News Category
From Date
To Date
Maximum Number of Result

අවස්ථා නොපෙනේ නම් "ප්‍රජා ශක්ති" අසාර්ථක විය හැකියි..

Jul 28, 2025 at 07:25 AM
|

ජනාධිපතිතුමා ග්‍රාමීය දරිද්‍රතාවය පිටු දැකීම උදෙසා ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය අරඹා ඇත. එය විශිෂ්ඨ මානව වගකීමක් වෙත ප්‍රවිෂ්ඨ වීමකි.ග්‍රාමීය දරිද්‍රතාවය වැඩිපුරම  බද්ධ වී ඇත්තේ ගොවිතැන සමගයි.ලංකාවේ සෘජු හෝ වක්‍ර ගොවි පවුල් ලක්ෂ 18 ක් යැයි කියවේ .එයින් ලක්ෂ 10-12ක් වී ගොවීන්ය .වතු කම්කරු පවුල් ලක්ෂ 2 කි.ග්‍රාමීය ජනජීවිතය තවමත් පසුගාමී ආගමික ජීවිතයකි. ජීවිතය අතිශයින්ම දරිද්‍ර වන  අතර ආහාර පරිභෝජනය ආසියානු කලාපයේ සියලුම ගොවි ජීවන රටාව සමග සැසදීමේදී ඉතා දුර්වල තත්වයක පවතී . ක්‍රියාශීලිත්වය ඉතා දුර්වලය .එය අනෙකුත් ආසියානු රටවලට සාපේක්ෂව 1/3 කි. අධික මත්පැන් පරිභෝජනය තීරණාත්මකලෙස මිනිසුන් දුර්වල කර ඇත .ක්‍රීඩාවේ ,සාහිත්‍යයේ සහ රසවින්දනයේ නොදියුණු බවද සියල්ල සමග එකට වෙලී ආර්ථික ක්‍රියාකාරිත්වය මුළුමනින්ම දුර්වල කර ඇත.පෞද්ගලික අංශයේ නිසි පරිදි උපයෝගී කර නොගත් හෝ නිසි පරිදි සැලසුම් නොකල භුමිය හෙක්ටයාර මිලියනයකි.රට පුරා නිසි පරිදි උපයෝගී කරගත නොහැකි  ලක්ෂ 10ක පමණ ශ්‍රම බලකායක් සිටී. ඔවුන් නිසි පරිදි කෘෂි භුමියේ වැඩ නොකරයි.ඔවුන් නිසි ඉලක්කයකට පැය කීපයක් හෝ ක්‍රියාකාරිත්වයේ නොයෙදේ. කර්මාන්ත සදහා ලක්ෂ ගණනක  පහුණු සේවක හිගයක් පැවතියද කර්මාන්ත භුමියටද ඔවුන් සුදුසු නැත.දස දහස් ගණනින් සාමාන්‍යපෙළ සියලු විෂයයන් අසමත් අයද වසරක් පුරා එම ගොඩට එකතුවේ. පාසැල තුල කාර්මික අධ්‍යාපනයේ උත්තේජනයක් අනෙක් රටවල මෙන් වසර 15 සිට නොමැත . ඔවුන්ට කාර්මික අධ්‍යාපනය ආරම්භ කිරීමට සිදුව ඇත්තේ පාසල් අධ්‍යාපනය අසාර්ථක  වූ පසුය.

රට යලිත් මුහුණ දී සිටින්නේ සුද්දා මුහුණදුන් තත්වයටය . සුද්දාට ගමක් ගමක් ගානේ පාසැල් ආරම්භ කිරීමට සිදුවුනේ ආර්ථික අවශ්‍යතාවයට අවශ්‍ය බලකාය බිහිකර ගැනීමටය .මධ්‍යම මහා විද්‍යාල එහි මුදුන් මල් කඩයි.අදත් කර්මාන්ත සහ ව්‍යාපාර සදහා අවශ්‍ය ශ්‍රම බලකාය පිළිබද ගැටලුව කොපමණ උග්‍ර වී ඇත්ද කිවහොත් රට පුරා ඇති පෝස්ටර් සහ බැනර් වලින් එය තේරුම් ගත හැකිය.  අද වසර 15 සිටම යොමුවන කාර්මික අධ්‍යාපන මාධ්‍ය මහා විදුහල් යුගයක අවශ්‍යතාවය පන නැගී ඇත.සියලු ග්‍රාමීය කර්මාන්ත විද්‍යාව ,තාක්ෂණය සහ කළමනාකරණය සමග වෙනස් විය යුතුව ඇත.කොටින්ම පරම්පරාවක් මුළුමනින්ම වෙනස් කල යුතුව ඇත.එය ගම දක්වා ප්‍රාග්ධනය ගලා යන මොඩලයකින් හැර ශුභසාදනයෙන් සිදුකල නොහැක .  ඒ සදහා  ශක්තිමත් භාන්ඩාගාරයක්ද රටේ නොමැත.එම නිසාම වෙළදපොල තත්වයන් මත ප්‍රාග්ධනය සම්පාදනයකෙරෙන  ක්‍රම ප්‍රජා ශක්ති ඉලක්ක කර ගම දක්වාම  හදුනාගත යුතුව ඇත.ගමේ ගෝත්‍රික භාවය අහෝසි කිරීමට රැඩිකල් විසදුම්  අත්‍යවශ්‍යව තිබේ.

ශ්‍රී ලංකාව පිළබදව ආකෘතියේදී  ප්‍රීතිමත් ,ධනවත් ග්‍රාමීය ප්‍රජාවක් වේගයෙන් බිහිව ඇති ඉන්දුනීසියාව, තායිලන්තය ,වියට්නාමය ,ලාඕසය ,කම්පුචියව ,පිලිපීනය, වැනි ලංකාවේ මෙන් වී  වගාව ප්‍රධාන ආහාර භෝගය සහ ආර්ථික භෝගය වන රාජ්‍යන් පිලිබදව ගැඹුරු අධ්‍යනයක් සිදුකල යුතුමය.එම රටවල වී ගොවීන් ප්‍රමාණය අඩුවෙමින් එම පවුල්වල සාමාජිකයින් වී වගාවෙන් ප්‍රාග්ධනය ගොඩනගා කාර්මික ,තාක්ෂණික සහ සේවා ආර්ථිකයන් වෙත වේගයෙන් මාරුවී ඇති නමුත් නිෂ්පාදනය දිගින් දිගටම ස්ථාවර අගයක පවතින්නේ තිරිගු වගා කර තාක්ෂණික සහ සේවා ආර්ථිකයන් පවට පත්වූ බටහිර රාජ්‍යන් පරිද්දෙන්මය.ඔවුන් ග්‍රාමීය ගෝත්‍රික භාවය අහෝසිකරගත්තේ  වී වගාව ප්‍රධාන ප්‍රාග්ධන භෝගයක් බවට ආරක්ෂා කරගනිමිනි.ඔවුන් එය තිරිගු පිටිවලින් ආරක්ෂාකරගෙන දශක ගණනාවකින්  දියුණු බලගතු රාජ්‍යන් බවට පත්වීමට අවශ්‍ය ග්‍රාමීය ප්‍රග්ධනය සම්පාදනය කරගැනීමට සමත් විය .ඔවුන් ග්‍රාමීය ධනවතුන් බිහිකරගන්නා ලද අතර එයින් ග්‍රාමීය කුඩා සහ මාධ්‍ය කර්මාන්ත ගණනාවකට මග එලි පෙහෙළි කරන ලදී .ඉහත කී සියලුම රටවල ඒක පුද්ගල තිරිගු පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 22 ට අඩුය. ඇතැම් රටවල කිලෝග්‍රෑම් 5කටත් අඩුය .ශ්‍රී ලංකාවේ ඇතැම් වර්ෂවල කිලෝ ග්‍රෑම් 56 දක්වා ඉහල යයි. වී අස්වැන්න 1988 සිට අක්කරයකට බුසල් 85කි. ඉහත කරුණු දෙක මත පදනම්ව ලංකාවේ වී ගොවියෙකුගේ මාසික අදායම රුපියල් 6000කි. වී කිලෝව රු 10කින් ඉහල දැමුවොත්  සහ සාමාන්‍ය අස්වැන්න අක්කරයකට බුසල් 25 කින් ඉහළ දමන්නේ නම් පමණක් අක්කරයක් වගා කරන වී ගොවියෙකුගේ මාසික අදායම රු 20000 දක්වා ඉහල දැමිය හැක. බිස්කට් ෆැක්ටෙරී විසින් බලපෑම් කරමින් වී ගොවියා කොතරම් දුප්පත් කර ඇත්දැයි එයින්ම පෙනේ.

දිනකට වී  කිලෝ ග්‍රෑම් 5000 ක් සහල් කරන සහල් කර්මාන්තයක් මසකට රුපියල් කෝටි එක හමාරක් ගොවීන්ට මුදාහරී.එහෙත් රටේ එවැනි සහල් කර්මන්තශාලා 1000 ක් පමණ අකර්මණ්‍ය වී ඇත්තේ දිගු කලක් සහල් මිල ගණනය කරන ක්‍රමවේදයේ දුර්වලතාවයක් නිසාවෙනි. තොරතුරු දැනගැනීමේ පනතේ අයිතිවාසිකම් යටතේ මේ ලියුම්කරු විසින් පසු අස්වනු තාක්ෂණික ආයතනයෙන් ගණනය කරන ලද සහල් මිල පිළිබද තොරතුරු ගෙන්වා ගත්තෙමි  තම්බපු සහල් වලට වඩා කැකුළු සහල් මිල අඩුවන්නේ රුපියල් 3 කිනි. එහෙත් පවතින පාලන මිල රුපියල් 10කින් අඩුය. මසකට කෝටි එක  හමාරක් ගමට මුදාහැරීම වෙනුවට බංකොලොත් වී බැංකුවට සින්නවන ග්‍රාමීය කර්මාන්ත පද්ධතියක්  එමගින් බිහිවෙමින්  තිබේ.ග්‍රාමීය ධනවතුන් බිහිකළ හැකි ප්‍රධාන ප්‍රාග්ධන මාධ්‍ය හිතුවක්කාරී සහ අවිද්‍යාත්මක පියවවරයන් නිසා තව දුරටත් බිඳ වැටෙමින් පවතී.වී අස්වැන්න වසරකට ටොන් ලක්ෂ 45 අභිබවන තත්වයක් පැමිණෙන විටම වී මිලදී ගැනීමට සහල් කර්මාන්ත පද්ධතිය ප්‍රමාණවත් නොවනු ඇත. ගංවතුර විසින් යටගසා ඇති ප්‍රශ්ණය යලි  මතුවනු ඇත.කලාපීය රටවල්  ගමට මුදල් පොම්ප කරනු ලැබූ සහ දරිද්‍රතාවයෙන් මිනිසුන් ගලවාගත්   පහසුම ආයුධය  මේ ආණ්ඩුව යටතේත් මොට කර ඇති බව පෙනී යයි.එය ජනාධිපතිතුමාගේ ප්‍රජා ශක්ති වැඩපිළිවෙලේ භාගයකටම හානි කරන තත්වයක් වනුයේ දරිද්‍රතාවයෙන් යුතු මිනිසුන්ගෙන් 75% ක්ම වී ගොවිතැන සමග බද්ධව ඇති බැවිනි. ගොවිතැන යාන්ත්‍රීකරණය වී තරුණ ආයෝජකයින්ගේ ආකර්ෂණය ඇතිකරගැනීම දක්වා තල්ලු වීමට නම් පවතින තත්වය යටතේ මුදල් පොම්පවීමේ යාන්ත්‍රණය බලාත්මක විය යුතුමය. සහල් කර්මාන්ත සියල්ල පාඩු නොලබා ක්‍රියාත්මක වීමට මසකට සහල් ටොන් 280000 කට වඩා පරිභෝජනය කල යුතුය.  නමුත් පරිභෝජනය වනුයේ මසකට ටොන් ලක්ෂ 2 කට මදක් වැඩියෙන්ය. තිරිගු පිටි වලට බදු නොපනවා කල් මැරීමේ ප්‍රතිවිපාකය ගං  වතුරක් හෝ නියගයක් නො ඒ  නම් එළඹෙන මහා කන්නයේ සියල්ලන්ටම දැකගැනීමට හැකිවනු ඇත .


මේ  වන විට කිරි ගොවිපොලවල් හරහා මුදල් පොම්පවීම තරමක් සාර්ථකව සිදුකරේ .එහි ගෞරවය මුළුමනින්ම පැලවත්ත කිරි සමාගමේ අරියසීල වික්‍රමනායක මහතාට හිමිවිය යුතුය.ඔහුගේ දෙවන කිරිපිටි කර්මාන්තශාලාව ආරම්භ වීමත් සමග කිරි නිෂ්පාදනයෙන් මිලියනපතියන් තවත් දහස් ගණනකට අවස්ථාව ලැබෙනු ඇත.තරුණ ව්‍යවසායකයින්ගේ වඩාත් අවධානයනට ලක්ව ඇති ක්ෂේත්‍රය මේ මොහොතවනවිට කිරි කර්මාන්තයයි.එය සැබවින්ම "ප්‍රජා  ශක්ති" දශකයකට වැඩි කලක් බලගතු කරමින් තිබේ.නමුත් දශක ගණනක් උක් ගොවීන් සාර්ථකව ඉහලට ඔසවමින් , හාල් කර්මාන්ත මෙන් උක් ආශ්‍රිත කර්මාන්ත සිය ගණනක් බිහි කල සීනි සහ හකුරු කර්මාන්ත බිස්කට් සහ පැණි බීම කර්මාන්තකරුවන් පමණක් ආරක්ෂා කිරීමේ ප්‍රත්පත්තිය මත අර්බුදයට යමින් පවතී .ඌව පළාතින් පිටත රට පුරා ඇති වගා නොකළ හෙක්ටෙයාර මිලියනයක ඉඩම් ඉලක්ක කර තෙත් කලාපය දක්වා රැගෙන යා යුතු උක් හකුරු කර්මාන්තශාලා  ප්‍රජා ශක්ති මෙහෙයවන්නන් අධ්‍යනය කළ යුතුමය .එසේ වුවත් වරින් වර රජයන් විසින් ඉවත් කරන ලද සීනි ආනයන බදු ගැලපීම ප්‍රමාද වන්නේ නම් එය ප්‍රජා ශක්ති ආපසු හරවනු ඇත.සීනි ආනයන බදු ගැටලුව මත උවේ ගොවිජන කැළඹීම දිනෙන් දින උග්‍ර වෙමින් පවතී.

ශ්‍රී ලංකාව වසරකට ඩොලර් මිලියන 600ක ආහාර පාන සහ බීම වර්ග අපනයනය කරයි . එනම් දැවැන්ත පලතුරු ආශ්‍රිත නිෂ්පාදන වලද පොලක් පවතින්නේ මහත් ධෛර්යයෙන් කටයුතු කරන ව්‍යාපාරිකයින් හා පර්යේෂකයින් පිරිසක් නිසාවෙනි.එහෙත් රටේ වාණිජ පලතුරු වගාවන් නැත .තවම බොහෝ පලතුරු වර්ග වෙළදපොලට සහ කර්මාන්තවලට එන්නේ කැලයෙනි.හේතුව පිට රටදී සුපිරි වෙළදසැල් වලින් ඉඅවත් කරන ඇපල් වැනි පලතුරු වෙළද පොළ අල්ලාගෙන සිටින බැවිනි.ආනයන පලතුරු මිල බදු මගින් ඉහලට එසවෙන්නේ නම් එම කර්මාන්තය ඩොලර් බිලියනයක අපනයනයක් දක්වා එසවීමට අවශ්‍ය වාණිජ පලතුරු වගාවන් ගම්මාන පුර බිහි වනු ඇත.

මේ රජයේ ඇමතිවරුන් 2024 වර්ෂයේදී දේවක ඩයස් මහතාගේ මතුගම ප්‍රදේශයේ පිහිටි අධිඝන තේ වගාව නිරීක්ෂණයට මේ ලියුම්කරු සමග සහභාගී විය.එය වැදගත් වනුයේ දිනෙන් දින සේවක හිගය මත දුෂ්කර තත්වයට පත්වෙමින් ඇති තේ කර්මාන්තය නව තත්වයන් මත ඉහලට  එසවීමට සහ ග්‍රාමීය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනයට කදිම උපායමාර්ගයක් එමගින් බිහිවී ඇති බැවිනි. තේ වගා භූමියෙන් 60 කට වඩා භුමිය හිස් ය .එපමණ භූමියක් නැවත වගා කිරීමට හෝ නඩත්තු කිරීමට ශ්‍රම බලකායක් නැත. අධිඝන තේ වගාව එයට කදිම විසදුමයි.එයට අවශ්‍ය සාමාන්‍ය වගාවකින් 40% අ භූමියකි.නමුත්  හෙක්ටෙයාර 150,000 ක් පමණ වගා කරන කුඩා වතු හිමියන් ඩොලර් මිලියන 1200ක් වසරකට කෙසේ හෝ ලබාදෙයි . වතු සමාගම්  දෙන්නේ ඩොලර් මිලියන් 200 කි. ප්‍රජා  ශක්ති අවශ්‍යම වී ඇත්තේ වසර 200 ක වහල් භාවයෙන් සහ කලාපීය වතු බුවල්ලාගෙන් රටත් වතුකම්කරුවනුත් මුදා ගැනීමටයි .ඩොලර් මිලියන 200 ක් වෙනුවෙන් වතුකම්කරු පවුල් ලක්ෂ 2 ක් සහ හෙක්ටෙයාර 130,000 ක් වතු සමාගම් වලට බිලිදී තිබීම ජාතියට මහා බරක් සේම ජාතියේ නිවට භාවයද ප්‍රකාශ කරයි. කලාපීය වතු සතු භූමියෙන් තේ දළු කැඩෙන කොටස වතු කම්කරුවන්ට භාරදී ඔවුන් කුඩා තේ වතු හිමියන් කිරීම ප්‍රජා ශක්ති විසින් කල යුතු ඓතිහාසික කාර්ය භාරයයි.හොදින් දළු කැඩෙන හෙක්ටෙයාර 75000 කින් ගැටලුව විසදාගත හැකිය. තේ කර්මාන්තශාලා එම සමාගම් වෙතම තබා දහසකට  වතු බංගලා සංචාරක කර්මාන්තය වෙත භාරදි සංචාරක කර්මාන්තය වතු කම්කරුවන් සිටින ප්‍රදේශ දක්වාම රැගෙන යා යුතුයි.

ප්‍රජා ශක්තියේ අග්‍ර  ඵලයක් රටේ අනෙක් ප්‍රදේශවල වන සතුන්ගෙන් බැටකන ගොවීන්ට උදාකළ හැක්කේ වතු කම්කරුවන්ට බෙදා නොදුන් ඉතිරි හෙක්ටෙයාර 50000 සැලසුම් අනුව තෝරාගෙන වනාන්තර බවට පත්කර එම සැලසුමට අදාලව වතුකම්කරුවන් ඇතැම් ස්ථානවල විස්ථාපනය කිරීමෙනි . මිලියන 14ක් ලෙස වාර්තා වුනු වනසතුන් යලි ස්ථාපනය කෙරෙන උඩරට වනාන්තර පද්ධතියකට වතු කම්කරුවන් වහල් භාවයෙන් මුදවමින් දිගු කාලීනව හෝ විස්ථාපනය කෙරෙන තුරු ප්‍රජා ශක්තිය ශක්තියක් නොවනු ඇත්තේ රජරට මිනිසුන් දුප්පත් වීමට වනසතුන්ද සම්බන්ධවී ඇති බැවිනි.ජනාවාසවලට පැමිණ ඇති වන සතුන් මිලියන 14ක් කළමනාකරණය කල නොහැක.වතුකම්කරුවන් වහලුන් වෙනුවට  "මිනිසුන්" කිරීම  ජාතික බලවේගය සතු ඓතිහාසික කාර්ය භාරයකි.ආණ්ඩුවට ඇති සටන්කාමී සහ  මානවවාදී දේශපාලනයක  උරුමයට සාපේක්ෂව වී ගොවියන් සහ වතුකම්කරුවන්ගේ ගැටලුවට උපායමාර්ගිකව අවතීර්ණ නොවන තාක් මේ ආණ්ඩුවද පවාදෙන්නන්ගේ ආණ්ඩුවක් බවට නම් කිරීමට මේ ලියුම් කරු කිසි සේත්ම පසුබට නොවෙමි.

කොපමණ ආර්ථික උපායමාර්ග ශක්තිමත්ව දියත් කලද පෙරකී මිලියනයක් නිසිපරිදි උපයෝගී කර නොගත් ශ්‍රම බලකාය දියුණු  කිරීම රදා පවතින්නේ අධ්‍යාපන උපායමාර්ගවලට බද්ධවමය.ශීක්ෂණය යලි ස්ථාපිත නොකර ප්‍රජා ශක්ති සාර්ථක නොවනු ඇත්තේ මත්ද්‍රව්‍යද ශ්‍රම බලකාය අක්‍රමණය කර ඇති බැවිනි.  සරල වැඩකට අවශ්‍ය ශීක්ෂණය බිමේ දකින්නට නැත . ක්‍රීඩාව, සාහිත්‍ය සහ රසවින්දනය ගමක් ගමක් ගානේ ස්ථාපිත නොකර කිසිදු ආර්ථික හෝ සමාජමය වැදගත් උපායමාර්ගයක් ක්‍රියාත්මක හැකි නොවනු ඇත . සෑම ඡන්ද කොට්ඨාශයකටම මීටර් 100 සහ 400 ධාවන පත බිහිකිරීම ප්‍රබෝධයකටම මග පාදනු ඇත .මේ සියල්ල පරම්පරාවක් නොහොත් වසර 20 ක මෙහෙයුමකි.ප්‍රජා ශක්ති රදා පැවතිනු ඇත්තේ පළමුවත්, දෙවනුවත්,තෙවනුවත් සාහිත්‍ය සහ රස වින්දනය අධ්‍යාපනයට කිදා බස්වන ප්‍රමාණයට අනුවමය.

ප්‍රජා ශක්ති පෙරමුණු ගණනාවක මෙහෙයුමකි.ගොවීන් සහ වතුකම්කරුවන් මසකට රු 75000 ක අදායමක් ලබන්නන් බවට පත් කිරීමට මහා භාණ්ඩාගාරයේ මුදල් සහ විශාල කාර්ය මණ්ඩලයක් අවශ්‍යම නැත .එලෙස අවශ්‍ය වනුයේ අධ්‍යාපනය සදහා පමණි. ඩොලර් බ්ලියන එක හමාරක ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කරන, හෙක්ටෙයාර මිලියනයක් නිසි පරිදි උපයෝගී කර නොගත් මිලියනයක ඉලක්කයක් නොමැති ශ්‍රම බලකායක් සිටින රටක වෙලදපොල මත පදනම් උපායමාර්ග ඇති තරම්  තිබේ. ගොවි සහ වතු ජනතාව ශක්තිමත් වීම යනු වෑල්ඩින්, සිමෙන්ති ,විදුලි ශිල්පීන්ට සහ ව්‍යවාසකයින්ටද වෙළඳ පොළක් නිර්මාණය කිරීමකි.  රටේ පවතින කර්මාන්ත පද්ධතියේ සමස්ථ වෙළඳපොලද 50% කින් ප්‍රසාරණය කිරීමකි.ප්‍රජා ශක්ති කොහෙත්ම සුලු පටු කාරණයක් නොවේ.නිසි අධ්‍යනයක් වේ නම් එයින්  මුළු රටම උඩු යටිකුරු අලුත් රටක් ගොඩනැගීමක් ස්ථිර වශයෙන්ම සිදුවනු ඇත.

- අරුණ කාන්ත බණ්ඩාර

මව්බිම

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.