News Category
From Date
To Date
Maximum Number of Result

අණ්ඩපාල තියරිය!

Jun 9, 2024 at 07:18 AM
|

අණ්ඩපාල තියරිය ඇරඹෙන්නේ 1965 තරම් ඈත කාලයේය. එය රෝහණ විජේවීරයන් ඇරඹි ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාකච්චඡාව තෙක් ඈතට දිව යන්නකි.ජවිපෙ පලමු සාකච්ඡාවේදී ලෙයින් අත්සන් තබන ලද ප්‍රතිඥාව මෙසේ විය.

"ප්‍රතිඥාවෙන් පසු විප්ලවීය සංවිධානයේ සාමාජික චර්යාධර්ම වශයෙන් දුම්පානය සහ මත්පැන් පානය මනස විකෘති කරන අතර; අනවශ්‍ය වියදමක්ද දරන්නට සිදුවන බව විජේවීර කියා සිටියේය. එමෙන්ම ප්‍රේම සබඳතා මඟින් විප්ලවීය ජීව ගුණය බොඳවී අනවශ්‍ය කාලයක්ද වැයවී විප්ලවවාදී පක්ෂයේ රහස් සතුරා අතට පත්විය හැකි බව අවධාරණය කළ අතර එවැනි දෙයින් බැහැරවිය යුතු බව විජේවීර කියා සිටියේය."

පලමු සාකච්ඡාවේදීම එයට එරෙහි වූ මුතුමාල නම් වූ සරසවි සිසුවා විජේවීරගේ කණ්ඩායමෙන් ඉවත් වූයේ එය ඉතාමත් දැඩි තීරණයක් බවත් එයට එකඟ විය නොහැකි බවත් කියාය. එසේ නීති පැනවූ විජේවීරම තමන් ප්‍රේම සබඳතාවක් ඇරඹි වහාම අණ්ඩපාල තියරිය උපයෝගී කර ගෙන ඉහත ඔහු විසින්ම රුධිරයෙන් සහතික කරන ලද එකඟතාව අවසන් කලේය. 

එතැන් පටන් කලින් කලට ජවිපෙ විසින් තොරොම්බල් කරන ලද මත් පැන්,දුම් වැටි පානය ලාල්කාන්ත විජිත හේරත් වැන්නවුන් මහා දවාලේ බිඳ දමමින්ද මහජන නියෝජිතයින්ගේ මරුති කාර් පරිහරණය  ටිල්වින්ගේ ඩිෆෙන්ඩර්,හයිලක්ස් ඩබල් කැබ් පරිහරණයෙන්ද සවර්ගස්ත වූ නීති රීති විය. අනාචාරයේ හැසිරීම නොකල යුතු බව ජවිපෙ මුල සිට දැඩිව තබා ගත් තවත් එක නීතියක් ලෙස පැවතියද ටිල්විං සිල්වාගේ ඉරිදා කාන්තා සංගමය කැඳවීමේ පුරුද්දෙන් එයද හිරු දුටු කදෝ පැණියක් සේ වියැකී ගියේ අණ්ඩපාල තියරිය නැවත නැවත සාක්ෂාත් කරවමිනි. පලාත් සබාවට පලමු ඡන්දය දමන්නන්ගේ අත් කපා දමමින් ඔවුන්ව අවසන් ගමන් යැවූ ජවිපෙ ඉන් පසු පලාත් සබාවට ඡන්දය ඉල්ලුවේ රෙදි ඇඳගෙනය. ජවිපෙ අණ්ඩපාල තියරියේ රඟ සොබාව එලෙසය.

ධවල පත්‍රිකාවට විරුද්ධ වෙමින් පෙෳද්ගලික විශ්ව විද්‍යාල පමණක් නොව අවශේෂ පෙෳද්ගලික අධ්‍යාපන අවස්තා වලට මරාගෙන මැරෙන විරුද්ධතාවක නිරත වූ ජවිපෙ නායකයෝ ඔවුන්ගේ ලමයින්ට රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළු වීමට බැරි වෙද්දී කිසිදු හිරිකිතයකින් තොරව ඔවුන් පෙෳද්ගලික විශ්ව විද්‍යාල වලටද විදෙස් විශ්ව විද්‍යාල වලටද යවන්නේ එයින් රටේ අනෙක් දරුවන්ට පෙෳද්ගලික විශ්ව විද්‍යාලයකට යාමට ඇති අවස්තාව අහුරමින් කරන විරෝධතා සහ තම දරුවන් පෙෳද්ගලික විශ්ව විද්‍යාල වලට යැවීම අතර ගැටුමක් නැතැයි නව ප්‍රවාදයක් අණ්ඩපාල තියරිය ඔස්සේ පක්ෂයේ වහල් නඩයේ මොළ සෝදමිනි. 

තවද එදා තමන්ට බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම්,බිස්නස් ක්ලාස් ගුවන් ගමන්,අති නවීන වාහන නැති කාලයේ ඒවා පරිහරණය කරන අයට එරෙහිව ජනතා වෛරය ඇවිලූ ජවිපෙ නායකයෝ දැන් තමන් ඒවා පරිහරණය කරන විට උජාරුවෙන් කියන්නේ විරුද්ධවාදීන් කුලප්පු කිරීමට ඒවා කරනවා වැනි අණ්ඩපාල කතාය. එදා යමක් කමක් උපයා ගත් සැමටම ජාවාරම් කර උපයා ගත් කළු සල්ලි කියා හණ ගසා සමාජ වෛරය පැතිර වූ ජවිපෙ නායකයන් ඔවුන් මහා ධනපතියන් වූ විට ඒවා බිරින්ඳෑවරුන්ගේ පාරම්පරික ධනය හෝ ඒ ඒ අය හිඟන්නන් නොව ඉඩම් හිමි වැවිලි කරුවන් ලෙස භෙෳතීස්ම කරන අණ්ඩපාල තියරිය යහමින් යොදා ගනී. 

තම දේශපාලන මතය හා එකඟ නොවන විට පක්ශ මාරු කරන අයට නිර්ධය ලෙස විවේචන කරන ජවිපෙ 89 දී ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන්,94දී චන්ද්‍රිකාගේ ජයග්‍රහණය වෙනුවෙන්,2005දී මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන්,2010 ෆොන්සේකාගේ ජයග්‍රහණය වෙනුවෙන්,2015 මෛත්‍රීපාලගේ ජයග්‍රහණය වෙනුවෙන් ආදී ලෙස සෑම අගුපිලකම ලගින්නට ඒ ඒ කාලයට ගැලපෙන අණ්ඩපාල තියරියක් යොදා ගැනීමද ඉතා හාස්‍යජනකය. ඒ හැම විටම නායකයන්ගේ ඕනෑම ගුලියක් කිසිදු ප්‍රශ්ණ කිරීමකින් තොරව බාර ගැනීමට සැදී පැහැදී සිටින දායක සබාවක් ජවිපෙ සතු වීම සැබවින්ම අණ්ඩපාලයන්ගේ වාසනාවක් බව නොකියාම බැරිය.

එදා යම් කෙනෙකු තමා උපයා ගත් ධනයකින් හෝ හිතවතුන්ගේ ප්‍රධානයකින් ඡන්දයකදී මුදල් වියදම් කල බස්රථ සැරසීම,විශාල වේදිකා තැනීම,කටවුට් ගැසීම දැඩි හාස්‍යයකට ලක් කර එම මුදල් අසරණ අයට ගෙවල් සාදා දීම,දහස් ගණනක කුසගින්න නිවීම ගැන හර බර දේශණ පැවත්වූ ජවිපෙ නායකයෝ අද ඒවා අන් අය කලාටත් වැඩි මහා පරිමාණයෙන් කරද්දී ඒවා යුක්ති සහගත කිරීමට යොදා ගන්නේද අණ්ඩපාල තියරියයි. කෙටියෙන්ම කියතොත් තමාට කල නොහැකිව ඇති විට අවශ්‍යතාව නොපැමිණ ඇති විට දැඩිව විවේචනය කරන සෑම දෙයක්ම තමාට අවශ්‍ය විට කර ගැනීමට හැකි විට යුක්ති සහගත කිරීමේ අණ්ඩපාල තියරියෙන් රටම ඇන්ඳවීමට දෙවරක් සිතන්නේ නැති සුපිරි අණ්ඩපාලයින්ගෙන් සමන්විත නායකයන් පිරිසකුත් ඒ ඕනම එකකට හුරේ දමන කුහක මරි මෝඩ එහෙයියන් පිරිසකගෙනුත් සමන්විත ලොව වඩා විශාලම වහල් කඳවුර ජවිපෙ නොහොත් මාලිමාව බව කණගාටුවෙන් උවත් කිව යුතුමය.

-කැලුම් ජයසුමන
(උපුටා ගැනීම - සමාජ මාධ්‍යයෙනි)

සම්බන්ධිත පුවත් | Related News

මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය අඩුවීම මන්දපෝෂණයට හේතු වී ඇත.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබිණි.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.