News Category
From Date
To Date
Maximum Number of Result

1949දී පෙඩරල් පක්ෂය පිහිටවීමටත්, 1976 දී ද්‍ර.එ.වි. පෙරමුණ පිහිටවීමටත් මුල්වූ ඓතිහාසික සාධකය හියූ ක්ලේගෝන් ගේ වාර්තාව බවත් රනිල් වික්‍රමසිංහ හා සම්බන්දන් දෙපලටම 1977 සිට එකම සිහිනයක් තිබූ බව පාර්ලිමේන්තුවේ කල ප්‍රතිපත්ති ප්‍රකාශයේදී සදහන් කළ බවත් එසේ නම් ඒ සිහිනයේ පදනම 1976 ද්‍ර.එ.වි. පෙරමුනේ ප්‍රකාශයද නැත්නම් ක්ලේගෝන් සටහන ද යන්න පැහැදිලි නැතත් ඒ දෙකම අසත්‍ය බවත් පෙන්වා දෙමින් මෙරට දේශපාලනය, සංස්කෘතිය හා ඉතිහාසය පිළිබඳ සවිස්තරාත්මක සත්‍ය තොරතුරු අශ්‍රයෙන් කෘතියක් සම්පාදනය වී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ විසි වෙනි මධ්‍යම කාරක සභා වාරයේ තුන්වන පුර්‍ණ සැසිවාරය උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ස්වෝත්මාදය යනු හිටලර්ගේ සංකල්පයක් බවත්, සිංහල හා බෞද්ධකම ගැන කතාකරන පුද්ගලයන් ජාතිවාදියෝ නොවන බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක රැලියට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් හිටපු ජනාධිපති ට්‍රම්ප් වෙත සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ(14) ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ එක ආසනයකට සීමාවීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බලපාන්නේ නැත. ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රබල පොහොට්ටු මැති ඇමැතිවරුන් සංඛ්‍යාවක් ඔහු වෙනුවෙන් පෙනී සිටින බැවිනි. ඒ අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ය. පසුගිය ජුලි 4 වන දින නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ නිවේදනයක 2024 සිට වසර පහකට ‘රට හදන වැඩේ ‘රට ගොඩදාපු’ වික්‍රමසිංහට පොහොට්ටුවේ ඡන්දය භාර දිය යුතු බව අවධාරණය කළේ අමාත්‍ය රණතුංගය. එම අමාත්‍යවරයා ‘මේ වෙලාවේ රනිල් තමයි’ යන සටන් පාඨය යටතේ ඡන්ද සටනට ප්‍රබල දායකත්වයක් දෙයි.

පසුගිය ජූනි මස 29 දින මාලිමාවේ 'ක්වොන්ටම් ලීප්' දේශණයකදී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් එලි දක්වන ලද 'විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තියේ' අයිතිය පිළිබඳව ඇති සංකූලතාවය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ මාලිමාව යම්කිසි 'ඉන්ටර්ලෙක්චුවල් ප්‍රොපර්ටි' හොරකමක යෙදී ඇතිදැයි සැකයක් මතුවන බවයි.

ශ්‍රී ලංකා ජනරජය හිමිකම් පෑ සාගර කලාපය ඉන්දියාව විසින් අල්ලා ගැනීමට උත්සාහ දැරීම පිළිබඳව දැඩි ලෙස විරුද්ධත්වය පළකරන බවත්, ලංකාවට අයත් සම්පත් ලංකාවට දැනුම් දීමක් පවා නොමැතිව අත්පත් කරගැනීමට ඉන්දියාව කටයුතු කරමින් සිටන බවත් ශ්‍රී ලංකා හරිත සන්ධානයේ සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ඉහළින්ම සම්මතවීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජයග්‍රහණයකි. එලෙසම එජාප නායකයාගේ න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක වීමකි. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍යවරයා නිවැරදි නම් 2022 ජුලි 20 වැනි දින ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සම්මත කර ගත් 76 වන පනතයි. ඉදිරි මාස කීපය තුළ සම්මත කර ගැනීමට නියමිත පනත් ගණන 66 කි. ජනාධිපතිවරණයට මාස කීපයකට පෙර රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිධෑමට දැඩි ලෙස විරුද්ධ බවට පසුගිය මාසයේ ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) නායක මහින්ද රාජපක්ෂ ද ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට තම ඡන්දය දීම වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයක් නොවන්නේද? වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන පොහොට්ටු ඇමැතීන් රොත්තම ද එම පනතට ඡන්දය දුන් අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඡන්දය දීමෙන් වැළකීමෙන් අවශ්‍ය සහයෝගය පළ කළේය.

රජය විසින් පත්කරන ලද කමිටුවක් විසින් සකස් කරන ලද නව ජාතික ප්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණය කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති බවත්, මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් රට තුළ තවමත් ගොඩ නැගී නොතිබීම කනගාටුදායක තත්ත්වයක් බවත් මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳව විග්‍රහයක යෙදෙමින් මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය නාලක සමරවීර මහතා පවසයි.


ප්‍රධාන පුවත්

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.