News Category
From Date
To Date
Maximum Number of Result

පරිගණකය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් මුල් වකවානුවේ ඒ පිළිබඳව සමාජ කථිකාවක් නිර්මාණය වී තිබූ අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

Indiana Jones and the Temple of Doom චිත්‍රපටය ප්‍රකට සිනමා අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් ගේ නිර්මාණයක් වන අතර මෙම චිත්‍රපටය මුලින්ම තිරගත වූයේ 1984 වර්ෂයේ ය.

1943 ජුලි 14 දින උපත ලද මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කරමින්, ලාංකේය ජනයා ස්වකීය අයිතීන් දිනාගැනීම වෙනුවෙන් පෙළගැස්වූ, ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සදාදරණීය නායක රෝහණ විජේවීරයන්ගේ උපන් දිනය සිහිපත් කරමින් ඔහුගේ පුත් උවිඳු විජේවීර සංවේදී සටහනක් තබා තිබේ.

අකල් වැසි වැටුනු බිම තෙත බරිත, බරැති තටු සෙමින් වියලාගන්න

අන්තඃපුරයක් තියාගෙන මගෙ පතිවත හොයපු රාමාත්....

අද වන තුරු තමන් යටතේ වැඩකරන ජපාන කාර්ය මණ්ඩලය තමන්ගෙන් නිවාඩු ඉල්ලා නැති බවත්, තමන් දන්නා පුද්ගලයකු තම මව මියගිය පසු සති අන්තයේ ගොස් මිනිය ආදාහනය කර පැමිණි බවත් කිසිවෙක් මේ ගැන දැන නොසිටියා මෙන්ම, පුද්ගලයන් මියගිය පසු ඒ ගැන සිතමින් ජීවිත්විය යුතු නැති බවත් ව්‍යාපාරිකයකු වන සජීවි රාජපුත්‍ර පවසන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

මේ තමා "එංගලන්තේ " ප්‍රජාතන්ත්‍රවාදී රදලයෝ හා පාදිලිල ක්‍රියාත්මක වන ආකාරය.

නිවාස ඉදි කිරීම සහ ඒවායේ ජීවත් වීම ශිෂ්ටාචාරික ලක්ෂණයකි. දඩයම් කිරීම සහ තැන තැන ඇවිද යමින් ආහාර එකතු කිරීම සිය ජීවනෝපාය කර ගත් ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස්සු පසු කාලයක සිය සංචාරක ජීවිතයෙන් මිදී එක් තැනක දීර්ඝ කාලයක් ජීවත් වීමේ පුරුද්දට නැඹුරු වූහ. එය හඳුන්වන්නේ 'ස්ථීරවාසීතාව' යනුවෙනි. කිසියම් ජනකොටසක් ස්ථීරවාසීතාවට පත් වූ බව පෙන්නුම් කරන ප්‍රධානතම දර්ශකය ස්ථීර නිවාස තනා ගැනීම යි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.