මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙමින් සැමට දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වෙමු
අද (ඔක්තෝබර් 10) ලෝක මානසික සෞඛ්‍ය දිනයයි. ලෝක මානසික සෞඛ්‍ය දිනයේ අරමුණ වන්නේ ලොව පුරා මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සහ මානසික යහපැවැත්ම සඳහා ඉහළ මට්ටමේ සහයෝගයක් ලබා දීමයි.
ලොව පුරා සිටින පුද්ගලයින් සඳහා මානසික සෞඛ්‍ය සේවාව යථාර්ථයක් බවට පත් කිරීම සඳහා තවත් කළ යුතු දේ කතා කිරීමට සහ නිර්දේශ කිරීමට සියලුම මානසික සෞඛ්‍ය පාර්ශවකරුවන් මේ මොහොතේ කටයුතු කරමින් සිටියි
"රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දිය යුතු කාලය" යන්න මෙවර තේමාවයි. රැකියාවේ සිටින සෑම කෙනෙක්ම පාහේ වෙනත් ඕනෑම ක්‍රියාකාරකමකට වඩා තම වෘත්තීය දියුණුව සඳහා වැඩි කාලයක් ගත කරති. බොහෝ ආකාරවලින් සහ උපරිමයෙන්, රැකියාව තම ජීවනෝපාය කරගන්නා පුද්ගලයන් ඔවුන්ගේ ජීවිතයේ අර්ථය, අරමුණ සහ ප්‍රීතියේ මූලාශ්‍රයක් සොයා ගන්නේද රැකියාව තුළිනි. කෙසේ වෙතත්, බොහෝ අය ඔවුන්ගේ රැකියාව ගැන සෑහීමකට පත් නොවන අතර, වැඩ කිරීමෙන් ඔවුනගේ ජීවිත වැඩිදියුණු කිරීමට නොහැකි වී තිබේ.
මානසික අවපීඩනය සහ කාංසාව වැනි මානසික සෞඛ්‍ය ගැටළු සෑම සේවා ස්ථානයකම බහුලව පවතින අතර සංවිධානයේ පෙනුම, පැවැත්ම සහ සමස්ත ක්‍රියාකාරීත්වය කෙරෙහි එය බලපා ඇත.
සේවක මානසික සෞඛ්‍ය තත්ත්වය සහ සේවා ස්ථානයේ ඵලදායී ආතති කළමනාකරණය ඵලදායී සේවා පරිසරයක් සඳහා ඉතා වැදගත් වේ. අපි රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යය ජය ගැනීම සහ සේවක ප්‍රජාවට දෘශ්‍යමාන ලෙස දායක වීමට සහ ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කළ හැකි සංස්කෘතියක් නිර්මාණය කිරීමට මේ අවශ්තාව භාවිතා කරමු. අප අපගේ සේවා ස්ථානයේ මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙමින් සැමට දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වෙමු.
වික්‍රමානන්ද කුරුප්පු.
සේවක උපදේශක
ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම,
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, කටුනායක.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්