News Category
From Date
To Date
Maximum Number of Result

“චීන පොදු නිෂ්පාදන පක්‍ෂය යනු චීන වැඩ කරන පන්තියේ, චීන ජනතාවගේ සහ චීන ජාතියේ පෙරටුගාමියා වේ” කියලා ඒ පක්‍ෂයේ ව්‍යවස්ථාවේ ම සඳහන් කරලා තියෙනවා. පක්‍ෂය විසින් (1) චීනයේ උසස් නිෂ්පාදන බලවේගවල ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන අවශ්‍යතා සපුරාලන බවත්, (2) චීනයේ උසස් සංස්කෘතිය සඳහා දිශානතියක් ලබාදෙන බවත්, (3) චීනයේ අතිමහත් බහුතර ජනතාවගේ මූලික අභිලාසයන් නියෝජනය කරන බවත් ඒ තුළින් තවදුරටත් අවධාරණය කරලා තියෙනවා. ඉතින් චීනයේ ඉතාමත් දීර්ඝ වූ ඉතිහාසය ගැනත් පොහොසත් සංස්කෘතිය ගැනත් මහත් අභිමානයකින් චීන නායකයෝ නිතර නිතර කතාකිරීම පුදුමයට කාරණයක් නෙවෙයි.

ජනාධිපතිතුමා ග්‍රාමීය දරිද්‍රතාවය පිටු දැකීම උදෙසා ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය අරඹා ඇත. එය විශිෂ්ඨ මානව වගකීමක් වෙත ප්‍රවිෂ්ඨ වීමකි.ග්‍රාමීය දරිද්‍රතාවය වැඩිපුරම බද්ධ වී ඇත්තේ ගොවිතැන සමගයි.

මෙය පසුගිය ජූලි 16 වැනිදා අමෙරිකාවේ බෝස්ටන් නගරයේ පැවති Coldplay සංගීත ප්‍රසංගය අතරතුර සිදුවූ සුප්‍රකට සිදුවීම මුල් කරගෙන නිර්මාණය වූ වීඩියෝවකි.

ලතින් අමෙරිකානු රටවල් 5කට ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදියාගෙන් විමුක්තිය උදාකර දීමට නායකත්වය සැපයූ සයිමන් බොලිවාර්ගේ 242 වැනි ජන්ම දින සැමරුම, ජනාධිපති නිකලොස් මදුරෝගේ දෙවන ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය නිමිති කර ගනිමින් සහ වෙනිසියුලානු පලාත් පාලන මැතිවරණය නිමිති කරගනිමින් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ දෙවන දිනය "සාමය සඳහා වූ මහජන සම්මේලනය" යනුවෙන් නම් කර තිබිණි.

පසුගිය ජුනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මීට පෙර පැමිණි කොමසාරිස්වරුන්ට වඩා බලහත්කාරී ප්‍රකාශ සිදුකරනු ලැබූ බවත්, එසේ මානව හිමිකම් කොමසාරිස්වරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන් පසුව ඔවුන් විසින් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත සදා නිමකළ කොමසාරිස් වාර්තාව සාධාරණිකරණය කිරීමට බව ඉතා පැහැදිලි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂක ගැමුණු සාලිය පෙරේරා මහතා විසින් අන්තර්ජාලයේ පළ කරන ලද සුවිශේෂී ලිපියක් පහතින් දක්වා තිබේ. වර්තමානයේ වාර්තාවන මරණවලට ප්‍රධානතම හේතුවක් වන පිළිකාව සම්බන්ධයෙන් මෙහි ඉතා නිවැරදි විග්‍රහයක් කර තිබේ.

1953 මාර්තු 10 වන දින ඒකාධිපති ෆුල්ජෙන්සියෝ බැටිස්ටා විසින් සිදු කරන ලද කුමන්ත්‍රණයෙන් පසුව කියුබාවේ පැවති තත්ත්වය කියුබානු ජනතාවගේ කලකිරීම සහ අතෘප්තිය එහි ඉහළම මට්ටමට ගෙන ඒමට සමත් විය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික අධ්‍යාපන ආයතනයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්දැයි සැකයක් ඇති බවත්, සිසුන්ට ඉතිහාසය අනිවාර්ය නොකිරීම තුළින් ඇතිවන ගැටලු බරපතළ බවත් මහජන යුතුකම් කේන්ද්‍රයේ කැදවුම්කරු වසන්ත අල්විස් මහතා පවසයි.

පහත දැක්වෙන්නේ 1853 ආරම්භ වූ ශාස්ත්‍රාලංකාරය නම් සඟරාවට දොන් පී. චන්ද්‍රසේකර නමැත්තෙකු ලියූ කවි දෙකකි. එහි මෙසේ සඳහන් වෙයි.


ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.