කළු හමට වෙනස්කම් කළ ඔක්ස්ෆර්ඩ් සුද්දන්ට ක්‍රියාවෙන් උත්තර දුන් ලංකාවේ තරුණයා
👉 මම කාදිනල් වුල්සිගේ හිස් වැස්ම නමින් කුඩා කතා පොඩ්ඩක් ලියා විශ්වවිද්‍යාල සඟරාවේ පළ කිරීම සඳහා එය කර්තෘ වෙත යැව්වෙමි. එහෙත් එය ප්‍රතික්ෂේප විය.
👉 තව කීප දිනක් කථාවක් පැවැත්වීම සඳහා ශිෂ්‍ය සංගම් සභාපතිගේ අනුමැතිය ලබාගැනීමට උත්සාහ කළද එය කළ නොහැකි විය.
👉 මිතුරු මිතුරියන් ඇසුරේදී මීට වඩා නින්දා ගෙන දෙන සිදුවීම්වලට මුහුණ දීමට මට සිදුවිය.
👉 නිතර කෑම කන ශාලාවේ හෝ මහ පාරේ හමු වන කෙනෙක් සමඟ වුවද හිතවත්කමක් ඇති කරගැනීම ලෙහෙසි නොවීය.
👉 ශිෂ්‍ය සංගමයේ කතා පවත්වන අනෙක් ශිෂ්‍යයන්ට වඩා හොඳින් කතා කිරීමට මට හැකි වුවද වසර දෙකක් යන තුරු ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැත.
👉 ටෙනිස් කණ්ඩායමේ ක්‍රීඩා කරන ඇතැම් ක්‍රීඩකයන් පහසුවෙන් පැරදවිය හැකි ශක්තියක් මට තිබුණද ටෙනිස් ක්‍රීඩා සමාජයටද මා බඳවා ගැනුනේ නැත.
👉 මේ “ඔක්ස්ෆර්ඩ් ජීවිතය පිළිබඳ සටහන්” නමැති පොතේ බණ්ඩාරනායක මහතා තම ශිෂ්‍ය ජීවිතය ගැන ලියා තිබූ අදහස් කීපයක සාරාංශයකි.
👉 මේ සියල්ලට හේතු වූයේ එවකට ඔක්ස්ෆර්ඩ් වැනි සරසවිවල පවා මුල් බැසගෙන තිබූ වර්ණභේදවාදය මිස අන් කිසිවක් නොවේ.
👉 එහෙත් වැඩි කල් යාමට පෙර තම සහජ දක්ෂතා ඔස්සේ මේ සියලු අභියෝග පරාජය කළ බණ්ඩාරනායක නම් ලාංකේය තරුණයා ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා බවට පත් වූයේ එම තනතුරට හිමිකම් කියන ලද පළමු ආසියාතිකයා වීමේ ගෞරවයද දිනා ගනිමිනි.
👉 ඔහු එහි කැපී පෙනුණු නායකයෙකු වූ අතර, ලෝකයේ විවිධ රටවල සිසුහු ඔහුගේ කතා ඇසීමට බෙහෙවින් ප්‍රිය කළහ.
👉 සුවිශේෂී කාරණය වන්නේ ඔහු ඒ තනතුරට පත් වූයේ එංගලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ රැම්සේ මැක්ඩොනල්ඩ් මහතාගේ පුත් මැල්කම් මැක්ඩොනල්ඩ් සමඟ කළ උණුසුම් තරගයකින් පසුව වීමය.
👉 පසු කලෙක මැක්ඩොනල්ඩ් මහතා එංගලන්තයේ ඇමතිවරයෙකු හා ඔස්ටේ්‍රලියාවේ අග්‍රාණ්ඩුකාරයා බවට පත් වූ අතර, බණ්ඩාරනායක මහතා ලංකාවේ අගමැති ධුරයට පත් විය.
(ඡායාරූපය - වමේ සිට බණ්ඩාරනායක, රැම්සේ මැක්ඩොනල්ඩ්, මැල්කම් මැක්ඩොනල්ඩ්)
- හෙන්රි අබේවික්‍රම දුටු බණ්ඩාරනායක පරිවර්තන යුගය කෘතිය ඇසුරෙනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..