News Category
From Date
To Date
Maximum Number of Result

අනිච්චානුගතව අභිප්‍රේරණයවූ 3% ට අයත් නොවූ ජවිපාවුන් මාලිමාවෙන් ප්‍රතික්ෂේප වීම අවිද්‍යාත්මකද?

Oct 21, 2024 at 03:12 PM
|

පසුගිය ජනපතිවරණයේ ප්‍රථිඵල ලැබීමෙන් පසුව පෙර සබඳතා සිහිකරමින් හා සුබපතමින් විමල් වීරවංශ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉවත් වුනා. විමල්ගේ එම ක්‍රියාව වාම කඳවුරේ ජයකින් අභිප්‍රේරණයක් නිසා සිදුවූ අනිච්ඡානුගත ක්‍රියාවක්ද යන්න තවම පැහැදිලි නැතිමුත් විමල්ගේ එම සුබපැතුම 3% නේ ජවිපාවෙක් හා මාලිමා ප්‍රභලයෙක් විසින් ඉතා අවඤ්ඤා සහගතව බැහැර කර තිබුනා. විමල් වීරවංශ සමග එක පතේ කාගෙන දේශපාලනයේ යෙදුන උදය ගම්මන්පිල විසින් මාලිමාව ඔලු දෙකේ යාන්ත්‍රණයක් ලෙස දක්වා තිබුනා.

විමල්ගේ සුබපැතීමේ මෙන්ම උදයගේ දර්ශණයේද ගැබ්ව ඇත්තේ වාම සහ ලිබරල්වාදී සංකලනයක් වන මාලිමාව අන්ත දෙකකින් යුක්තව ක්‍රියාත්මක වන බවයි. 

එහෙත්, මේ ලියුම්කරුට නම් සිතෙන්නේ මාලිමාවට තවදුරටත් වාමවාදය වලංගු නොවන බවයි. එනම්, වාමවාදය නව ලිබරල්වාදීන් විසින් දියකර හරිනු ලැබීමෙන් පසුව ඒ දියර අවශෝෂණය වූ වාමවාදීන් තමුන් බෙලහීන වූ බවටවත් හැඟීමක් නොවන තරමට නව ලිබරල් ද්‍රාවණයේ සාන්ද්‍රණය වීමයි. එබැවින්, 3%ට වත් අයත් නොවන ගතානුගතික ජවිපාවුන්ට හිතෙන ආකාරයේ ආශ්වාදයක් ලැබීමට දෙයක් එම ජයග්‍රහණයේ තිබේද?

මෙහිදී 3%නේ පසුවූ පිළ 42% දක්වා වර්ධනය හෙවත් ඔවුන්ගේ භාෂාවෙන්ම හඳුන්වන්නේ නම් "ක්වොන්ටම් ලීප්" යක් ලැබීමත්, 52% ක්වූ පිළ යන්තම් 2.5% ට බැසීමත් අමතක කළ නොහැක. මෙම වර්ධකයට හේතුවූ 39% අනිවාර්යයෙන්ම කලින් 3% විසින් හඳුන්වන ලද නූගත් බයියන්ගෙන් විභේදනය වුනා වූ කොටසකි. ඔවුන්ට පරණ ජවිපෙ ක්‍රියාකාරකම් අදාලම නැත. ඊට විජේවීර ජවිපෙ පිහිටුවීම, විජේවීරගේ ඉන්දියානු විරෝධයට රූපාන්තරණය වීම, ජවිපෙ ජාතික කොඩිය ගැනීම, ජාතිකවාදීන් හිතන ආකාරයට ජාතික කොඩිය යළි අතහැරීම, ඔරුමිත්තනාඩුව දීම ආදී කිසිවක් වලංගු නැත. 

සැබෑවටම ඔවුන් නව ලිබරල් වාදීන්ද නොවනු ඇත. ඔවුන්ගේ ඒකායන අභිප්‍රාය වන්නේ වරක් රැවටුවාවූ, හොරා නාමධාරීත්වයෙන් මිදීමට අසමත්වූ, රට බංකොලොත් කිරීමට දායකවීම හේතුවෙන් අධිකරණයෙන් පවා ඳඬුවම් ලැබුනා වූ, ඒ ඳඬුවම් යුද අපරාධ චෝදනා පිළිගත්තාක් මෙන් අවිවාදිතව පිළිගත්තාවූ, පාස්කුවේදී පුපුරවාගෙන මියයෑමට අන්තවාදීන් මෙහෙයවූ මහමොළකරුවන් විය යුතු යැයි සැකකලාවූ දේශ ද්‍රෝහීන් පිරිසක් පළවා හැරීමට දායක වූ දේශය ගලවාගත් අයමෙන් තමුන්වම සළකන්න වීමයි. එහි යම් ප්‍රමාණයක් යම්කිසි කාලයකදී ජවිපෙ කෙරෙහි යම් අනුකම්පාවක් දැක්වූවන් සිටියද ඔවුන්ද පරණ ජවිපාවුන් කෙරෙහි ආත්මිකව අනුකම්පා දක්වන්නන් නොවන බව පැහැදිලිවම සැළකිය හැකියි. 

එසේම, අද වනවිට දැකිය හැකි අනෙක් ලක්ෂණය වන්නේ ඒ 3% සිටි සමහර ජවිපාවන් ද නව ලිබරල්වාදීන් හා ඊට ලැදි හෝ නාමිකව ලැදි ආගමික සංස්ථාද එකම ස්ථාවරයක සිට ගැනීමයි. මෙය ගම්මන්පිල විසින් පාස්කු ප්‍රහාරයේ ඉතිරි වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ඉල්ලීමේ දී දැකගන්නට හැකිවිය. 

මේ ලියුම්කරු පුද්ගලිකව අත්විඳි අත්දැකීමක් වන්නේ සති කිහිපයකට පෙර 3% ට අයත්වූ කොම්ෂන් වාර්තා හෙලිකරනු යැයි බලකර සිටි සමහර ජවිපානුවන් ද මේ හෙලිකිරීම ප්‍රකාශ කිරීම වැඩකට නොමැති ප්‍රලාඵ කියවීමක් ලෙසට සළකන බවයි.

එබැවින්, පැහැදිලිව පෙනීයන කරුණක්ව ඇත්තේ නව ලිබරල්වාදය අවශෝෂණය වීමෙන් කෙටි කලකදී ජවිපෙට ලැබුන බලය රෝමන්වරුන් පලවා හැරීමට සූරපප්පට වෙදපප්පාගෙන් ලැබුන බලයත් ඉක්මවා ඇති බවයි. ඒ බලය ආශිර්වාදයක් හා අත්‍යාවශ්‍ය සංඝටකයක් ලෙස දකින 3% හි ජවිපෙන් නැවත විප්ලවීය හෝ වාමවාදී හෝ ජාතිකවාදී ආදී වශයෙන්වූ ජවිපයක් දකින විමල් ආදීන් සමච්ඡලයට ලක්වීම අවිද්‍යාත්මක නොවනු ඇත. 

සාම්ප්‍රදායික ජවිපෙක්ගේ කාර්යභාරය පරිණාමය වූ හෝ රූපාන්තරණය වූ ජවිපෙකුගෙන් බලාපොරොත්තු වීම දිඹුල් මල් පතා දිය ඇදීමක් වනු ඇත. විමල් ආදීන්ට ඔවුන්ගේ දැන් භූමිකාව වන්නේ නව ලිබරල්වාදී ද්‍රාවණයේ සාන්ද්‍රවූ වාමවාදීන්ට සුභ පැතීම යැයි සිතන්නේ නම් කෙතෙක් දුරට ඔවුන්ගේ තනුකතාවය පවත්වා ගැනීමට හැකිවේද යන්නේ ප්‍රථිඵලය ඊළඟ මැතිවරණ පරාසය තුලම නිරීක්ෂණය වනු ඇත.

මාලිමාවටද කෙදිනක හෝ යළි ප්‍රශ්නයක් වන්නේ මාලිමාවට අභිසරණය උනාවූ ඒ සැබෑ නව ලිබරල්වාදීන්ද නොවන 39% යේ විශ්වාසය මාලිමාව වෙත රඳවා ගැනීමය. ඒ විශ්වාසය පවත්වා ගැනීම සඳහා වාහන, බිත්තර, හොරාගත් ඩොලර්, කොමිෂන් වාර්තා ආදී රඟ දැක්වීම් ආදියෙන් කල හැකිද යන්න එහි සාර්ථකත්වය මත තීරණය වනු ඇත.

- හේවා කන්කානම්ගේ

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.