කෙනෙක් ද යන්න තේරුම් ගැනීමට එයම  ප්‍රමාණවත්. 

2024 දී තමන් අනිවාර්යෙන්  ජනාධිපතිවරණය  පැමිණ "අම්මපල්ලා මේ රට හදනවා" යැයි දිවුරා පොස්ට් දමමින්  ජනාධිපති උන්මාදයකිනුත්  පෙළෙන මේ  

 මෝඩ භික්ෂුවගේ විකාර කතාවලින් අද වැඩිමනක් යැපෙන්නේ ජවිපෙ නුගතුන් වීමද  විශේෂයි. සිහි බුද්ධියක් ඇති කිසිවෙක් මේ මනෝ ව්‍යාධියකින් පෙළෙන්නෙකුගේ කතා අසා  අහවලාට දෙහි කපයි,මෙයාට දෙහි කපයි, අහවලාගේ රෙදි ගලවයි වැනි බාල සිරස්තල යොදමින් කෙළවරක් නැති ගොං කතාවලට ප්‍රචාරක් නොදෙයි. එහෙත් ජවිපෙ කාඩරයට මේ මොහොතේ යැපීමට පිස්සෙකුගෙ ප්‍රකාශයක් වුවද කම්නැති බව පෙනෙන්නට තිබෙන නිසා  රාජාංගනේ සද්ධා ජවිපෙ ගැනද  share කර තිබූ පොස්ට්වල තිර පිටපත් කිහිපයක් අමුණන්නේ මොහු මොනවගේ පිස්සෙක් ද යන්න ඔවුන්ටත් තේරුම් ගැනීම පිණිසය. 

මේ මෑතක සිට දැන් මේ අඥාන භික්ෂුව ඔසවා තබන්නේ සුදත්ත තිලකසිරි නම් කලාකරුවාය. ඔහු මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට වැඩකොට පසුව ආණ්ඩුව ගැන විවේචනාත්මක අදහස් පළ කිරීමෙන් කට උත්තරයක් ගැනීමට කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීය. අපිදු එය අනුමත නොකරමු. එය නොකළ යුතුව තිබුණකි. නමුත් මේ සිදුවීම වෙස් වලාගත් ආශිර්වාදයක් සේ  විශාල සමාජ අවධානයකට පෙරළා ගැනීමට තැත් කළ සුදත්ත තිලකසිරි මෙවන් අඥාන භික්ෂුවකගෙනුත්  කුඩය ඉහළා ගැනීමට තරම් බංකොලොත් වීම ලැජ්ජාවට කරුණකි. දැන් තමන් වෙනුවෙන් කොළඹ පැමිණ එදින පෙනීසිටියාට කෘත ගුණ දැක්වීමක් ලෙස මේ භික්ෂුවට ආශ්‍රමයක් තනා දීමට සල්ලි සම්මාදම් කිරීමට ද ඉදිරිපත්වී තිබේ. දැනටමත් ලක්ෂ 30 ක් පමණ ගිණුම් දෙකකට එකතුවී ඇති බවද පැවසුවා මතකය. තම රුචි අරුචිකම් මත ආශ්‍රමයක්  මන්දිරයක් තනා දුන්නද අපට කම් නැත. මුදල් දැමීමට ද  ඕනෑම කෙනෙකුට නිදහස තිබේ. නමුත් මේ රට, ජාතිය, ආගම වෙනුවෙන් පෙනී සිටින භික්ෂුවක් ලෙස මේ පිස්සව  හඳුන්වා දෙමින් මිනිස්සු නොමග යැවීම සුදුසු නැත. මොහුට ආරාමයක්  සකස්කර දිය යුත්තේ අනුරාධපුරයේ නොව අංගොඩ මානසික රෝහල් පරිශ්‍රයේය. මොහු අද ෆේස්බුක් එකේ යන බොරුවක් වුවද  විශ්වාස කරමින් සංඝ රාජ මානසිකත්වයෙන් ප්‍රතිචාර දක්වමින් ඔප්පු කරමින් සිටින්නේ වදුරකුට දැලි පිහිය අහුවුණාට  වැඩි හානියක්  පිස්සෙකුට ස්මාර්ට් පොන් එකක් ලැබීමෙන් සිදුවිය හැකි බවයි. සද්ධාගේ  රාජපක්ෂ විරෝධයෙන් චූන් වී  මුදල් බැරකරන මිනිසුන්ට ද දෙවියන්ගේ පිහිටය. 

- රත්තනදෙණියේ මේධානන්ද හිමි -
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගැණිනි)












සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.