News Category
From Date
To Date
Maximum Number of Result

ගම්මන්පිල හෙළිකළ වාර්තාවල ඇත්තටම ගත යුත්තක් නැද්ද?

Oct 23, 2024 at 09:41 AM
|

ගමිමන්පිළ  එළි කරපු විජිත හේරත් අපහාස කරන හිටපු විශ්‍රාමලත් (ඔය කියන වැඩ තහනමෙන් පස්සේ මහේස්ත්‍රාත් අධිකරණයෙන්  මහාධිකරණයේ විනිසුරුවරියක් ලෙස ඉහළට ගිය) කෑගල්ල මහාධිකරණ  ප්‍රධාන විනිශ්චකාර පදවිය දැරූ ආඩම්බරකාරගේ අලිවිස් මහත්මිය හරහා හිටපු  ජනාධිපති රනිල්ට කරුණු දැන ගැනීමට පත්කල විමර්ශණ වාර්ථාවේ ඇත්තටම ගත යුත්තක් නැද්ද?

අපෝ,තියනවා. ‼️

විජිත හේරත් කියනවා  නම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්   07 දුන්න පාස්කු ප්‍රහාරයට අදාල තීන්දු වල කොතනක හෝ එවක CID භාර ජේෂ්ඨ්‍ය පොළිස්පති රවී සෙනවිරත්තට චෝදනා එල්ල වී නැත්නම් මේවා ඒ තීන්දුව දෙන අවස්ථාවේ හොයාගෙන තියෙන්න නැතුව ඇති. එහෙම නැත්නම් ඒවා සැගවෙන්න ඇති.

අල්විස් මහත්මියගේ  විමර්ශණ කමිටු වාර්ථාවෙන් ඒවා රටට අළුතින්  හිතන්න නීති අංශ වලට තර්කනය කරන්න  සිද්ධ වෙන කාරණා එතැන තියනවා.

🔴 ඒවා එහෙමනම් ලංකාවේ මීට පෙර දෙන ලද පාස්කු,ප්‍රහාරයට අදාල නඩුවක තීන්දුවක කොමිසමක තීන්දුවකට විමර්ශණයක තීන්දවකට රවී සෙනවිරත්න සහ ෂානි අබේසේකර නිදොස් වෙන්න බෑ. ‼️

🔴 මෙතැන තියෙන එකම අපරාධමය වගකීම පැහැරහැරීම නම්,රවී සෙනව්රත්න ඒජන්ට්   ටොප් සීක්‍රට් හෙවත්  හදිසි විශේෂ රහස්‍ය  බවට සහතික කරන ලිපි තමන් එනතුරු විවෘත නොකරන්න ඒවා මේසය මත තියන්න වාචිකව අණ ලබා  දී තිබුන බව එවක CID  බුද්ධි අංශ ජ්‍යෂ්ඨ පොළිස්පති කාර්යාළයේ, සේවකයන් සාක්ෂි දී තිබීම.

🔴   රවී සෙනවිරත්න රටින් බැහැරව යන විට වැඩ ආවරණය කිරීමට පත්කල   ජේ .පොළිස් අධිකාරී නාගහමුල්ලට එම ලිපිය විවෘත කිරීමට ඉඩ සපසා නොතිබීම සහ ඔහු රටට පැමිණි පසු එය විදේශීය බුද්ධි අංශයකින්  ලැබුනු ඔත්තුව  ගැන මැයි 01,පෙර  වාර්ථාවක් සපයන්න නාගමුල්ලට ලිපිය ට  සටහනක් තබා ( මිනිටි එනකි දමා) 16 යොමු කරත් එය නාගමුල්ලට ලැබෙන්නේ  රවී,සෙනවිරන්නගේ  කාර්යාළයෙන් බෝම්බය පිපිරැනාට පසු එනම් 22 ලෙස සාක්ෂි සටහන් වීම.

සොයා බැලිය යුතු අළුත් කාරණා නොවේද?

ඇත්තටම ඒ බුද්ධි තොරතුර සතියක් රවී සෙනවිරත්නගේ මේසය මත තිබුනා නම් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ඔහු ඉන්දවා පාස්කු ප්‍රහාරය ගැන අළුතින් විමර්ශණය කරන්න ආන්ඩුව ලෙස  අනුරලාට සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද ?

එහෙමනම්, විදේශ බුද්ධි,තොරතුර ආසන්නම අවශ්‍යම පුද්ගලයා  වන CID ප්‍රධානී  රවී සෙනවිරත්න ලගට පැමිණ ඔහුගේ ප්‍රමාදය නිසා සිදුවු විනාශයට ඔහුට (එවක CID අධ්‍යක්ෂක සහ විදේශීය බුද්ධිතොරතුර ලංකාව වෙනුවෙන් ලැබුන පුද්ගලයාට) දඩුවම් හෝ දඩ ගෙවීමක් නොමැතිව

නිලන්ත ජයවර්ධන

සිසිර මෙන්ඩිස්

පුජිත ජයසුන්දර

වැනි අනෙක් පොළිස් නිළධාරීන් පමණක් දඩුවම්‍ ලැබීම සමාජයෙන් අපවාද ලැබීම සාධාරණද ???

මේ අල්විස් විමර්ශණ වාර්ථාව මගින් එළිවුනේ  රවී සෙනවිරත්න සහ ෂානි අබේසේකර කෙහෙම්මල්  මාළිමා රණවිරැ සංසදයක ඉදගැනීම නිසාත් ඔවුන් අනිවාර්යයෙන්  මාළිමා ආන්ඩුවක මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිළවලට පත්වෙන හංදා ගෙතුව කුමන්ත්‍රණයක් නොවේ.

රවී සෙනවිරත්න,  ෂානි අබේසේකර විශ්‍රාම ගැන්වීමෙන් පසු කාලීනව CID දෙපාර්තමේන්තුවෙන්ම එළිදරව් වුන ඔවුන්  ධුරයන්වල හිදිද්දී එළියට ආවේ නැති කාරණා වක ඇත්ත පැතිකඩය. ‼️

අනුර දිසානායක ජනාධිපති වීම සමග කුණු කූඩයට දමා වසා දමා අවසන් වන්කට තිබ්බ මේ වාර්ථාව  කුමන හෝ ක්‍රමයකින් උදය අතට පත්වී ඔහු නිර්භීතව (නීතිය දන්නා බැවින්) රටට එය එලිදරවි කිරීම නිසා  දැන් අහෝසි කරන්න බැරි  ලේඛණයක් වුන පාස්කු ප්‍රහාරයේදී එයට ඉහළින්ම වගවීමට යටත් වීමට ඇති ලගම අසාර්ථන නිළධාරියාගේ රාජකාරිමය හැකියාව පිඵිබද විවරණයයි.‼️

මළිමාවේ අය මේ ගැන කේන්තියෙන් ඉන්නේ ඔවුන් අතින් මෙවැනි බරපතල වැරැද්දකට පත්වුන අයෙක් අපි ඉතාම පිරිසිදු පුද්ගලයන් තනතුරු,වලට දානවා කියපු කථාව ගැලවී නිරැවත් වීම පිළිබද ලැජ්ජාවටයි.😀

නමුත් ඔවුන් ජනාධිපතිවරණ සමයේ ජනාධිපති අතින් වැරැද්දක් වුනොත් මුලින්ම හඩ නගන්නේ අපි කියන කථාව ප්‍රයෝගිකව පෙන්නාලන්නට රවී සෙනවිරත්ත මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන්  තාවකාලිකය මේ පාස්කු ප්‍රහාරයට අදාල විභාගය නිමාවෙනතුරුවත්  ඉවත්කර තබන්නට හඩක් නගන්නේ නම් අනෙක් පක්ෂ වලට වඩා මාළිමාව තමන්ගේ පක්ෂයේ දැනුවත්ව වෙන වැරදි වලට සුදුහුණු  නොගාන සාමාජිකයන්ගෙන් සමන්විත වී ඇති බව වත් රටට හදනා ගැනීමට පහසු වන්නේය.

එසේ නැතුව උදය ගම්මන්පිළට බැන වැදීම මෙම කමිටු වාර්ථාව තුළින් රවී සෙනවිරත්නට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කළ  මහාධිකරණ විශ්‍රාමලත්,විනිසුරු,අල්ව්ස් මහත්මියගේ රෙද්දේ ,තුත්තිරි,පෙන්වීම කරන්නේ නම්, රනිල්ලාට මහින්දලාට  සිරිසේනලාට වගේම අනුරලාටත් ගොඩක් දුර යන්න ඉඩ නොලැබෙන බව ලියා තැබිය යුතුය. 

- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.