News Category
From Date
To Date
Maximum Number of Result

රනිල් ගොවියන්ට උරුමය සින්නක්කරව බෙදීම පිටුපස සැඟවුනු සටකපට ඉන්දීය ව්‍යාපෘතිය

Jun 18, 2024 at 12:22 PM
|

රනිල්, මවුබිමේ ගොවියන්ට උරුමය සින්නක්කරව   දෙන්න වෙහෙසෙන විට මට නම් හිතෙනිනේ රනිල් මතු බුදුවෙන්න පෙරම් පුරනවා කියලයි. 😀😀

රනිල් සමහර ඉන්දියන් ප්ලෑන් වලට  ඉඩ හදන්නේ උප්පත්ති කපටිකම උපයෝගී කරගෙන.‼️

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගොවියන්  " වලෝ දිල්ලි  "නමින් ගොවි විරෝධයක් අදානිට එරෙහිව පටන් ගත්තා මතකද?

අදානි සහ මෝදි රජය කුඩා කුඩා බිහාර්, ගොවියන්ගෙි ඉඩම් අයිතිය මහාපරිමාන  අදානි සමුහයේ කෘෂි සමාගම් වලට විකිනෙන තැනට පත් කරලා ඒවා  මිළට අරං විශාල  ලෙස කෘෂි ඉඩම්  සමාගම් සතු කර ගැනීමට කටයුතු කළා.

බිහාරයේ, ගොවියන් අදානිගේ උගුලක අහුවුනා කියලා හිතෙනකොට ගොවිබිමි අයිතිය සමාගම් ගතවෙලා ඉවරයි.

චලෝ දිල්ලි නමින් බිහාරයේ සිට දහස් ගනනක ගොවියන්  මොදිගේ රජයට එරෙහිව පැමිණිමට ප්‍රධාන කාරණය එයයි. ‼️

මේකම තමයි ලංකාවේ රනිල් හරහා ඉන්දියාව  ක්‍රියාත්මක කරන්නේ.

ඔබ හොදින් බලන්න 

රනිල් උරුමය නමින් මෙතෙක් රජය සතුව නමුත් ගොවියන්ට බදු ඔප්පු යටතේ දී තිබෙන ඉඩම් සින්නක්කරව දෙනවා නේද?

බැලු බැලිමට ඉතා හොදයි. පුජනීයයි  උදාරයි 

ඒක යටින් යන්නේ, සටකපට ඉන්දීය ව්‍යාපෘතිය 🔴

අද  රනිල් මන්නාරමේ සින්නක්කර ඉඩමි වල.අයිතිය බෙදුවා

ගිය මාසේ වවුනියාවේ බෙදුවා අනුරාධපුරයේ,බෙදුවා ත්‍රිකුණාමලයෙි බෙදුවා.

ඔය ඉඩම්,වල සින්නක්කර අයිතිය බෙදන රේඛාවට සමාන්තරව තමයි.

ඉන්දියාවේ අදානිලා සුළං විදුලි ජනන ව්‍යාපෘති 📍

ඉන්දියාව මන්නාරම හරහා ත්‍රිකුණාමලය දක්වා එලනවා කියන තෙල් නල ගෑස් නළ දුම්රිය මාවත අධිවේග මාර්ගය  සියල්ල සිතියම්,ගතවෙලා තියෙන්නේ.📍

ඒ විතරක්,නෙවේ  ඔබ හොදින් බැලුවොත්ඉන්දියාවට කර්මාන්ත පුරයකට දෙනවා කියළා  කියන ත්‍රිකුණාමලයේ  අක්කර 27000 ඇතුලේ පදංචි සහ ඊට  තදාසන්න ඉඩම් වලට  මේ දවස්වල සින්නක්කර ඔප්පු ලැබෙනවා. 

ඉන්දියාවේ අදානිලා තව වසර දෙක තුනක් යනකොට බිහාරයේ වගේම  සින්නක්කරව ලැබෙන කුඩා කුඩා ඉඩම් අයිතිය  ක්ෂුක්ෂමව අයිතිකරගන්නවා.‼️

රනිල්,ඉඩම්, සින්නක්කරය දෙනකොටම  ඕක විකුණන්න  ඔබට බාධාවක් නෑ නමුත් විකුණන්න එපා කියනකොටම ගොවියට විකිනීමට  අයිතිය තිබෙන බවට අදහස ඔළුවට දෙනවා.😀😀😀

ඕවා මහා පරිමානව මන්නාරමේ සිට ත්‍රිකුණාමලය දක්වා ඉන්දියන් කොම්පැණි අල්ලා ගන්නකොට රනිල් උවමනා නමි කියයි මම අයිතිය දුන්නා වික්කට මට කරන්න දෙයකි නෑ කියලා. ඒ තමයි රනිල්ගේ කපටිකම.‼️

කරන්න වැඩ දහසක් තියෙනකොට රනිල් උරුමය කියලා මන්නාරමේ සිට ත්‍රිකුණාමලය දක්වා විශේෂ අවධානයක් දෙමින් දුප්පත්  ගොවියාට කිසිම වග විභාගයක් නැතුව  ඕනෑම කෙනෙකුට  ඉඩම විකුණන්න පුළුවන් හැකියවෙ සින්නක්කර ඔප්පුව යන ලේබලයට දෙන්නේ  ඇයි කියලා ඔබ වටහා ගන්න.

තව වසර 10 යනකොට  ඔය ඉඩම් බහුතරයක් ඉන්දියානු අදානි වැනි සමාගම් අතට යනවා පමණක් නොවෙයි ඒ ඉඩම්වල විවිධ ආකාරයට ඉන්දියන් මිනිස්සුත් පදිංචි වෙනවා.

රනිල් කියන්නේම ඉතා කපටි ආකාරයට  පිටරට උවමනා වෙනුවෙන් විශේෂයෙන් ඉන්දිය ඇමරිකන් කදවුරට   ක්‍රියාකරන ඉත්තෙක් .‼️

මේක රටේ  විපක්ෂයේ ඉන්න ගොබ්බසේනලා  මේ, ඉන්දියන් ව්‍යාපෘතියට වෙන වැඩක් කියලා නොදන්නවා නෙවේ.

ඒත්,උං සියල්ල  රනිල් ඉන්දියව සහ අදානි ඉදිරියේ  කට අරින්න බයයි නැත්නම් කට ඇරියොත් තමන්ට  ඉන්දියාව කෙලවෙනවා කියලා හිතනවා..

අන්තිමට වෙන්නේ මන්නාරමේ,ඉදන් ත්‍රිකුණාමලය වෙනකල් ඉඩම්,වල ැයිතිය ඉන්දියානු කම්පනි හරහා නිළ නොවන ආකාරයට ඉන්දියාව සකුවීම.

අපි අනතුර ලියා තබනවා හදුනා ගැනීම ඔබට අයත්,වෙනවා.

- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.