අණ්ඩපාල තියරිය!
අණ්ඩපාල තියරිය ඇරඹෙන්නේ 1965 තරම් ඈත කාලයේය. එය රෝහණ විජේවීරයන් ඇරඹි ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාකච්චඡාව තෙක් ඈතට දිව යන්නකි.ජවිපෙ පලමු සාකච්ඡාවේදී ලෙයින් අත්සන් තබන ලද ප්‍රතිඥාව මෙසේ විය.
"ප්‍රතිඥාවෙන් පසු විප්ලවීය සංවිධානයේ සාමාජික චර්යාධර්ම වශයෙන් දුම්පානය සහ මත්පැන් පානය මනස විකෘති කරන අතර; අනවශ්‍ය වියදමක්ද දරන්නට සිදුවන බව විජේවීර කියා සිටියේය. එමෙන්ම ප්‍රේම සබඳතා මඟින් විප්ලවීය ජීව ගුණය බොඳවී අනවශ්‍ය කාලයක්ද වැයවී විප්ලවවාදී පක්ෂයේ රහස් සතුරා අතට පත්විය හැකි බව අවධාරණය කළ අතර එවැනි දෙයින් බැහැරවිය යුතු බව විජේවීර කියා සිටියේය."
පලමු සාකච්ඡාවේදීම එයට එරෙහි වූ මුතුමාල නම් වූ සරසවි සිසුවා විජේවීරගේ කණ්ඩායමෙන් ඉවත් වූයේ එය ඉතාමත් දැඩි තීරණයක් බවත් එයට එකඟ විය නොහැකි බවත් කියාය. එසේ නීති පැනවූ විජේවීරම තමන් ප්‍රේම සබඳතාවක් ඇරඹි වහාම අණ්ඩපාල තියරිය උපයෝගී කර ගෙන ඉහත ඔහු විසින්ම රුධිරයෙන් සහතික කරන ලද එකඟතාව අවසන් කලේය.
එතැන් පටන් කලින් කලට ජවිපෙ විසින් තොරොම්බල් කරන ලද මත් පැන්,දුම් වැටි පානය ලාල්කාන්ත විජිත හේරත් වැන්නවුන් මහා දවාලේ බිඳ දමමින්ද මහජන නියෝජිතයින්ගේ මරුති කාර් පරිහරණය ටිල්වින්ගේ ඩිෆෙන්ඩර්,හයිලක්ස් ඩබල් කැබ් පරිහරණයෙන්ද සවර්ගස්ත වූ නීති රීති විය. අනාචාරයේ හැසිරීම නොකල යුතු බව ජවිපෙ මුල සිට දැඩිව තබා ගත් තවත් එක නීතියක් ලෙස පැවතියද ටිල්විං සිල්වාගේ ඉරිදා කාන්තා සංගමය කැඳවීමේ පුරුද්දෙන් එයද හිරු දුටු කදෝ පැණියක් සේ වියැකී ගියේ අණ්ඩපාල තියරිය නැවත නැවත සාක්ෂාත් කරවමිනි. පලාත් සබාවට පලමු ඡන්දය දමන්නන්ගේ අත් කපා දමමින් ඔවුන්ව අවසන් ගමන් යැවූ ජවිපෙ ඉන් පසු පලාත් සබාවට ඡන්දය ඉල්ලුවේ රෙදි ඇඳගෙනය. ජවිපෙ අණ්ඩපාල තියරියේ රඟ සොබාව එලෙසය.
ධවල පත්‍රිකාවට විරුද්ධ වෙමින් පෙෳද්ගලික විශ්ව විද්‍යාල පමණක් නොව අවශේෂ පෙෳද්ගලික අධ්‍යාපන අවස්තා වලට මරාගෙන මැරෙන විරුද්ධතාවක නිරත වූ ජවිපෙ නායකයෝ ඔවුන්ගේ ලමයින්ට රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළු වීමට බැරි වෙද්දී කිසිදු හිරිකිතයකින් තොරව ඔවුන් පෙෳද්ගලික විශ්ව විද්‍යාල වලටද විදෙස් විශ්ව විද්‍යාල වලටද යවන්නේ එයින් රටේ අනෙක් දරුවන්ට පෙෳද්ගලික විශ්ව විද්‍යාලයකට යාමට ඇති අවස්තාව අහුරමින් කරන විරෝධතා සහ තම දරුවන් පෙෳද්ගලික විශ්ව විද්‍යාල වලට යැවීම අතර ගැටුමක් නැතැයි නව ප්‍රවාදයක් අණ්ඩපාල තියරිය ඔස්සේ පක්ෂයේ වහල් නඩයේ මොළ සෝදමිනි.
තවද එදා තමන්ට බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම්,බිස්නස් ක්ලාස් ගුවන් ගමන්,අති නවීන වාහන නැති කාලයේ ඒවා පරිහරණය කරන අයට එරෙහිව ජනතා වෛරය ඇවිලූ ජවිපෙ නායකයෝ දැන් තමන් ඒවා පරිහරණය කරන විට උජාරුවෙන් කියන්නේ විරුද්ධවාදීන් කුලප්පු කිරීමට ඒවා කරනවා වැනි අණ්ඩපාල කතාය. එදා යමක් කමක් උපයා ගත් සැමටම ජාවාරම් කර උපයා ගත් කළු සල්ලි කියා හණ ගසා සමාජ වෛරය පැතිර වූ ජවිපෙ නායකයන් ඔවුන් මහා ධනපතියන් වූ විට ඒවා බිරින්ඳෑවරුන්ගේ පාරම්පරික ධනය හෝ ඒ ඒ අය හිඟන්නන් නොව ඉඩම් හිමි වැවිලි කරුවන් ලෙස භෙෳතීස්ම කරන අණ්ඩපාල තියරිය යහමින් යොදා ගනී.
තම දේශපාලන මතය හා එකඟ නොවන විට පක්ශ මාරු කරන අයට නිර්ධය ලෙස විවේචන කරන ජවිපෙ 89 දී ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන්,94දී චන්ද්‍රිකාගේ ජයග්‍රහණය වෙනුවෙන්,2005දී මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන්,2010 ෆොන්සේකාගේ ජයග්‍රහණය වෙනුවෙන්,2015 මෛත්‍රීපාලගේ ජයග්‍රහණය වෙනුවෙන් ආදී ලෙස සෑම අගුපිලකම ලගින්නට ඒ ඒ කාලයට ගැලපෙන අණ්ඩපාල තියරියක් යොදා ගැනීමද ඉතා හාස්‍යජනකය. ඒ හැම විටම නායකයන්ගේ ඕනෑම ගුලියක් කිසිදු ප්‍රශ්ණ කිරීමකින් තොරව බාර ගැනීමට සැදී පැහැදී සිටින දායක සබාවක් ජවිපෙ සතු වීම සැබවින්ම අණ්ඩපාලයන්ගේ වාසනාවක් බව නොකියාම බැරිය.
එදා යම් කෙනෙකු තමා උපයා ගත් ධනයකින් හෝ හිතවතුන්ගේ ප්‍රධානයකින් ඡන්දයකදී මුදල් වියදම් කල බස්රථ සැරසීම,විශාල වේදිකා තැනීම,කටවුට් ගැසීම දැඩි හාස්‍යයකට ලක් කර එම මුදල් අසරණ අයට ගෙවල් සාදා දීම,දහස් ගණනක කුසගින්න නිවීම ගැන හර බර දේශණ පැවත්වූ ජවිපෙ නායකයෝ අද ඒවා අන් අය කලාටත් වැඩි මහා පරිමාණයෙන් කරද්දී ඒවා යුක්ති සහගත කිරීමට යොදා ගන්නේද අණ්ඩපාල තියරියයි. කෙටියෙන්ම කියතොත් තමාට කල නොහැකිව ඇති විට අවශ්‍යතාව නොපැමිණ ඇති විට දැඩිව විවේචනය කරන සෑම දෙයක්ම තමාට අවශ්‍ය විට කර ගැනීමට හැකි විට යුක්ති සහගත කිරීමේ අණ්ඩපාල තියරියෙන් රටම ඇන්ඳවීමට දෙවරක් සිතන්නේ නැති සුපිරි අණ්ඩපාලයින්ගෙන් සමන්විත නායකයන් පිරිසකුත් ඒ ඕනම එකකට හුරේ දමන කුහක මරි මෝඩ එහෙයියන් පිරිසකගෙනුත් සමන්විත ලොව වඩා විශාලම වහල් කඳවුර ජවිපෙ නොහොත් මාලිමාව බව කණගාටුවෙන් උවත් කිව යුතුමය.
-කැලුම් ජයසුමන
(උපුටා ගැනීම - සමාජ මාධ්‍යයෙනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..