සුද්දන්ගේ කාලේ රැඩිකල් මල්ලිලා බෞද්ධ උගතුන්ට අපහාස කළ හැටි..
👉 පහත දැක්වෙන්නේ 1853 ආරම්භ වූ ශාස්ත්‍රාලංකාරය නම් සඟරාවට දොන් පී. චන්ද්‍රසේකර නමැත්තෙකු ලියූ කවි දෙකකි. එහි මෙසේ සඳහන් වෙයි.
සුබේ නොවෙයි යතලබ සඟරායස් පොතට තැබූ නම කර ආලේ
ඉබේම කොහොමද පඬි නම ගත්තේ ලැජ්ජා නැති හීරලු රාළේ
ලැබේය ගැරහුම් අද වන තුරු අර පසිඳුපතට පසුගිය කාලේ
නුඹේ තරම අපි වැඩියෙන් නොකියමු ඉඳිතොත් රට වෙන අය වාලේ
යත ලබ සඟරාව යය් කියන්නේ යම් යම් ලබ එක්කර ගැන්මයි
එතකොට රාලේ ඔය පොත පිස්සිගෙ පලා මල්ල හා සම වේ මැයි
කැත කරලා ඔය පොත නම තැබුවේ හීරළු ගොන් කෝලමක් තමයි
හිත උඬගුව පඬි නම අරගත්තා හිනාවෙන්න හොඳ විහිළුවමයි. ඩි
දොන් පී. චන්ද්‍රසේකර
ශාස්ත්‍රාලංකාරය සඟරාව
👉 මේ කවිවල මෙසේ අපහාසාත්මකව පහරදෙන්නේ කාටද?
👉 මේ පහරදෙන්නේ සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් ආරම්භ කළ පළමු මාසික සඟරාව වූ යතලබ ආරම්භ කළ බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමාටය.
👉 එතුමා ළමා කාලේ පැවිදි ජීවිතයක් ගත කොට පසුව උපැවිදි වුණු අයෙකි. මෙහි හීරළු රාළ යනුවෙන් එතුමාට සමච්චල් කරනුයේ ඒ නිසාය.
👉 ඊට අමතරව මේ කවි තුළ එතුමාගේ උගත්කමත් ප්‍රශ්න කරන බව දැකගන්නට ලැබේ. එහෙත් බටුවන්තුඩාවේ පඬිතුමා යනු ව්‍යාජ ආචාර්ය උපාධි මෙන් ව්‍යාජ පඬි නමක් ආරෝපණය කර ගත් අයෙකු නොව සැබෑම පඬිවරයෙකි.
👉 පාලි සංස්කෘත, ඉංග්‍රීසි, දෙමළ වගේ භාෂා ගණනාවක් උගත් හේ සඟරා පළ කිරීමට අමතරව රටට විශාල ශාස්ත්‍රීය සේවයක් කළේය. පැරණි සම්භාව්‍ය ග්‍රන්ථ ගණනාවකට ව්‍යාඛාන ලියූ එතුමා හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හා එක්ව පාලි මහාවංශයේ සිංහල අනුවාදයක්ද පළ කළේය.
👉 ඒ අනුව එතුමාගේ උගත්කම පිළිබඳ කිසිවෙකුට වාදයක් නොවීය. එහෙත් මේ පහරදීමට හේතුව ඊනියා උගත්කමක ප්‍රශ්නයක් නොව, එතුමා සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටිමින් යටත්විජිත විරෝධී සටනට දායකත්වය සැපයීමය.
👉 මේ බටුවන්තුඩාවේ පඩිතුමාට පහර දුන් එකම අවස්ථාවද නොවේ. මේ යුගයේ පළවූ කවට කතිකයා නම් හාස්‍යජනක ලිපි ඇතුළත් පුවත්පතේ කතුවරයා වූ පෑලිස් අප්පුහාමි හෙවත් සරදම් අප්පුහාමි නම් පුද්ගලයාද බටුවන්තුඩාවේ පඬිතුමාගේ පෞද්ගලික ජීවිතය ඉලක්ක කරගනිමින් දරුණු මඩ ප්‍රහාර එල්ල කොට තිබේ.
👉 මේ දෙස විමසිල්ලෙන බැලීමේදී පෙනී යන පරිදි ඉතිහාසයේ මේවා සිදුවූ ආකාරය සහ වර්තමානයේ සිදුවන ආකාරය අතර වැඩි වෙනසක් නැත.
👉 එසේ වුවද බටුවන්තුඩාවේ පඬිතුමා වැනි අය සැබෑ වීර ප්‍රතිරූප ලෙස ඉතිහාසයට එක් වෙද්දී එතුමාට පහර දුන් සරදම් අප්පුහාමිලාට හිමිව ඇත්තේ වීර ප්‍රතිමා මත වසුරු හෙළුෑ කපුටන්ගේ ස්ථානය නොවේද?
වැඩි විස්තර සඳහා මේ ලිපියත් බලන්න.
https://www.facebook.com/photo/?fbid=599324082166971&set=a.104389324993785
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..