අවස්ථා නොපෙනේ නම් "ප්‍රජා ශක්ති" අසාර්ථක විය හැකියි..
ජනාධිපතිතුමා ග්‍රාමීය දරිද්‍රතාවය පිටු දැකීම උදෙසා ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය අරඹා ඇත. එය විශිෂ්ඨ මානව වගකීමක් වෙත ප්‍රවිෂ්ඨ වීමකි.ග්‍රාමීය දරිද්‍රතාවය වැඩිපුරම බද්ධ වී ඇත්තේ ගොවිතැන සමගයි.ලංකාවේ සෘජු හෝ වක්‍ර ගොවි පවුල් ලක්ෂ 18 ක් යැයි කියවේ .එයින් ලක්ෂ 10-12ක් වී ගොවීන්ය .වතු කම්කරු පවුල් ලක්ෂ 2 කි.ග්‍රාමීය ජනජීවිතය තවමත් පසුගාමී ආගමික ජීවිතයකි. ජීවිතය අතිශයින්ම දරිද්‍ර වන අතර ආහාර පරිභෝජනය ආසියානු කලාපයේ සියලුම ගොවි ජීවන රටාව සමග සැසදීමේදී ඉතා දුර්වල තත්වයක පවතී . ක්‍රියාශීලිත්වය ඉතා දුර්වලය .එය අනෙකුත් ආසියානු රටවලට සාපේක්ෂව 1/3 කි. අධික මත්පැන් පරිභෝජනය තීරණාත්මකලෙස මිනිසුන් දුර්වල කර ඇත .ක්‍රීඩාවේ ,සාහිත්‍යයේ සහ රසවින්දනයේ නොදියුණු බවද සියල්ල සමග එකට වෙලී ආර්ථික ක්‍රියාකාරිත්වය මුළුමනින්ම දුර්වල කර ඇත.පෞද්ගලික අංශයේ නිසි පරිදි උපයෝගී කර නොගත් හෝ නිසි පරිදි සැලසුම් නොකල භුමිය හෙක්ටයාර මිලියනයකි.රට පුරා නිසි පරිදි උපයෝගී කරගත නොහැකි ලක්ෂ 10ක පමණ ශ්‍රම බලකායක් සිටී. ඔවුන් නිසි පරිදි කෘෂි භුමියේ වැඩ නොකරයි.ඔවුන් නිසි ඉලක්කයකට පැය කීපයක් හෝ ක්‍රියාකාරිත්වයේ නොයෙදේ. කර්මාන්ත සදහා ලක්ෂ ගණනක පහුණු සේවක හිගයක් පැවතියද කර්මාන්ත භුමියටද ඔවුන් සුදුසු නැත.දස දහස් ගණනින් සාමාන්‍යපෙළ සියලු විෂයයන් අසමත් අයද වසරක් පුරා එම ගොඩට එකතුවේ. පාසැල තුල කාර්මික අධ්‍යාපනයේ උත්තේජනයක් අනෙක් රටවල මෙන් වසර 15 සිට නොමැත . ඔවුන්ට කාර්මික අධ්‍යාපනය ආරම්භ කිරීමට සිදුව ඇත්තේ පාසල් අධ්‍යාපනය අසාර්ථක වූ පසුය.
රට යලිත් මුහුණ දී සිටින්නේ සුද්දා මුහුණදුන් තත්වයටය . සුද්දාට ගමක් ගමක් ගානේ පාසැල් ආරම්භ කිරීමට සිදුවුනේ ආර්ථික අවශ්‍යතාවයට අවශ්‍ය බලකාය බිහිකර ගැනීමටය .මධ්‍යම මහා විද්‍යාල එහි මුදුන් මල් කඩයි.අදත් කර්මාන්ත සහ ව්‍යාපාර සදහා අවශ්‍ය ශ්‍රම බලකාය පිළිබද ගැටලුව කොපමණ උග්‍ර වී ඇත්ද කිවහොත් රට පුරා ඇති පෝස්ටර් සහ බැනර් වලින් එය තේරුම් ගත හැකිය. අද වසර 15 සිටම යොමුවන කාර්මික අධ්‍යාපන මාධ්‍ය මහා විදුහල් යුගයක අවශ්‍යතාවය පන නැගී ඇත.සියලු ග්‍රාමීය කර්මාන්ත විද්‍යාව ,තාක්ෂණය සහ කළමනාකරණය සමග වෙනස් විය යුතුව ඇත.කොටින්ම පරම්පරාවක් මුළුමනින්ම වෙනස් කල යුතුව ඇත.එය ගම දක්වා ප්‍රාග්ධනය ගලා යන මොඩලයකින් හැර ශුභසාදනයෙන් සිදුකල නොහැක . ඒ සදහා ශක්තිමත් භාන්ඩාගාරයක්ද රටේ නොමැත.එම නිසාම වෙළදපොල තත්වයන් මත ප්‍රාග්ධනය සම්පාදනයකෙරෙන ක්‍රම ප්‍රජා ශක්ති ඉලක්ක කර ගම දක්වාම හදුනාගත යුතුව ඇත.ගමේ ගෝත්‍රික භාවය අහෝසි කිරීමට රැඩිකල් විසදුම් අත්‍යවශ්‍යව තිබේ.
ශ්‍රී ලංකාව පිළබදව ආකෘතියේදී ප්‍රීතිමත් ,ධනවත් ග්‍රාමීය ප්‍රජාවක් වේගයෙන් බිහිව ඇති ඉන්දුනීසියාව, තායිලන්තය ,වියට්නාමය ,ලාඕසය ,කම්පුචියව ,පිලිපීනය, වැනි ලංකාවේ මෙන් වී වගාව ප්‍රධාන ආහාර භෝගය සහ ආර්ථික භෝගය වන රාජ්‍යන් පිලිබදව ගැඹුරු අධ්‍යනයක් සිදුකල යුතුමය.එම රටවල වී ගොවීන් ප්‍රමාණය අඩුවෙමින් එම පවුල්වල සාමාජිකයින් වී වගාවෙන් ප්‍රාග්ධනය ගොඩනගා කාර්මික ,තාක්ෂණික සහ සේවා ආර්ථිකයන් වෙත වේගයෙන් මාරුවී ඇති නමුත් නිෂ්පාදනය දිගින් දිගටම ස්ථාවර අගයක පවතින්නේ තිරිගු වගා කර තාක්ෂණික සහ සේවා ආර්ථිකයන් පවට පත්වූ බටහිර රාජ්‍යන් පරිද්දෙන්මය.ඔවුන් ග්‍රාමීය ගෝත්‍රික භාවය අහෝසිකරගත්තේ වී වගාව ප්‍රධාන ප්‍රාග්ධන භෝගයක් බවට ආරක්ෂා කරගනිමිනි.ඔවුන් එය තිරිගු පිටිවලින් ආරක්ෂාකරගෙන දශක ගණනාවකින් දියුණු බලගතු රාජ්‍යන් බවට පත්වීමට අවශ්‍ය ග්‍රාමීය ප්‍රග්ධනය සම්පාදනය කරගැනීමට සමත් විය .ඔවුන් ග්‍රාමීය ධනවතුන් බිහිකරගන්නා ලද අතර එයින් ග්‍රාමීය කුඩා සහ මාධ්‍ය කර්මාන්ත ගණනාවකට මග එලි පෙහෙළි කරන ලදී .ඉහත කී සියලුම රටවල ඒක පුද්ගල තිරිගු පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 22 ට අඩුය. ඇතැම් රටවල කිලෝග්‍රෑම් 5කටත් අඩුය .ශ්‍රී ලංකාවේ ඇතැම් වර්ෂවල කිලෝ ග්‍රෑම් 56 දක්වා ඉහල යයි. වී අස්වැන්න 1988 සිට අක්කරයකට බුසල් 85කි. ඉහත කරුණු දෙක මත පදනම්ව ලංකාවේ වී ගොවියෙකුගේ මාසික අදායම රුපියල් 6000කි. වී කිලෝව රු 10කින් ඉහල දැමුවොත් සහ සාමාන්‍ය අස්වැන්න අක්කරයකට බුසල් 25 කින් ඉහළ දමන්නේ නම් පමණක් අක්කරයක් වගා කරන වී ගොවියෙකුගේ මාසික අදායම රු 20000 දක්වා ඉහල දැමිය හැක. බිස්කට් ෆැක්ටෙරී විසින් බලපෑම් කරමින් වී ගොවියා කොතරම් දුප්පත් කර ඇත්දැයි එයින්ම පෙනේ.
දිනකට වී කිලෝ ග්‍රෑම් 5000 ක් සහල් කරන සහල් කර්මාන්තයක් මසකට රුපියල් කෝටි එක හමාරක් ගොවීන්ට මුදාහරී.එහෙත් රටේ එවැනි සහල් කර්මන්තශාලා 1000 ක් පමණ අකර්මණ්‍ය වී ඇත්තේ දිගු කලක් සහල් මිල ගණනය කරන ක්‍රමවේදයේ දුර්වලතාවයක් නිසාවෙනි. තොරතුරු දැනගැනීමේ පනතේ අයිතිවාසිකම් යටතේ මේ ලියුම්කරු විසින් පසු අස්වනු තාක්ෂණික ආයතනයෙන් ගණනය කරන ලද සහල් මිල පිළිබද තොරතුරු ගෙන්වා ගත්තෙමි තම්බපු සහල් වලට වඩා කැකුළු සහල් මිල අඩුවන්නේ රුපියල් 3 කිනි. එහෙත් පවතින පාලන මිල රුපියල් 10කින් අඩුය. මසකට කෝටි එක හමාරක් ගමට මුදාහැරීම වෙනුවට බංකොලොත් වී බැංකුවට සින්නවන ග්‍රාමීය කර්මාන්ත පද්ධතියක් එමගින් බිහිවෙමින් තිබේ.ග්‍රාමීය ධනවතුන් බිහිකළ හැකි ප්‍රධාන ප්‍රාග්ධන මාධ්‍ය හිතුවක්කාරී සහ අවිද්‍යාත්මක පියවවරයන් නිසා තව දුරටත් බිඳ වැටෙමින් පවතී.වී අස්වැන්න වසරකට ටොන් ලක්ෂ 45 අභිබවන තත්වයක් පැමිණෙන විටම වී මිලදී ගැනීමට සහල් කර්මාන්ත පද්ධතිය ප්‍රමාණවත් නොවනු ඇත. ගංවතුර විසින් යටගසා ඇති ප්‍රශ්ණය යලි මතුවනු ඇත.කලාපීය රටවල් ගමට මුදල් පොම්ප කරනු ලැබූ සහ දරිද්‍රතාවයෙන් මිනිසුන් ගලවාගත් පහසුම ආයුධය මේ ආණ්ඩුව යටතේත් මොට කර ඇති බව පෙනී යයි.එය ජනාධිපතිතුමාගේ ප්‍රජා ශක්ති වැඩපිළිවෙලේ භාගයකටම හානි කරන තත්වයක් වනුයේ දරිද්‍රතාවයෙන් යුතු මිනිසුන්ගෙන් 75% ක්ම වී ගොවිතැන සමග බද්ධව ඇති බැවිනි. ගොවිතැන යාන්ත්‍රීකරණය වී තරුණ ආයෝජකයින්ගේ ආකර්ෂණය ඇතිකරගැනීම දක්වා තල්ලු වීමට නම් පවතින තත්වය යටතේ මුදල් පොම්පවීමේ යාන්ත්‍රණය බලාත්මක විය යුතුමය. සහල් කර්මාන්ත සියල්ල පාඩු නොලබා ක්‍රියාත්මක වීමට මසකට සහල් ටොන් 280000 කට වඩා පරිභෝජනය කල යුතුය. නමුත් පරිභෝජනය වනුයේ මසකට ටොන් ලක්ෂ 2 කට මදක් වැඩියෙන්ය. තිරිගු පිටි වලට බදු නොපනවා කල් මැරීමේ ප්‍රතිවිපාකය ගං වතුරක් හෝ නියගයක් නො ඒ නම් එළඹෙන මහා කන්නයේ සියල්ලන්ටම දැකගැනීමට හැකිවනු ඇත .
මේ වන විට කිරි ගොවිපොලවල් හරහා මුදල් පොම්පවීම තරමක් සාර්ථකව සිදුකරේ .එහි ගෞරවය මුළුමනින්ම පැලවත්ත කිරි සමාගමේ අරියසීල වික්‍රමනායක මහතාට හිමිවිය යුතුය.ඔහුගේ දෙවන කිරිපිටි කර්මාන්තශාලාව ආරම්භ වීමත් සමග කිරි නිෂ්පාදනයෙන් මිලියනපතියන් තවත් දහස් ගණනකට අවස්ථාව ලැබෙනු ඇත.තරුණ ව්‍යවසායකයින්ගේ වඩාත් අවධානයනට ලක්ව ඇති ක්ෂේත්‍රය මේ මොහොතවනවිට කිරි කර්මාන්තයයි.එය සැබවින්ම "ප්‍රජා ශක්ති" දශකයකට වැඩි කලක් බලගතු කරමින් තිබේ.නමුත් දශක ගණනක් උක් ගොවීන් සාර්ථකව ඉහලට ඔසවමින් , හාල් කර්මාන්ත මෙන් උක් ආශ්‍රිත කර්මාන්ත සිය ගණනක් බිහි කල සීනි සහ හකුරු කර්මාන්ත බිස්කට් සහ පැණි බීම කර්මාන්තකරුවන් පමණක් ආරක්ෂා කිරීමේ ප්‍රත්පත්තිය මත අර්බුදයට යමින් පවතී .ඌව පළාතින් පිටත රට පුරා ඇති වගා නොකළ හෙක්ටෙයාර මිලියනයක ඉඩම් ඉලක්ක කර තෙත් කලාපය දක්වා රැගෙන යා යුතු උක් හකුරු කර්මාන්තශාලා ප්‍රජා ශක්ති මෙහෙයවන්නන් අධ්‍යනය කළ යුතුමය .එසේ වුවත් වරින් වර රජයන් විසින් ඉවත් කරන ලද සීනි ආනයන බදු ගැලපීම ප්‍රමාද වන්නේ නම් එය ප්‍රජා ශක්ති ආපසු හරවනු ඇත.සීනි ආනයන බදු ගැටලුව මත උවේ ගොවිජන කැළඹීම දිනෙන් දින උග්‍ර වෙමින් පවතී.
ශ්‍රී ලංකාව වසරකට ඩොලර් මිලියන 600ක ආහාර පාන සහ බීම වර්ග අපනයනය කරයි . එනම් දැවැන්ත පලතුරු ආශ්‍රිත නිෂ්පාදන වලද පොලක් පවතින්නේ මහත් ධෛර්යයෙන් කටයුතු කරන ව්‍යාපාරිකයින් හා පර්යේෂකයින් පිරිසක් නිසාවෙනි.එහෙත් රටේ වාණිජ පලතුරු වගාවන් නැත .තවම බොහෝ පලතුරු වර්ග වෙළදපොලට සහ කර්මාන්තවලට එන්නේ කැලයෙනි.හේතුව පිට රටදී සුපිරි වෙළදසැල් වලින් ඉඅවත් කරන ඇපල් වැනි පලතුරු වෙළද පොළ අල්ලාගෙන සිටින බැවිනි.ආනයන පලතුරු මිල බදු මගින් ඉහලට එසවෙන්නේ නම් එම කර්මාන්තය ඩොලර් බිලියනයක අපනයනයක් දක්වා එසවීමට අවශ්‍ය වාණිජ පලතුරු වගාවන් ගම්මාන පුර බිහි වනු ඇත.
මේ රජයේ ඇමතිවරුන් 2024 වර්ෂයේදී දේවක ඩයස් මහතාගේ මතුගම ප්‍රදේශයේ පිහිටි අධිඝන තේ වගාව නිරීක්ෂණයට මේ ලියුම්කරු සමග සහභාගී විය.එය වැදගත් වනුයේ දිනෙන් දින සේවක හිගය මත දුෂ්කර තත්වයට පත්වෙමින් ඇති තේ කර්මාන්තය නව තත්වයන් මත ඉහලට එසවීමට සහ ග්‍රාමීය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනයට කදිම උපායමාර්ගයක් එමගින් බිහිවී ඇති බැවිනි. තේ වගා භූමියෙන් 60 කට වඩා භුමිය හිස් ය .එපමණ භූමියක් නැවත වගා කිරීමට හෝ නඩත්තු කිරීමට ශ්‍රම බලකායක් නැත. අධිඝන තේ වගාව එයට කදිම විසදුමයි.එයට අවශ්‍ය සාමාන්‍ය වගාවකින් 40% අ භූමියකි.නමුත් හෙක්ටෙයාර 150,000 ක් පමණ වගා කරන කුඩා වතු හිමියන් ඩොලර් මිලියන 1200ක් වසරකට කෙසේ හෝ ලබාදෙයි . වතු සමාගම් දෙන්නේ ඩොලර් මිලියන් 200 කි. ප්‍රජා ශක්ති අවශ්‍යම වී ඇත්තේ වසර 200 ක වහල් භාවයෙන් සහ කලාපීය වතු බුවල්ලාගෙන් රටත් වතුකම්කරුවනුත් මුදා ගැනීමටයි .ඩොලර් මිලියන 200 ක් වෙනුවෙන් වතුකම්කරු පවුල් ලක්ෂ 2 ක් සහ හෙක්ටෙයාර 130,000 ක් වතු සමාගම් වලට බිලිදී තිබීම ජාතියට මහා බරක් සේම ජාතියේ නිවට භාවයද ප්‍රකාශ කරයි. කලාපීය වතු සතු භූමියෙන් තේ දළු කැඩෙන කොටස වතු කම්කරුවන්ට භාරදී ඔවුන් කුඩා තේ වතු හිමියන් කිරීම ප්‍රජා ශක්ති විසින් කල යුතු ඓතිහාසික කාර්ය භාරයයි.හොදින් දළු කැඩෙන හෙක්ටෙයාර 75000 කින් ගැටලුව විසදාගත හැකිය. තේ කර්මාන්තශාලා එම සමාගම් වෙතම තබා දහසකට වතු බංගලා සංචාරක කර්මාන්තය වෙත භාරදි සංචාරක කර්මාන්තය වතු කම්කරුවන් සිටින ප්‍රදේශ දක්වාම රැගෙන යා යුතුයි.
ප්‍රජා ශක්තියේ අග්‍ර ඵලයක් රටේ අනෙක් ප්‍රදේශවල වන සතුන්ගෙන් බැටකන ගොවීන්ට උදාකළ හැක්කේ වතු කම්කරුවන්ට බෙදා නොදුන් ඉතිරි හෙක්ටෙයාර 50000 සැලසුම් අනුව තෝරාගෙන වනාන්තර බවට පත්කර එම සැලසුමට අදාලව වතුකම්කරුවන් ඇතැම් ස්ථානවල විස්ථාපනය කිරීමෙනි . මිලියන 14ක් ලෙස වාර්තා වුනු වනසතුන් යලි ස්ථාපනය කෙරෙන උඩරට වනාන්තර පද්ධතියකට වතු කම්කරුවන් වහල් භාවයෙන් මුදවමින් දිගු කාලීනව හෝ විස්ථාපනය කෙරෙන තුරු ප්‍රජා ශක්තිය ශක්තියක් නොවනු ඇත්තේ රජරට මිනිසුන් දුප්පත් වීමට වනසතුන්ද සම්බන්ධවී ඇති බැවිනි.ජනාවාසවලට පැමිණ ඇති වන සතුන් මිලියන 14ක් කළමනාකරණය කල නොහැක.වතුකම්කරුවන් වහලුන් වෙනුවට "මිනිසුන්" කිරීම ජාතික බලවේගය සතු ඓතිහාසික කාර්ය භාරයකි.ආණ්ඩුවට ඇති සටන්කාමී සහ මානවවාදී දේශපාලනයක උරුමයට සාපේක්ෂව වී ගොවියන් සහ වතුකම්කරුවන්ගේ ගැටලුවට උපායමාර්ගිකව අවතීර්ණ නොවන තාක් මේ ආණ්ඩුවද පවාදෙන්නන්ගේ ආණ්ඩුවක් බවට නම් කිරීමට මේ ලියුම් කරු කිසි සේත්ම පසුබට නොවෙමි.
කොපමණ ආර්ථික උපායමාර්ග ශක්තිමත්ව දියත් කලද පෙරකී මිලියනයක් නිසිපරිදි උපයෝගී කර නොගත් ශ්‍රම බලකාය දියුණු කිරීම රදා පවතින්නේ අධ්‍යාපන උපායමාර්ගවලට බද්ධවමය.ශීක්ෂණය යලි ස්ථාපිත නොකර ප්‍රජා ශක්ති සාර්ථක නොවනු ඇත්තේ මත්ද්‍රව්‍යද ශ්‍රම බලකාය අක්‍රමණය කර ඇති බැවිනි. සරල වැඩකට අවශ්‍ය ශීක්ෂණය බිමේ දකින්නට නැත . ක්‍රීඩාව, සාහිත්‍ය සහ රසවින්දනය ගමක් ගමක් ගානේ ස්ථාපිත නොකර කිසිදු ආර්ථික හෝ සමාජමය වැදගත් උපායමාර්ගයක් ක්‍රියාත්මක හැකි නොවනු ඇත . සෑම ඡන්ද කොට්ඨාශයකටම මීටර් 100 සහ 400 ධාවන පත බිහිකිරීම ප්‍රබෝධයකටම මග පාදනු ඇත .මේ සියල්ල පරම්පරාවක් නොහොත් වසර 20 ක මෙහෙයුමකි.ප්‍රජා ශක්ති රදා පැවතිනු ඇත්තේ පළමුවත්, දෙවනුවත්,තෙවනුවත් සාහිත්‍ය සහ රස වින්දනය අධ්‍යාපනයට කිදා බස්වන ප්‍රමාණයට අනුවමය.
ප්‍රජා ශක්ති පෙරමුණු ගණනාවක මෙහෙයුමකි.ගොවීන් සහ වතුකම්කරුවන් මසකට රු 75000 ක අදායමක් ලබන්නන් බවට පත් කිරීමට මහා භාණ්ඩාගාරයේ මුදල් සහ විශාල කාර්ය මණ්ඩලයක් අවශ්‍යම නැත .එලෙස අවශ්‍ය වනුයේ අධ්‍යාපනය සදහා පමණි. ඩොලර් බ්ලියන එක හමාරක ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කරන, හෙක්ටෙයාර මිලියනයක් නිසි පරිදි උපයෝගී කර නොගත් මිලියනයක ඉලක්කයක් නොමැති ශ්‍රම බලකායක් සිටින රටක වෙලදපොල මත පදනම් උපායමාර්ග ඇති තරම් තිබේ. ගොවි සහ වතු ජනතාව ශක්තිමත් වීම යනු වෑල්ඩින්, සිමෙන්ති ,විදුලි ශිල්පීන්ට සහ ව්‍යවාසකයින්ටද වෙළඳ පොළක් නිර්මාණය කිරීමකි. රටේ පවතින කර්මාන්ත පද්ධතියේ සමස්ථ වෙළඳපොලද 50% කින් ප්‍රසාරණය කිරීමකි.ප්‍රජා ශක්ති කොහෙත්ම සුලු පටු කාරණයක් නොවේ.නිසි අධ්‍යනයක් වේ නම් එයින් මුළු රටම උඩු යටිකුරු අලුත් රටක් ගොඩනැගීමක් ස්ථිර වශයෙන්ම සිදුවනු ඇත.
- අරුණ කාන්ත බණ්ඩාර
මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..