කළු හමට වෙනස්කම් කළ ඔක්ස්ෆර්ඩ් සුද්දන්ට ක්‍රියාවෙන් උත්තර දුන් ලංකාවේ තරුණයා
👉 මම කාදිනල් වුල්සිගේ හිස් වැස්ම නමින් කුඩා කතා පොඩ්ඩක් ලියා විශ්වවිද්‍යාල සඟරාවේ පළ කිරීම සඳහා එය කර්තෘ වෙත යැව්වෙමි. එහෙත් එය ප්‍රතික්ෂේප විය.
👉 තව කීප දිනක් කථාවක් පැවැත්වීම සඳහා ශිෂ්‍ය සංගම් සභාපතිගේ අනුමැතිය ලබාගැනීමට උත්සාහ කළද එය කළ නොහැකි විය.
👉 මිතුරු මිතුරියන් ඇසුරේදී මීට වඩා නින්දා ගෙන දෙන සිදුවීම්වලට මුහුණ දීමට මට සිදුවිය.
👉 නිතර කෑම කන ශාලාවේ හෝ මහ පාරේ හමු වන කෙනෙක් සමඟ වුවද හිතවත්කමක් ඇති කරගැනීම ලෙහෙසි නොවීය.
👉 ශිෂ්‍ය සංගමයේ කතා පවත්වන අනෙක් ශිෂ්‍යයන්ට වඩා හොඳින් කතා කිරීමට මට හැකි වුවද වසර දෙකක් යන තුරු ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැත.
👉 ටෙනිස් කණ්ඩායමේ ක්‍රීඩා කරන ඇතැම් ක්‍රීඩකයන් පහසුවෙන් පැරදවිය හැකි ශක්තියක් මට තිබුණද ටෙනිස් ක්‍රීඩා සමාජයටද මා බඳවා ගැනුනේ නැත.
👉 මේ “ඔක්ස්ෆර්ඩ් ජීවිතය පිළිබඳ සටහන්” නමැති පොතේ බණ්ඩාරනායක මහතා තම ශිෂ්‍ය ජීවිතය ගැන ලියා තිබූ අදහස් කීපයක සාරාංශයකි.
👉 මේ සියල්ලට හේතු වූයේ එවකට ඔක්ස්ෆර්ඩ් වැනි සරසවිවල පවා මුල් බැසගෙන තිබූ වර්ණභේදවාදය මිස අන් කිසිවක් නොවේ.
👉 එහෙත් වැඩි කල් යාමට පෙර තම සහජ දක්ෂතා ඔස්සේ මේ සියලු අභියෝග පරාජය කළ බණ්ඩාරනායක නම් ලාංකේය තරුණයා ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා බවට පත් වූයේ එම තනතුරට හිමිකම් කියන ලද පළමු ආසියාතිකයා වීමේ ගෞරවයද දිනා ගනිමිනි.
👉 ඔහු එහි කැපී පෙනුණු නායකයෙකු වූ අතර, ලෝකයේ විවිධ රටවල සිසුහු ඔහුගේ කතා ඇසීමට බෙහෙවින් ප්‍රිය කළහ.
👉 සුවිශේෂී කාරණය වන්නේ ඔහු ඒ තනතුරට පත් වූයේ එංගලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ රැම්සේ මැක්ඩොනල්ඩ් මහතාගේ පුත් මැල්කම් මැක්ඩොනල්ඩ් සමඟ කළ උණුසුම් තරගයකින් පසුව වීමය.
👉 පසු කලෙක මැක්ඩොනල්ඩ් මහතා එංගලන්තයේ ඇමතිවරයෙකු හා ඔස්ටේ්‍රලියාවේ අග්‍රාණ්ඩුකාරයා බවට පත් වූ අතර, බණ්ඩාරනායක මහතා ලංකාවේ අගමැති ධුරයට පත් විය.
(ඡායාරූපය - වමේ සිට බණ්ඩාරනායක, රැම්සේ මැක්ඩොනල්ඩ්, මැල්කම් මැක්ඩොනල්ඩ්)
- හෙන්රි අබේවික්‍රම දුටු බණ්ඩාරනායක පරිවර්තන යුගය කෘතිය ඇසුරෙනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්