News Category
From Date
To Date
Maximum Number of Result

ගම්මන්පිල හෙළිකළ වාර්තාවල ඇත්තටම ගත යුත්තක් නැද්ද?

Oct 23, 2024 at 09:41 AM
|

ගමිමන්පිළ  එළි කරපු විජිත හේරත් අපහාස කරන හිටපු විශ්‍රාමලත් (ඔය කියන වැඩ තහනමෙන් පස්සේ මහේස්ත්‍රාත් අධිකරණයෙන්  මහාධිකරණයේ විනිසුරුවරියක් ලෙස ඉහළට ගිය) කෑගල්ල මහාධිකරණ  ප්‍රධාන විනිශ්චකාර පදවිය දැරූ ආඩම්බරකාරගේ අලිවිස් මහත්මිය හරහා හිටපු  ජනාධිපති රනිල්ට කරුණු දැන ගැනීමට පත්කල විමර්ශණ වාර්ථාවේ ඇත්තටම ගත යුත්තක් නැද්ද?

අපෝ,තියනවා. ‼️

විජිත හේරත් කියනවා  නම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්   07 දුන්න පාස්කු ප්‍රහාරයට අදාල තීන්දු වල කොතනක හෝ එවක CID භාර ජේෂ්ඨ්‍ය පොළිස්පති රවී සෙනවිරත්තට චෝදනා එල්ල වී නැත්නම් මේවා ඒ තීන්දුව දෙන අවස්ථාවේ හොයාගෙන තියෙන්න නැතුව ඇති. එහෙම නැත්නම් ඒවා සැගවෙන්න ඇති.

අල්විස් මහත්මියගේ  විමර්ශණ කමිටු වාර්ථාවෙන් ඒවා රටට අළුතින්  හිතන්න නීති අංශ වලට තර්කනය කරන්න  සිද්ධ වෙන කාරණා එතැන තියනවා.

🔴 ඒවා එහෙමනම් ලංකාවේ මීට පෙර දෙන ලද පාස්කු,ප්‍රහාරයට අදාල නඩුවක තීන්දුවක කොමිසමක තීන්දුවකට විමර්ශණයක තීන්දවකට රවී සෙනවිරත්න සහ ෂානි අබේසේකර නිදොස් වෙන්න බෑ. ‼️

🔴 මෙතැන තියෙන එකම අපරාධමය වගකීම පැහැරහැරීම නම්,රවී සෙනව්රත්න ඒජන්ට්   ටොප් සීක්‍රට් හෙවත්  හදිසි විශේෂ රහස්‍ය  බවට සහතික කරන ලිපි තමන් එනතුරු විවෘත නොකරන්න ඒවා මේසය මත තියන්න වාචිකව අණ ලබා  දී තිබුන බව එවක CID  බුද්ධි අංශ ජ්‍යෂ්ඨ පොළිස්පති කාර්යාළයේ, සේවකයන් සාක්ෂි දී තිබීම.

🔴   රවී සෙනවිරත්න රටින් බැහැරව යන විට වැඩ ආවරණය කිරීමට පත්කල   ජේ .පොළිස් අධිකාරී නාගහමුල්ලට එම ලිපිය විවෘත කිරීමට ඉඩ සපසා නොතිබීම සහ ඔහු රටට පැමිණි පසු එය විදේශීය බුද්ධි අංශයකින්  ලැබුනු ඔත්තුව  ගැන මැයි 01,පෙර  වාර්ථාවක් සපයන්න නාගමුල්ලට ලිපිය ට  සටහනක් තබා ( මිනිටි එනකි දමා) 16 යොමු කරත් එය නාගමුල්ලට ලැබෙන්නේ  රවී,සෙනවිරන්නගේ  කාර්යාළයෙන් බෝම්බය පිපිරැනාට පසු එනම් 22 ලෙස සාක්ෂි සටහන් වීම.

සොයා බැලිය යුතු අළුත් කාරණා නොවේද?

ඇත්තටම ඒ බුද්ධි තොරතුර සතියක් රවී සෙනවිරත්නගේ මේසය මත තිබුනා නම් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ඔහු ඉන්දවා පාස්කු ප්‍රහාරය ගැන අළුතින් විමර්ශණය කරන්න ආන්ඩුව ලෙස  අනුරලාට සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද ?

එහෙමනම්, විදේශ බුද්ධි,තොරතුර ආසන්නම අවශ්‍යම පුද්ගලයා  වන CID ප්‍රධානී  රවී සෙනවිරත්න ලගට පැමිණ ඔහුගේ ප්‍රමාදය නිසා සිදුවු විනාශයට ඔහුට (එවක CID අධ්‍යක්ෂක සහ විදේශීය බුද්ධිතොරතුර ලංකාව වෙනුවෙන් ලැබුන පුද්ගලයාට) දඩුවම් හෝ දඩ ගෙවීමක් නොමැතිව

නිලන්ත ජයවර්ධන

සිසිර මෙන්ඩිස්

පුජිත ජයසුන්දර

වැනි අනෙක් පොළිස් නිළධාරීන් පමණක් දඩුවම්‍ ලැබීම සමාජයෙන් අපවාද ලැබීම සාධාරණද ???

මේ අල්විස් විමර්ශණ වාර්ථාව මගින් එළිවුනේ  රවී සෙනවිරත්න සහ ෂානි අබේසේකර කෙහෙම්මල්  මාළිමා රණවිරැ සංසදයක ඉදගැනීම නිසාත් ඔවුන් අනිවාර්යයෙන්  මාළිමා ආන්ඩුවක මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිළවලට පත්වෙන හංදා ගෙතුව කුමන්ත්‍රණයක් නොවේ.

රවී සෙනවිරත්න,  ෂානි අබේසේකර විශ්‍රාම ගැන්වීමෙන් පසු කාලීනව CID දෙපාර්තමේන්තුවෙන්ම එළිදරව් වුන ඔවුන්  ධුරයන්වල හිදිද්දී එළියට ආවේ නැති කාරණා වක ඇත්ත පැතිකඩය. ‼️

අනුර දිසානායක ජනාධිපති වීම සමග කුණු කූඩයට දමා වසා දමා අවසන් වන්කට තිබ්බ මේ වාර්ථාව  කුමන හෝ ක්‍රමයකින් උදය අතට පත්වී ඔහු නිර්භීතව (නීතිය දන්නා බැවින්) රටට එය එලිදරවි කිරීම නිසා  දැන් අහෝසි කරන්න බැරි  ලේඛණයක් වුන පාස්කු ප්‍රහාරයේදී එයට ඉහළින්ම වගවීමට යටත් වීමට ඇති ලගම අසාර්ථන නිළධාරියාගේ රාජකාරිමය හැකියාව පිඵිබද විවරණයයි.‼️

මළිමාවේ අය මේ ගැන කේන්තියෙන් ඉන්නේ ඔවුන් අතින් මෙවැනි බරපතල වැරැද්දකට පත්වුන අයෙක් අපි ඉතාම පිරිසිදු පුද්ගලයන් තනතුරු,වලට දානවා කියපු කථාව ගැලවී නිරැවත් වීම පිළිබද ලැජ්ජාවටයි.😀

නමුත් ඔවුන් ජනාධිපතිවරණ සමයේ ජනාධිපති අතින් වැරැද්දක් වුනොත් මුලින්ම හඩ නගන්නේ අපි කියන කථාව ප්‍රයෝගිකව පෙන්නාලන්නට රවී සෙනවිරත්ත මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන්  තාවකාලිකය මේ පාස්කු ප්‍රහාරයට අදාල විභාගය නිමාවෙනතුරුවත්  ඉවත්කර තබන්නට හඩක් නගන්නේ නම් අනෙක් පක්ෂ වලට වඩා මාළිමාව තමන්ගේ පක්ෂයේ දැනුවත්ව වෙන වැරදි වලට සුදුහුණු  නොගාන සාමාජිකයන්ගෙන් සමන්විත වී ඇති බව වත් රටට හදනා ගැනීමට පහසු වන්නේය.

එසේ නැතුව උදය ගම්මන්පිළට බැන වැදීම මෙම කමිටු වාර්ථාව තුළින් රවී සෙනවිරත්නට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කළ  මහාධිකරණ විශ්‍රාමලත්,විනිසුරු,අල්ව්ස් මහත්මියගේ රෙද්දේ ,තුත්තිරි,පෙන්වීම කරන්නේ නම්, රනිල්ලාට මහින්දලාට  සිරිසේනලාට වගේම අනුරලාටත් ගොඩක් දුර යන්න ඉඩ නොලැබෙන බව ලියා තැබිය යුතුය. 

- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News

මැයි 18,වෙනිදා අපි සමරන්නේ යුධ ජයග්‍රහණයක් නෙවෙයි රාජ්‍යය ගලවපු ජයග්‍රහණයක් . ‼️
බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද? බෞද්ධ සංස්කෘතියට ගහන අය බෞද්ධ දර්ශනයට ආදරේ ඇයි? යනුවෙන් සඳහන් වීඩියෝව බැලීමෙන් මෙය ලිවීමට සිත්වුණි. මෙහිදී මා සළකා බැලීම කරණු ලබන්නේ දර්ශණයක්ද ආගමක්ද යන්න නිගමනය සඳහා එතුමා භාවිතාකළ නිර්නායකයේ නිරවද්‍යතාවය පිළිබඳවයි.
බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද?... වඩා වැදගත් වන්නේ බෞද්ධ දර්ශනය ද? නැතිනම් බෞද්ධ සංස්කෘතිය ද? යන ප්‍රශ්න බොහෝ වාද විවාදයන්ට තුඩු දෙන ප්‍රශ්න බවට පත්වී තිබේ.
එදා ජීවමාන බුදුරජාණන් වහන්සේ සමයෙහි රෝහිණී ගංගාව දෙපස ශාඛ්‍ය වංශිකයන් හා කෝලිය වංශිකයන් අතර ජලය බෙදාගැනීම හා සම්බන්ධ මත ගැටුමක් ඇති වූ ආකාරය සූත්‍ර හා අටුවාගත කරුණුවලින් පැහැදිලි වේ.
අප්‍රිකාවේ landlocked country එකක් වශයෙන් පිහිටා ඇති බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ වර්තමානයේ ඇති විශ්මයජනක නැගී සිටීම ගැන කතාව කියද්දී ,එය මෙයට වසර හතළිහකට පෙර ඉතිහාසයේ පුනරාවර්තනයක් දැයි සැක හිතෙන තරමේ සිද්ධියකි..
1945දී හිට්ලර්ගේ ආක්‍රමණික නාසි හමුදාව පරාජය කොට සෝවියට් හමුදා ලැබූ දැවැත්න ජයග්‍රහණයේ 80 වෙනි සැමරුම හෙට එනම් මැයි 9 දිනට යෙදී තිබෙනවා.
ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.